Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Islam vs Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුරුමයේ බින්ලාඩන් කවුද?

77 හැවිරිදි ටිබෙට් ආධ්‍යාත්මික නායක දළයි ළාමාතුමා ඇමරිකාවේ මේරිලෑන්ඩ්හි විශ්වවිද්‍යාලයක දේශනයක් පවත්වමින් බුරුමයේ සිදුවන ආගමික ගැටුම් හෙළාදැකීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන තැනක් ලබාදී තිබිණි. "ආගම නමින් සිදුකරන ඝාතන ගැන හිතන්නවත් අමාරුයි. විශේෂයෙන්ම බුරුමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්රචණ්ඩ ක්‍රියාවලට මැදිහත්වීම ගැන මම සැබවින්ම කනගාටු වෙනවා" යෑයි එතුමා ප්‍රකාශ කර තිබිණි. දළයිලාමා තුමා පැවැත්වූ අන්වර් සදාත් සමරු දේශනය ශ්‍රවණය කිරීම සඳහා පහළොස්දහසකට අධික විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සහභාගිව සිටියහ. ලාමාතුමා කරුණාව මෛත්‍රිය පෙරදැරිව සිදුකරන ප්‍රකාශ අගය කළ යුතුය. එහෙත් පසුගිය කාලය පුරාම ලෝකයේ නොයෙක් තැන්වලදී බෞද්ධයන්ට එරෙහිව මුස්ලිම් අන්තවාදින් විසින් එල්ල කළ ප්‍රහාර පිළිබඳව ටිබෙට් ආධ්‍යාත්මික නායකයා ප්‍රකාශ නිකුත් කළේද යන්න නම් අප දන්නේ නැත. ලෝකයේ වඩාත් ප්‍රකටම බෞද්ධ නායකයා වන්නේ දළයිලාමාතුමා බවට සැක නැත. නමුත් ඔහු ටිබෙට් අයිතිය ගැන කථා කළත් බෞද්ධ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් ජාත්‍යන්තරව පෙනී සිටියාද යන්න සැක සහිතය. බුරුමයේ සිදුවන්නේ කනගාටුදායක තත්ත්වයකි. නමුත් එම අවුලට බෞද්ධයන් මෙන්ම මුස්ලිම්වරුන්ද වගකිව යුතුය. දළයිලාමාතුමා විශේෂයෙන් සිහිකරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේ මෙයික්විලා නගරයේ සිදුවූ ආගම්වාදි ගැටුම් පිළිබඳවය. මෙහිදී පුද්ගලයන් 44 දෙනකු මියගොස් තවත් 13,000 කට උන්හිටි තැන් අහිමි විය.

බටහිර මාධ්‍ය දැන් පවසන්නේ බුරුමයේ මෙන්ම ශ්‍රී ලංකාවේද බෞද්ධ මූලධර්මවාදයක් පැන නැගී ඇති බවයි. එදා එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පැමිණ ජනතාව ඝාතනය කරද්දීත් ත්රස්තවාදීන්ට සටන්කාමීන් යෑයි කියූ බටහිර මාධ්‍ය "බොදුබල සේනාව" අල්ඛයිඩා සංවිධානය හා සමකරන්නට උත්සාහ දරන බව පැහැදිලිය. ඉන්දියානු සාගරයේ සැතපුම් දහසක දුරින් වෙන්ව සිටින රාජ්‍ය දෙකක් එනම් ශ්‍රී ලංකාව හා බුරුමයේ බෞද්ධ භික්ෂූන් මුස්ලිම් විරෝධී වෛරී ආකල්ප පතුරුවා හරින බව බීබීසී වෙබ් අඩවියේ පළ වූ ලිපියක සඳහන් විය.

