දත් බුරුසුව - 2

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...
    දත් බුරුසුව - 1 කොටස මෙතනින්..

    Y450C2M.jpg


    පළවෙනි ත්‍රෙඩ් එකේ සිස්සත්ත පන්තියේ හිටිය පොඩි උන් දෙන්න දැන් ලොකු වෙලා නිසා ත්‍රෙඩ් එකේ අග හරියේ අසභ්‍ය වචන සහිත බව කරුණාවෙන් සලකන්න..:P

    -
    -
    -
    -
    -


    නොහිතපු වෙලාවක පළවෙනි රස්සාවට සමු දෙන්න උනාට පස්සේ, තියෙන ලට්ට ලොට්ට ටික අකුලගෙන ගෙදර එන්න ලක ලෑස්ති වෙන අතරේ නිකමට වගේ මෙහෙ මට කියලා ඉන්න එකම යාලුවට කෝල් එකක් ගත්තා..
    xYcfGol.png

    යාලු කම උපරිම නිසා කවදාවත් කෝල් එකක් ගත්තාම හෙලෝ කියලා කතා කරන පුරුද්දක් දෙන්නටම තිබ්බේ නෑ.. මගේ කට හඬ ඇහුණ ගමන් මම මුකුත් කියන්න කලින්ම,

    "අඩෝස්.. මොකෝ වෙන්නේ.. කෝල් එකක්වත් දෙන්න බැරි උනා.. ඉතින් ඉතින්.. මේ පැත්තේ වරෙන් නිවාඩු වෙලාවක.. මගේ ලඟ වැඩිපුර මෙට්ටකුත් තියෙනවා.. කොට්ටයක් කොහෙන් හරි හොයා ගමු.. හොදපු බෙඩ් ෂීට් එකකුත් තිබුණද කොහෙද. ආහ් මේ. උඹ වැඩිපුර ජො@#ක් අරන් වරෙන් ඒවා මගේ ලඟ වැඩිපුර නෑ.. බ්‍රහස්පතින්දා හවසම වරෙන් සිකුරාදත් ඉඳලා සෙනසුරාද උදෙන්ම උඹට වැඩට යන්න පුලුවන්නේ.."
    කලෙකින් හම්බ වෙන්නත් බැරි උන නිසා මිනිහා මට දවස් දෙකක් නැවතිලා ඉඳලා යන්නම අරාධනා කළා..

    යාලුවගෙන් ලැබුණ ඒ ලෙන්ගතු ඇරයුමත් එක්ක මට මගේ ජොබ් එකේ ප්‍රශ්නේ සහ ඉස්සරහට එන්න තිබුණු ප්‍රශ්න පවා මොහොතකට අමතක උනා.. යාලුවව බැහැදකින්න එන පොරොන්දුව පිටම මට වෙච්ච් අලකලංචිය ගැනත් මම ඒ වෙලාවෙම කියලා දැම්මා.. මම මෙහේ ආවා කියලා මුලින්ම කිව්ව ගමන් තියෙන වැඩ ඔක්කොම පැත්තක දාලා මාව හොයාගෙන ඇවිත් විස්තර කතා කරලා, දවසම උගේ වියදමින් මට කන්න බොන්න පවා අරන් දීපු, ඕන දෙයක් තියෙනවනම් කියපන් මචන් කියලා ගිය එකම සහ පළවෙනි යාලුවා තමයි ඌ..:love:

    "හප්පටසිරි.. අඩෝ දැන් උඹ ඔය යන්නද හදන්නේ.. ආව එකේ මෙහෙම ඉඳලා වෙන ජොබ් එකක් හොයා ගමු ෂේප් එකේ.."

    "එහෙම පුලුවන්නම් හොඳයි. ඒත් වියදම ටිකක් දරා ගන්න අමාරුයි මචන්. රූම් රෙන්ට් එකක් ගෙවාගෙන, කෑම බීම, ට්‍රැවලින් ඔක්කොම එක්ක ගෙදර වියදම් ගැනත් තනියම බලන්න ඕනෙනේ බං.. "

    "ම්ම්ම්ම්ම්... පොඩ්ඩක් ඉඳහන්කෝ.. උඹට තව කොච්චර කල් ඉන්න පුලුවන්ද දැන් ඉන්න තැන..?
    මම අපේ ලොක්කගෙන් අහලා මගේ රූම් එකේ උඹව තියා ගන්න බලන්නම් ජොබක් හොයා ගන්නකන්.. රූම් රෙන්ට් එකනේ දැන් තියෙන ප්‍රශ්නේ. මම ඒක විසඳලා දුන්නොතින් උඹට ඉතුරු වියදම් ටික මැනේජ් කර ගන්න පුලුවන්ද..?" කියල නොහිතපු විදිහට යාලුවා මගෙන් ඇහුවා..:shocked:

