is දඩුමොණරේ real?

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,900
    3,240
    113
    රාවණ රජු පිළිබඳ විමසූ සැණින් කාගේ වුව මතකයට නැගෙනුයේ දඬුමොණරයයි. රාවණ යුගය කොතරම් දියුණු තත්ත්වයක පවතින්නට ඇතිද යන්න සිතා බැලීමට ඇති හොඳම සාධකය වන්නේද දඬුමොණරයයි. කාලයේ වැලි තලාවෙන් වැසීයමින් පැවතුණු රාවණ යුගය පිළිබඳ යළි උනන්දුවක් ලොවපුරා ඇතිවන්නට ද හේතු වූයේ මේ රාවණ ගුවන් තාක්‍ෂණයයි. ඊශ්‍රායලය විසින් නිෂ්පාදිත කෆීර් හෙවත් වැලි කතරේ සිංහලයා නම් ප්‍රහාරක ජෙට් යානයේ සිට වර්තමානයේ දියුණුතම ප්‍රහාරක ජෙට් යානා වන F16, F22, F35, F-111, A-10 Thunderbolt ආදිය පවා නිෂ්පාදනය කර තිබෙන්නේ වෛමානිකශ්‍රාස්ත්‍රය නැමැති ග්‍රන්ථයට අනුව බව හෙළි වී තිබුණි. මේ ප්‍රහාරක ගුවන් යානා අද අහස සිසාරා යන්නේ අප හෙළයට පින් සිද්ද වෙන්නටය.



    දෙවැනි ලෝක යුද්ධයට පෙර කාලයේදී හිට්ලර් විසින් ටිබෙටයට යවන ලද ඔත්තුකරුවන් පිරිසක් ටිබෙට් ආරාමවල පැවිදි වී හොර රහසේ යමක් සෙවූහ. ඒ කිසිවක් නොව ධර්මාශෝක රජු විසින් අවසන් වරට භාවිතා කළ, රාම විසින් ඉන්දියාවට රැගෙන ගිය රාවණ පරපුර සතුව පැවති න්‍යෂ්ඨික අවි සහිත ගුවන් තාක්‍ෂණයයි.

    ධර්මාශෝක රජු මෙම ගුවන් තාක්‍ෂණයේ මෙන්ම යුධ තාක්‍ෂණ රැසක පැවති විනාශකාරී බව අවබෝධ කරගෙන එම තොරතුරු ග්‍රන්ථාරූඪ කර හොර රහසේ ට්බෙටයේ ලෙන් විහාර තුළ සඟවා තැබීය. මෙසේ සඟවා තැබූ ගුවන් තාක්‍ෂණය ජර්මනියට ගෙනගිය අතර විවිධ හැඩවල ගුවන් ‍යානා ජර්මනිය තුළ රහසේ නිෂ්පාදනය විය. ඒ අතර වර්තමානයේ පිටසක්වල යානා ලෙස හඳුන්වන රවුම් හැඩැති යානාද විය. ඒවා ඔත්තු බැලීමේ යානා ලෙස භාවිතා වන අතර ඒවාට යොදාගෙන ඇත්තේ රාවනා රජතුමාගේ දඬුමොණර වර්ගයක් වන සුන්දර විමාන වල තාක්ෂණය වුවත් දැනට පවතින යනා අතීතයේ අප හෙළය සතුව තිබූ යානා වලට වඩා බොහෝ නොදියුණුය.



    රාවණ ගුවන් තාක්‍ෂණය නැතහොත් විමාන තාක්‍ෂණය කරළියට පිවිසෙන්නේ 1967 දී චීන සමූහාණ් ඩුව ටිබෙටය ආක්‍රමණය කිරීමත් සමඟය. කිසිඳු වැදගත්කමක් නොමැති කඳුකර රාජ්‍යයක් ආක්‍රමණය කිරීමට බලපෑ හේතුවද මෙම විමාන ශාස්ත්‍රය බව අද වනවිට හෙළිවී ඇති යුධ රහසකි. ටිබෙටයේ ලාසා අසල ආරාමයකින් සොයාගත් ග්‍රන්ථ කිහිපයක් හා ලේඛන කිහිපයක් පරිවර්තනය කරගැනීම උදෙසා යළි ඉන්දියාවේ චන්දිගාර් විශ්වවිද්‍යාලයේ මහාචාර්‍යය රූන් රේනර් මහත්මිය වෙත එව්වේය. ඒ භාර්ද්වාජ ඍශි විසින් සංස්කෘත භාෂාවෙන් ග්‍රන්ථාරූඪ කරන ලද වෛමාණික ශාස්ත්‍ර නම් ග්‍රන්ථයයි.

