John Glenn 1921-2016 : ඇමරිකන් අභ්‍යවකාශ විරුවා නික්ම යයි......

Jun 2, 2016
154
119
0
Sri Lanka
John Glenn 1921-2016 : ඇමරිකන් අභ්‍යවකාශ විරුවා නික්ම යයි......

3B31EF1200000578-4014916-image-m-2_1481241827234.jpg


1962 පෙබරවාරි 20 වැනිදා අභ්‍යවකාශගතවූ පලමු ගගනගාමියා වීවේ භාග්‍යය ලැබුවේ ජෝන් ග්ලෙන් විසිනි. මිනිසෙකු අභ්‍යවකාශයට යැවීමට ආරම්භකල මර්කරි ව්‍යාපෘතිය මගින් ඇට්ලස් රොකට්ටුවක් මත නැගී ගුවන්ගත වුනු ජෝන් ග්ලෙන් කක්ෂගතවී තුන් වරක් පොලොව වටා ගොස් නැවත ගොඩ බැසීය. ඔහුගේ මේ ඓතිහාසික පියාසැරිය සිදුවූයේ අමෙරිකාවේ අභ්‍යවකාශ තරඟකරුවා වූ සෝවියට් දේශය යූරි ගගාරින්ව අභ්‍යවකාශ ගතකොට මාස 10කින් පසුවය.

කක්ෂගතවූ ප්‍රථම අමෙරිකානුවා වීමට පෙර ග්ලෙන් අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක ජෙට් නියමුවෙකු වූ අතර දෙවන ලෝක යුද්ධයේදී හා කොරියානු යුද්ධයේදී සක්‍රීය ප්‍රහාරක මෙහෙයුම් වලට දායක විය. ඉන්පසු නාවික හමුදාවේ විශේෂ ගුවන්යානා පර්යේෂණ ඒකකයට අනුයුක්තවූ ජෝන් ග්ලෙන් පරීක්ෂණ පියාසැරි ගුවන් නියමුවෙකු (test pilot) ලෙස අති නවීන ජෙට් යානා අත්හදා බැලීමේ පර්යේෂණ වලට දායක විය.


3B311DCA00000578-4014916-image-a-66_1481232585125.jpg


පරීක්ෂණ පියාසැරි නියමුවෙකු ලෙස කටයුතු කල ග්ලෙන් සුවිශේෂී පියාසැරි වාර්තා පිහිටුවීමට සමත්වූ දක්ෂයෙක් විය. 1957 ජූලි 16 වැනිදා "ප්‍රොජෙක්ට් බුලට්" ව්‍යාපෘතිය යටතේ ලොස් ඇන්ජලී සිට නිව්යෝර්ක් දක්වා ඇති කිලෝමීටර් 3,944ක අතිවිශාල දුර පැය 3කුත් විනාඩි 23කින් ගමන් කොට අධිවේගි ජෙට් පියාසැරි වාර්තාව පිහිටවූයේය. ඔහු මේ වාර්තාව පිහිටුවූයේ F-8 ප්‍රහාරක ජෙට් යානයකිනි.

1958 නාසා ආයතනය පිහිටුවීමෙන් පසු අභ්‍යවකාශගාමී පුහුණු සංචිතයට බැඳුනු ජෝන් ග්ලෙන්ට උඩුගුවනට ගිය පලමු ඇමරිකානුවා වීමේ වාසනාව උදාවිය.

1965 නාසා ආයතනයෙන් විශ්‍රාම ගිය ජෝන් ග්ලෙන් අමරිකානු සෙනේට් සභාවට තේරීපත්වුනු ජෝන් ග්ලෙන් වසර ගණනාවක් සෙනේට් සභිකයෙකු ලෙස අමෙරිකානු ජනතාවට සේවය කලේය.

1996දී වයස අවුරුදු 75ක්වූ ජෝන් ග්ලෙන් නැවතත් නාසා ආයතනයට බැඳුනු අතර ඩිස්කවරි ෂටල් යානයේ STS-95 අභ්‍යවකාශ මෙහෙයුමෙන් 1998 ඔක්තෝම්බර් 29වැනිදා නැවතත් අභ්‍යවකාශගත වන විට 77වැනි වියේ පසුවූ අතර ඔහු අභ්‍යවකාශගතවුනු වයස්ගතම පුද්ගලයා වනවා.


3B3101A400000578-4014916-image-a-61_1481231572590.jpg