    යාලුවට උනත් ප්‍රශ්න කියන එකේ සීමාවක් තියෙන්න ඕනේ නිසාම රූම් එකක් සෙට් උනොත් මට තව මාසයක් දෙකක් ඇද ගන්න පුලුවන් කියන එක මම කිව්වේ නෑ.. ඒත් මගේ හිත කියෙව්වා වගේ ඒ වෙලාවේ හැටියට මට අවශ්‍යම වෙලා තිබුණ ලොකුම උදව්ව කරන්න මගේ යාලුවා ඉදිරිපත් උනා..ඔන්න පහුවදාම මට යාලුවගෙන් පණිවිඩේ ආවා..:D

    "ඒ මචන් වැඩේ හරි ලොක්කා අවුලක් නෑ.. උඹට ජොබ් එකක් සෙට් වෙනකන් මගේ එක්ක ඉන්න පුලුවන්.. දැන් කවද්ද උඹ එන්නේ.. වරෙන් වරෙන් ඉක්මනට වරෙන්.මෙහෙ මටත් සෙට් වෙන එකෙක් නෑ.. උඹ විතරයි ඉන්නේ දන්න කියන එකෙකුට.. ඒ නිසා ඔය ඉන්න තැනින් දැම්මම වරෙන්.."

    යකෝ මට උගේ තැන නවතින්න පර්මිෂන් ලැබුණ එකට මට වැඩිය සතුටු උට..:eek:

    මටම හිතින් කියා ගන්න ගමන් ඔලුවේ තිබුණ එක බරක් හිමීට බිමින් තියලා යාලුවගේ ප්ලේස් එකට යන්න ලෑස්ති උනා, අවශ්‍ය කරන පොඩි පොඩි උවමනා කරන දේවල් ටිකක් එහෙම අරගෙන,
    ලොකුම ලොකු බෑග් එක පස්සෙ වෙලාවක පරණ නවාතැන්පොළෙන් අරන් යන්න හිතාගෙන ඉන්ටවීව් කිහිපයකට යන්න ඕන කරන ඇඳුම් ටිකයි, තවත් ඇඳුම් කීපයකුයි අත්‍යවශ්‍යම දේවල් ටිකකකුයි හෑන්ඩ් ලැගේජ් එකට දා ගත්තා.. අලුතෙන්ම ගත්තු බූල් බූල් කොට්ටෙයි, ඇවෙන්ජර්ස්ලාගේ යුද්ධේ ප්‍රින්ට් කරපු බ්ලැන්කට් එකයි වෙනම කවරෙක දාගෙන සුනාමියට අහු වෙලා නැව කැඩිච්ච කැප්ටන් කෙනෙක් පයිං යනවා වගේ යාලුවාගේ නවාතැනට යන්න පිටත් උනා..
    aBlpEeT.jpg

    ලංකාවෙදිනම් මලාට කොට්ට උරයක්වත් පේන්න අරන් නොයන මම, අර තඩි බ්ලැන්කට් එකයි කොට්ටෙයි ගුලි කරලා ඔබපු සාමාන්‍ය බෑග් එක එක අතකින් එල්ලගෙන, රෝද කැරකෙන හෑන්ඩ් ලැගේජ් එකත් ඇදගෙන බස් එකේ නැග්ග හැටි මතක් වෙද්දී මටම හිනා යනවා.. ( ගානක් නෑ අඳුරන කවුරුත් දැක්කේ නෑ..:rofl:)
    බස් එකෙන් බහිනකොටම බස් හෝල්ට් එකට ඇවිල්ලා නොහිටියත් කියපු මං සලකුණු අනුව ටික දුරක් යද්දීම අති ජාත මිත්‍රයා මගට ඇවිත් මාව පිළිගත්තා.. දෙන්නා එක්කම නවාතැනට ගොඩ වෙලා ටික වෙලාවක් වල්පල් කියෝ කියෝ හිටිය අතරේ යාලුවගේ රූම් එකේ උටම ආවේනික වෙච්ච නීතී රීති ගැනත් ඒ වෙලාවෙම දැනුවත් උනා..