    මෙම පරිවර්තනයත් සමඟම එතෙක් රහසක් වූ විමාන තාක්‍ෂණය නැතහොත් ගුවන් තාක්‍ෂණය පිළිබඳ ලොව පුරා නව තාක්‍ෂණික ක්‍රමවේද සොයමින් සිටි රටවල් අතර දැඩි උනන්දුවක් ඇතිවිය. රාවණ ගුවන් තාක්‍ෂණය පිලිබඳ ලොව පුරා උනන්දුවක් ඇතිවීමට බලපෑ ප්‍රධානතම හේතුව වූයේද පෘථිවිය තුළ මෙන්ම අභ්‍යවකාශය හා වෙනත් ග්‍රහලෝක තරණය කල හැකි යානා තාක්‍ෂණයයි. එසේම අධි ක්‍රියාකාරීත්වයෙන් යුත් රසදිය භාවිත කළ ගුවන් එන්ජිම නිපදවීම පිළිබඳ නතු සෙවීම බොහෝ දෙනාගේ ප්‍රධාන ඉලක්කය විය. මෙකී අධිබලැති රසදිය එන්ජිම මර්කරි වෝටෙක්ස් එන්ජිම ලෙස හැඳින්වුණි.



    පිටසක්වල තාක්‍ෂණය මෙන්ම රාවණ තාක්‍ෂණය පිළිබඳ උපරිම ලෙස පරීක්‍ෂණ පවත්වන ඇමරිකාවේ නොවාඩා ප්‍රාන්තයේ ඒරියා 51 ලෙසින් හැඳින්වෙන රහස් ජනපදයේ සිදුකළ පරීක්‍ෂණයක ප්‍රථිපලයක් ලෙස මෙතෙක් රාමයනයේ මිත්‍ය කතාවක් ලෙස පැවති රාවණ ගුවන් තාක්‍ෂණය පිළිබඳ බොහෝ දෙනා කතා කළා පමණක් නොව තොරතුරු ගවේශණයටද පුරුදු වූහ.

    TR - 3B වර්ගයේ පැරණි ගුවන්‍ යානාවකට මෙම මර්කරි වෝටෙක්ස් එන්ජිමක් සවිකර අත් හදා බලන්නේ ඒ අනුවය. එම උත්සාහය සම්පූර්ණයෙන්ම සාර්ථක විය. ඉන්පසු එම ඉන්ජිම මෝටර් රථයකට යොදා අත් හදා බැලීය. එහෙත් තවමත් රාවණ ගුවන් තාක්‍ෂණය ඒරියා 51 තුළ පරීක්‍ෂණ මට්ටමේ පවතී.



    මෙම පරීක්‍ෂණය සාර්ථක වීමත් සමඟම රාවණ ගුවන් තාක්‍ෂණය මිත්‍යාවක් නොවන බව ලෝකයට පසක් වන්නට විය. වර්තමානය වනවිට ගුවන් යානා යුග 5ක් ගෙවී ඇත. එසේම මේ වනවිට ඇමරිකාව හයවන ගුවන් යානා යුගයද සැලසුම් කර හමාරය. හයවන යුගයට අයත්වන අධිවේගී බෝයින් F/Axx යානාව 2025-2030 අතර කාලවකවානු වලදී ගුවන ජයගැනීමට නියමිතය. එයද ලොව මෙතෙක් බිහිවූ ගුවන් තාක්‍ෂණයේ උපරිම තාක්‍ෂණය සහ වේගය කැටිකරගත් යානය නොවේ. ඒ තුළ හෙළ විමාන තාක්‍ෂණය නැතහොත් රාවණ ගුවන් තාක්‍ෂණය අන්තර්ගත නැත.

