Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Islam vs Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොදු නොබොදු හැමට

ඉස්ලාම් බැතිමතකුගෙන් ආයාචනයක්!

අද ලංකාවේ බොහෝ භික්ෂූන්ට තම නියම වගකීම් අමතකවී ගොසින් යෑයි මට විටෙක සිතේ. නැත්නම් එම වගකීම් ඉටු කිරීමට තමන්ට නොහැකි යෑයි උන්වහන්සේලා සිතති. මෙයින් කුමන කාරණාව නිවැරැදිදැයි බුද්ධ දර්ශනය ගැන ගැඹුරින් නොදන්නා මම සත්තකින්ම නොදනිමි. එහෙත් බහුතරයක් සිංහල බෞද්ධයන් වාසය කරන ශ්‍රී ලංකාව දිනෙන් දින සදාචාරයෙන් පිරිහෙමින් පවතින බව නම් මට පෙනේ.

මෙම කුඩා ධර්ම දූපත බේබදුකමින් අද ලොව සිව්වන ස්ථානයට පත්ව ඇත. සුරාවෙහි සූදුවෙහි ප්‍රතිවිපාක ගැන දෙසන බුදු දහම අදහන්නන් සැලකිය යුතු ලෙසින් නොමැති ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, ස්පාCඳ්Cඳය, කැනඩාව, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය වැනි අබෞද්ධ රටවල් අතර බේබදුකමින් ලංකාව ඉහළ තැනක වැජඹීම ගැන මෙහි සිටින සංඝයා සංවේගයට පත් නොවන්නේද? මා මෙසේ පවසන්නේ හලාල් ගැන හෝ හිජාබ් ගැන කථා කරන හා ඒවා වෙනුවෙන් ප්රචණ්ඩ උද්ඝෝෂණ පවත්වන භික්ෂූන් වහන්සේලා මෙය ගැන වචනයක් හෝ සඳහන් කරනු මා ඇසුවේ හෝ දුටුවේ නැති හෙයිනි.

තවද බෞද්ධයන් බහුතරයක් වන මෙම කුඩා රටෙහි එක් දිනකට සිදුවන ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 5 ක් යෑයි ගණන් බලා ඇත. පියවරුන් දියණියන් දූෂණය කිරීම, ගුරුන් සිසුවියන් කෙළසීම, වෙදුන් තමන් වෙත පැමිණෙන රෝගී කාන්තාවන් පමණක් නොව ගැබිනියන්ට පවා අතවර කිරීම, මිනීමැරුම්, සොරකම්, මංකොල්ලකෑම්, අල්ලස් දූෂණ යනාදිය දිනපතා පුවත්පත්වල වාර්තා වේ. හෙළිදරව් වන සහ වාර්තාවන අපරාධ සංඛ්‍යාවට වඩා වාර්තා නොවන සංඛ්‍යාව වැඩි බවට තර්කයක් තිබිය නොහැකිය. අද මවුවරු මැද පෙරදිග රැකියාවලට යන්නට දෙවරක් සිතන්නේ එහි සිදුවන බෙලි කැපීම්වලට වඩා සිය බේබදු සැමියා භාරයේ තරුණ දියණිය තනි කර දමා යන්නේ කෙසේද යන චකිතය නිසාම යෑයි මම සිතමි.

යම් ජන කොටසක් සදාචාරයෙන් පිරිහෙන විට එම ජන කොටස එයින් මුදා යහපත් දෙසුම් මගින් ඔවුන් නිසි මඟ පත් කිරීම ඒ ජන කොටසේ ආගමික නායකයන් සතු වගකීමකි. ඔවුන්ට ගරු බුහුමන් දෙමින්, යාන වාහන දෙමින්, නම්බු නාම දෙමින්, අමාත්‍යාංශ පිහිටුවමින් ඔවුන්ව නඩත්තු කරන්නේ මෙම භාරදූර ආධ්‍යාත්මික අවශ්‍යතාව ඔවුන් ඉටු කරනු ඇතිය, යන අපේක්ෂාව මතය. එනමුත් අද සිංහල බෞද්ධයාද වැටී සිටින තත්ත්වය බලන කල එවන් මඟÊපෙන්වීමක් ශාසනය ආරක්ෂා කිරීමට සිටින මුරදේවතාවුන් වන් සංඝයාගෙන් සිදු නොවන බව පැහැදිලිවම කිව හැකිය. විටින් විට තමන් හමුවන්නට පැමිණෙන රටේ නායකයන් හා මැති ඇමැතිවරුන්ට පිරිත් නූල් බැඳීම පමණක් සිය වගකීම යෑයි මේ රටේ සංඝරත්නය සිතනවාවත්ද?. ඒ අතින් මුස්ලිම් ආගමික නායකයින් පමණක් නොව සාමාන්‍ය මුස්ලිම්වරුන් ද කැපවීමෙන් කියා කරමින් සිටිති. ආගමානුකූලව ජීවත්වීමේ උනන්දුව මුස්ලිම් ජන කොටස අතර වැඩි වෙමින් පවතින්නේ එම වෑයම්වල ප්‍රතිඵලයක් ලෙසිනි. මුස්ලිම් තරුණ තරුණියන් අද වැඩි වැඩියෙන් ආචාරශීලි ගතිපැවතුම්වලට නැඹුරුව ජීවත්වනු දැකිය හැකි වී තිබෙන්නේ මුස්ලිම් ආගමික නායකයන් මෙන්ම ගෘහ මූලිකයන් හා ජමියතුල් උලමා වැනි ආයතන ඔවුන්ට හිමි වගකීම, සාපේක්ෂව ගත් කල ඔවුන්ට මේ සඳහා ඇති රාජ්‍ය අනුග්‍රහය සහ වරප්‍රසාද ඉතා අඩු වුවද, නිසි ලෙසින් ඉටු කරමින් සිටින හෙයිනි.

එනමුත් බෞද්ධ සිංහල ආගමික නායකයන්ගෙන් මෙවන් සේවයක් ඉටුවනවාද? එය වෙනුවට එම බෞද්ධ භික්ෂූන්ගෙන් ඇතමුන් ඉස්ලාම් ධර්මයේ නීති රීති ගැන වැරදි විග්රහ දක්වන්නටත් එහි ඇති යහපත් සියලු කරුණුවලට යක්ෂ මුහුණු ආදේශ කරන්නටත් පටන් ගෙන ඇත්තේ ඇයි?