    සම්පූර්ණ අමධ්‍යප චරිතයක් උන මගේ මිත්‍රයා මිනිහටම ආවේණික වෙච්ච අමුතුම නීති සෙට් එකක් දාගෙන තිබුණා..
    බාත් රූම් එක ක්ලීන් කරන කෙනා ඊලඟට යන කෙනාට සෙරෙප්පු නැතුව පවා යන්න පුලුවන් තත්ත්වෙට ඒක ක්ලීන් කරන්න ඕනේ.. සපත්තු දාගෙන රූම් එකට එන්න බෑ.. (මචන් පොඩ්ඩක් ඉඳහන් කියලා මම දඩිබිඩි ගාලා මගේ සපත්තු දෙක ගලවලා ෂූ රැක් එකෙන් තිබ්බා..:angry:) මේස් කුට්ටම පිටින් ඇඳ ලඟට එන්නත් බෑ.. (අඩෝ විනාඩියක් දීපන් කියපු මම, කකුල් දෙකටම දාලා තිබුණ ලා නිල් පාට ඉරි රටා තිබුණ අලුත්ම මේස් කුට්ටම ගලවල විනාඩියකට කලින් ෂූ රැක් එකෙන් තිබ්බ සපත්තු දෙක අස්සේ ගුලි කරලා ඇවිත් ආයේ වාඩි උනා..:frown:) වෙලාවට අතුගාන්න ඕනේ.. සතියකට සැරයක්වත් දූවිලි අස් කරන්න ඕනේ අතුගාලා.
    අපරාදේ කියන්න බෑ රූම් එකේ අනිත් අයත් ඒ විදිහටම ඒ දේවල් අකුරටම පිළිපැද්දා. නිතරම එයා ෆ්‍රෙෂ්නර් එකකින් චුස් චුස් ගගා ස්ප්‍රේ කරන අමුතුම පුරුද්දකුත් මගේ යාලුවට තිබුණ නිසාම නහයට දැණුනු අමුතු සුවඳත් එක්කම ඒ කාමරේ පට්ට පිරිසිඳුවට තිබුණා..:yes:

    "මේහ්. ඒක නෙමෙයි, මුං ඔක්කොම උඹ කියන දේවල් අහනවද බං.?":P
    මම එහෙම ඇහැව්වේ සාමාන්‍යෙන් නාහෙට නාහන එකෙක් දෙන්නෙක් හරි අනිවාර්යෙන් ඉන්නම ඕනේ නිසයි..:rolleyes:

    "මේකනේ මචන්, උඹ මගේ ගැන පොඩි කාලේ ඉඳලා දැනන් හිටියට මුං එකෙක්වත් මං ගැන දන්නේ නෑනේ..ඒ නිසා මම පොඩි එකා වගේ හිටියට ලොකු අයියා වගේ තමයි මෙතන හැසිරෙන්නේ.. මුං ඔක්කොම මට පස්සේ ආව උන්.. මම තමයි මෙතන සීනියර්ම බුවා.. ඒ නිසා එකෙක්වත් මට පිටින් යන්නේ නෑ. ඒ නිසාම තමයි මෙතන නීති ටිකක් දාගෙන ඉන්නේ. උඹත් මගේ උෂ්නෙන්ම ඉඳහන් ඉන්න ටිකේ.." ;)

    "කාලා වරෙංකෝ ඉතින්.. ආතක් පාතක් නැතුව මෙතෙන්ට පාත් උනා මදිවට ලොකු එකෙන් ඉන්න මට බෑ බං.." කියලා කිව්වා නෙමෙයි මට ඉබේම වගේ කිය උනා.. හබලක්වත් නැති මට ඒ කාලේ මොන නැව් ටෝක් ද..?:baffled:

    "හරි හරි.. උඹට ඕන විදිහට ඉඳපං අවුලක් නෑ.. මම ඉතින් උඹ ගැන දන්න නිසානේ ලොක්කගෙන් කෙලින්ම අහල පර්මිෂන් එක ගත්තේ.."

    ඔන්න කොහොමහරි අලුත් තැනක අලුත්ම සෙට් එකක් එක්ක ආගිය තොරතුරු කතා කර කර රෑ වෙලා නිදා ගන්න ලැස්ති වෙනකොටම මගේ යාලුවා කෙඳි ඈත් වෙලා නන්නත්තාර වෙච්ච ටූත් බ්‍රශ් එකකුත් අතේ තියාගෙන බාත් රූම් එකට යන හැටි දැකලා මම කිව්වා,
    "මචන් මගේ ලඟ වැඩිපුර බ්‍රෂ් එකක් තියෙනවා.. දෙපාරයි මැද්දේ ඕනෙනම් උඹට ඒක දෙන්නම්.. උඹ ඒකෙන් මදින්න ඕනේ නෑ.. බාත් රූම් එකට යද්දී නිකන් පේන්න අතේ තියන් ගිහින් ඇතුළට ගියාට පස්සේ උඹේ ඔය පොල් මුඩ්ඩෙන් දත් ටික මැද ගනින් එතකොට නෝන්ඩි නෑනේ බං" කියලා.. (දවල් මගේ අලුත්ම කොට්ටෙටයි බ්ලැන්කට් එකටයි දාපු කින්ඩි හිනාවටයි, ඌ මට කියපු නොසන්ඩාල කතන්දර වලටයි ඇරියස් එකත් මම ඒ වෙලාවේ ලාවට පිරිමහ ගත්තා..)

