වෙබ් developmentවලට උනන්දුවක් තියන අය වෙබ් developing ගැන ටිකක් හරි දන්න අය JavaScript හොදට අදුරනව ඇති. ඒත් අලුතින් වෙබ් developing වලට ආපු අයට JavaScript ගැන හැදින්වීමක් දීලම පාඩම පටන්ගන්න එක හොදයි කියල මට හිතෙනවා.
JavaScript අදුරගමු.
JavaScript අපිට නොමිලයේ භාවිතා කරන්න පුලුවන් Dynamic Programming Language එකක්. Brendan Eich කියල මහත්තයෙක් තමයි මේ JavaScriptවල පියා. JavaScript ප්‍රසිද්ධ උනාට මේ මහත්තයට එච්චර ප්‍රසිද්ධියක් ලැබිලා නෑ. Mr. Eich JavaScript design කරල තියෙන්නෙ Netscape Communications Corporation එකට අර Netscape Navigator කියල browser එක කරේ මේගොල්ලො තමයි. දැන් Netscape වගේම Eich මහත්තයල පටන් ගත්තු Mozilla Foundation එකත් JS develop කරනවා. 1995 පටන් ගත්තු JS එදා ඉදන් අද වෙනකන් අපිට සේවා සපයනවා. Facebook, Twitter, Google වගේම මේ WordPress platform එකෙත් JS use වෙනවා.
අපිට JavaScript ඉගෙනගන්න ලොකු ලොකු tools ඔනේ නෑ web browser එකක් තිබ්බම හොදටම ඇති.
එහෙනම් පටන්ගමු.
මම use කරන්නෙ Mozilla Firefox. Google chrome උනත් use කරගන්න පුලුවන්.
Firefox: Ctrl + Shift + K ඔබල Web Console එක open කරගන්න.
Chrome : Ctrl + Shift + J ඔබල Chromeගේ JavaScript Console එක open කරගන්න.
Firefox use කරන අය web console එකෙන් JS select කරගන්න.
>> ලකුණත් එක්ක blink වෙන | ලකුණක් ඇති. එතන type කරන්න පටන්ගමු.
මුලින්ම පොඩියට පටන්ගමු.
Code:
4+11;
ඕකට මොන JavaScriptද නේ? Calculator එකෙන් පුලුවන් ඕවා කරන්න.
ඔව් ඔව් JavaScript තියෙන්නෙ ඔය වගේ පොඩි පොඩි වැඩ කරන්න නෙවෙයිනෙ. අපි එහෙනම් ලොකු වැඩක් කරමු.
http://images.google.lk යන්න ගිහින් මොකක් හරි search එකක් දාන්න. දැන් console එකට පහළ code එක paste කරල Enter ඔබන්න. ඔන්න magic!!! කරලම බලන්නකො screenshot දැම්මොත් අගයක් නෑ.
Code:
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6;
y3=.24; x4=300; y4=200; x5=300; y5=200;
DI=document.getElementsByTagName("img");
DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){
DIS=DI[ i ].style;
DIS.position='absolute';
DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px";
DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}
setInterval('A()',5); void(0);