Jesse Ryder in coma after dual assault

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නවසීලන්ත ප‍්‍රවේගකාරි පිතිකරු ජෙසී රයිඩර් කිසියම් පිරිසගේ දැඩි ප‍්‍රහාරයකට ලක්වී බලපතල තුවාල ලැබීමෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. ක‍්‍රයිස්චර්ච්හි මත්පැන් හලකින් පිටව යද්දී රයිඩර් මෙම ප‍්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

    153551.jpg


    153076.jpg


    සිහිසුන්ව සිටින රයිඩර්ගේ හිසේ පැලීම් තුවාල ඇති බවත් ශරීරිරයේ අභ්‍යන්තරයේ ද තුවාල ඇති බවත් වෛද්‍ය වාර්තා පවසයි.

    රයිඩර් මත්පැන් පානය කිරීමෙන් පසුව කළහකාරි ලෙස හැසිරුණු බවට මීට පෙර ද වාර්තා වී තිබේ. කෙසේ වෙතත් මෙම සිද්ධිය මත්පැන් පානය නිසා කළහකාරි හැසිරීමෙන් සිදුවූ දෙයක් ලෙස මෙතෙක් සනාථ වී නොමැති බව පොලිසිය පවසයි.

    මෙහිදී මත්පැන් හලෙන් පිටදී රයිඩර් කීපදෙනකු සමග බහින්බස් වීමකට මැදිවී ඇති බවත් පසුව ඔහු අසළ තිබූ අවන්හළකට ගොස් ඇති බවත් වාර්තා වේ. එහිදී බහින්බස් වූ පිරිස රයිඩර්ට පහරදී ඇති බව වාර්තා වේ.

    නවසීලන්ත අගමැති ජෝන් කී මහතා මෙම ප‍්‍රහාරය හෙළා දකිමින් පවසා ඇත්තේ එයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට තමන් උපදෙස් දුන් බවයි.

    ලෝක ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබල පිතිකරුවකු වන ‘ජෙසී රයිඩර්’ යැයි ඔහුව හදුනාගෙන පහර දුන්නේ දැයි සැකයක් මතු වන බව ද පොලිසිය බවයි.

    නවසීලන්ත ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සංගමයේ ප‍්‍රධාන විධායක නිලධාරී හීත් මිල්ස් මහතා පවසන්නේ රයිඩර් මත්පැන් පානය කළ පසු කළහකාරි ලෙස හැසිරෙන බවත් මීට සති කීපයකට පෙරත් ඔහු ඒ අකාරයට හැසිරී ඇති බවත්ය.

    රයිඩර්ට පෞද්ගලික ප‍්‍රශ්න හේතුවෙන් මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති බව ද වාර්තා වේ.

    28 හැවිරිදි රයිඩර් අයි.පී.එල්. තරගාවලියේදී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල නියෝජනය කරන අතර රයිඩර් ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව සිටි දිනට පෙර මෙම ප‍්‍රහාරයට ලක්ව තිබේ. එහිදී රයිඩර් ඇමෙරිකානු ඩොලර් 260,000 කට අළෙවි විය.

    හිටපු ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවකු වන ඬේවිඞ් හුක්ස් 2004 වසරේ මෙල්බන්හි මත්පැන් හලක් අසළදී මෙවැනිම ප‍්‍රහාරයකට ලක්වීමෙන් මරණ පත්විය.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔය සින් එකෙන් පස්සේ පොර coma එකක හිටියේ අද උදේ තමා සිහිය ඇවිත් කතා කරලා තියෙන්නේ :)

    543647_550676954972244_617657777_n.jpg


    දැන් එච්චරම අවුලක් නෑලු :)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    update

    Ryder out of ICU, feeling 'heaps better

    Code:
    http://www.espncricinfo.com/newzealand/content/current/story/627340.html