වැඩිහිටියන්ට සුදුසු ලේබලය සහිත දෑ සදහා මේ කලබලවීම සම්බන්ධයෙන් දීප්ති කුමාරගුණරත්න ගෙන් කළ විමසුමකදී ඔහු මෙසේ පවසා සිටියේය.
"දැන් මෙතන තියන ප්‍රධාන ප්‍රශ්නය තමයි වැඩිහිටියන්ට පමණයි කිව්වම බහුතරයකට මතක් වෙන්නේ සෙක්ස් කියන එක. ලිංගික ජීවතය විතරයි කියන එක. මේ අය ළමයි. ඔවුන්ට තියෙන්නේ ළමා මනසක්.
ඔවුන්ගේ දර්ශනය ළමා, සාහිත්‍ය ළමා, ජීවිතය ළමා, විශ්වවිද්යාල අචාර්යවරු ළමා, මේජර් ජෙනරාප්වරු ලියන්නෙත් ළමා කතා, මේ අයගේ ජාකිතක්වය ළමා, දේශපාලනය ළමා. මේක විමල් විරවංශගේ දේශපාලනේ. මේ අය සෙක්ස් කිව්වාම හිතනතවා මහ භායනක දෙයක් වගේ.
ඔවුන් හිතා ඉන්නවා ලංකාවේ පුරවැසියෝ ළමා පුරවැසියෝ කියලා. මේ වගේ දේවල් වලට විමල් විරවංශල බයයි.
Homeland කියන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ කතාවෙන නාට්‍ය මාලාවක් විමල් විරවංශල හිතනවා මේවා බලලා ලිංගික ජීවිතවලට ඇබ්බැහැ වෙයි කියලා.
දැන් අපි දන්නවා ගොඩක් මාධ්‍යවල පෙන්නන විදේශීය ටෙලිනාට්‍යවල යට තියෙන්නේ සෙක්ස් විතරයි. ඒ වගේම ඒවයේ ගොඩක් වෙලාවට පෙවන්නේ මූණු විතරයි. හිස්ටෙරික ප්‍රලාප විමල් විරවංශලා එවාට විරුද්ධ වෙන්නේ නැහැ.
මම කියන්නේ කිසි දෙකට බය වෙන්න එපා. මේ අලුත් දේවල් බලන්න. වැඩිහිටියෝ වෙන්න." යනුවෙන් ඔහු පවසා සිටියේය.
mirrorarts.lk



