Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Iran 🇮🇷 in "Auto Pilot" Mode⁉️ 😱
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරානය "Autopilot" මෝඩ් එකට වැටුණේ ඇයි?

ලෝකය දෙස බලන විට අප දකින්නේ නායකයන් විසින් මෙහෙයවන රටවල්ය. නමුත් අද වන විට ඉරානය සම්බන්ධයෙන් පවතින්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස්, අතිශය භයානක තත්ත්වයකි. සරලවම කිවහොත්, ඉරානය දැන් දිවෙන්නේ රියදුරෙකු නොමැති රථයක් මෙනි. එහි වේගය පාලනය කරන්නට හෝ තිරිංග තද කරන්නට ටෙහෙරානයේ කිසිවෙකුටත් දැන් හැකියාවක් නැත. මෙය "මරාගෙන මැරෙන මෙහෙයුමක්" නොවේ. මෙය පද්ධතියක් විසින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරනු ලබන මාරාන්තික "Autopilot" ගමනකි.

මෙම කතාවේ මුල් බීජය වැපිරුණේ මීට වසර 20 කට පෙරය. 2003 වසරේදී අමෙරිකානු හමුදා සදාම් හුසේන්ගේ ඉරාකය ආක්‍රමණය කළ ආකාරය ලෝකයම බලා සිටියේය. එවකට ඉරාකයේ පැවතියේ "ප්‍රභල මධ්‍යගත පාලන ව්‍යුහයකි". එහෙත් එදා ඇමරිකාව, සදාම් හුසේන්ව අල්ලාගෙන, ඔහුගේ ප්‍රධාන මූලස්ථාන විනාශ කළ සැණින්, මුළු ඉරාක හමුදාවම අඩපණ විය. සති තුනක් වැනි කෙටි කාලයකදී මුළු රාජ්‍යයක සුවිශාල යුද ශක්තිය බිඳ වැටුණි!

මෙම සිදුවීම දෙස ඉතා සෝදිසියෙන් බලා සිටි එක් පුද්ගලයෙකු සිටියේය. ඒ එවකට මේජර් ජෙනරාල් මොහොමඩ් අලි ජැෆාරි ය. ඔහු ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ හෙවත් IRGC මූලෝපාය අධ්‍යයන මධ්‍යස්ථානයේ වසර හතරක් තිස්සේ එක්තරා සැලසුමක් සකස් කළේය.

ඔහුගේ අරමුණ වූයේ, "කිසිදා හිස ගසා දැමිය නොහැකි හමුදා ව්‍යුහයක් නිර්මාණය කිරීමයි." 2007 වසරේදී IRGC'හි ප්‍රධානියා ලෙස පත් වූ ජැෆාරි, වහාම ක්‍රියාත්මක වන පරිදි ඉරානයේ මුළු හමුදා ව්‍යුහයම වෙනස් කළේය. ඔහු ඉරානය පළාත් 31 කට බෙදා, ඒ සෑම පළාතකටම "ස්වයං පාලන බලකායන්" ලබා දුන්නේය.

මෙම සෑම ඒකකයකටම, ස්වාධීන මූලස්ථානයක්, තමන්ටම ආවේණික දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන අවි ගබඩා, අධිවේගී ප්‍රහාරක යානා, බසීජ් සිවිල් මිලීෂියා කණ්ඩායම් සහ වැදගත්ම දේ පූර්ව අනුමැතිය ලත් ප්‍රහාරක බලතල හිමි විය.

එහෙත් ඔහු මෙම මුළු යාන්ත්‍රණයම නිර්මාණය කළේ "එකම එක අවස්ථාවක්" සඳහා පමණි! ඒ ඉරානයේ උත්තරීතර නායකයා මියගිය හෝ ඝාතනය වූ අවස්ථාවක දී ක්‍රියාත්මක වීමටයි.

ඒ අපේක්ෂිත දවස පසුගිය 2026 පෙබරවාරි 28 වැනිදා උදා විය. උත්තරීතර නායක අලි කමේනිගේ මරණයත් සමඟ, ජැෆාරි විසින් වසර 20ක් තිස්සේ ගොඩනැගූ ඒ බියකරු උපායමාර්ගය, පැය කිහිපයක් ඇතුළත ඉබේම ක්‍රියාත්මක වීමට පටන් ගත්තේය.