    E4IiKSw.jpg


    "ඒ චුට්ටට උඹ ඒකත් දැක්කද..? අඩෝ නෑ බං.. දැන් සති දෙකක් තිස්සේ අලුත් එකක් ගන්න හිත හිත ඉන්නවා.. මේ රෙද්ද අමතක වෙනවනේ බං.. හෙටනම් මේක විසික් කරලා අලුත් එකක් ගන්න ඕනේ. මතක් කරපං එකක් ගන්න.. කටත් තුවාල වෙනවා කියංකෝ මේ මගුළෙන් මදින්න ගිහින්.. බලහං කෙඳි තියෙන්නේ මොන පැත්තෙද කියලා හොයා ගන්නත් බෑ..":P

    "නොදකිං යකෝව් උඹ මහ ලොකුවට නීතී දාගෙන රූම් එක මේන්ටේන් කරනවා යුරොපේ වගේ, දත් ටික මැද ගන්න බ්‍රෂ් එකේ කෙඳි නෑ.. සිකේ..":oo:

    "හරි හරි කෑ ගහන්න එපා හු@#.. උඹ ආව ගමන් මගේ රෙදි ගලවන්නද හදන්නේ.. හෙට එකක් ගන්නම වෙනවා කොහොමත්. නැත්තං මෙතන උඹට රූම් එක දීලා මට අකුළගෙන යන්න වෙන සීන් එකක් තියෙන්නේ !@#$%^..":angry:

    එදා දවස ඔය වගේ කොලොප්පං වගේම, දෙන්නගේම පරණ කේස් මතක් කර කර ඌ මාවත්, මම ඌවත් තරඟෙට වගේ චාටර් කර ගැනිලි එක්ක ගෙවිලා ගියා.. පහු වෙනිදා හැමෝම ඔෆිස් ගියා. රස්සාවක් නොතිබුණ මම විතරක් රූම් එකේ ඉතුරු උනා.. පට්ට කම්මැලි කමක් එක්ක මහා කුජීත මුස්පේන්තු හැඟිමකුත් හිතට දැණුනා.. ඇයි ඉතින් ඔක්කොම උදේට ලෑස්ති වෙලා රස්සාවලට යනවා. මම විතරක් රූම් එකට වෙලා ලැප් එක ඔන් කරන් වේකන්සි හොය හොය කැරකි කැරකි කාලේ කකා ඉන්නවනේ..:sorry:

    දවල් වරුවේ පොඩි වටයක් දාලා බඩටත් දෙකක් දාගෙන ඇවිත් නාගෙන එද්දී කගෙදෝ බ්‍රෂ් එකක් බිම වැටිලා තිබුණා.. මම ඉතින් ඒක ෂේප් එකේ ඇහිඳලා ඇඳක් ලඟම තිබුණ ස්ටූල් එකක් උඩින් තියල තිබ්බා.. අඳුරන්නේ නැති උනාට කාගෙ උනත් බ්‍රෂ් එකක්නේ..

    ඒත් එක්කම වගේ මගේ යාලුවත් තව පකිස්ථාන් බුවෙක් එක්ක දවල් කෑමට රූම් එකට ආව "මචන් උඹ දවල්ට කෑවද කියලා අහගෙනම.." ඔන්න මගේ යාලුවා එක්කම කාමරේට ගොඩ උන පකිස්ථාන් බුවා හින්දියෙනුයි, ඉංග්‍රීසියෙනුයි, තවත් මොකද්දෝ මන්දා රතු ඉන්දියානු බාෂාවකිනුයි හෙන සද්දයක් දාන්න ගත්තා :shocked:

    "කවුද යකෝ මෙතන හපුටු ටූත් බ්‍රශ් එකක් තිබ්බේ.. මේව තියන්න වෙනම තැන් තියෙනවනේ.. අතන මෙතන තියලා හරියනවද.. කගේද යකෝ මේක.. අයින් කරපිය" කිය කිය..

    ඌ කැගැහුවේ හරියට ඊජිප්තුවේ ටූටන්කමන් රජ්ජුරුවොන්ගේ මමිය උගේ ස්ටූල් එක උඩ තිබිලා වගේ..
    සද්දෙට දුවං ආව යාලුවා අති සුමිහිරි වචන දෙක තුනක් එක්ක මගෙන් අහපි

    "ටහුඩු යකෝ මේක මගේ බ්‍රශ් එකනේ..කවුද හු@# ඒක මුගේ ස්ටූල් එක උඩින් තිබ්බේ.?" කියලා..

    "අම්මටසිරි. ඒක උඹේ එකද.. මට කාගෙද කියල මීටර් උනේ නෑ බං. මම දවල් නාගෙන එද්දී ඕක බිම වැටිලා තිබුණා දොර ගාවම. මම ඉතින් ඇහිඳලා ඔතනින් තිබ්බා අයිතිකාරයා ආවම ගනීනේ කියලා.."