    එහෙත් 2027 සිට 2029 කාලවකවානු වලදී ලොව ඉහළම ගුවන්තාක්‍ෂණය සහිත ගුවන්යානය ලාංකේය රාවණ පරපුරේ විද්‍යාඥයෙකුගේ නිර්මාණයක් ලෙසින් අහස් කුස සිසාරා ගුවන්ගත වීමට නියමිත බව පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ඔහු නමින් පී.ඒ. වික්‍රමතුංගය. ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ‍තෝරාගත් ගගනගාමීන් දෙදෙනෙක් විසින් ඒ යානය ගුවන් ගත කරයි, ඊට යොදාගත් ගගනගාමීන් දෙදෙනා රාවන පරපුරේ නෑයන් බව තතු නොදත් ආරංචිමාර්ග පවසයි.



    මෙම ගුවන් තාක්‍ෂණය 7වන යුගයට අයත්වන ගුවන් තාක්‍ෂණයයි. එම ගුවන් තාක්‍ෂණය අදියර දෙකක් යටතේ එළියට පැමිණීමට නියමිතය. එහි පළමු ගුවන්‍ යානය 2027/29 කාලය අතර නිපදවීමට නියමිත අතර දෙවැනි ගුවන් යානය ඉන් වසර කිහිපයකට පසුව ගුවන ජයගනු ඇත. මෙම යානා දෙකම සැලසුම් කර අවසන්‍ ය. එය නම් කර Hytle ඇත්තේ අධිතාක්‍ෂණ ප්‍රහාරක යානය ලෙසය.

    මෙම හයිටිල් අධි තාක්‍ෂණික ගුවන්යානය සම්පුර්ණයෙන්ම හෙළ විමාන තාක්‍ෂණය පදනම් කරගනිමින් නිර්මාණය කර ඇත. හයිටිල් යානයේ ප්‍රධානතම විශේෂත්වය වනුයේ යානා කිහිපයක් මඟින් කළ යුතු කාර්‍යයන් සාර්ථකව එක් යානයක් මඟින් කළ හැකි වීමයි. (Multi. mission capability)

    මෙම හයිටිල් යානයේ ප්‍රධාන එන්ජින් පද්ධතීන් 3ක් පවතී. ඉන් මධ්‍යයේ ඇති එන්ජිම රාවණ තාක්‍ෂණයෙන් නිපදවූ මර්කරි වෝටෙක්ස් එන්ජිමයි. අනෙක් එන්ජින් දෙක ශබ්දයේ වේගය මෙන් 5-10 අතර වේගයක් ලබාදෙන ප්ලස් ඩෙටොනේෂන්(PDE) එන්ජිමකි. මෙම PDE එන්ජින් ක්‍රියාත්මක වනුයේ වෙනස් ආකාරයකට වන අතර අධිවේගී වාතය සංකෝචනය කර ඉන්ධන සමඟ දවාලීම හරහා කුඩා පිපිරුමක් සමඟ අධිවේගයෙන් එළියට පිට කිරීමයි. මෙමඟින් යානයට අධිවේගයක් ලබාගත හැකිවෙයි.

    මධ්‍යයේ සවිකර ඇති මර්කරි වෝටෙක්ස් නැතහොත් රාවණ ගුවන් එන්ජිම රසදිය ප්‍රසාරණය කර වේගයෙන් ත්වරණය කිරීම හරහා අධිකේන් ද්‍රාපසාරී බලයක් නිෂ්පාදනය කරනු ලබයි. මේ එන්ජිම හරහා යානය අතිවේගයෙන් එසවීමට එකතැන නැවත්වීමට ඉදිරියට ගමන්කරන ගමන් පසුපසට හෝ පැතිවලට හැරී පහරදීම සිදුකළ හැකිවෙයි.
    රාවණා කියන්නෙ හිතලුවක්. ඉන්දියාවෙන් ප්ලාන් කරපු ප්‍රොජෙක්ට් එකක් .
    කොහෙද එක සාක්කියක්වත් රාවණා ගෙ. ඔක්කොම හිතින් හිතාගත්ත දේවල් විතරයි .
     
    • Like
    Reactions: JokerFan