එදින සිට අද දක්වාම ඉරානය ක්‍රියාත්මක වන්නේ එම ස්වයංක්‍රීය නියෝග මතය. දැන් ලෝකය හමුවේ ඇති ලොකුම ගැටලුව මෙයයි. ඉරානය ඇතුළත සිටින කිසිවෙකුටත් මෙය නතර කළ හැකිද?

අතිශය භයානක පිළිතුර,

"නැත" යන්නයි.

මෙම අර්බුදයට ප්‍රධාන හේතුව ඉරානයේ 1979 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එහි 110 වැනි වගන්තියට අනුව, සන්නද්ධ හමුදාවල සියලුම අණදීමේ බලතල පවතින්නේ උත්තරීතර නායකයා සතුව පමණි. ඔහු පමණක් සේනාධිනායකයා වේ.

හමුදා නායකයන් පත්කිරීම හෝ ඉවත් කිරීම කළ හැක්කේ ඔහුටම පමණි. ජනාධිපතිවරයාට, පාර්ලිමේන්තුවට, ආරක්ෂක මණ්ඩලයට හෝ අධිකරණයට හමුදා නියෝග නිකුත් කිරීමට හෝ උත්තරීතර නායකයාගේ නියෝග අවලංගු කිරීමට ව්‍යවස්ථාපිත බලයක් නැත.

අලි කමේනි මෙම නියෝග නිකුත් කර මියගොස් ඇත. ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස පත් වූ මොජ්තාබා කමේනි, අද වන තෙක් ජාතිය අමතා නැත. කිසිදු නිල නියෝගයක් නිකුත් කර නැත!

මෙන්න මෙතනයි ගැටලුව තියෙන්නේ. ඉරානයේ පළාත් 31 ම ඉන්න අණදෙන නිලධාරීන් ඉන්නේ තමන්ට කලින් ලැබුණු නියෝග මත! ඒ නියෝගය තමයි... "මධ්‍යම පාලනය බිඳ වැටුණොත්, ස්වාධීනව සටන් කරන්න. කිසිවෙකුගෙන් උපදෙස් ලැබෙන තෙක් බලා නොසිටින්න."

දැන් බුෂෙහර් පළාතේ අණදෙන නිලධාරියා නෞකාවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළහොත්, එය නතර කිරීමට ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන්ටවත් බලයක් නැත. ඔවුන් නීතියට පිටින් යන්නේ නැත. ඔවුන් කරන්නේ මියගිය නායකයා දුන් අවසන් නියෝගය අකුරටම ඉටු කිරීමයි.

ලෝකයට මෙහි බලපෑම මොන වගේද? මෙම තත්ත්වය ජාත්‍යන්තර ප්‍රජාවට සහ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරයි. රාජ්‍ය තාන්ත්‍රිකයින්ට සාකච්ඡා කිරීමට මධ්‍යම බලධාරියෙකු නැත.

ගිවිසුමකට අත්සන් කළත්, එම ගිවිසුම පළාත් 31 ම පිළිගන්නා බවට සහතිකයක් දිය නොහැක. රක්ෂණ සමාගම් වලට මුහුදු මාර්ගවල ආරක්ෂාව සහතික කිරීමට කිසිදු පාර්ශවයකට නොහැක. ගල්ෆ් කලාපයේ රට වලට තමන්ට යාබදව ඇති ඉරාන පළාත් වලින් එල්ල වන ඩ්‍රෝන හෝ ප්‍රහාරක යාත්‍රා ප්‍රහාර ගැන කාට පැමිණිලි කරන්නද?

ජැෆාරිගේ මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ යුද්ධයෙන් දිනීම නොවේ. එහි අරමුණ වූයේ "පරාජය විය නොහැකි පද්ධතියක්" හැදීමයි. ඔහු සාම්ප්‍රදායික හමුදා ව්‍යුහය වෙනුවට 'Nodes' පදනම් කරගත් ජාලයක් නිර්මාණය කළේය.