    "අඩෝ උදේ මොකද්දෝ මගුළක් බිම වැටුණා බං එළියට එද්දී.. නිදි මතේනේ බං හිටියේ.. මම හිතුවේ තුවාය කියලා. ඉන අත ගාලා බලද්දී බඩු ඇඟේ තිබුණ නිසා මම ගණන් ගත්තේ නෑ..එහෙනම් තුවාය නෙමෙයි බ්‍රශ් එක තමයි වැටිලා තියෙන්නේ..":eek:

    "ඈ යකෝ තෝ බොන්නේ නෑ කිව්වට ගංජා ගහලද නිදා ගන්නේ.. තුවාය කඩන් වැටෙන එකයි බ්‍රශ් එක බිම වැටෙන එකයි තේරෙන්නේ නෑද්ද. නාන ගමන් ගුලි කෑවද.." :frown:
    මුගේ හතර බීරි කතාව නිසා මගෙත් මීටර් අවුට් වේගන ආව නිසාම මම යාලුවට සැර දැම්මා..

    "ඒකෙන් වැඩක් නෑ.. බලපං මම හැමදාම අරූට සද්දේ දානවා බඩුවක් ගත්තාම ගත්තු තැනින් තියපං අතන මෙතන තියන්න එපා කියලා.. දැන් ඉතින් ඉවරයිනේ.. ඌට ඕකම ඇති මාස ගාණකට.. ඉඳලා ඉඳලා උඹ මාව උටම චාටර් කළානේ.. මෙන්න මෙහෙ ගනින් ඔය ඉලව් බ්‍රෂ් එක.. ඕක දැම්මම විසික් කරලා දාන්න ඕනේ.. ඊයේ රෑ ඉඳලා මම නිකන් චාටර් වෙනවා ඔය හු#@ නිසා.."
    පකිස්ථාන් බුවා සෑහෙන කාලයක් තිස්සේ මගේ යාලුවගෙන් බැණුම් අහන් හිටිය නිසා තමයි ඌට මගේ අතින් කනාවට ලැබුණ චාන්ස් එකෙන් ලොකු සද්දයක් දාලා තියෙන්නේ..:P

    මටත් සත්තමක් දාන ගමන් නෝන්ඩිය ෂේප් කර ගන්න අරූට පේන්නම බ්‍රශ් එක උස්සන් ගිහින් ඒ වෙලාවෙම කුණු බෑග් එකට දාපු මගේ මිත්‍රයා දවල් කෑමත් කාලා, මටත් ආයේ බලෙන්ම දෙවනි පාරටත් බලෙන්ම වගේ කන්න දීලා උන් දෙන්න එක්කම ආයේ ඔෆිස් එකට ගියා..
    උන් ගියාට පස්සේ කාමරේ තනි උන ගමන්ම මට ආයේ මහා කාලකන්නි හැඟීමක් දැනුනා.. ටිකෙන් ටික හවස් වෙලා රෑ වේගෙන එනකොට මගේ මිත්‍රයා රූම් එකේ තවත් කීප දෙනෙක් එක්කම ඇතුළට ආවා.. කට්ටිය වෙනදට වැඩිය කලින් ඇවිත් තවත් දෙතුන් දෙනෙක් එක්ක හීනියට පොඩි තැබෑරුමක් එහෙම ඇර ගත්තා කාමරේ මුල්ලකට වෙන්න.. මගේ අතිජාත මිත්‍රයා කොහොමත් මම වගේම මතින් තොර බුවෙක් නිසා කාමරේට ගිහින් මලක් කඩන්න ගත්තා උගේ කෙල්ලත් එක්ක.. නුපුරුදු මිනිස්සු සුපුරුදු මිනිස්සු බවට පත් වෙන අරුම පුදුම පානය සඳහා මටත් නිල වශයෙන් ආරාධනාවක් ලැබුණා උනත් ඒ අයගේ අරාධනාව කාරුණිකව ප්‍රතිෂ්‍යේප කරපු මම රෑට කන්න එළියට ගියා..;) (යාලුවගේ කෑම එක රූම් එකටම එන නිසා මිනිහා හැමදාම එක මගේ එක්ක බෙදාගෙන කන්න ට්‍රයි කරනවා.. මට නවතින්න තැනක් ලෑස්ති කරලා දුන්නා මදිවට තවත් වාත වෙන්න හොඳ නැති නිසාම යාලුවගේ කෑම එක එන වෙලාවටම මම කෑම කන්න එළියට යන්න පුරුදු උනා.. එහෙම නැත්තන් යාලුවා එන වෙලාවට මම කෑම එකක් ගෙනත් තියාගෙන දෙන්නා එක්කම කන්න සෙට් උනා..:love:)

    එදා මම රෑට කාලා රූම් එකට ආවේ ටිකක් පරක්කු වෙලා.. ඇත්තම කියනවනම් රූම් එක තිබුණ බිල්ඩින් එක හොයා ගන්න බැරි උනා කලුවරේ.. ඔක්කොම බිල්ඩිං එක වගේ හදලා තිබුණ නිසාත් ඒවයේ ඉස්සරහයි පස්සයි දෙකම එකම විදිහ නිසාත් ඇතුල් වෙන පැත්ත හොයා ගන්න බැරුව පැය භාගයක් විතර කට්ට කෑවා අකිටෙක්ලගේ පරම්පරාවටම පිං දෙන ගමන්..
    FOSHhIM.jpg

