දැන් ටික කාලයක් පාවිච්චි කල නිසා මගේ අත්දැකීම් කියන්නම් ලංකාවේ 20කට කිට්ටු වෙන්න යන නිසා අයිටම් එක. සවුන්ඩ් කොලිටිය ගොඩාක් හොඳයි. බේස් එහෙම හොඳට කනට දැනෙන්න ඇහෙනවා. එක චාර්ජ් එකකින් සෑහෙන දවසක් අල්ලලා හිටින ලයින් එකක් යන්නේ. මොකද මම එක දිගට අහන් නෑ. හැබැයි සෙට් උන වෙලාවට පැය ගාණක් ඇහුවත් බැටරි බැහිල්ල අතිසය සාධාරණයි. කනට සැපක් දෙනවා. වැදගත්ම දෙයක් තමයි මේ ටයිප් එකට යන්නේ අර අනික්වා කනේ රැදෙන් නැති එවුන්නේ. සෝ මේක ගහගෙන දිව්වත් බයිසිකල් පැද්දත් නැටුවත් මේක කනෙන් වැටෙන් නෑ. එක පට්ටෙට වටිනවා. ඔයට එකපාර ඩිවයිස් දෙක තුනකට උනත් කනෙක්ට් කර ගන්න පුළුවන්. මගේ ලැප් එකටයි පොන් එකටයි සේම් ටයිම් කනෙක්ට් වෙනවා. එක පාරකට සවුන්ඩ් දෙන්නේ එකකින් හැබැයි.
මට දැනිච්ච අවුල් ටික තමයි කොල්ලනේ මේකේ ටච් ඇක්ෂන් පට්ටම ස්මූත් නෑ. එක පාරක් ටච් කලාට පෙලක් වෙලාවට එක ඩිටෙක්ට් වෙන් නෑ වගේ ලයින් එකක් තියෙනවා. අනික තමයි Ambient Aware + TalkThru වලින් බයිසිකලේක වගේ යද්දි ලොකුවට බැක්ග්‍රවුන්ඩ් නොයිස් කන්ට්‍රෝල් කරන් නෑ. ට්‍රයි එකක් දෙනවා කියලා තෙරේනවා. හොඳට ක්ලියර් එකට මියුසික් එක ඇහීගෙන යද්දි පෙලක් විට එක පාරටම හුලගේ සද්දි ඇහෙන්න ගන්නවා මියුසික් සවුන්ඩ් එක ෆේඩ් වෙලා. එ අතින් නම් වීක්. අනික් දේවල් නම් සුපිරි දැනට. දෙපාරක් තුන්පාරක් පත බෑ උනා පොලවට, තාර පාරට අමතක වීම් වෙලා. අවුලක් නෑ තාමට
2023 December. dan ON karannawath be Battery Dead. 5 sec walin off wenawa