JVP එකේ සමුපකාර ෂෙඩ් වල ජිල්මාට්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,604
    72,805
    113
    මාලඹේ

    පොම්පකරුවකුගේ දිනක ආදායම හතළිස්දහසක්. ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල කෙරුණු තවත් ජාවාරමක් මෙන්න​

    Import-of-fuel-goes-up-600x400.jpeg



    පාලකයින්ගේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිතය සිඳී යාමෙන් පසු එය මූලිකවම මෙරට බලශක්ති අර්බුදයක් නිර්මාණය කළේ තවදුරටත් ඉන්ධන ආනයනය සඳහා හැකියාවක් රටට නොමැති බව තහවුරු වීමෙනි. මේ අනුව මාස ගණනාවක් පුරා ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් නිර්මාණය වූයේ ඇතැමුන් එම පෝලිම්වලට දින 10-15 ක් ගාල් කරලමිනි.

    කෙසේවෙතත් මෙම අර්බුදය, ආශිර්වාදයක් කර ගත් කොට්ඨාශයක් ද මෙම කාලයේ බිහි වූ බව නොරහසකි. විශේෂයෙන් කුලී ත්‍රී රෝද ව්‍යාපාරයේ නිරත වූවන් ‘ඉන්ධන ව්‍යාපාරයට‘ යොමු වීමත් සමඟ කළුකඩ වෙළෙඳපොළේ පෙට්‍රල් ලීටරයක මිල රු. 2,000 සිට 5,000 දක්වා මිල ගණන්වලට අලෙවි වූ බව පසුගිය කාලයේ දී අසන්න ලැබුණු සාමාන්‍ය ප්‍රවෘත්තියකි.

    මේ අතරතුර ඉන්ධන පිරවුම්හල්වල පොම්පකරුවන් විසින් ක්‍රියාත්මක කරන ලද තවත් ජාවාරමක් ගැන අසන්නට ලැබුණේ ඒ හරහා ඇතැම් පොම්පකරුවන්ගේ දෛනික ආදායම රු. 40,000 සීමාව ද ඉක්මවා ගොස් ඇති බව සැලවීමත් සමඟිනි.

    එම ක්‍රියාවලිය සැකෙවින් මෙසේය. මෙය ඉතා සුළු පිරවුම්හල් ප්‍රමාණයක පමණක් සිදුකෙරෙන ජාවාරමක් වන අතර දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලින් බහුතරයක් ඉතා සාධාරණ හා කාර්යක්ෂම අයුරින් ඉන්ධන බෙදාහැරීමේ කටයුත්ත සිදුකරනු ලබන බවට අවධාරණය කළ යුතුය.

    QR ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට පෙර සියලු වාහන සඳහා ඉන්ධන ලබා දුන්නේ සීමාකිරීමක් සහිතවය. ඒ අනුව කාර් රථයකට ලබා දුන්නේ උපරිම රු. 7,000 ක සීමාවකට යටත් ඉන්ධන ප්‍රමාණයකි. නමුත් පිරවුම්හලේ පොම්පකරුගේ අභිමතය පරිදි මෙම සීමාව වෙනස් වන අතර එය නියාමනයට කිසිවකුත් ඉදිරිපත් වන්නේ නැත. මක් නිසාද එම අවස්ථාවේ දී පිරවුම්හලේ කාර්ය මණ්ඩලය, ආරක්ෂාවට සිටින නිලධාරීන් ඇතුළු සියල්ලක්ම මෙම ජාවාරමේ හවුල්කරුවන් වන නිසාය.

    ඉන්ධන ලබා ගන්නා අවස්ථාවේ දී රු. 1,000 ක මුදලක් පොම්පකරුගේ අතමිට මෙලවීමෙන් ඔබට කිසිදු අපහසුවකින් තොරව ‘ෆුල් ටෑංක්‘ කර ගැනීමට අවකාශ සැලසෙනු ඇත. මෙම ගාස්තුව අඩු වැඩි වන අවස්ථා ද ඇත. ඇතැම් විට පොම්පකරුවා අදාළ ගාස්තුව සෘජුව පවසන අවස්ථා ද තිබේ. එය රු. 2,000 ක් වුවද විය හැකිය. මෙය හුදෙක් පොම්පකරුවාට පමණක් කළ හැකි ජාවාරමක් නොවන්නේ සෙස්සන්ගේ පූර්ණ සහාය ද ඊට අවශ්‍ය වන බැවිනි. මෙම අවස්ථාවේ දී ඉන්ධන පොම්පය වෙත වාහන යොමු කරන ආරක්ෂක නිලධාරියා හෝ වාහන හසුරුවන්නා වරකට එක් වාහනය බැවින් පමණක් පොම්පය වෙත යොමුකිරීමට වගබලා ගන්නේ මෙම කටයුත්ත ‘ලීක්‘ වීම වළකනු පිණිසය. එබැවින් ඉතාම සූක්ෂම ආකාරයෙන් මෙම ක්‍රියාවලිය සිදුකරලීමට පිරවුම්හලේ කාර්ය මණ්ඩලයේ පූර්ණ සහාය අත්‍යාවශ්‍ය වනු ඇත.