ජාත්‍යන්තර මාධ්‍යවල වැඩිම අවධානය දිනා ඇති භික්ෂුව වන්නේ "969" කණ්ඩායම නිර්මාණය කළ අශීන් විරාතු හිමියන්ය. බටහිර මාධ්‍ය විරාතු හිමියන් පිළිබඳ කවර අදහසක් දැරුවද බුරුම බෞද්ධයන් අතරේ නම් උන්වහන්සේ බෙහෙවින් ජනප්‍රිය බව පැහැදිලිය. 48 හැවිරිදි චිරාතු හිමියන් තමන් හඳුන්වන්නේ "බුරුමයේ බින් ලාඩන්" ලෙසය. බුරුමයේ වෙසෙන බෞද්ධයන්ගේ ප්‍රමාණය කෝටි හයකි. එය ලංකාවේ වෙසෙන බෞද්ධයන්ගේ ප්‍රමාණය මෙන් කිහිප ගුණයකි. එරට වෙසෙන මුස්ලිම්වරුන්ගේ ප්‍රමාණය 5% කි. චිරාතු හිමියන් එරට බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටින්නේ බෞද්ධයන් තම අවශ්‍යතා මිලදී ගත යුත්තේ බෞද්ධ වෙළෙඳ සලකින්ම පමණක් බවය. 969 හි ප්‍රධානියා පවසන්නේ බුරුම මුස්ලිම්වරුන්ට බෞද්ධයන්ට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා සිදුකිරීමට මැදපෙරදිග රටවලින් ආධාර හා අනුබලය ලැබෙන බවයි. චිරාතු හිමියන් පිළිබඳව පසුගිය අප්‍රේල් 07 වැනිදා "දිවයින" පුවත්පතට අපි "බුරුමයේ" සිදුවන්නේ කුමක්ද? යනුවෙන් සටහන් කළෙමු. ඒ කතිකාවත නැවතත් අලුත් වූයේ දළයි ලාමාතුමාගේ ප්‍රකාශය නිසාය. බුරුමයත් චීනයත් අතර ඇති හොඳ හිත නිසා ලාමාතුමා බුරුම බෞද්ධයන්ට පහර දෙන්නේද? නැත්නම් අන්වර් සදාත් දේශනය අසන්නට පැමිණි මුස්ලිම් ජාතිකයන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් ප්රචණ්ඩත්වය විවේචනය කළාද යන්න අපට පැහැදිලි නැත. විරාතු හිමියන් උපත ලැබුවේ 1968 දීය. මහණ වූයේ 1984 දී වන අතර සිය ජාතිකවාදී "969" ව්‍යාපාරය ආරම්භ කළේ 2001 වසරේදීය. 2003 දී ආගමික අසමගිය පතුරුවන්නේය යන චෝදනාව මත උන්වහන්සේ 25 වසරකට සිරගත කරනු ලැබුවත් ජනපති සමාව යටතේ 2010 දී නිදහස් කෙරිණි. 2012 සැප්තැම්බර් මාසයේදී ජනපති තේන් සේන්ට සහයෝගය දැක්වීම සඳහා විරාතු හිමියන් දැවැන්ත රැළියක් සංවිධානය කළේය. එම රැළිය සංවිධානය කෙරුණේ රොහින්ගා මුස්ලිම්වරුන් තෙවැනි රටකට පිටුවහල් කළ යුතු යෑයි ජනපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට පූර්ණ සහාය දැක්වීම සඳහාය. රකීන් ප්‍රාන්තයේදී රොහින්ගා මුස්ලිම්වරුන් හා බෞද්ධයන් අතර ගැටුම් උග්රවූයේ 2012 ජුනි මාසයේදීය. එම ගැටුම්වලින් පසු මේ යෝජනාව ජනපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය. විරාතු හිමියන්ගේ 969 ව්‍යාපාරය පිටුපස සිටින්නේ බුරුම හමුදාව බවත් එරට සිදුවූ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණය අවුලකට ඇද දැමීම සඳහා මේ ව්‍යාපාරය සිදුවන බවට විවිධ කටකතා පැතිරෙයි. එහෙත් විරාතු හිමියන් පවසන්සේ තමන් කටයුතු කරන්නේ කිසිවකුගේ බලපෑමකින් තොරව ස්වාධීනව බවයි. මුස්ලිම් ජනගහන බෝම්බය පුපුරාගොස් යම් දිනයකදී ථෙරවාදී බෞද්ධ රට මුස්ලිම් කිරීමේ අවදානමක් ඇති බවට විරාතු හිමියන් අනතුරු අඟවා සිටී. එනිසා මේ ජනගහන බෝම්බයට එරෙහිව සටන්වැදිය යුතු බව විරාතු හිමියන්ගේ අදහසයි.

