J.R VS ප්‍රේමදාස

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේක තමා මම මේ එකේ දාන පළවෙනි කතාව. සමහර විට උඹලා මේක අහලත් ඇති. :cool:

    J.R රුයි, ප්‍රේමදාසයි දෙන්නම එංගලන්තේ රැජිනගේ ආරාධනාවක් ලැබිලා ගියාලු රැ කැමකට. මුලු මේසෙම රත්තරන් පිරිච්ච, මේසයක්..... රැජින එනකම් රට රටවල නායකයෝ සේරම මේසේ වටේ වාඩි වෙලා කියො කියො ඉන්නවා.

    J.R ට ටිකක් දුරින් ප්‍රේමදාස ඉඳගෙන ඉන්නවා..... ප්‍රේමදාසට හිතුනලු... මේ එක රත්තරන් හැන්දක් අරන් ගියයි...කියලා රැජිනට මහ ලොකු පාඩුවක් වෙන එකක් යැ... අනික එක හොඳ මතක සටහනක් නේ.

    Shape එකේ ප්‍රේමදාස සාක්කුවට රත්තරන් හැන්දක් දා ගත්තලු... J.R මේ Scene එක හොඳට දැක්කා. හැබැයි... අපේ මනුස්සයනේ කියලා කට පියන් හිටියා.

    රැජින මේසෙට ආවිල්ලා.....ආහාර ගන්න කලින්...හැම කෙනාම මැජික් එකක් පෙන්නලා රැජිනව සතුටු කරන්න තීරණය කර ගත්ත. ප්‍රේමදාස ඇතුළු හැම දෙනාම තමන් දන්න මැජික් පෙන්නලා සතුටු කලා. අන්තිමට හිටපු J.R ට කරන්න මැජික් එකක් නැති උනා.

    J.R ගේ අයින්ස්ටයින්ට නොදෙවෙනි....මොලේට පටස් ගාලා අයිඩියා එකක් ආවා. J.R නැගිටලා හැමොට ම පේන්න...රත්තරන් හැන්දක් සාක්කුවේ දා ගත්තා....ඊට පස්සේ......"ඔන්න බලන්න....මම එ හැන්ද....අර ඇත ඉන්න මගේ මිත්‍ර ප්‍රේමදාසගේ සාක්කුවෙන් ගන්නවා කියුවා".

    වැඩේ අවුල් ගිය බව තේරුම් ගිය ප්‍රේමදාස....හෙමින් සිරුවේ සාක්කුවේ තිබ්බ රත්තරන් හැන්ද තිබ්බේ.....හිටපු හැමෝගෙම ජය ඝෝශා, අත්පුඩි හඬ මැද්දේ.
    සිද්ධ විච්ච දේ ප්‍රේමදාස පුදුම නොවුනට, මහ රැජිනත් පුදුම උනාලු.

    ඕවත් වැඩද කියලා හිත හිතා, රැ කැම අරන් J.R. නිදහසේ සාක්කුවේ දාගත්තු
    රත්තරන් හැන්දත් අරන් ආයිත් ආතල් එකේ ලංකාවට ආවලු.

    (කාටවත් අපහාස කිරිමේ අරමුණින් මෙය Post නොකල, බව කරුණාවෙන් සලකන්න)
     
    • Like
    Reactions: Shan D

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    JR හා ප්‍රේමදාසට අපායෙන් Invitation එකක් අවාලු...
    දෙන්නා යනකොට හිස් අතින් යන එක හරි නෑ කියලා මග පලතුරු කඩේකින් බැහැලා පලතුරු ගන්න හිතාගෙන ගියාලු...
    ප්‍රේමදාස දූරියන් ගෙඩියක් අරගෙන කිව්වාලු "මේක අරන් යමු, දූරියන් දුර්ලභ නිසා යමරජ්ජුරුවෝ සතුටු වෙයි" කියලා...
    JR ටිකක් කල්පනා කරලා කිව්වාලු " නෑ... අපිට වෙරලු දෙන්න" කියලා...
    ඉතින් දෙන්නා යන ගමන් අතර මගදී දූරියන් ගෙඩිය කාලා, වෙරලු අරගෙන අපායට යමු කියලා ගියාලු...
    දන්නේ නැතිවම වෙරලු ටිකත් කාලා, වෙරලු ගෙඩි දෙකක් විතරක් ඉතුරු කරගෙන ගියාලු අපායට...
    යනකොටම ප්‍රේමදාස වෙරලු ගෙඩි දෙක යමරජ්ජුරුවන්ගේ අතට දීලා කිව්වාලු " ඔන්න අපි හිස් අතින් ආවේ නෑ... වෙරලු ගෙනාවා" කියලා...
    යමරජ්ජුරුවන්ට 84,000ට නැග්ගාලු...
    මෙච්චර දුර ඉදලා එනකොට ගෙනත් තියෙන්නේ වෙරලු ගෙඩි දෙකක් විතරද...?

    "දෙන්නාම මේ වෙරලු ගෙඩි දෙක පු* ගහගෙන අපාය වටේ වට 7ක් දුවපියව්" යමරජ්ජුරුවෝ කිව්වාලු...

    ප්‍රේමදාස මුලින් දුවනවාලු... JR පස්සෙන් එනවාලු...
    වට 6ක් ඉවර කරලා 7වෙනි වටේ යනකොට ප්‍රේමදාසට ළංවෙලා ඇහුවාලු..
    :P "මචං ප්‍රේමේ, දූරියන් ගෙනාවානම් කොහොමද සැප" :P
    කියලා...

    (...මෙහි එන නම්, ගම් මන:කල්පිත වේ...)
     
    • Like
    Reactions: Banned

    දූරියන් ගෙනාවානම් කොහොමද සැප :lol: Maxxa