පසුගිය දිනෙක බසයක අසුනක වාඩි වී සිටි වයස පනහත් ඉක්ම වූ මගියකු අසලින් කොටට කොටේ ගවුමක් ඇඳගත් නාඹර තරුණියක් සිය කලව පෙදෙස මනාව ප්‍රදර්ශනය කරගෙන සිටිමින් ඔහුගේ සිතට කරදර දී ඇත. පසුව එතෙක් තමන්ගේ පාඩුවේ සිටි එම මගියා සෙමින් සිය ජංගම දුරකතනය එළියට ගෙන ඇයගේ කලව ප්‍රදේශය වීඩියෝ කර ඇති අතර එය දුටු තරුණයන් කිහිප දෙනකු ඔහු අල්ලා හොඳට තඩිබා බසයෙන් එළියට දමා ඇත. ඇත්තෙන්ම වරද එම මගියා අත පමණක්ද? එලෙසින් අඟ පසඟ පෙනෙන්නට අඩ නිරුවතින් පාරේ යන එන, බස්වල දුම්රියවල කාර්යාලවල තලතුනා වයෝවෘද්ධ පිරිමින් පවා වරදට පොළඹවන ආකාරයෙන් සහ දූෂණ අපරාධ ඉහළ යන ආකාරයෙන් වස්ත්‍ර (නො) අඳින සිංහල තරුණියන් හෝ මැදිවියේ ස්ත්‍රීන් ගැන නොව, සංවර බව දෙසිය යුතුය. මනා හික්මීමෙන් යුතුව සිය සිරුර මුළුමනින්ම වසා ගන්නා මුස්ලිම් කාන්තාව ඒ අතින් ආදර්ශයකි. සමහරුන් පවසන අන්දමට සිරුර වසා වස්ත්‍ර අඳින මුස්ලිම් කාන්තාවන් ගෝනි බිල්ලන්ය. ඔවුන් බෝම්බ ගෙන ආ හැකිය. යුද්ධය අවසන් නේද? ආගමානුකූල බවේ හා තැන්පත් බවේ සංකේතයක් වන යටි රැවුල සහිතව සිටින මුස්ලිම් පිරිමින් දකින විට ඔවුන්ට බියක් ඇති වේ. (එසේ නම් ඡේසුස් තුමන් පටන් මැති ඇමැතිවරුන් දක්වා ද කිවිඳු අලගියවන්න මුකවැටිතුමා පටන් මහා දාර්ශනික සොක්රටීස් දක්වාද වන ප්‍රකට අය මොවුන් බිය ගන්වන චරිතයන්ය) පල්ලියට මුස්ලිම්වරුන් රැස්වන්නේ කුමන්ත්‍රණය කරන්නටය. හලාල් යනු සිංහල ව්‍යාපාරිකයන්ගේ වෙළෙ¹ම කඩාකප්පල් කරන ජාත්‍යන්තර ඉස්ලාමීය කුමන්ත්ර්රණයකි. එහි ආදායම යන්නේ ත්‍රස්තවාදය සඳහාය. ළමුන්ට ආගමික අධ්‍යාපනය ලබා දෙන අරාබි පාසල් ත්රස්තවාදීන් පුහුණු කරන රහස් කඳවුරුය. වෙනකක් තබා මුස්ලිම් පවුල්වල දරුවන් වැඩියෙන් ඉපදීම ද ජාත්‍යන්තර මට්ටමින් සිදු කෙරෙමින් පවතින මහා පරිමාණයේ දැවන්ත ඉස්ලාමීය කුමන්ත්රණයකි. (අනේ දෙවියනේ මෙය කාට කියම්ද?) තවත් නරුම චෝදනා ගණනාවකින් එකක් නම් ඇතැම් මුස්ලිම් ව්‍යාපාර ස්ථානවල අලෙවි කරන යට ඇඳුම් ඒවා පළඳින කාන්තාවන්ට වඳ බව ඇති කරනවා පමණක් නොව එවැනි ස්ථානවල සුහදශීලීව දෙන ටොµsය පවා එම කූට යටි අදහසින්ම දෙනු ලබන ඉනාවකි.

මෙලෙසින් ඔවුන්ට මුස්ලිම්වරුන්ගේ යහපත් කිසිවක යහපත නොපෙනේ. සිංහලයන්ගේ කිසිදු අයහපතක බැරෑරුම් බවද නොපෙනේ. මෙය නම් රටේ සැබෑ කරුමයකි. පුණ්‍ය භූමියක් යෑයි ලාංකික බෞද්ධයන් විසින්ම ප්‍රකාශ කර ඇති දඹුල්ල වැනි නගරයක තිබෙන මුස්ලිම් පල්ලිය බෞද්ධයන්ට පිළිලයකි. එයට විරුද්ධව ඇතැම් බෞද්ධ භික්ෂූන් මැරයන් මෙන් උඩ පැන නැටූ ආකාරය මුළුÊලොවම දුටුවේය. සැබෑ බෞද්ධයන් හා භික්ෂූන් මෙය දැක ලැඡ්ජාවට පත් වූවාට සැකයක් නැත. එනමුත් අපට පෙනෙන ආකාරයට එයටත් වඩා වැදගත්කමින් දළදා මාළිගාව ඉහළය. ඉපැරණිය. වැදගත්ය. එනමුත් එහි ප්‍රධාන දොරටුව ඉදිරියේ ඇති හෝටලයේ තැබෑරුමක් ඇත. දළදා මාළිගාව අවට තැබෑරුම් නවයක් ඇත.

