JOURNALIST MEL GUNASEKERA MURDERED AT HOME

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    Mel.Gunasekera.1.jpg


    මව්පියන් පල්ලියට ගිය අවස්ථාවේදී මෙල් ගුණසේකර (36) ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ප්‍රවෘත්ති මාධ්‍යවේදීනිය බත්තරමුල්ල සිය නිවසේදී පිහියකින් ඇන මරා දමා ඇතැයි පොලීසිය කියයි.

    මුළුතැන් ගෙයිදී ඇය ඝාතනයට ලක් වී ඇතැයිද දන්නා අදුනන කෙනකු එහි එන්නට ඇති බවට සැකයක් පවතින බවද ගෙදර සිටි බල්ලන් නොබීරීම ඊට හේතුව බව පොලිස් ආරංචි පවසයි.

    ෆිච් රේටින් ව්‍යාපාරික ආයතනයේ අවසන්වරට සේවය කළ ඇය ඒ එෆ් පී ප්‍රංශ පුවත් සේවයේ ද සන්ඩේ ටයිම්ස් පුවත්පතේද මාධ්‍යවේදීනියක ලෙස සේවය කැර ඇත.



    lankadeppa
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී මෙල් ගුණසේකරගේ ඝාතකයින් සොයා ගැනීමට වෙහෙසෙන පොලීසිය නුගේගොඩ පොලිස් නිල සුනඛ අංශයේ පොලිස් සුනඛ රොකී ද මින් මද වේලාවකට පෙර බත්තරමුල්ලේ ඇගේ නිවසට රැගෙන ගියේය.

    නිවසේ ඇය පමණක් සිටියදී එහි ඇතුළු වු සොරා හෝ සොරුන් මාධ්‍යවේදීනිය විසින් හඳුනාගන්නට ඇතැයිද ඒ නිසා ඇය මරා දමන්නට ඇතැයිද පොලීසිය සැක කරයි.

    ගෙදර සිටි බල්ලන් නොබුරන්නට ඇත්තේ එහි ආ පුද්ගලයා ආගන්තුකයකු නොවන නිසා යැයි පොලීසිය කියයි.