    පේනවනේ. ඔක්කොම බිල්ඩිං එකම අච්චුවෙන් හදලා කොපි පේස්ට් කළා වගේ..:angry:
    රූම් එකේ හිටිය යාලුවට කෝල් කළෙත් නෑ ලැජ්ජ හිතුන නිසා.. ටික දවසක් යනකන් මම ඒ ගැන කටවත් කිව්වෙත් නෑ..:P
    (පස්සේ දැන ගත්තා ඒක මුලදී හැමෝටම වෙන සාමාන්‍ය දෙයක් කියලා..:rofl:)

    කොහොමහරි හැමෝම නිදා ගත්තට පස්සේ මමත් මගේ CV ඔක්කොම අලුතෙන් අප්ඩේට් පාරක් දාලා හිමීට නිදා ගන්න ලෑස්ති උනා..මම නිදා ගන්න යනකොටත් යාලුව සැපට බුදි..
    fCqYm5t.jpg

    මමත් නිදා ගන්න කියලා කොට්ටෙට ඔලුව තියනකොටම ඔලුවට වේලිච්ච පොල් ගෙඩියක් වැටුණා වගේ බඩ්ඩක් මතක් උනා..

    Ny9kRMj.jpg


    "ඒ ඒ මචන් මේහ්.."

    "හ්ම්... "

    "උඹ නිදිද..?"

    "නෑහ් මේහ්.. @#$වා"
    යාලුවගේ සැප නින්ද කැඩුව නිසා ඌ කුණුහරුප කියනවා වරද්ද වරද්ද..:baffled:

    "අඩෝ මේහ්.."

    "නිදා ගනින් හු@#. මම උදේ වැඩ...":angry:
    ඌ මට ආයේ බනිනවා..

    මගෙත් තියෙන කුප්ප කමට ආයේ විනාඩි 5කින් විතර යාලුවට කතා කලා..

    "ඒ මචන්.. මේ.."

    "කියන දෙයක් කියපං හු@#$නෝ.. බොහොම අමාරුවෙන් කෙල්ලව බුදි කෙරෙව්වා මට නිදා ගන්න ඕනේ නිසා.. දැන් උඹ මෙතන @#ක් කරනවා..":sorry:
    හප්පා.. කුණුහරුප හෝල් සේල්..:rofl:

    "හරි හරි. මේක හෙන වැදගත් දෙයක්.."

    "උඹට වැදගත් දේවල් මතක් වෙන්නේ අනිත් උන් නිදා ගන්න ගියාමද.. කියපං කියපං..."

    "මේ උඹ බ්‍රශ් එක විසික් කළා නේද දවල්.. කෝ ඒක.."

    "අනේ උඹනම් @#$.. ඒක අර කුණු එකේ ඇත්තේ.. ඇයි උඹට ඒක ඔනේද දැං.?"

    "නෑ මට එපා.. උඹ දැන් අලුත් බ්‍රශ් එකක් ගත්තද..?"

    "හප්පටසිරි අමතක උනා කියහංකෝ.."

    "දැන් එතකොට තෝ හෙට උදේට දත් මදින්නේ @#න්ද?"

    "අම්... හු@#.. අඩෝ දැන් වෙලාව කීයද..?"
    කියලා අහපු මූ ඇඳෙන් නැගිට්ටේ පස්ස පැත්ත උඩ අතට හිටල මූණ කොට්ටෙට ඔබාගෙන.. අතපය හතර තීයෙන පැත්ත ගැනවත් උට නිනව්වක් නෑ..
    B9ZmKT5.jpg

    මුගේ කලබලේ දැකපු මට හෝ ගාල හිනා යනවා හිනා යනවා.. ගුලී කෑවත් එහෙමනම් හිනා වෙන්න බැරුව ඇති අම්මපා..:P

    "අඩෝ ඉඳපං මම දඩස් ගාල දුවලා ගිහින් බ්‍රශ් එකක් අරන් එන්නම්. පහළ කඩේ ඇරලා තියෙනවා 1 - 2 වෙනකන්.." කියලා කියපු යාලුවා මාවත් තල්ලු කරගෙන ඇඳෙන් පැනලා රෙදි රැක් එක පැත්තට ගියා කලුවරේම..