    කොළඹින් බැහැර, විශේෂයෙන්ම සමූපකාර සමිති ආදිය මගින් පරිපාලනය වන ඉන්ධන පිරවුම්හල්වල මෙම ජාවාරම ජයටම සිදුකෙරනු ඇත. මෙයාකාරයට කාර් රථ 40 ක් ‘ෆුල් ටෑංක්‘ කළහොත් ලෙහෙසියෙන්ම රු. හතළිස්දහසක මුදලක් මිට මොලවා ගැනීමට පොම්පකරුවාට අවස්ථාව ලැබේ. එය කාර් 150 ක් 200 ක් වන විට ‘දවසේ ආදායම‘ කොපමණ දැයි ගණන් හදා ගැනීම අපහසු නැත.

    පසුගිය සතිය තුළ බොහෝ පිරවුම්හලට යහමින් ඉන්ධන ලැබුණු අවස්ථා වාර්තා විය. ඇතැම් පිරවුම්හල්වලට ලීටර් 6,600 ධාරිතාවයෙන් යුතු බවුසර දෙකක් හෝ තුනක් එක් දිනක් තුළ පැමිණි අවස්ථා ද තිබුණි. මෙවැනි අවස්ථාවල දී ඉහත කී ජාවාරම ආයාසයකින් තොරව කරගෙන යාමට සමහරක් ඉන්ධන පිරවුම්හල්වලට ඉඩහසර ලැබී තිබුණේ ඉන්ධන තොග කළමනාකරණය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පැන නොනැගි බැවිනි. කෙසේවෙතත් එහි වන්දිය ගෙවීමට සිදුවූයේ, තමාට අදාළ දිනයේ දී දිගු වේලාවක් පෝලිමේ සිට පිරවුම්හලේ ඉන්ධන අවසන් වූ පසු හිස් අතින් නැවත හැරී එන්නට සිදුවන අයට යි. එම ඉරණම අත්විඳි බොහෝ දෙනෙකු විය.

    ලංකාවේ නීතිය අනුව අල්ලසක් ලබා ගැනීම වරදක් වනවා මෙන්ම, අල්ලසක් ලබා දීම ද වැරැද්දකි. එබැවින් මෙය හුදෙක් පිරවුම්හලේ පොම්පකරුවාට පමණක් පැටවිය හැකි වැරැද්දක් නොවේ. රු. 7,000 කෝටාවට කාර් රථයකට ලබා ගත හැක්කේ ලීටර 16කට මදක් අඩු පෙට්‍රල් ප්‍රමාණයකි. නමුත් ලීටර 50 ක් තම ටැංකියට පුරවා ගැනීම වෙනුවෙන් රු. 1,000 ක් 2,000 ක් ‘ටිප්‘ එකක් ලෙස ලබා දීම මිලියන ගණනක වටිනාකමකින් යුතු සුඛෝපභෝගී මෝටර් රථයක පැමිණෙන්නා පමණක් නොවන මෝටර් බයිසිකල්කරුවාද අද වන විට පෙළඹී ඇත. කුලී ත්‍රී රෝද රියැදුරා තම පෙට්‍රල් ටැංකියෙන් එළියට අදින පෙට්‍රල් ලීටරයක් රු. 2,000 - 3,000 ක මිලකට අලෙවි කරන්නේ ඊට සරිලන ගැණුම්කරුවන් ද වෙළෙඳපොළ තුළ සිටින බැවිනි. මේ අර්ථ ක්‍රමය මිනිසුන් නිර්මාණය කර ඇත්තේ එයාකාරයෙනි.

    අද (01) සිට ක්‍රියාත්මක QR ක්‍රමය හරහා මෙම ජාවාරම් මැඩපැවැත්වීමට නම් පිරවුම්හලේ ඉන්ධන තොග උපයෝජනය වන ආකාරය පිළිබඳ ගණනයක් ද කළ හැකි විය යුතු වන ඇත. එක් බවුසරයක ඉන්ධන ප්‍රමාණය කොපමණ වාහන ප්‍රමාණයකට බෙදාහැරියා ද යන වග ඉතා පහසුවෙන් QR පද්ධතිය මගින් ගණන් තබා ගත හැකි වේ. නැතිනම් QR ස්කෑන් කර ලීටර 20ක සතියේ කෝටාව තහවුරු කර ලීටර 50 ක් නිකුත් කරන්නට පොම්පකරුවාට හැකිවන්නේ නම් එය සාර්ථක ක්‍රමවේදයක් වන්නේ නැත. එය දැඩිව අධීක්ෂණය කළ යුතු දෙයකි.

    වින්ස්ටන් චර්චිල් දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමට කටයුතු කරමින් සිටියදී, ඔහු ප්‍රසිද්ධියේ පැවසුවේ “හොඳ අර්බුදයක් කිසිදා අපතේ යාමට ඉඩ නොදෙන්න” යනුවෙනි.

    QR ක්‍රමය ක්‍රියාත්මක වීම අනුව මෙම අර්බුදය අපතේ හැරියා ද නැද්ද යන වග තවත් දින කිහිපයකින් දැන ගත හැකිය.
     
    • Dislike
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජෙප්පො මාර ගේමක්නෙ ගහන්නෙ? රනිල් පඹයෙක් වගේ නිකන් බලන් ඉන්නවද පොන්ස්? @2osama