එහි එක නෝඩ් එකක් විනාශ කළත් අනෙක් 30 ක්‍රියාත්මක වේ. අපි ජීවත් වන්නේ තාක්ෂණය සහ යුද උපක්‍රම මිනිස් පාලනයෙන් ඔබ්බට යන යුගයකයි. ඉරානයේ අද පවතින තත්ත්වය "Net-centric warfare" හෙවත් ජාලගත යුධ ක්රමයේ බියකරුම මුහුණුවරයි. යාන්ත්‍රණය ක්‍රියාත්මකයි, නමුත් එය නතර කරන "ස්විචය" තාමත් ඇත්තේ මියගිය අයෙකුගේ අතේය.

සමහර අවස්ථාවලදී සැබෑ ලෝකය, ප්‍රබන්ධ කතාවකටත් වඩා අද්භූත සහ බියකරු විය හැකියි. අද ඉරානයේ පවතින තත්ත්වය දෙස බලන විට මට මතක් වන්නේ ලෝක සාහිත්‍යයේ එන විශිෂ්ටතම නිර්මාණ කිහිපයකි. නායකයා මියගොස් ඇත, නමුත් ඔහුගේ අණ තවමත් ජීවමානය. ග්‍රීක පුරාණෝක්තිවල එන "හයිඩ්‍රා" නම් සත්වයා ඔබට මතකද?

එහි එක හිසක් කැපූ විට තවත් හිස් දෙකක් මතු වේ. මොහොමඩ් අලි ජැෆාරි 2007 දී නිර්මාණය කළේ එවැනිම හමුදාමය හයිඩ්රාවෙකි. ඔහු ඉරාකය දෙස බලා මෙසේ සිතන්නට ඇත.

"අපි හදන්න ඕනේ එක ඔළුවක් තියෙන රජෙක් නෙවෙයි, ඔළුව නැති වුණත් සටන් කරන යන්ත්‍රයක්."

ඔහු ඉරානය පළාත් 31 කට බෙදා, ඒ සෑම එකකටම ස්වාධීන පාලනයක් දුන්නේය. මෙය හරියට මේරි ෂෙලීගේ "ෆ්‍රැන්කන්ස්ටයින්" නවකතාවේ එන සත්ත්වයා වැනිය. වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් තමන් විසින්ම නිර්මාණය කළ සත්වයා පාලනය කිරීමට නොහැකිව අසරණ විය.

අද ටෙහෙරානයේ පාලකයින්ද පත්ව ඇත්තේ එවැනිම තත්ත්වයකටය. ඔවුන් සතුව රකුසෙක් සිටියි, නමුත් උගේ පාලනය ඔවුන් සතු නැත. ජෝර්ජ් ඕවල්ගේ "1984" නවකතාවේ එන "Big Brother" කිසිදා මිය යන්නේ නැත. ඔහු පුද්ගලයෙකුට වඩා සංකේතයකි. ඉරානයේ මේ මොහොතේ පවතින්නේ එවැනිම තත්ත්වයකි. අලි කමේනි මියගොස් ඇත, නමුත් ඔහුගේ පද්ධතිය තවමත් ජීවමානය.

1964 දී තිරගත වූ ස්ටැන්ලි කුබ්රික්ගේ "Dr. Strangelove" චිත්‍රපටයේ එන "Doomsday Machine" හෙවත් ලෝක විනාශක යන්ත්‍රය, අද ඉරානයේ පවතින තත්ත්වයට කදිම උදාහරණයකි.

එම චිත්‍රපටයේ පෙන්වන්නේ සෝවියට් දේශය සතුව ඇති ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන න්‍යෂ්ටික අවි පද්ධතියක් ගැනය. එය ක්‍රියාත්මක වුවහොත්, එය නැවතී වළක්වා ගැනීමට සෝවියට් නායකයාට පවා නොහැක. එහි එක් ජවනිකාවක ආචාර්ය ස්ට්‍රේන්ජ්ලව් මෙසේ පවසයි.