    "යකෝ රෑට නිදා ගන්න අදින කොට කලිසමට උඩින් ෂර්ට් එක ඇඳාම කලිසම පේන්නේ නෑ.. ඔහොම ගියොත් එහෙම තෝව ආයේ එවන එකකුත් නෑ. එක්කෝ ෂර්ට් එකක් නැතුව යමන් කලිසං කොටයක් තියෙනවා කියලා පෙන්න, නැත්තං වෙන කලිසමක් ඇඳන් යමන්.. යමං යමං මමත් එන්නම්.." කියලා මමත් ඌ එක්කම එළියට බහින්න ලෑස්ති උනේ අම්බානක නිදි මතේ හිටිය මේකා බස් එකකවත් වත් නගීද දන්නේ නෑ කියලා හිතුන නිසයි.:eek:

    මගේ මුලු දවසේම තිබුණ ස්ට්‍රෙස් එකයි මූසල ගතියයි විනාඩි 2න් නැති බංගස්තාන වෙලා ගියා උට වෙච්ච නස්පැත්තිය නිසා.. පිරිසිඳු කම ගැන උපරිමටම හිතන ඌ වගේ එකෙකුට දත් ටික මදින්න බ්‍රශ් එකක් නැති උනාම දැනෙන්නේ මහා අප්‍රසන්න ෆීලීං එකක්..:rolleyes: ඒක මහ රෑ මැද්දේ උගෙන් පිට උන හැටි බල බල මමත් මහ නසරානී ආතල් එකක් ගත්තා.:P (හොඳම යාලුවෝ එහෙමලුනේ..)

    කලුවරේ අත පත ගගා ඇවිත් රූම් එකේ දොර කියලා අහළ පහළ තිබුණ කබඩ් වල දොරවලුයි, බාත් රූම් එකේ දොරයි, ෆ්‍රිජ් එකේ දොරයි ඇරපු අපි අන්තිමට රූම් ඒකෙ දොර හොයා ගත්ත සතුටට කෑ ගහපු කෑගැහිල්ල නැවතුනේ පකිස්ථාන් බුවා හින්දියෙන් කියපු කුණුහරුපෙට වැඩිය සද්දෙට ලංකාවේ එකෙක් කිව්ව සිංහල කුණ්හරුපේ සද්දේ වැඩි නිසා..:sorry: හීනියට අඩියක් ගහල බුදියගෙන හිටිය උන්ටත් චාටර් වෙච්ච අපි එළියට බැහැලා හොල්මං කොරිඩෝව දිගේ දුවගෙන ඇවිත් ලිෆ්ට් එකේ බට්න් එක ඔබද්දිම යාලුවා ආයේ කුරු කුරු ගාන්න පටන් ගත්තා..:angry:

    "අඩෝ මල හු@#යි."

    "ඇයි සල්ලි ගත්තේ නැද්ද..?":oo:

    "නෑ නෑ බං. කලුවරේ අහු වෙලා තියෙන්නේ රෑට අඳින මල් මල් සෝටක් කියහංකෝ.. ටක් ගාලා මාරු කරන් එමුද..":sorry:

    "මෙන්න මෙහෙ වරෙන් යකෝ විකාර කරන්නේ නැතුව.. කවුරුත් ඕකෙ මල් ගනින්නේ නෑ මේ යක්කු ගස් වල බුදියන වෙලාවේ.."

    "අඩෝ ඒවුනාට නිකන් ලැජ්ජයි වගේ බං.. බලහං මේ. මේ මල රොස පාටයි.."

    "අනේ උඹනම් !@#$.. කඩේ වැහුවොතින් එහෙම උදේට දත් මදින්නේ නැතුව ඔෆිස් පළ.."

    "හප්පටසිරි.. එක්කෝ යමං යමං.. අවුලක් නෑ.." කියපු ඌ ලිෆ්ට් එකේ පහළට යන බට්න් එක ආයේ එළියට නොඑන්නම ප්‍රෙස් කලා..

    ලිෆ්ට් එකේ දොර බගෙට ඇරෙනකොටම දොරවල් දෙකේ හැප්පිගෙන ම එළියට පැනපු අපි මහ පාන්දර 12ට 1ට විතර අඩියට දෙකට පාරෙන් එහා පැත්තේ තිබුණ ග්‍රොසරියට ගොඩ උනා ..

    ලයිට් එකක්වත් නොදා අතට අහු වෙච්ච සෝටවල් දෙකකින් හැඩ උනා මදිවට කර ඇදිච්ච පරණ ටී සර්ට් කෑලි දෙකක් යන්තමට එල්ලගෙන දූවගෙන ආපු අපි දිහාට ඉරාන ජාතික මුදලාලී මමා දැම්මේ හලාවත කොළඹ බස් එකකට ගොඩ වෙච්ච හිඟන්නෝ දෙන්නෙක් බලනවා වගේ අනුකම්පා සහගත දෙකයි පනහේ බැල්මක්..
    psHxQrK.jpg