බුරුම විපක්ෂ නායිකාව එනම් අවුන්සාන් සුකී එරට ඇතිව තිබෙන ආගමික ගැටුම් පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකිරීම ගැන බටහිර මාධ්‍ය පුදුම වෙයි. මානව හිමිකම් ගැනත් ප්රජාතන්ත්රවාදය ගැනත් කතා කිරීමෙන් නොබෙල් සම්මාන දිනූ මේ දේශපාලන නායිකාව බෞද්ධ මුස්ලිම් ගැටුම ගැන නිහඬ වෙයි. එසේ වන්නේ මන්ද? ඇයත් බෞද්ධ කාන්තාවකි. බෞද්ධයන් තරහකරගෙන සිය දේශපාලන ගමන ඉදිරියට ගෙන යා නොහැකි බව මේ කාන්තාව හොඳින්ම දනී. කවරක් නමුත් විරාතු හිමියන් නම් අවුන්සාන් සුකීගේ දේශපාලනය විවේචනය කරයි.

බොදුබල සේනාව හා බුරුමයේ 969 ව්‍යාපාරය සමාන කරමින් මෙරට විකල්ප වෙබ් අඩවිවල ලිපිද පළවී තිබිණි. ඇත්තෙන්ම එදා මරාගෙන මැරෙන කොටි කොළඹට පැන බෝම්බ පුපුරවද්දීත් කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ සිය ගණන් ඝාතනය කරද්දීත් කලබල නොවූ බලවේග බොදු බල සේනාව ගැන විශාල බියක් ඇතිකර එය මහා දැවැන්ත නාසිවාදි ව්‍යාපාරයක් ලෙසට හුවාදක්වමින් මිථ්‍යා මත පැතිරවිමට උත්සාහ දරති. ඇත්තෙන්ම බොදුබල සේනාව නිසා මෙරට ආගමික ගැටුම් ඇති වූයේද නැත. එකම මුස්ලිම් ජාතිකයකුගේවත් ජීවිත, දේපළ හානිවූයේද නැත.

එදා ප්රභාකරන්ගේ නාසිවාදයට එරෙහිව ඉටිපන්දම් පත්තු නොකළ අය දැන් සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ඉදිරිපිට ඉටිපන්දම් පත්තු කර නැගී එන බෞද්ධ බලය කුඩුපට්ටම් කරන්නට සිතා සිටිති.

මේ අතර බුරුම බෞද්ධයන් මරා දැමිය යුතු බවත් බුරුමයේ ජිහාඩ් යුද්ධයක් ඇරඹිය යුතු බවත් පවසමින් මුස්ලිම් ආගමේ ආරක්ෂකයෝ නම් සංවිධානයක් ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පෙළපාලි ගියහ. එදිනම ජාකර්තාවේ බුරුම තානාපති කාර්යාලයට බෝම්බ තැබීමට ගිය දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී. බුරුම ගැටුම් අද හෙට නතර නොවන බව නම් පැහැදිලිය. වැරදිකරුවා කවුද? නිවැරදිකරුවා කවුද යන්න ගැන කිසිවක් නොපවසමි. එහෙත් බුරුමයේ බින් ලාඩන්ලා ඇති වූයේ මුස්ලිම් අන්තවාදය නිසා බවට නම් සැක නැත.