දළදාව පිහිටි මහනුවර තිබෙන තැබෑරුම් සංඛ්‍යාව 45 කි. ඒවා වෙනුවෙන් බෞද්ධ විරෝධතා කිසිවක් නැත. පුදුමයකි සිංහලයා මාළුÊඅනුභව කරන නිසා එහි නම ධීවර කර්මාන්තයයි. නැත්නම් ධීවර ගම්මානයයි. ටින් මාළු ව්‍යාපෘතියයි. කුකුල් මස් ඔවුන් අනුභව කරන නිසා ඒවා ඇති කරන තැන්වලට කියන්නේ කුකුල් ගොවි පළවල් කියායි. නැත්නම් පශු සම්පත කියායි. එනමුත් මුස්ලිම්වරුන් වැඩියෙන් ගවමස් අනුභව කරන නිසා එයට දී ඇති නම ගව ඝාතනයයි. මෙසේ නොයෙකුත් අයුක්ති සහගත නම් පෙරළි කරමින් ඇතැම් බෞද්ධ භික්ෂූන් උත්සාහ කරන්නේ ඔවුන් සිය ජනකොටසට හරියාකාරව ඉටු නොකරන වගකීම් පැහැර හැරීම් වසන් කරන්නටයි. වසරකට වරක් හෝ සිංහල මිනිසුන් (මා මේ කියන්නේ 70 පසුවූ මැහැල්ලන් ගැන නොවේ) පංසලකට ගෙන්නා ගත නොහැකි, සුරාවෙන් සූදුවෙන් සිය වර්ගයා මුදවා ගත නොහැකි එන්න එන්නටම කොටවන හා නැතිවන සිංහල තරුණියගේ ඇඳුම ගැන කථා කළ නොහැකි සමහර භික්ෂූන් දැන් ඉස්ලාම් ධර්මයේ නීතිරීති සංශෝධනය කරන්නට එති. එසේ ඔවුන් නවත්වන්නට කියා උද්ඝෝෂණය කරන්නේ හොඳ චර්යා සහ නිහතමානී ගතිපැවතුම්ය, යන කරුණ කඳුලක් තරම් හෝ මොළයක් ඇති ඕනෑම කෙනකුට පෙනේ. මේ නිසා බහුතරයක් අවංක සිංහලයන් නිහඬය. හලාල් සහතිකයෙන් ද සිදු වන්නේ යමක හොඳ නරක බලා එයට තත්ත්ව සහතිකයක් නිකුත් කිරීම බව කාටත් සිතා ගත හැකිය. එමෙන්ම හලාල් අපනයනය මගින් රටට ලැබෙන ආදායම මෙන්ම අපනයනකරුවන්ගෙන් අති බහුතරයක් වන සිංහල සමාගම් මෙන්ම එම කර්මාන්තශාලාවල සේවය කරන්නන් පවා ප්‍රයෝජන ලබන්නේ හලාල් සහතිකයක් නිකුත් කිරීමට මෙහි මුස්ලිම් ප්‍රජාවක් සිටින නිසාය. යන කරුණ ගැන සිතා මොවුන් සතුටු විය යුතුයි නොවේද? එනමුත් එසේ ඔවුන් සතුටු නොවෙති.

පොදුවේ ගත් කල බෞද්ධයෝ හලාල් යනු කලබල විය යුතු කරුණක් සේ නොසිතුවෝය. කලබල ඇති කළේ තම නියම වගකීම පැහැර හැරීමේ නිරුවත වසා ගන්නට ඕනෑ වුණු භික්ෂූන්ය. මෙයට විරුද්ධව ඔවුන් ඉදිරිපත් කරන තර්කයක් නම් මෙය අලාහ් දෙවියන්ගේ නාමයෙන් කැප කරන නිසා ඒවා බෞද්ධයන්ට නුසුදුසු බවයි. එම තර්කය ද උපන් ගෙයිම මියැදෙන්නකි. මන්දයත් ආගමික විශ්වාසය අතින් ගත් කල සිංහල බෞද්ධයන් කවදත් සිටියේ ලිබරල් ආකල්පයකිනි. ඔවුහු ඝණපති මෙන්ම සක්විතිටත් වඳිති. කාලි අම්මා, පත්තිනි අම්මා පටන් විෂ්ණු, මුරුගන්, ක්‍රිෂ්ණන්, කන්නන්, ලක්ෂ්මි, පාර්වතී දක්වා මෙන්ම සිවලිංගයටද ඔවුන් කිසිදු උස් පහත් කමක්, ගැහැනු පිරිමි වෙනසක් නොබලා වඳිති. දවටගහ පල්ලිය අසලින් යන විට එයටද හිස නමා ආචාර කරන සිංහලයන් මම කොතෙකුත් දැක ඇත්තෙමි. එමෙන්ම රට වැසියන්ට අපගේ දේශපාලනඥයන් ආදර්ශ දෙන එකම ඉසව්ව මෙය යෑයි ද කිව හැකිය. ඡන්ද කාලවලදී ඔවුන් සියලුම කෝවිල්, දේවාල, පන්සල්, ආරාම, පල්ලි ගානේ යති. යමින් ඡන්දය දිනනන්ට පුද පූජා කරති. කන්නලව් කරති. භාරහාර වෙති. නැත්නම් කෙනකුට ශාප කරමින් පොල් ගසති. හුණු ගාති. මෙලෙසින් මැවිල්ලේ සංකල්පය ප්‍රතික්ෂේප කළ යුතු බෞද්ධයන් වඳිනා තරම් දෙවියන්ව හින්දූන්වත් නොවඳිති.