"මේ වගේ ලෝක විනාශක යන්ත්‍රයක් රහසක් විදියට තියාගත්තම වැඩක් නෑ.. ඇයි ඔයාලා මේක ලෝකයට කලින් කිව්වේ නැත්තේ?"

ජැෆාරිගේ වසර 20 ක ව්‍යාපෘතිය ද එවැනිය. එය රහසක්ව පැවති තාක් ලෝකය සිතුවේ ඉරානය යනු එක් මධ්‍යස්ථානයකින් පාලනය වන රටක් කියාය. නමුත් දැන් ලෝකය දකින්නේ එහි බිහිසුණු බවයි. නායකයා නැත! නමුත් යාන්ත්‍රණය පණ ගැන්වී අවසානය.

ජේම්ස් කැමරන්ගේ "The Terminator" සිනමාපටයේ එන Skynet පද්ධතිය මතකද?

මිනිසා විසින්ම නිර්මාණය කළ, නමුත් අවසානයේ මිනිසාටම පාලනය කළ නොහැකි වූ එම A.I. පද්ධතිය මෙන්ම, ජැෆාරිගේ "පළාත් 31 ක බලඇණි" ද දැන් ක්‍රියාත්මක වන්නේ තමන්ටම ආවේණික වූ මාරාන්තික තර්කනයකිනි.

ටර්මිනේටර් චිත්‍රපටයේ කයිල් රීස් පවසන එක් අමරණීය දෙබසක් ඇත. "එය තර්ක කළ නොහැකි යන්ත්‍රයකි. එය පසුතැවෙන්නේ නැත. එයට බියක් දැනෙන්නේ නැත. එය නතර වන්නේ ඔබ මියගියහොත් පමණි!"

අද ඉරාන සමුද්‍ර සන්ධියේ හෝර්මූස් අසල සැරිසරන ඒ කුඩා වේගවත් ප්‍රහාරක යාත්‍රා ද එවැනිය. ඔවුන්ට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අදාළ නැත. ඔවුන් දන්නේ මියගිය නායකයා දුන් එක් නියෝගයක් පමණි. ඒ,

"සටන් කරන්න!"

