Just in: STF බාධක 16ක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,534
    113
    Pls wear a MASK
    SMPLabi.jpg

    කොළඹ නගරයේ ආරක්ෂාව වෙනුවෙන් නගරයට ඇතුල්වන සියළුම මාර්ග ආවරණය වන පරිදි අද (31) දින සිට පොලිස් විශේෂ කාර්ය බළකාය මාර්ග බාධක 16ක් ස්ථාපිත කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කර ඇති නගර සහ ගම්මානවල පදිංචි පුද්ගලයින් කොළඹ නගරයට ඇතුල්වීම වැළැක්වීම මෙහි මුලික අරමුණ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේය.

    තවද කොළඹ නගරයේ කටයුතු වලට බාධා වන අයුරින් කොළඹ නගරයට ඇතුල්වන පුද්ගලයින් පරික්ෂාවට, ඇදිරීතිය උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, වාහන පරික්ෂාව ඇතුලූ කටයුතු ද මෙම මාර්ග බාධක හරහා සිදුකරන බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.


    ලංකාදීප
     
    • Like
    Reactions: sithija.h