චතුර පමුණුව

[QUOTE="mano3989, post: 14997340, member: 348050"] [SIZE="4"]බුරුමයේ බින්ලාඩන් කවුද? 77 හැවිරිදි ටිබෙට් ආධ්‍යාත්මික නායක දළයි ළාමාතුමා ඇමරිකාවේ මේරිලෑන්ඩ්හි විශ්වවිද්‍යාලයක දේශනයක් පවත්වමින් බුරුමයේ සිදුවන ආගමික ගැටුම් හෙළාදැකීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන තැනක් ලබාදී තිබිණි. "ආගම නමින් සිදුකරන ඝාතන ගැන හිතන්නවත් අමාරුයි. විශේෂයෙන්ම බුරුමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්රචණ්ඩ ක්‍රියාවලට මැදිහත්වීම ගැන මම සැබවින්ම කනගාටු වෙනවා" යෑයි එතුමා ප්‍රකාශ කර තිබිණි. දළයිලාමා තුමා පැවැත්වූ අන්වර් සදාත් සමරු දේශනය ශ්‍රවණය කිරීම සඳහා පහළොස්දහසකට අධික විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සහභාගිව සිටියහ. ලාමාතුමා කරුණාව මෛත්‍රිය පෙරදැරිව සිදුකරන ප්‍රකාශ අගය කළ යුතුය. එහෙත් පසුගිය කාලය පුරාම ලෝකයේ නොයෙක් තැන්වලදී බෞද්ධයන්ට එරෙහිව මුස්ලිම් අන්තවාදින් විසින් එල්ල කළ ප්‍රහාර පිළිබඳව ටිබෙට් ආධ්‍යාත්මික නායකයා ප්‍රකාශ නිකුත් කළේද යන්න නම් අප දන්නේ නැත. ලෝකයේ වඩාත් ප්‍රකටම බෞද්ධ නායකයා වන්නේ දළයිලාමාතුමා බවට සැක නැත. නමුත් ඔහු ටිබෙට් අයිතිය ගැන කථා කළත් බෞද්ධ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් ජාත්‍යන්තරව පෙනී සිටියාද යන්න සැක සහිතය. බුරුමයේ සිදුවන්නේ කනගාටුදායක තත්ත්වයකි. නමුත් එම අවුලට බෞද්ධයන් මෙන්ම මුස්ලිම්වරුන්ද වගකිව යුතුය. දළයිලාමාතුමා විශේෂයෙන් සිහිකරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේ මෙයික්විලා නගරයේ සිදුවූ ආගම්වාදි ගැටුම් පිළිබඳවය. මෙහිදී පුද්ගලයන් 44 දෙනකු මියගොස් තවත් 13,000 කට උන්හිටි තැන් අහිමි විය. බටහිර මාධ්‍ය දැන් පවසන්නේ බුරුමයේ මෙන්ම ශ්‍රී ලංකාවේද බෞද්ධ මූලධර්මවාදයක් පැන නැගී ඇති බවයි. එදා එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පැමිණ ජනතාව ඝාතනය කරද්දීත් ත්රස්තවාදීන්ට සටන්කාමීන් යෑයි කියූ බටහිර මාධ්‍ය "බොදුබල සේනාව" අල්ඛයිඩා සංවිධානය හා සමකරන්නට උත්සාහ දරන බව පැහැදිලිය. ඉන්දියානු සාගරයේ සැතපුම් දහසක දුරින් වෙන්ව සිටින රාජ්‍ය දෙකක් එනම් ශ්‍රී ලංකාව හා බුරුමයේ බෞද්ධ භික්ෂූන් මුස්ලිම් විරෝධී වෛරී ආකල්ප පතුරුවා හරින බව බීබීසී වෙබ් අඩවියේ පළ වූ ලිපියක සඳහන් විය. ජාත්‍යන්තර මාධ්‍යවල වැඩිම අවධානය දිනා ඇති භික්ෂුව වන්නේ "969" කණ්ඩායම නිර්මාණය