උපුටා ගැනීම: © සාගර දියගම

[QUOTE="pramodh87, post: 31282901, member: 53201"] 🔴 ඉරානය "Autopilot" මෝඩ් එකට වැටුණේ ඇයි? ලෝකය දෙස බලන විට අප දකින්නේ නායකයන් විසින් මෙහෙයවන රටවල්ය. නමුත් අද වන විට ඉරානය සම්බන්ධයෙන් පවතින්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස්, අතිශය භයානක තත්ත්වයකි. සරලවම කිවහොත්, ඉරානය දැන් දිවෙන්නේ රියදුරෙකු නොමැති රථයක් මෙනි. එහි වේගය පාලනය කරන්නට හෝ තිරිංග තද කරන්නට ටෙහෙරානයේ කිසිවෙකුටත් දැන් හැකියාවක් නැත. මෙය "මරාගෙන මැරෙන මෙහෙයුමක්" නොවේ. මෙය පද්ධතියක් විසින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරනු ලබන මාරාන්තික "Autopilot" ගමනකි. මෙම කතාවේ මුල් බීජය වැපිරුණේ මීට වසර 20 කට පෙරය. 2003 වසරේදී අමෙරිකානු හමුදා සදාම් හුසේන්ගේ ඉරාකය ආක්‍රමණය කළ ආකාරය ලෝකයම බලා සිටියේය. එවකට ඉරාකයේ පැවතියේ "ප්‍රභල මධ්‍යගත පාලන ව්‍යුහයකි". එහෙත් එදා ඇමරිකාව, සදාම් හුසේන්ව අල්ලාගෙන, ඔහුගේ ප්‍රධාන මූලස්ථාන විනාශ කළ සැණින්, මුළු ඉරාක හමුදාවම අඩපණ විය. සති තුනක් වැනි කෙටි කාලයකදී මුළු රාජ්‍යයක සුවිශාල යුද ශක්තිය බිඳ වැටුණි! මෙම සිදුවීම දෙස ඉතා සෝදිසියෙන් බලා සිටි එක් පුද්ගලයෙකු සිටියේය. ඒ එවකට මේජර් ජෙනරාල් මොහොමඩ් අලි ජැෆාරි ය. ඔහු ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ හෙවත් IRGC මූලෝපාය අධ්‍යයන මධ්‍යස්ථානයේ වසර හතරක් තිස්සේ එක්තරා සැලසුමක් සකස් කළේය. ඔහුගේ අරමුණ වූයේ, "කිසිදා හිස ගසා දැමිය නොහැකි හමුදා ව්‍යුහයක් නිර්මාණය කිරීමයි." 2007 වසරේදී IRGC'හි ප්‍රධානියා ලෙස පත් වූ ජැෆාරි, වහාම ක්‍රියාත්මක වන පරිදි ඉරානයේ මුළු හමුදා ව්‍යුහයම වෙනස් කළේය. ඔහු ඉරානය පළාත් 31 කට බෙදා, ඒ සෑම පළාතකටම "ස්වයං පාලන බලකායන්" ලබා දුන්නේය. මෙම සෑම ඒකකයකටම, ස්වාධීන මූලස්ථානයක්, තමන්ටම ආවේණික දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන අවි ගබඩා, අධිවේගී ප්‍රහාරක යානා, බසීජ් සිවිල් මිලීෂියා කණ්ඩායම් සහ වැදගත්ම දේ පූර්ව අනුමැතිය ලත් ප්‍රහාරක බලතල හිමි විය. එහෙත් ඔහු මෙම මුළු යාන්ත්‍රණයම නිර්මාණය කළේ "එකම එක අවස්ථාවක්" සඳහා පමණි! ඒ ඉරානයේ උත්තරීතර නායකයා මියගිය හෝ ඝාතනය වූ අවස්ථාවක දී ක්‍රියාත්මක වීමටයි. ඒ අපේක්ෂිත දවස පසුගිය 2026 පෙබරවාරි 28 වැනිදා උදා විය. උත්තරීතර නායක අලි කමේනිගේ මරණයත් සමඟ, ජැෆාරි විසින් වසර 20ක් තිස්සේ ගොඩනැගූ ඒ බියකරු උපායමාර්ගය, පැය කිහිපයක් ඇතුළත ඉබේම ක්‍රියාත්මක වීමට පටන් ගත්තේය. එදින සිට අද දක්වාම ඉරානය ක්‍රියාත්මක වන්නේ එම ස්වයංක්‍රීය නියෝග මතය. දැන් ලෝකය හමුවේ ඇති ලොකුම ගැටලුව මෙයයි. ඉරානය ඇතුළත සිටින කිසිවෙකුටත් මෙය නතර කළ හැකිද? අතිශය භයානක පිළිතුර, "නැත" යන්නයි. මෙම අර්බුදයට ප්‍රධාන හේතුව