Irritable bowel syndrome ගැන දැනගනිමු

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Irritable bowel syndrome ගැන දැනගනිමු

    Irritable bowel syndrome යනුවෙන් අදහස් කරන්නේ කුමන තත්වයක්ද?

    මෙය මහා ආන්ත‍්‍රය ආශ‍්‍රිතව ඇතිවන ව්‍යාකූල තත්වයකි.

    උදරයේ ඇතිවන කැක්කුම හා බඩවැල් වල ඇතිවන තද මිරීකීමක් වැනි ස්වභාවය හෝ මල බද්ධය හෝ දිනකට කිහිපවරක් මලපහ පිටකිරීමට සිදුවීම, මෙහිදී ඇතිවන ප‍්‍රධාන ලක්ෂණවේ.

    මෙහිදී ඇති අනෙක් විශේෂ ලක්ෂණය වන්නේ මහා අන්ත‍්‍රයේ බිත්තිවල හෝ ව්‍යුහයේ කිසිම වෙනසක් ඇති නොවී තිබීමයි.

    එන්ඩොස්කොපි පරීක්ෂණයකදී බොහෝවිට කිසිම වෙනසක් හදුනා ගත නොහැක.

    මෙවැනි තත්ව ඇති වීමට හේතු මොනවාද?
    මේ සදහා නිෂ්චිත හේතුවක් සොයාගෙන නැත.

    නමුත් මෙහිදී මහා ආන්ත‍්‍රය ආශ‍්‍රිතව ඇති ස්නායුවල ක‍්‍රියාකාරීත්වයේ වැඩිවීමක් දැකිය හැකි අතර මෙය මොලය හා සෘජුවම සම්භන්ධයක් ඇති තත්වයක් ලෙසද අර්ථකථනය කෙරේ.

    අධික මානසික ආතතිය ඇති අයෙකුගේ මෙම තත්වය ඇති වීමේ සම්භාවිතාව වැඩි අතර
    බඩ වැල් ආශ‍්‍රිතව විෂ බීජ තත්ව ඇතිවීමකට පසුවද මෙම තත්වය ඇති වීමේ අවධානමක් ඇත.

    මෙම තත්වය ඔ්නෑම වයසක අයෙකුගේ දැකිය හැකි අතර සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ බහුලව දැකිය හැකි තත්වයකි.

    රෝගී ලක්ෂණ මොනවාද?
    මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වේ.

    ඇතිවන ප‍්‍රධාන ලක්ෂණවන්නේ උදරයේ ඇතිවන මිරිකන ස්වභාවයෙන් යුත් කැක්කුම උදරය පිපීම , නිතර වාතය පිටවීම ,මල බද්ධය හෝ කිහිපවරක් වැසිකිලි යාමට සිදු වීම වේ.

    උදරයේ ඇතිවන වේදනාව බොහෝවිට මලපහ කිරීමට පසු පහව යයි.

    මල බද්ධය හා මලපහ බුරුලට යාම මාරුවෙන් මාරුවට ඇතිවිය හැකි අතර මලපහ බුරුලට යන තත්වයකදී එය ඉතාමත් දියර ගතියකින් පිටවීම සිදුවන අතර සමහර විට අර්ධවශයෙන් ජීර්ණය වු ආහාර පවා පිටවීම සිදුවේ.

    මල පහ පිටකිරීමට අවශ්‍ය වූ වහාම පිටකිරීමට සිදුවන අතර පාලනය කර ගැනීම ඉතා දුෂ්කර ක‍්‍රියාවලියක් වේ.

    මලබද්ධය ඇති විටකදී මලපහ කිරීමේ දී වැඩිපුර තැටමීම කල යුතු අතර වරකට ඉතා සුලු ප‍්‍රමාණ වලින් ඝණ මලපහ පිටවේ එසේම මලපහ පිට වීම සිදුවන්නේ දින ගනනකට පසු වීමත් විශේෂ ලක්ෂණයකි.

    රෝගයේ ස්වභාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක

    මෙවැනි තත්වයක් හදුනා ගැනීමට ඇති පරීක්ෂණ මොනවාද?
    මෙම තත්වය නිෂ්චිත වශයෙන් හදුනා ගැනීමට පරීක්ෂණ නොමැති අතර මේ අකාරයට ඇතිවිය හැකි අනෙකුත් රෝග (මහා ආන්ත‍්‍රය ආශ‍්‍රිතව ඇති විය හැකි පිලිකා තත්ව වැනි ) ඇත්දැයි දැන ගැනීමට පරීක්ෂණ කරනු ඇත.

    රුධිර පරීක්ෂණ මලපහ ආශී‍්‍රතව කරනු ලබන පරීක්ෂණ හා එන්ඩොස්කොපි පරීක්ෂණ මේ අතරින් ප‍්‍රධාන වේ.

    මේ සදහා ඇති ප‍්‍රථිකාර මොනවාද?
    මෙවැනි තත්වයන් සදහා විශේෂිත වූ ප‍්‍රථිකාර නොමැති අතර දිය යුතු ප‍්‍රථිකාරද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

    ජීවන රටාවේ වෙනස්කම් ඇතිකර ගැනීම ,ව්‍යායාම කිරීම, මානසික ආතතිය අඩුකර ගැනීම වැනි ක‍්‍රම මගින් බොහොමයක් රෝගීන්ගේ තත්වය සමනය වේ.

    තන්තු බහුල ආහාර ගැනීම, වරකට විශාල ප‍්‍රමාණයක් ආහාර ගැනීමෙන් වැලකීම ,හා තේ කෝපි හෝ සිසිල් බීම වර්ග ආහාර ගැනීමත් සමග පානය කිරීමෙන් වැලකීම මගින්ද තත්වය සාර්ථක ලෙස පාලනය කල හැක.

    මීට අමතරව වෛද්‍යවරයා විසින් තත්වය උග‍්‍රව ඇති රෝගීන් සදහා ඖෂධ නියම කරනු ඇති අතර ඒවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

    මෙමගින් යම් පාලනය වීමක් තිබිය හැක.

    මෙම තත්වය නිට්ටාවට සුව කල හැකිද?

    මෙම තත්වය නිට්ටාවට සුව කල නොහැකි අතර ජීවිත කාලයම වරින් වර මතුවිය හැක.

    ඉහත කී ක‍්‍රම මගින් තත්වයේ උග‍්‍ර බව පාලනය කල හැක.

    මෙම තත්වය කිසිම විටකදී බඩ වැල් ආශ‍්‍රිතව පිලිකා තත්ව ඇති කිරීමට තුඩු දෙන සාධකයක් වන්නේ නැත.



    c20ad4d76fe97759aa27a0c99bff6710.gif


    59b514174bffe4ae402b3d63aad79fe0.jpg


    source: surgery.lk