Hirash

Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    නෑ වැරදියි.

    මුලින් අනිවා නෝට් පෑඩ් වල කරල පුරුදු වෙන්න. එතකොට තමයි Case Sensitive එහෙම ගොඩක් තේරුම් යන්නෙ. කොතනද කැපිටල් කොතනද සිම්පල් කියන එක. තව Import කරන්න ඕනෙ කොහොමද මොනාද කියන එක කීයටවත් තේරුම් ගන්න බෑ IDE එකකින්. මොකද auto import වෙන නිසා. අනිත් එක ගොඩක් දේවල් ඔටෝ ලියවෙන නිසා. අපේ මතකෙ හිටින්නෙ ඔටෝ ලියාගන්න හැටි මිසක් ඇත්තටම කෝඩ් ලියන හැටි නෙමේ.

    අන්තිමට තැන වෙනස් උනාම, ide එක වෙනස් උනාම, තමන්ගෙ ලැප නැති උනාම, පුරුදු ide එකේ shortcut ටික අලුත් ide එකේ නැති උනාම කිසිම දෙයක් කරගන්න බැරි වෙනව. මොකද හිතේ තියෙන්නෙ අහවල් තැන කෝඩ් එක තියෙනව ඒකෙ මෙහෙම කරගන්න පුලුවන් කියල මිසක් ඇත්තටම කෝඩ් එක නෙමේ.

    අනිත් එක අපිට කෝඩ්න්ග් ප්‍රශ්නයක් අද ඇතිවෙලා ඒක ගූගල් කලාම ඒ ප්‍රශ්නෙ අහල තියෙන්නෙ මීට අවුරුදු ගානකට කලින්. ඒවට දීපු උත්තරවල අපිට ඕන කෝඩ් කෑල්ල නෙමේ. හැම පුංචි දේම ඒවයෙ තියෙනව. එතකොට නොට්පෑඩ් දැනුම තියෙනව නම් පටස් ගාල අපිට ඕනෙ ලයින් එක විතරක් ඒ කෝඩ් එකෙන් ගන්න පුලුවන්. නෝට්පෑඩ් දැනුම නෑ කියන්නෙ මුලු කෝඩ් එකම සෑහෙන වෙලාවක් බලල රන් කරකර බලන්න ඕනෙ අවශ්ය ලයින් එක හොයා ගන්න.

    :yes: