jihad/wahabi on the way

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,824
    35,706
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රවුෆ් හකීම්, රිෂාඩ් බදුයුදීන් හා වතුකරයේ දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ නව දේශපාලන සන්ධානයක් සඳහා රහසිගත සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තාවෙයි.

    දෙමළ ජාතික සන්ධානය කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර ආදී දකුණේ දිස්ත්‍රික්කවලට තරග කරන්නට තීන්දු කිරීමෙන් පසු නව සන්ධානය සම්බන්ධව සාකච්ඡා ආරම්භ කළ බව දේශපාලන ආරංචි මාර්ග කියයි. මෙම දේශපාලන පක්ෂ තුන නියෝජනය කරමින් දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීහු 18ක් පත්ව සිටිති.

    අප වෙත වාර්තා වන ආකාරයට ඔවුන් සාකච්ඡා කරමින් තම තමන්ට බහුතර බලය ඇති දිස්ත්‍රික්ක සඳහා නිතරග ගිවිසුමකට යටත්ව මැතිවරණයට තරග කිරීමටයි. ඒ අනුව මුස්ලිම් බලය ඇති පළාත්වලට දෙමළ ප්‍රගතිශීලී සන්ධානයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් නොකිරීමටත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයට බලය ඇති පළාත්වලට මුස්ලිම් අපේක්ෂකයන් ඉදිරිපත් නොකිරීමටත් යෝජනා වී ඇත.

    එහෙත් මෙම යෝජනාවට දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ මනෝ ගනේෂන් කණ්ඩායම කැමති වුවත් පී. දිගම්බරම් කණ්ඩායම මෙතෙක් කැමැත්ත පළකර නැතැයි කියැවේ.