ඉරානයේ 1979 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එහි 110 වැනි වගන්තියට අනුව, සන්නද්ධ හමුදාවල සියලුම අණදීමේ බලතල පවතින්නේ උත්තරීතර නායකයා සතුව පමණි. ඔහු පමණක් සේනාධිනායකයා වේ. හමුදා නායකයන් පත්කිරීම හෝ ඉවත් කිරීම කළ හැක්කේ ඔහුටම පමණි. ජනාධිපතිවරයාට, පාර්ලිමේන්තුවට, ආරක්ෂක මණ්ඩලයට හෝ අධිකරණයට හමුදා නියෝග නිකුත් කිරීමට හෝ උත්තරීතර නායකයාගේ නියෝග අවලංගු කිරීමට ව්‍යවස්ථාපිත බලයක් නැත. අලි කමේනි මෙම නියෝග නිකුත් කර මියගොස් ඇත. ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස පත් වූ මොජ්තාබා කමේනි, අද වන තෙක් ජාතිය අමතා නැත. කිසිදු නිල නියෝගයක් නිකුත් කර නැත! මෙන්න මෙතනයි ගැටලුව තියෙන්නේ. ඉරානයේ පළාත් 31 ම ඉන්න අණදෙන නිලධාරීන් ඉන්නේ තමන්ට කලින් ලැබුණු නියෝග මත! ඒ නියෝගය තමයි... "මධ්‍යම පාලනය බිඳ වැටුණොත්, ස්වාධීනව සටන් කරන්න. කිසිවෙකුගෙන් උපදෙස් ලැබෙන තෙක් බලා නොසිටින්න." දැන් බුෂෙහර් පළාතේ අණදෙන නිලධාරියා නෞකාවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළහොත්, එය නතර කිරීමට ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන්ටවත් බලයක් නැත. ඔවුන් නීතියට පිටින් යන්නේ නැත. ඔවුන් කරන්නේ මියගිය නායකයා දුන් අවසන් නියෝගය අකුරටම ඉටු කිරීමයි. ලෝකයට මෙහි බලපෑම මොන වගේද? මෙම තත්ත්වය ජාත්‍යන්තර ප්‍රජාවට සහ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරයි. රාජ්‍ය තාන්ත්‍රිකයින්ට සාකච්ඡා කිරීමට මධ්‍යම බලධාරියෙකු නැත. ගිවිසුමකට අත්සන් කළත්, එම ගිවිසුම පළාත් 31 ම පිළිගන්නා බවට සහතිකයක් දිය නොහැක. රක්ෂණ සමාගම් වලට මුහුදු මාර්ගවල ආරක්ෂාව සහතික කිරීමට කිසිදු පාර්ශවයකට නොහැක. ගල්ෆ් කලාපයේ රට වලට තමන්ට යාබදව ඇති ඉරාන පළාත් වලින් එල්ල වන ඩ්‍රෝන හෝ ප්‍රහාරක යාත්‍රා ප්‍රහාර ගැන කාට පැමිණිලි කරන්නද? ජැෆාරිගේ මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ යුද්ධයෙන් දිනීම නොවේ. එහි අරමුණ වූයේ "පරාජය විය නොහැකි පද්ධතියක්" හැදීමයි. ඔහු සාම්ප්‍රදායික හමුදා ව්‍යුහය වෙනුවට 'Nodes' පදනම් කරගත් ජාලයක් නිර්මාණය කළේය. එහි එක නෝඩ් එකක් විනාශ කළත් අනෙක් 30 ක්‍රියාත්මක වේ. අපි ජීවත් වන්නේ තාක්ෂණය සහ යුද උපක්‍රම මිනිස් පාලනයෙන් ඔබ්බට යන යුගයකයි. ඉරානයේ අද පවතින තත්ත්වය "Net-centric warfare" හෙවත් ජාලගත යුධ ක්රමයේ බියකරුම මුහුණුවරයි. යාන්ත්‍රණය ක්‍රියාත්මකයි, නමුත් එය නතර කරන "ස්විචය" තාමත් ඇත්තේ මියගිය අයෙකුගේ අතේය. සමහර අවස්ථාවලදී සැබෑ ලෝකය, ප්‍රබන්ධ කතාවකටත් වඩා අද්භූත සහ බියකරු විය හැකියි. අද ඉරානයේ පවතින තත්ත්වය දෙස බලන විට මට මතක් වන්නේ ලෝක සාහිත්‍යයේ එන විශිෂ්ටතම නිර්මාණ කිහිපයකි. නායකයා මියගොස් ඇත, නමුත් ඔහුගේ අණ තවමත් ජීවමානය. ග්‍රීක පුරාණෝක්තිවල