Julian Assange: Wikileaks co-founder arrested in London

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    Wikileaks co-founder Julian Assange has been arrested at the Ecuadorian embassy in London.

    Mr Assange took refuge in the embassy in 2012 to avoid extradition to Sweden over a sexual assault case that has since been dropped.

    At Westminster Magistrates' Court on Thursday he was found guilty of failing to surrender to the court.

    He also faces US federal conspiracy charges related to one of the largest ever leaks of government secrets.

    Ecuador's president said it withdrew his asylum after repeated violations of international conventions.

    But Wikileaks tweeted that Ecuador had acted illegally in terminating Mr Assange's political asylum "in violation of international law".
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ජූලියන් අසාන්ජේ අත්අඩංගුවට
    ලෝ ප්‍රකට විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජේ අද (11) බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයේ දී පොලිස් අත්අඩංගුවට පත්විය.

    තානාපති කාර්යාලයට පොලිසිය පැමිණ ඇත්තේ ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුවය.

    “හතළිස් හත් හැවිරිදි වියේ පසුවන ජූලියන් අසාන්ජේ අප්‍රේල් මස 11 වැනිදා මෙට්‍රෝපොලිටන් පොලිස් සේවාවේ අත්අඩංගුවට පත් වූවා” යැයි ලන්ඩන් පොලිසිය සඳහන් කළේය.

    ජූලියන් අසාන්ජේට ඉක්වදෝර රජයේ රැකවරණ හිමි වී තිබිණි. අසාන්ජේට එලෙස රැකවරණ ලබාදීම අවසන් කිරීමට ඉක්වෝදරය තීරණය කිරීමෙන් අනතුරුව ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපතිවරයා පොලිසියට තානාපති කාර්යාලයට පැමිණෙන්නැයි ඉල්ලීමක් කර ඇත.

    ස්වීඩනයට පිටුවහල් කිරීම වැළැක්වීම සඳහා ජූලියන් අසාන්ජේ 2012 වසරේදී ඉක්වදෝරයේ සරණාගත රැකවරණය ඉල්ලා සිටි අතර ඔහු එම වසරේ සිට ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණ යටතේ පසුවිය. ලිංගික අඩත්තේට්ටම චෝදනාවක විමර්ශනයකට ජූලියන් අසාන්ජේ ස්වීඩනයට අවශ්‍ය කර තිබිණි. කෙසේ නමුත් පසුව එම චෝදනාව අත්හැර දමන ලදි.

    කෙසේ නමුත් ජූලියන් අසාන්ජේ ඇමෙරිකාවට අවශ්‍ය කර තිබෙන බවට වාර්තා විය. විකිලීක්ස් වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකාවේ රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට ඇමෙරිකාවට ඔහු අවශ්‍ය කර තිබෙන බව එම වාර්තාවල දැක්විණි.