jacqueline fernandez Lankawe Film Ekaka

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,816
    9,532
    113
    jacqueline_fernandez_15.jpg

    භාතිය - සන්තුෂ් රංගනයට

    හින්දි සිනමාවේ නැගී එන නිළියක වන ශ්‍රීී ලාංකික ජැක්ලයින් ෆර්ඩිනැන්ඩිස් මුල් වරට සිංහල චිත්‍රපටයකට දායක වෙයි.

    ප්‍රවේගය යනුවෙන් නම තබා ඇති මෙය ළඟදීම තිරගත වීමට තිබෙන ‘සුපර් සික්ස්’ චිත්‍රපටයේ නිෂ්පාදක සදේශ් කුමාරගේ නිෂ්පාදනයකි.

    ජනප්‍රිය සංගීතඥයන් දෙපොළක් වන භාතිය හා සංතුෂ් ප්‍රවේගය සංගීතවත් කරන අතර මෙහි ඔවුන් හා හා පුරා කියමින් චිත්‍රපටයක රඟන්නේ ද ප්‍රවේගය හරහායි.

    යතුරු පැදියක් මිළ දී ගැනීමට සිහින මවන සදෙව් නමැති තරුණයකු වටා ගෙතී ඇති කතා පුවතක් ඔස්සේ දිග හැරෙන ප්‍රවේගය ඉන්දීය අධ්‍යක්ෂවරයකු වන සරවනන්ගේ නිර්මාණයකි. එමෙන්ම මෙය කිං හන්තර්, අංජලිකා වැනි සිනමාපටයන්ගේ මෙන්ම පබළු, අමා, වැනි අතිශය ජනප්‍රිය වූ ටෙලි සිත්තම් තිර රචනා කළ මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ කතාවකි.

    ප්‍රවේගයෙහි සදෙව් ලෙස හේමාල් රණසිංහ රඟන අතර උදාරි රණසිංහ නම් වූ තවත් නිළියක රිදී තිරයට පැමිණෙයි.

    ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනි, මහේන්ද්‍ර පෙරේරා, සංගීතා වීරරත්න, මොරින් චාරුණී, ටිරෝන් මයිකල්, ජනිත වික්‍රමගේ, හේමන්ත ඊරියගම, සමන් හේමරත්න, ඩී. බී. ගංගොඩතැන්න, ජේජෙයින් ඇතුළු පිරිස සෙසු චරිතයන් රඟති.

    කැමරාව විජය මිල්ටන් (ඉන්දීය) මෙහෙයවයි. මංජුල අයගමගේ කලා අධ්‍යක්ෂවරයායි. ඉන්දික උදාර ලංකා මෙහි අංග රචනා ශිල්පියාය. ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂණයෙන් එක් වෙයි. අශෝක ආරියරත්නගේ නිෂ්පාදන කළමනාකරණයකි. එළඹෙන 22 වැනිදා සිට රූගත කිරීම් ආරම්භ වන ප්‍රවේගය කොළඹ, ගාල්ල සහ නුවරඑළිය රූගත කෙරේ.