JAM සහ Kolonbia Web Series

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    JAM ලඟ එනව කියල දැනගත්තම උන් සෙට් එක ඊට කලින් කරපු "Kolonbia - කොළොංබියා" සීරීස් එක ආපහු බලන්න ගත්තා. කවුරුහරි නොදන්නව නම් ඒක 2019 අගදි රිලීස් උන කොළඹ බෝඩිමක ජීවත්වෙන කොල්ලො සෙට් එකක් වටා ගෙතෙන වෙබ් සීරිස් එකක්. මහ ගොඩක් නෑ, එපිසෝඩ්ස් 7 යි.

    ලංකාවෙ online කොමඩි වල නැතිම දේ වෙන subtlety මේ තරම් අඩු නැතුව දැක්ක එකම යූට්‍යූබ් වැඩේ Kolonbia. ඒකෙ චරිත ලියල තියෙන විදිහ, ඒවට ඉන්න කොල්ලො ටිකගෙ රඟපෑම එහෙම ආයෙ මාරම informed, ඉතාම පරිස්සම් ලෙවල් එකක ගොඩනැගුන දේවල්. මේක බලල නැත්තම් බලන්න (playlist එක පහළ ලින්ක් එකේ), මෙව්වා කලාතුරකින් වෙන quality වැඩ.

    කොළොංබියා:



    ---------------------------------------------

    ඒ ගැන එනවුන්ස් කරන්න නෙමේ පෝස්ට් එක දැම්මෙ. ඒ ප්‍රඩක්ෂන් ටීම් එකම පටන් ගත්ත අලුත් වැඩේ, JAM, මේ වෙද්දි රිලීස් කරන්න පටන් ඇරන්. මම දැක්ක විදිහට ඉතාම honest, witty ඩයලොග්ස් තියෙන, දකින්න ආස ජාතියෙ සීරීස් එකක්. Kino ගතියකුත් තියෙනව. ඉස්සරහට කොහොම වෙයිද දන්නෑ, අඩුම මේක කොමඩි ද ඩ්‍රාමා ද කියලත් දන්නෑ, සෙට් වෙනවනම් බලන්න.

    මේ තියෙන්නෙ JAM:




    මට ඔය දෙක ගැන හිතද්දි ඔලුවට ආපු දේ තමයි, එක්කො පොඩි කාලෙ ඉඳන් කොළඹ ම උස් මහත් වෙච්ච, නැත්තන් කොළඹ බෝඩින් වලම පැලවුන යාලුවො වටකරගත්ත අපි වෙනුවෙන් හැදුන කොළඹ තියෙන අනාත soul එක අල්ලගත්ත වැඩ වෙලා තියෙන්නෙ මාරම අඩුවෙන් නේද කියන එක. ලංකාවෙ ම නොකරත් gappiya කරපු one-person වීඩියො ටික උනත් තදට දැනුනෙ ඔය නිසා වෙන්න ඇති. ඌ කරන්න හැදුවෙ කොමඩි උනත් ඒකෙ අමුතු විපිලිසර උන existential ගතියක් තිබ්බා. කට් එකක පවා filmmaking වලට ආදරේ බවක් පේන්න තිබ්බා. මේවට ඒ තරම්ම ලොකු ෆෑන් බේස් එකක් නැතිවීමත් ඒව දිගට නොහැදෙන්න හේතුවක් වෙන්න ඇති, එක අතකට එහෙම finite වෙන එක හොඳයි.



    Kolonbia බල නැත්තන් ඒක මුලින් බලන එක රෙකමන්ඩ් කරනව.
     
    Last edited:
    • Like
    Reactions: Didy