තවත් අතකින් ගතහොත් මැවිල්ලේ සංකල්පය යනු බෞද්ධ දර්ශනය අනුව මිථ්‍යාවකි. නොහොත් නැති දෙයකි. එසේ නම්, නැති අල්ලාහ් කෙනකුට කරන කැප කිරීමක් ගැන කලබල විය යුතු=ද? තවත් ආගමික ජන කොටසක් සිය ආගම හා සංස්කෘතිය අනුව ජීවත්වනවා දැක එයට ඊර්ෂියා කිරීම නොව කළ යුත්තේ එයින් ආදර්ශ ගෙන තමනුන් හැදෙන්නට බැලීමය. මා වාසය කරන වැල්ලම්පිටියේ අපගේ නිවස අසල පන්සලක මසකට පමණ පෙර යම් කිසි හාමුදුරු නමක් විසින් දේශනාවක් පවත්වන ලදී. එය ශබ්ද විකාශන යොදා මුළු පෙදෙසටම ඇසෙන්නට සලස්වන ලද හෙයින් අපේ පවුලේ සැම දෙනාම නිවසේ සිටිමින්ම එය සුවසේ ඇසුවෙමු. එවිට එම ස්වාමීන් වහන්සේ මෙසේ කී සේක. zzඅද අපි මුස්ලිම් මිනිසුන්ට බණිනවා. ඒක වැරදියි. අපි ඒ අයගෙන් පාඩං ඉගෙන ගන්න ඕන. මෙච්චර විලාසිතා තියෙන මේ නවීන කාලේ මුස්ලිම් තරුණ ගැහැනු ළමයි ඇහැ විතරක් පේන විදියට තමන්ව වහ ගෙන පාරේ යනව. පුළුවන් ද මේක අපේ 40 පැන්න සිංහල අම්මණ්ඩි කෙනකුටවත් කරන්න? අපේ කෙල්ලො විතරක් නෙමෙයි සමහර අම්මලත් අඳින්නේ මහ නින්දිත පහත් විදියට. දුවට දැනමුතුකම් දෙන්න අම්මට තියා ආච්චිටවත් බැහැ. ඇයි ඒ දෙන්නත් ඇඳගෙන පාරෙ යන්නේ තරුණ දුවටත් වැඩියෙ නින්දිත විදියට. දැං මුස්ලිම් පවුල් අරගෙන බලන්න. ඔක්කොම කරන්නේ ගෙදර පිරිමියා, හම්බ කරන්නේ එයා. ගෙදර අය ආගමානුකූලව ක්‍රියාකරවන්නේ එයා. දවසට පස් වේලක් පල්ලිත් යනවා. යකෝ ආණ්ඩුවෙන් මාස්පතා නිවාඩුවක් දුන්නත් අපේ එවුන් එනවද පන්සලට මාසෙකට සැරයක්වත්? කෝ අද මෙතැන තාත්තලා කී දෙනෙක් ඇවිල්ල ඉන්නවද? හැම එකටම එන්නේ ගෑනු. මාකට් යන්නේ ගෑණු, ඉස්කෝලෙ රැස්වීමට යන්නේ ගෑනු. සමිති රැස්වීමට යන්නේ මොන්ටිසෝරි යන්නේ ගෑනු. මේ දැනුත් මෙහෙ වැඩියේ ඇවිල්ලා ඉන්නේ ගෑනු. උං ගෑනු ටික එවල ගෙවල්වලට වෙලා ටෙලි නාට්‍ය බලබල ඉඳියි.

අපේ තරුණ කොල්ලෝ ගත්තොත් උං ටික කන් දෙකට මයික් ගහගෙන පාර දිගේ සින්දු අහගෙන යනවා. නැත්තං සංගීත දර්ශනයට ගිහිල්ලා නරි වගේ හූ තියතිය වන්ස් මෝර්, වන්ස් මෝර්, කියල ගිරිය පුප්පල කෑ ගහනවා. මමත් හිතං ඉන්නේ සංගීත සංදර්ශනයක් තියන්න. ඒකට වෙන මොකුත් ඕනේ නැහැ. යටිගිරියෙන් කෑ ගහන්න පුළුවන් නං ඒ ඇති. එතකොටවත් බලමු මුං ටික හදි ගැහිල කියන්න තියෙන දෙයක් කියා ගන්න පුළුවන් ද කියලා. මේ හැරෙන්නට එම හාමුදුරුනම බොහෝ දේ කී නමුත් ඒවා සියයට සියයක් ඇත්ත නමුත් මුද්‍රණයට සුදුසු බසකින් ඒවා නොතිබුණු නිසා මම ඒවා නොලියමි.

වෛරය හා ක්‍රෝධය එක්තරා වේදනාවකි. වෛරය පතුරන්නට උත්සාහ කරන්නන් දැනටමත් එය මනාව වටහා ගෙන සිටිනවාට සැකයක් නැත. නමුත් මෛත්‍රිය, කරුණාව සිතට සිසිල හා සැනසීම ගෙන දෙන්නකි. එය වෙනුවෙන් ක්‍රියා කරන්නන්ගේ මුහුණෙන්ම අපට ඒබව දැන ගත හැකිය. මා මේ ලිපිය ලියන්නේ කවුරුන්ගේවත් වෛරය හෝ ක්‍රෝධය වැඩි කිරීමට නොවේ. ලියන්නේ එය නැති කිරීමේ අටියෙනි. මේ අනුව මා ශ්‍රී ලාංකික බෞද්ධ සහෝදරයන්ගෙන් හා බොදු බල සේනාවෙන් ද ඉතා බැගෑපත්ව දෝත් මාගේ හිස් මුදුනේ එක්කර ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමි.

අනේ හාමුදුරුවනේ, මුස්ලිම් අපව ඇයි ඔබ මේ තරම් පිළිකුල් කරන්නේ? අපි මෙම රටට කළ එකම එක අයහපත් නොකටයුත්තක් මට කියන්න. හිට්ලර් ඉතා කුසලතා පිරි පුද්ගලයකුව සිටියේය. එනමුත් ඔහුගේ හැකියා ආයෝජනය කළ ඉසව්ව වැරදි එකක් වූ හෙයින් එයින් මිලියන සංඛ්‍යාත මිනිසුන් අකාලේ මළෝය. එනිසා අදත් ඔහුව ලොව සිහිපත් කරන්නේ පිළිකුලෙනි.

යුක්තියෙන් හෝ අයුක්තියෙන් මේවා කෙතරම් මුදල් හම්බ කළත් අප කන්නේ එක බඩකටය. නිදා ගන්නට අවශ්‍ය වන්නේද සුවිසල් මන්දිරයක් නොව අඩි හයක් දිග බිම් කෑල්ලක් පමණි. දිනෙක මරණය නියතය. එපමණක් නොව පැවිදි දිවියක් ගත කරන අයට අත්විඳිය හැකි ලෞකික සැප සම්පත්ද ගිහියන්ට වඩා අඩුය.

තිස් වසරක් ඔත්පළව සිට යාන්තම් සුව වෙමින් සිටින අසරණ ලක් මවට සැබෑ සේවයක් කරන ලංකා පුත්‍රයෙකු වන්නට තිර අදිටන් කරන්න. බෞද්ධයන්ව නියම බෞද්ධයන් බවට පත් කිරීමේ ව්‍යාපාරයක් අරඹා එයට නායකත්වය දෙන්න අපේ මහ සඟරුවන මීට වඩා දැඩිව අධිෂ්ඨාන කර ගන්නේ නම් කොතරම් අගේද?