කළ අශීන් විරාතු හිමියන්ය. බටහිර මාධ්‍ය විරාතු හිමියන් පිළිබඳ කවර අදහසක් දැරුවද බුරුම බෞද්ධයන් අතරේ නම් උන්වහන්සේ බෙහෙවින් ජනප්‍රිය බව පැහැදිලිය. 48 හැවිරිදි චිරාතු හිමියන් තමන් හඳුන්වන්නේ "බුරුමයේ බින් ලාඩන්" ලෙසය. බුරුමයේ වෙසෙන බෞද්ධයන්ගේ ප්‍රමාණය කෝටි හයකි. එය ලංකාවේ වෙසෙන බෞද්ධයන්ගේ ප්‍රමාණය මෙන් කිහිප ගුණයකි. එරට වෙසෙන මුස්ලිම්වරුන්ගේ ප්‍රමාණය 5% කි. චිරාතු හිමියන් එරට බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටින්නේ බෞද්ධයන් තම අවශ්‍යතා මිලදී ගත යුත්තේ බෞද්ධ වෙළෙඳ සලකින්ම පමණක් බවය. 969 හි ප්‍රධානියා පවසන්නේ බුරුම මුස්ලිම්වරුන්ට බෞද්ධයන්ට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා සිදුකිරීමට මැදපෙරදිග රටවලින් ආධාර හා අනුබලය ලැබෙන බවයි. චිරාතු හිමියන් පිළිබඳව පසුගිය අප්‍රේල් 07 වැනිදා "දිවයින" පුවත්පතට අපි "බුරුමයේ" සිදුවන්නේ කුමක්ද? යනුවෙන් සටහන් කළෙමු. ඒ කතිකාවත නැවතත් අලුත් වූයේ දළයි ලාමාතුමාගේ ප්‍රකාශය නිසාය. බුරුමයත් චීනයත් අතර ඇති හොඳ හිත නිසා ලාමාතුමා බුරුම බෞද්ධයන්ට පහර දෙන්නේද? නැත්නම් අන්වර් සදාත් දේශනය අසන්නට පැමිණි මුස්ලිම් ජාතිකයන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් ප්රචණ්ඩත්වය විවේචනය කළාද යන්න අපට පැහැදිලි නැත. විරාතු හිමියන් උපත ලැබුවේ 1968 දීය. මහණ වූයේ 1984 දී වන අතර සිය ජාතිකවාදී "969" ව්‍යාපාරය ආරම්භ කළේ 2001 වසරේදීය. 2003 දී ආගමික අසමගිය පතුරුවන්නේය යන චෝදනාව මත උන්වහන්සේ 25 වසරකට සිරගත කරනු ලැබුවත් ජනපති සමාව යටතේ 2010 දී නිදහස් කෙරිණි. 2012 සැප්තැම්බර් මාසයේදී ජනපති තේන් සේන්ට සහයෝගය දැක්වීම සඳහා විරාතු හිමියන් දැවැන්ත රැළියක් සංවිධානය කළේය. එම රැළිය සංවිධානය කෙරුණේ රොහින්ගා මුස්ලිම්වරුන් තෙවැනි රටකට පිටුවහල් කළ යුතු යෑයි ජනපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට පූර්ණ සහාය දැක්වීම සඳහාය. රකීන් ප්‍රාන්තයේදී රොහින්ගා මුස්ලිම්වරුන් හා බෞද්ධයන් අතර ගැටුම් උග්රවූයේ 2012 ජුනි මාසයේදීය. එම ගැටුම්වලින් පසු මේ යෝජනාව ජනපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය. විරාතු හිමියන්ගේ 969 ව්‍යාපාරය පිටුපස සිටින්නේ බුරුම හමුදාව බවත් එරට සිදුවූ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණය අවුලකට ඇද දැමීම සඳහා මේ ව්‍යාපාරය සිදුවන බවට විවිධ කටකතා පැතිරෙයි. එහෙත් විරාතු හිමියන් පවසන්සේ තමන් කටයුතු කරන්නේ කිසිවකුගේ බලපෑමකින් තොරව ස්වාධීනව බවයි. මුස්ලිම් ජනගහන බෝම්බය පුපුරාගොස් යම් දිනයකදී ථෙරවාදී බෞද්ධ රට මුස්ලිම් කිරීමේ අවදානමක් ඇති බවට විරාතු හිමියන් අනතුරු අඟවා සිටී. එනිසා මේ ජනගහන බෝම්බයට එරෙහිව සටන්වැදිය යුතු බව විරාතු හිමියන්ගේ අදහසයි. බුරුම විපක්ෂ නායිකාව එනම් අවුන්සාන් සුකී එරට ඇතිව තිබෙන ආගමික ගැටුම් පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකිරීම ගැන බටහිර මාධ්‍ය පුදුම වෙයි. මානව හිමිකම් ගැනත් ප්රජාතන්ත්රවාදය ගැනත් කතා කිරීමෙන් නොබෙල් සම්මාන දිනූ මේ දේශපාලන නායිකාව බෞද්ධ මුස්ලිම් ගැටුම ගැන නිහඬ වෙයි. එසේ වන්නේ මන්ද? ඇයත් බෞද්ධ කාන්තාවකි. බෞද්ධයන් තරහකරගෙන සිය දේශපාලන ගමන ඉදිරියට ගෙන යා නොහැකි බව මේ කාන්තාව හොඳින්ම දනී. කවරක් නමුත් විරාතු හිමියන් නම් අවුන්සාන් සුකීගේ දේශපාලනය විවේචනය කරයි. බොදුබල සේනාව හා බුරුමයේ 969 ව්‍යාපාරය සමාන කරමින් මෙරට විකල්ප වෙබ් අඩවිවල ලිපිද පළවී තිබිණි. ඇත්තෙන්ම එදා මරාගෙන මැරෙන කොටි කොළඹට පැන බෝම්බ පුපුරවද්දීත් කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ සිය ගණන් ඝාතනය කරද්දීත් කලබල නොවූ බලවේග බොදු බල සේනාව ගැන විශාල බියක් ඇතිකර එය මහා දැවැන්ත නාසිවාදි ව්‍යාපාරයක් ලෙසට හුවාදක්වමින් මිථ්‍යා මත පැතිරවිමට උත්සාහ දරති. ඇත්තෙන්ම බොදුබල සේනාව නිසා මෙරට ආගමික ගැටුම් ඇති වූයේද නැත. එකම මුස්ලිම් ජාතිකයකුගේවත් ජීවිත, දේපළ හානිවූයේද නැත. එදා ප්රභාකරන්ගේ නාසිවාදයට එරෙහිව ඉටිපන්දම් පත්තු නොකළ අය දැන් සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ඉදිරිපිට ඉටිපන්දම් පත්තු කර නැගී එන බෞද්ධ බලය කුඩුපට්ටම් කරන්නට සිතා සිටිති. මේ අතර බුරුම බෞද්ධයන් මරා දැමිය යුතු බවත් බුරුමයේ ජිහාඩ් යුද්ධයක් ඇරඹිය යුතු බවත් පවසමින් මුස්ලිම් ආගමේ ආරක්ෂකයෝ නම් සංවිධානයක් ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පෙළපාලි ගියහ. එදිනම ජාකර්තාවේ බුරුම තානාපති කාර්යාලයට බෝම්බ තැබීමට ගිය දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී. බුරුම ගැටුම් අද හෙට නතර නොවන බව නම් පැහැදිලිය. වැරදිකරුවා කවුද? නිවැරදිකරුවා කවුද යන්න ගැන කිසිවක් නොපවසමි. එහෙත් බුරුමයේ බින් ලාඩන්ලා ඇති වූයේ මුස්ලිම් අන්තවාදය නිසා බවට නම් සැක නැත. චතුර පමුණුව[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom