ITN බිල්ඩින්එක කඩා වැටෙනවා

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ITN බිල්ඩින්එක කඩා වැටෙනවා

ITN බිල්ඩින්එක කඩා වැටෙනවා යැයි බියෙන් අයිටීඑන් කාර්ය මණ්ඩලය එළියට පනී 2010 මාර්තු 23 වෙනි අඟහරුවාදා, 12:39
itn.jpg

මීට ස්වල්ප මොහොතකට පෙර බත්තරමුල්ල ස්වාධීන රූපවාහිනී ආයතනයේ සේවකයින් සියලු දෙනා එම ආයතනය පිහිටි ගොඩනැගිල්ල කඩා වැටීමට සැරසෙනවා යැයි බියෙන් එම ගොඩ නැගිල්ලෙන් ඉවත්වී ඇතැයි වාර්තා‍වේ.

ස්වාධීන රූපවාහිනී සේවකයකු පැවසූ ආකාරයට අද උදෑසන ගොඩනැගිල්ලේ දෙවැනි මහලෙහි බිත්තියේ දීර්ඝ ඉරි තැලීමක් සිදුව ඇති අතර ඊට බියවී සේවකයින් මෙලෙස ගොඩනැගිල්ලෙන් ඉවත්වී තිබේ.

කෙසේ වෙතත් පසුව ඉන්ජිනේරුවරුන් පැමිණ ගොඩනැගිල්ල පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ගොඩනැගිල්ලේ බිත්තියේ අතුරා ඇති ටයිල්ස් මතුපිට රසායනික ප්‍රතික්‍රියාවක් හේතුවෙන් මෙම ඉරි තැලීම සිදුව ඇති බවයි. එමගින් ගොඩනැගිල්ලට හානියක් නොවන බවද ඔවුන් තහවුරුකර තිබේ.

ඉංජිනේරුවන්ගේ එම තහවුරු කිරීමෙන් අනතුරුව කාර්ය මණ්ඩලය නැවත ගොඩ නැගිල්ලට ඇතුළුවූ බව එම ‍සේවකයා වැඩිදුරටත් පැවසීය.