ජෙම් සලීම්

http://www.divaina.com/2013/05/12/feature13.html

[QUOTE="mano3989, post: 14997177, member: 348050"] [SIZE="4"]බොදු නොබොදු හැමට ඉස්ලාම් බැතිමතකුගෙන් ආයාචනයක්! අද ලංකාවේ බොහෝ භික්ෂූන්ට තම නියම වගකීම් අමතකවී ගොසින් යෑයි මට විටෙක සිතේ. නැත්නම් එම වගකීම් ඉටු කිරීමට තමන්ට නොහැකි යෑයි උන්වහන්සේලා සිතති. මෙයින් කුමන කාරණාව නිවැරැදිදැයි බුද්ධ දර්ශනය ගැන ගැඹුරින් නොදන්නා මම සත්තකින්ම නොදනිමි. එහෙත් බහුතරයක් සිංහල බෞද්ධයන් වාසය කරන ශ්‍රී ලංකාව දිනෙන් දින සදාචාරයෙන් පිරිහෙමින් පවතින බව නම් මට පෙනේ. මෙම කුඩා ධර්ම දූපත බේබදුකමින් අද ලොව සිව්වන ස්ථානයට පත්ව ඇත. සුරාවෙහි සූදුවෙහි ප්‍රතිවිපාක ගැන දෙසන බුදු දහම අදහන්නන් සැලකිය යුතු ලෙසින් නොමැති ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, ස්පාCඳ්Cඳය, කැනඩාව, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය වැනි අබෞද්ධ රටවල් අතර බේබදුකමින් ලංකාව ඉහළ තැනක වැජඹීම ගැන මෙහි සිටින සංඝයා සංවේගයට පත් නොවන්නේද? මා මෙසේ පවසන්නේ හලාල් ගැන හෝ හිජාබ් ගැන කථා කරන හා ඒවා වෙනුවෙන් ප්රචණ්ඩ උද්ඝෝෂණ පවත්වන භික්ෂූන් වහන්සේලා මෙය ගැන වචනයක් හෝ සඳහන් කරනු මා ඇසුවේ හෝ දුටුවේ නැති හෙයිනි. තවද බෞද්ධයන් බහුතරයක් වන මෙම කුඩා රටෙහි එක් දිනකට සිදුවන ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 5 ක් යෑයි ගණන් බලා ඇත. පියවරුන් දියණියන් දූෂණය කිරීම, ගුරුන් සිසුවියන් කෙළසීම, වෙදුන් තමන් වෙත පැමිණෙන රෝගී කාන්තාවන් පමණක් නොව ගැබිනියන්ට පවා අතවර කිරීම, මිනීමැරුම්, සොරකම්, මංකොල්ලකෑම්, අල්ලස් දූෂණ යනාදිය දිනපතා පුවත්පත්වල වාර්තා වේ. හෙළිදරව් වන සහ වාර්තාවන අපරාධ සංඛ්‍යාවට වඩා වාර්තා නොවන සංඛ්‍යාව වැඩි බවට තර්කයක් තිබිය නොහැකිය. අද මවුවරු මැද පෙරදිග රැකියාවලට යන්නට දෙවරක් සිතන්නේ එහි සිදුවන බෙලි කැපීම්වලට වඩා සිය බේබදු සැමියා භාරයේ තරුණ දියණිය තනි කර දමා යන්නේ කෙසේද යන චකිතය නිසාම යෑයි මම සිතමි. යම් ජන කොටසක් සදාචාරයෙන් පිරිහෙන විට එම ජන කොටස එයින් මුදා යහපත් දෙසුම් මගින් ඔවුන් නිසි මඟ පත් කිරීම ඒ ජන කොටසේ ආගමික නායකයන් සතු වගකීමකි. ඔවුන්ට ගරු බුහුමන් දෙමින්, යාන වාහන දෙමින්, නම්බු නාම දෙමින්, අමාත්‍යාංශ පිහිටුවමින් ඔවුන්ව නඩත්තු කරන්නේ මෙම භාරදූර ආධ්‍යාත්මික අවශ්‍යතාව ඔවුන් ඉටු කරනු ඇතිය, යන අපේක්ෂාව මතය. එනමුත් අද සිංහල බෞද්ධයාද වැටී සිටින තත්ත්වය බලන කල එවන් මඟÊපෙන්වීමක් ශාසනය ආරක්ෂා කිරීමට සිටින මුරදේවතාවුන් වන් සංඝයාගෙන් සිදු නොවන බව පැහැදිලිවම කිව හැකිය. විටින් විට තමන් හමුවන්නට පැමිණෙන රටේ නායකයන් හා මැති ඇමැතිවරුන්ට පිරිත් නූල් බැඳීම පමණක් සිය වගකීම යෑයි මේ රටේ සංඝරත්නය සිතනවාවත්ද?. ඒ අතින් මුස්ලිම් ආගමික නායකයින් පමණක් නොව සාමාන්‍ය මුස්ලිම්වරුන් ද කැපවීමෙන් කියා කරමින් සිටිති. ආගමානුකූලව ජීවත්වීමේ උනන්දුව මුස්ලිම් ජන කොටස අතර වැඩි වෙමින් පවතින්නේ එම වෑයම්වල ප්‍රතිඵලයක් ලෙසිනි. මුස්ලිම් තරුණ තරුණියන් අද වැඩි වැඩියෙන් ආචාරශීලි ගතිපැවතුම්වලට නැඹුරුව ජීවත්වනු දැකිය හැකි වී තිබෙන්නේ මුස්ලිම් ආගමික නායකයන් මෙන්ම ගෘහ මූලිකයන් හා ජමියතුල් උලමා වැනි ආයතන ඔවුන්ට හිමි වගකීම, සාපේක්ෂව ගත් කල ඔවුන්ට මේ සඳහා ඇති රාජ්‍ය අනුග්‍රහය සහ වරප්‍රසාද ඉතා අඩු වුවද, නිසි ලෙසින් ඉටු කරමින් සිටින හෙයිනි. එනමුත් බෞද්ධ සිංහල ආගමික නායකයන්ගෙන් මෙවන් සේවයක් ඉටුවනවාද? එය වෙනුවට එම බෞද්ධ භික්ෂූන්ගෙන් ඇතමුන් ඉස්ලාම් ධර්මයේ නීති රීති ගැන වැරදි විග්රහ දක්වන්නටත් එහි ඇති යහපත් සියලු කරුණුවලට යක්ෂ මුහුණු ආදේශ කරන්නටත් පටන් ගෙන ඇත්තේ ඇයි? පසුගිය දිනෙක බසයක අසුනක වාඩි වී සිටි වයස පනහත් ඉක්ම වූ මගියකු අසලින් කොටට කොටේ ගවුමක් ඇඳගත් නාඹර තරුණියක් සිය කලව පෙදෙස මනාව ප්‍රදර්ශනය කරගෙන සිටිමින් ඔහුගේ සිතට කරදර දී ඇත. පසුව එතෙක් තමන්ගේ පාඩුවේ සිටි එම මගියා සෙමින් සිය ජංගම දුරකතනය එළියට ගෙන ඇයගේ කලව ප්‍රදේශය වීඩියෝ කර ඇති අතර එය දුටු තරුණයන් කිහිප දෙනකු ඔහු අල්ලා හොඳට තඩිබා බසයෙන් එළියට දමා ඇත. ඇත්තෙන්ම වරද එම මගියා අත පමණක්ද? එලෙසින් අඟ පසඟ පෙනෙන්නට අඩ නිරුවතින් පාරේ යන එන, බස්වල දුම්රියවල කාර්යාලවල තලතුනා වයෝවෘද්ධ පිරිමින් පවා වරදට පොළඹවන ආකාරයෙන් සහ දූෂණ අපරාධ ඉහළ යන ආකාරයෙන් වස්ත්‍ර (නො) අඳින සිංහල තරුණියන් හෝ මැදිවියේ ස්ත්‍රීන් ගැන නොව, සංවර බව දෙසිය යුතුය. මනා හික්මීමෙන් යුතුව සිය සිරුර මුළුමනින්ම වසා ගන්නා මුස්ලිම් කාන්තාව ඒ අතින් ආදර්ශයකි. සමහරුන් පවසන අන්දමට සිරුර වසා වස්ත්‍ර අඳින මුස්ලිම් කාන්තාවන් ගෝනි බිල්ලන්ය. ඔවුන් බෝම්බ ගෙන ආ හැකිය. යුද්ධය අවසන් නේද? ආගමානුකූල බවේ හා තැන්පත් බවේ සංකේතයක් වන යටි රැවුල සහිතව සිටින මුස්ලිම් පිරිමින් දකින විට ඔවුන්ට බියක් ඇති වේ. (එසේ නම් ඡේසුස් තුමන් පටන් මැති ඇමැතිවරුන් දක්වා ද කිවිඳු අලගියවන්න මුකවැටිතුමා පටන් මහා දාර්ශනික සොක්රටීස් දක්වාද වන ප්‍රකට අය මොවුන් බිය ගන්වන චරිතයන්ය) පල්ලියට මුස්ලිම්වරුන් රැස්වන්නේ කුමන්ත්‍රණය කරන්නටය. හලාල් යනු සිංහල ව්‍යාපාරිකයන්ගේ වෙළෙ¹ම කඩාකප්පල් කරන ජාත්‍යන්තර ඉස්ලාමීය කුමන්ත්ර්රණයකි. එහි ආදායම යන්නේ ත්‍රස්තවාදය සඳහාය. ළමුන්ට ආගමික අධ්‍යාපනය ලබා දෙන අරාබි පාසල් ත්රස්තවාදීන් පුහුණු කරන රහස් කඳවුරුය. වෙනකක් තබා මුස්ලිම් පවුල්වල දරුවන් වැඩියෙන් ඉපදීම ද ජාත්‍යන්තර මට්ටමින් සිදු කෙරෙමින් පවතින මහා පරිමාණයේ දැවන්ත ඉස්ලාමීය කුමන්ත්රණයකි. (අනේ දෙවියනේ මෙය කාට කියම්ද?) තවත් නරුම චෝදනා ගණනාවකින් එකක් නම් ඇතැම් මුස්ලිම් ව්‍යාපාර ස්ථානවල අලෙවි කරන යට ඇඳුම් ඒවා පළඳින කාන්තාවන්ට වඳ බව ඇති කරනවා පමණක් නොව එවැනි ස්ථානවල සුහදශීලීව දෙන ටොµsය පවා එම කූට යටි අදහසින්ම දෙනු ලබන ඉනාවකි. මෙලෙසින් ඔවුන්ට මුස්ලිම්වරුන්ගේ යහපත් කිසිවක යහපත නොපෙනේ. සිංහලයන්ගේ කිසිදු අයහපතක බැරෑරුම් බවද නොපෙනේ. මෙය නම් රටේ සැබෑ කරුමයකි. පුණ්‍ය භූමියක් යෑයි ලාංකික බෞද්ධයන් විසින්ම ප්‍රකාශ කර ඇති දඹුල්ල වැනි නගරයක තිබෙන මුස්ලිම් පල්ලිය බෞද්ධයන්ට පිළිලයකි. එයට විරුද්ධව ඇතැම් බෞද්ධ භික්ෂූන් මැරයන් මෙන් උඩ පැන නැටූ ආකාරය මුළුÊලොවම දුටුවේය. සැබෑ බෞද්ධයන් හා භික්ෂූන් මෙය දැක ලැඡ්ජාවට පත් වූවාට සැකයක් නැත. එනමුත් අපට පෙනෙන ආකාරයට එයටත් වඩා වැදගත්කමින් දළදා මාළිගාව ඉහළය. ඉපැරණිය. වැදගත්ය. එනමුත් එහි ප්‍රධාන දොරටුව ඉදිරියේ ඇති හෝටලයේ තැබෑරුමක් ඇත. දළදා මාළිගාව අවට තැබෑරුම් නවයක් ඇත. දළදාව පිහිටි මහනුවර තිබෙන තැබෑරුම් සංඛ්‍යාව 45 කි. ඒවා වෙනුවෙන් බෞද්ධ විරෝධතා කිසිවක් නැත. පුදුමයකි සිංහලයා මාළුÊඅනුභව කරන නිසා එහි නම ධීවර කර්මාන්තයයි. නැත්නම් ධීවර ගම්මානයයි. ටින් මාළු ව්‍යාපෘතියයි. කුකුල් මස් ඔවුන් අනුභව කරන නිසා ඒවා ඇති කරන තැන්වලට කියන්නේ කුකුල් ගොවි පළවල් කියායි. නැත්නම් පශු සම්පත කියායි. එනමුත් මුස්ලිම්වරුන් වැඩියෙන් ගවමස් අනුභව කරන නිසා එයට දී ඇති නම ගව ඝාතනයයි. මෙසේ නොයෙකුත් අයුක්ති සහගත නම් පෙරළි කරමින් ඇතැම් බෞද්ධ භික්ෂූන් උත්සාහ කරන්නේ ඔවුන් සිය ජනකොටසට හරියාකාරව ඉටු නොකරන වගකීම් පැහැර හැරීම් වසන් කරන්නටයි. වසරකට වරක් හෝ සිංහල මිනිසුන් (මා මේ කියන්නේ 70 පසුවූ මැහැල්ලන් ගැන නොවේ) පංසලකට ගෙන්නා ගත නොහැකි, සුරාවෙන් සූදුවෙන් සිය වර්ගයා මුදවා ගත නොහැකි එන්න එන්නටම කොටවන හා නැතිවන සිංහල තරුණියගේ ඇඳුම ගැන කථා කළ නොහැකි සමහර භික්ෂූන් දැන් ඉස්ලාම් ධර්මයේ නීතිරීති සංශෝධනය කරන්නට එති. එසේ ඔවුන් නවත්වන්නට කියා උද්ඝෝෂණය කරන්නේ හොඳ චර්යා සහ නිහතමානී ගතිපැවතුම්ය, යන කරුණ කඳුලක් තරම් හෝ මොළයක් ඇති ඕනෑම කෙනකුට පෙනේ. මේ නිසා බහුතරයක් අවංක සිංහලයන් නිහඬය. හලාල් සහතිකයෙන් ද සිදු වන්නේ යමක හොඳ නරක බලා එයට තත්ත්ව සහතිකයක් නිකුත් කිරීම බව කාටත් සිතා ගත හැකිය. එමෙන්ම හලාල් අපනයනය මගින් රටට ලැබෙන ආදායම මෙන්ම අපනයනකරුවන්ගෙන් අති බහුතරයක් වන සිංහල සමාගම් මෙන්ම එම කර්මාන්තශාලාවල සේවය කරන්නන් පවා ප්‍රයෝජන ලබන්නේ හලාල් සහතිකයක් නිකුත් කිරීමට මෙහි මුස්ලිම් ප්‍රජාවක් සිටින නිසාය. යන කරුණ ගැන සිතා මොවුන් සතුටු විය යුතුයි නොවේද? එනමුත් එසේ ඔවුන් සතුටු නොවෙති. පොදුවේ ගත් කල බෞද්ධයෝ හලාල් යනු කලබල විය යුතු කරුණක් සේ නොසිතුවෝය. කලබල ඇති කළේ තම නියම වගකීම පැහැර හැරීමේ නිරුවත වසා ගන්නට ඕනෑ වුණු භික්ෂූන්ය. මෙයට විරුද්ධව ඔවුන් ඉදිරිපත් කරන තර්කයක් නම් මෙය අලාහ් දෙවියන්ගේ නාමයෙන් කැප කරන නිසා ඒවා බෞද්ධයන්ට නුසුදුසු බවයි. එම තර්කය ද උපන් ගෙයිම මියැදෙන්නකි. මන්දයත් ආගමික විශ්වාසය අතින් ගත් කල සිංහල බෞද්ධයන් කවදත් සිටියේ ලිබරල් ආකල්පයකිනි. ඔවුහු ඝණපති මෙන්ම සක්විතිටත් වඳිති. කාලි අම්මා, පත්තිනි අම්මා පටන් විෂ්ණු, මුරුගන්, ක්‍රිෂ්ණන්, කන්නන්, ලක්ෂ්මි, පාර්වතී දක්වා මෙන්ම සිවලිංගයටද ඔවුන් කිසිදු උස් පහත් කමක්, ගැහැනු පිරිමි වෙනසක් නොබලා වඳිති. දවටගහ පල්ලිය අසලින් යන විට එයටද හිස නමා ආචාර කරන සිංහලයන් මම කොතෙකුත් දැක ඇත්තෙමි. එමෙන්ම රට වැසියන්ට අපගේ දේශපාලනඥයන් ආදර්ශ දෙන එකම ඉසව්ව මෙය යෑයි ද කිව හැකිය. ඡන්ද කාලවලදී ඔවුන් සියලුම කෝවිල්, දේවාල, පන්සල්, ආරාම, පල්ලි ගානේ යති. යමින් ඡන්දය දිනනන්ට පුද පූජා කරති. කන්නලව් කරති. භාරහාර වෙති. නැත්නම් කෙනකුට ශාප කරමින් පොල් ගසති. හුණු ගාති. මෙලෙසින් මැවිල්ලේ සංකල්පය ප්‍රතික්ෂේප කළ යුතු බෞද්ධයන් වඳිනා තරම් දෙවියන්ව හින්දූන්වත් නොවඳිති. තවත් අතකින් ගතහොත් මැවිල්ලේ සංකල්පය යනු බෞද්ධ දර්ශනය අනුව මිථ්‍යාවකි. නොහොත් නැති දෙයකි. එසේ නම්, නැති අල්ලාහ් කෙනකුට කරන කැප කිරීමක් ගැන කලබල විය යුතු=ද? තවත් ආගමික ජන කොටසක් සිය ආගම හා සංස්කෘතිය අනුව ජීවත්වනවා දැක එයට ඊර්ෂියා කිරීම නොව කළ යුත්තේ එයින් ආදර්ශ ගෙන තමනුන් හැදෙන්නට බැලීමය. මා වාසය කරන වැල්ලම්පිටියේ අපගේ නිවස අසල පන්සලක මසකට පමණ පෙර යම් කිසි හාමුදුරු නමක් විසින් දේශනාවක් පවත්වන ලදී. එය ශබ්ද විකාශන යොදා මුළු පෙදෙසටම ඇසෙන්නට සලස්වන ලද හෙයින් අපේ පවුලේ සැම දෙනාම නිවසේ සිටිමින්ම එය සුවසේ ඇසුවෙමු. එවිට එම ස්වාමීන් වහන්සේ මෙසේ කී සේක. zzඅද අපි මුස්ලිම් මිනිසුන්ට බණිනවා. ඒක වැරදියි. අපි ඒ අයගෙන් පාඩං ඉගෙන ගන්න ඕන. මෙච්චර විලාසිතා තියෙන මේ නවීන කාලේ මුස්ලිම් තරුණ ගැහැනු ළමයි ඇහැ විතරක් පේන විදියට තමන්ව වහ ගෙන පාරේ යනව. පුළුවන් ද මේක අපේ 40 පැන්න සිංහල අම්මණ්ඩි කෙනකුටවත් කරන්න? අපේ කෙල්ලො විතරක් නෙමෙයි සමහර අම්මලත් අඳින්නේ මහ නින්දිත පහත් විදියට. දුවට දැනමුතුකම් දෙන්න අම්මට තියා ආච්චිටවත් බැහැ. ඇයි ඒ දෙන්නත් ඇඳගෙන පාරෙ යන්නේ තරුණ දුවටත් වැඩියෙ නින්දිත විදියට. දැං මුස්ලිම් පවුල් අරගෙන බලන්න. ඔක්කොම කරන්නේ ගෙදර පිරිමියා, හම්බ කරන්නේ එයා. ගෙදර අය ආගමානුකූලව ක්‍රියාකරවන්නේ එයා. දවසට පස් වේලක් පල්ලිත් යනවා. යකෝ ආණ්ඩුවෙන් මාස්පතා නිවාඩුවක් දුන්නත් අපේ එවුන් එනවද පන්සලට මාසෙකට සැරයක්වත්? කෝ අද මෙතැන තාත්තලා කී දෙනෙක් ඇවිල්ල ඉන්නවද? හැම එකටම එන්නේ ගෑනු. මාකට් යන්නේ ගෑණු, ඉස්කෝලෙ රැස්වීමට යන්නේ ගෑනු. සමිති රැස්වීමට යන්නේ මොන්ටිසෝරි යන්නේ ගෑනු. මේ දැනුත් මෙහෙ වැඩියේ ඇවිල්ලා ඉන්නේ ගෑනු. උං ගෑනු ටික එවල ගෙවල්වලට වෙලා ටෙලි නාට්‍ය බලබල ඉඳියි. අපේ තරුණ කොල්ලෝ ගත්තොත් උං ටික කන් දෙකට මයික් ගහගෙන පාර දිගේ සින්දු අහගෙන යනවා. නැත්තං සංගීත දර්ශනයට ගිහිල්ලා නරි වගේ හූ තියතිය වන්ස් මෝර්, වන්ස් මෝර්, කියල ගිරිය පුප්පල කෑ ගහනවා. මමත් හිතං ඉන්නේ සංගීත සංදර්ශනයක් තියන්න. ඒකට වෙන මොකුත් ඕනේ නැහැ. යටිගිරියෙන් කෑ ගහන්න පුළුවන් නං ඒ ඇති. එතකොටවත් බලමු මුං ටික හදි ගැහිල කියන්න තියෙන දෙයක් කියා ගන්න පුළුවන් ද කියලා. මේ හැරෙන්නට එම හාමුදුරුනම බොහෝ දේ කී නමුත් ඒවා සියයට සියයක් ඇත්ත නමුත් මුද්‍රණයට සුදුසු බසකින් ඒවා නොතිබුණු නිසා මම ඒවා නොලියමි. වෛරය හා ක්‍රෝධය එක්තරා වේදනාවකි. වෛරය පතුරන්නට උත්සාහ කරන්නන් දැනටමත් එය මනාව වටහා ගෙන සිටිනවාට සැකයක් නැත. නමුත් මෛත්‍රිය, කරුණාව සිතට සිසිල හා සැනසීම ගෙන දෙන්නකි. එය වෙනුවෙන් ක්‍රියා කරන්නන්ගේ මුහුණෙන්ම අපට ඒබව දැන ගත හැකිය. මා මේ ලිපිය ලියන්නේ කවුරුන්ගේවත් වෛරය හෝ ක්‍රෝධය වැඩි කිරීමට නොවේ. ලියන්නේ එය නැති කිරීමේ අටියෙනි. මේ අනුව මා ශ්‍රී ලාංකික බෞද්ධ සහෝදරයන්ගෙන් හා බොදු බල සේනාවෙන් ද ඉතා බැගෑපත්ව දෝත් මාගේ හිස් මුදුනේ එක්කර ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමි. අනේ හාමුදුරුවනේ, මුස්ලිම් අපව ඇයි ඔබ මේ තරම් පිළිකුල් කරන්නේ? අපි මෙම රටට කළ එකම එක අයහපත් නොකටයුත්තක් මට කියන්න. හිට්ලර් ඉතා කුසලතා පිරි පුද්ගලයකුව සිටියේය. එනමුත් ඔහුගේ හැකියා ආයෝජනය කළ ඉසව්ව වැරදි එකක් වූ හෙයින් එයින් මිලියන සංඛ්‍යාත මිනිසුන් අකාලේ මළෝය. එනිසා අදත් ඔහුව ලොව සිහිපත් කරන්නේ පිළිකුලෙනි. යුක්තියෙන් හෝ අයුක්තියෙන් මේවා කෙතරම් මුදල් හම්බ කළත් අප කන්නේ එක බඩකටය. නිදා ගන්නට අවශ්‍ය වන්නේද සුවිසල් මන්දිරයක් නොව අඩි හයක් දිග බිම් කෑල්ලක් පමණි. දිනෙක මරණය නියතය. එපමණක් නොව පැවිදි දිවියක් ගත කරන අයට අත්විඳිය හැකි ලෞකික සැප සම්පත්ද ගිහියන්ට වඩා අඩුය. තිස් වසරක් ඔත්පළව සිට යාන්තම් සුව වෙමින් සිටින අසරණ ලක් මවට සැබෑ සේවයක් කරන ලංකා පුත්‍රයෙකු වන්නට තිර අදිටන් කරන්න. බෞද්ධයන්ව නියම බෞද්ධයන් බවට පත් කිරීමේ ව්‍යාපාරයක් අරඹා එයට නායකත්වය දෙන්න අපේ මහ සඟරුවන මීට වඩා දැඩිව අධිෂ්ඨාන කර ගන්නේ නම් කොතරම් අගේද? ජෙම් සලීම්[/SIZE] [URL="http://www.divaina.com/2013/05/12/feature13.html"]http://www.divaina.com/2013/05/12/feature13.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom