විජානනය (consciousness) කොහෙවත් යන්නැහැ. උපාදානස්කන්ධය පහල වීම තමයි උපත. *දැනෙන ස්වාභවය* පටන් ගන්න තැන.
එහෙම ස්ථානයක් පනවන්න බැහැ. ඒකයි ඇස ආස්‍රිතව චක්කු විජානනය.. වගේ ඉන්ද්‍රිය ආශ්‍රිතව ඇති වෙනවා කියලා දේශනා කරේ. සම්මා දිට්ටිය නැති විද්‍යාව ඉගෙනගත්ත කෙනෙක්ටනම් ඕක අහපු ගමන් හිතෙන්නේ, මොන බොරුද මොලෙන්නේ ඔක්කොම වෙන්නේ හෘදය වස්තුව ආශ්‍රිත කරන් තියෙනවනම් හෘදය ට්‍රාන්ස්ප්ලාන්ට් කරහමත් ඔය යස අගේට ඉන්නේ වගේ.. සම්මා දිට්ටිය නැති, විද්‍යාව ඉගෙනගෙන නැති හෝ විශ්වාස නොකරන බුද්ධාගම ඉගෙනගත්ත කෙනෙක්නම් ඒ අදාල තියරි මැච් කරලා මෙහෙම වෙනවා.. කියලා හදාගනී මොකක් හරි. ඔය සමහර උන් කියන්නේ හෘදය ආශ්‍රිතව නියුරෝන පද්දධතියක් තියෙනවා ඒ නිසා.. වගේ බයිලා. ඔය බයිලා ඔක්කොම පැත්තකින් තිබ්බොත්, ස්ථානයක් තියෙන්න ඕනේ කියලා හිතෙන්නෙම අවකාශය කියලා දෙයක් දැනගෙන, අත්විදලා, හදාගෙන තියෙන නිසා.
උපත, මරනය දෙකම සම්මුති. මැරෙනවා කියන්නේ දැනගෙන හදාගත්ත දෙයක්, ඉපදෙනවා කියන්නෙත් දැනගත හදාගත්ත දෙයක්. උබගේ මොලේ මතකය එකපාර රීසෙට් වුනොත්, ඊලග මොහොතේ අලුතෙන් ඉපදුනා වගේ තමයි. මතකය නිසා සහ ආයතන ක්‍රියාකාරීත්වයේ වේගය නිසා අතීතයේ සිටම කෙනෙක් (ඇහෙන, පේන, දැනෙන, හිතන කෙනෙක්) පැවතගෙන එනවා සහ දැන් පවතිනවා වගේ පේන්නේ. ඒත් ඔය ලෞකිකව අත්දකින රියලිටි එක අතීතය. Delay එකක් තියෙනවා සහ මොලය විසින් සකස් කරලා දෙනවා. වර්තමානය නෙමෙයි අත්දකින්නේ. අතීත, වර්තමාන, අනාගතත් සම්මුති.
හරියට උපත ගත්තොත්. මොහොත තුල තමයි උපදින්නේ කෙනෙක් උපාදානය නිසා. (ඇහෙන, පේන, දැනෙන, හිතන) මොහොත තුලම නැති වෙනවා. ඒ වෙන්නෙත් අවිද්‍යාව නිසා හේතු-ප්‍රථ්‍යව. නැතුව කෙනෙක් ඇතිවෙලාවත්/ නැතිවෙලාවත් නැහැ. computer software එකකින් 3D film එකක් හදනවා. ඒකේ ඉන්නවා Flash කියලා ගොඩක් වේගෙන් යන්න පුලුවන් කෙනෙක්. එහෙමයි කියලා එහෙම කෙනෙක් ඇත්තට පවතින්නේ නැහැනේ? ඒත් Film එක බලද්දි පේනවා ඉන්නවා කියලා. ඌ මැරිලා ඉපදෙනවත් පේනවා, කලින් මැරිලා ඉපදුන බව ත් පේනවා. මැරිලා ඉපදුන සහ ඉපදෙන තැනුත් පේනවා. දැන් මේ තැන් Film එක බලද්දි පෙනුනට ඒ තැන් Film එකෙන් එපිට යතාර්ථය තුල කොහෙද තියෙන්නේ?
ඒක තමයි, පවතින/ නොපවතින නොවන සත්වයෙක්, ඇති/ නැති නොවන සසරක, ඇති/ නැති නොවන දුකක් නැති කරන්න හදනවා කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ටිය නැති ලෞකික සම්මා දිට්ටියේ ඉන්න පෘථග්ජන අයට. කරන්නෙ උන්මත්තන/ පිස්සු වැඩක්. පිස්සා දන්නැහැ උට පිස්සු කියලා. ඒ නිසා මුලින් පිස්සුව (සක්කාය දිට්ටිය) හදුනගන්න ඕනේ. ඒකට යෝනිසෝ මනසිකාරය ඕනේ. ඊට පස්සේ තමයි පිස්සුව නැති කරන්න සතිපට්ටානය වැඩෙන්නේ. ඔහොම ගිහින් පිස්සුව නැති වෙද්දිම *කෙනා* අතුරුදහන් වෙනවා. දැන් කොහොමද උපතක් වත් මරනයක් වත් ගැන කතා කරන්නේ?
කෙනෙක් ඉන්නවා/ නැහැ, උපදිනවා/ නැහැ, මැරෙනවා/ නැහැ කියලා හිතෙන්නෙම සක්කාය දිට්ටිය නිසා. ඔය ප්‍රශ්නේ පටන් ගන්නෙම සක්කාය දිට්ටියෙන්. ඕවට උත්තර නැහැ. උත්තර නැහැ කියන්නේ, දෙන්න වෙන්නේ අන්ත දෙකෙන් එකකට වැටෙන්න. එක්කෝ ඇත නැත්තම් නැත. අන්ත පරිශීලනය කරනකන් නිවන් දකින්න බැහැ.