    ඒ බැල්ම තප්පරයක් ඇතුළත ආයේ වෙනස් උනා මගේ යාලුවා හෙන ගහනවා වගේ "අපිට ටූත් බ්‍රශ් ඕනේ" කියලා කිව්වාම.. මුදලාලියා දෙවනි පාරට අපි දිහා බැලුවේ හත් දවසකින් දත් මදින්න බැරි උන ඩයල් දෙකක් දිහා බලන විදිහට.. ඇයි ඉතින් මුල්ලේරියාවේ තාප්පෙන් පැනපු පිස්සෝ දෙන්නෙක් වගේ දුවගෙන දුවගෙන ඇවිත් ටුත් බ්‍රශ් ඉල්ලුවේ ඒ වෙලාවේ දත් මදින්න මතක් උනා වගේනේ.. දෙන්නගෙම රෙදි නෑ..:sorry: මමනම් හිතා ගත්තා ආයෙනම් බනිස් ගෙඩියක් ගන්නවත් ඔය ග්‍රොසරියටනම් ගොඩ වෙන්නේ නෑ කියලා..කොච්චර ලැජ්ජ හිතුනද කියනවනම් මගේ යාලුවා සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව බ්‍රශ් 24ක පැකට් එකක්ම ගත්තේ..
    "ආයෙනම් මෙහෙම චාටර් කන්න බෑ බං බ්‍රශ් එකක් නිසා.. මේකම අරන් යමු.." කියලයි.
    කොන්ඩ අවුල් කරන්, මළ පෙරේතයෝ දෙන්නෙක් වගේ හිටපු යාලුවගෙයි මගෙයි සිරියාවන්තකම නිසාම, මුදලාලී ඒ වෙලාවෙම කඩේ වහන්න ලෑස්ති උනේ අතට දුන්න ඉතුරු සල්ලි ටික ගැන ගන්නත් කලින්.. "උගේ ආච්චිට හාල් ගරන්න. කුඩු කරනව දැන ගනින්" කියලා ඉරානි මුදලාලිටත් ඇහෙන්නම මට සිංහලෙන් ලොකු ටෝක් දීපු, කස්ටම ඊස් ද කිං වෙච්ච යාලුවාගේ අතින් ඇදගන පාරට ආවා..:oo:

    "හා.හා.. යමං යමං.. උඹ ඕක මට කියලා වැඩක් තියෙනවැයෑ @# අන්න අරූ කඩේ වහලා ඉබ්බෝ දාලා හොල්ලලත් බැලුව අපි දිහා බල බල.. මුදලාලි මාමා හිතුවේ උඹ තැන්කූ කිව්වා කියලා. බලහන් ටිකිරි හිනාවකුත් දැම්මා..":P

    දත් බුරුසු මිෂන් එක ඔය විදිහට ඉවර කරළා එන ගමන් මම උගෙන් ආයේ ප්‍රශ්නයක් ඇහුවා..

    "ඒ මචන්..උඹ බුරුසුකාන් වගේ බ්‍රශ් 24ක් ගත්තා.. යකෝ ඕවයෙන් හොඳට මැදෙනවද, දවස් දෙකෙන් කෙඳි ගැලවිලා කටේ පැලවෙනද මෙලෝ ඉලව්වක් දන්නේ නෑනේ බං.. ඕවා හරි නැත්තං 24ක් තියාගෙන ලී කෙලි නටන්නද..?"

    "අනේ මේහ් හු@#න්..."

    නිමි!







    ඊලඟ කොටස වැකේෂන් එක..:P
    fdO2McL.jpg

     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,367
    6,543
    113
    Heaven :p
    ඔක්කොම එක පාර ලියලා දාහන්කෝ, ආයෙ බලන් ඉන්නෙපැයි ඉතින්😑😂😂
     
    • Like
    Reactions: richlife

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,341
    2,767
    113
    Colombo
    පස්සේ කියවන්නම්
    You must spread some Reputation around before giving it to richlife again
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...
    දාලා දාලා.. යකෝ කොටසිං කොටසට අළුත් ත්‍රෙඩ් දානවද :shocked:

    කොටස් දෙකෙන් බඩු ඉවරයි ඉතින්..:P


    :cool::cool:


    ;);)

    වස්ටුව සුඩු වෙන්න ත්‍රෙඩ් එක්ක් ඩන් කූ

    සිංහලෙන් කියහංකෝ..:rofl:


    :D:D


    :cool::cool:


    ;);)

    ඔක්කොම එක පාර ලියලා දාහන්කෝ, ආයෙ බලන් ඉන්නෙපැයි ඉතින්😑😂😂

    වෙලා තියෙන හැටියට තමයි ඉතින්..:sorry:

    haha ela ela. eelaga kotasa thawath rasawathda?

    තීරණය පාඨක ඔබ සතුය..:P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...

    ;);)

    පස්සේ කියවන්නම්
    You must spread some Reputation around before giving it to richlife again

    එල එලස්..:P



    :cool::cool:

    patta patta. :cool: ithiri tikath ikamanta

    ඉතිරියක් නෑ ඔක්කොම දැම්මා..:D ඊලඟ එක වෙන සීන් එකක්..:P

    පට්ට යාලුවෙක්..........:love::love:

    ඊළඟ කොටස දාපන්...:yes::yes:

    අනිවා.. ඒ නිසාමයි මේක දාන්න හිතුනෙත්..:yes:


    :cool::cool:


    ;);)