එන "හයිඩ්‍රා" නම් සත්වයා ඔබට මතකද? එහි එක හිසක් කැපූ විට තවත් හිස් දෙකක් මතු වේ. මොහොමඩ් අලි ජැෆාරි 2007 දී නිර්මාණය කළේ එවැනිම හමුදාමය හයිඩ්රාවෙකි. ඔහු ඉරාකය දෙස බලා මෙසේ සිතන්නට ඇත. "අපි හදන්න ඕනේ එක ඔළුවක් තියෙන රජෙක් නෙවෙයි, ඔළුව නැති වුණත් සටන් කරන යන්ත්‍රයක්." ඔහු ඉරානය පළාත් 31 කට බෙදා, ඒ සෑම එකකටම ස්වාධීන පාලනයක් දුන්නේය. මෙය හරියට මේරි ෂෙලීගේ "ෆ්‍රැන්කන්ස්ටයින්" නවකතාවේ එන සත්ත්වයා වැනිය. වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් තමන් විසින්ම නිර්මාණය කළ සත්වයා පාලනය කිරීමට නොහැකිව අසරණ විය. අද ටෙහෙරානයේ පාලකයින්ද පත්ව ඇත්තේ එවැනිම තත්ත්වයකටය. ඔවුන් සතුව රකුසෙක් සිටියි, නමුත් උගේ පාලනය ඔවුන් සතු නැත. ජෝර්ජ් ඕවල්ගේ "1984" නවකතාවේ එන "Big Brother" කිසිදා මිය යන්නේ නැත. ඔහු පුද්ගලයෙකුට වඩා සංකේතයකි. ඉරානයේ මේ මොහොතේ පවතින්නේ එවැනිම තත්ත්වයකි. අලි කමේනි මියගොස් ඇත, නමුත් ඔහුගේ පද්ධතිය තවමත් ජීවමානය. 1964 දී තිරගත වූ ස්ටැන්ලි කුබ්රික්ගේ "Dr. Strangelove" චිත්‍රපටයේ එන "Doomsday Machine" හෙවත් ලෝක විනාශක යන්ත්‍රය, අද ඉරානයේ පවතින තත්ත්වයට කදිම උදාහරණයකි. එම චිත්‍රපටයේ පෙන්වන්නේ සෝවියට් දේශය සතුව ඇති ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන න්‍යෂ්ටික අවි පද්ධතියක් ගැනය. එය ක්‍රියාත්මක වුවහොත්, එය නැවතී වළක්වා ගැනීමට සෝවියට් නායකයාට පවා නොහැක. එහි එක් ජවනිකාවක ආචාර්ය ස්ට්‍රේන්ජ්ලව් මෙසේ පවසයි. "මේ වගේ ලෝක විනාශක යන්ත්‍රයක් රහසක් විදියට තියාගත්තම වැඩක් නෑ.. ඇයි ඔයාලා මේක ලෝකයට කලින් කිව්වේ නැත්තේ?" ජැෆාරිගේ වසර 20 ක ව්‍යාපෘතිය ද එවැනිය. එය රහසක්ව පැවති තාක් ලෝකය සිතුවේ ඉරානය යනු එක් මධ්‍යස්ථානයකින් පාලනය වන රටක් කියාය. නමුත් දැන් ලෝකය දකින්නේ එහි බිහිසුණු බවයි. නායකයා නැත! නමුත් යාන්ත්‍රණය පණ ගැන්වී අවසානය. ජේම්ස් කැමරන්ගේ "The Terminator" සිනමාපටයේ එන Skynet පද්ධතිය මතකද? මිනිසා විසින්ම නිර්මාණය කළ, නමුත් අවසානයේ මිනිසාටම පාලනය කළ නොහැකි වූ එම A.I. පද්ධතිය මෙන්ම, ජැෆාරිගේ "පළාත් 31 ක බලඇණි" ද දැන් ක්‍රියාත්මක වන්නේ තමන්ටම ආවේණික වූ මාරාන්තික තර්කනයකිනි. ටර්මිනේටර් චිත්‍රපටයේ කයිල් රීස් පවසන එක් අමරණීය දෙබසක් ඇත. "එය තර්ක කළ නොහැකි යන්ත්‍රයකි. එය පසුතැවෙන්නේ නැත. එයට බියක් දැනෙන්නේ නැත. එය නතර වන්නේ ඔබ මියගියහොත් පමණි!" අද ඉරාන සමුද්‍ර සන්ධියේ හෝර්මූස් අසල සැරිසරන ඒ කුඩා වේගවත් ප්‍රහාරක යාත්‍රා ද එවැනිය. ඔවුන්ට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අදාළ නැත. ඔවුන් දන්නේ මියගිය නායකයා දුන් එක් නියෝගයක් පමණි. ඒ, "සටන් කරන්න!" උපුටා ගැනීම: © සාගර දියගම [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom