Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP account එකට දාල ආණ්ඩුවේ උන් කරපු දේවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුරුණෑගල බලකනුවක් අවසන් ගමන් යයි’ අද සිංහල වෙබ් අඩවියේ ශීර්ෂ පාඨය අවුරුදු තිස් හතරකට පෙර උරුම වූ කුරිරු මතකයකට මා නැවත කැඳවාගෙන ගියේ ගුජුසාජනක, අප්‍රසන්න හැඟීමක් ද සමඟය. 88-89 භීෂණ සමයේ මම අවුරුදු නමයක පුංචි කෙල්ලෙකි. කුරුණෑගල ටවුමට කිලෝ මීටර් අටක් පමණ දුරින් පිහිටි උපන් ගමෙහි අම්මා තාත්තා සමග ගත කරපු ඒ කිසිදා අමතක නොවන මූසල රාත්‍රිය ‘කුරුණෑගල බල කණුව’ මියගිය පුවත අද උදෑසන ඇසූ මොහොතේ නැවතත් සිතෙහි මතු විය.

1989 අවුරුද්දේ එක් දිනකි. වෙලාව රාත්‍රි- දොළහ පසුවී විනාඩි කිහිපයක් ගත වූවා විය යුතුය. නොකඩවා බුරන බල්ලන්ගේ සද්දය සහ පරිසරය ගිල ගත් ගැඹුරු නිහඬියාව හැරෙන්නට වෙන කිසිවක් නොවීය. තාත්තාගේ ව්‍යාපාරවල වැඩ කරන සේවකයින් කිහිප දෙනෙකු එලියේ සකසන ලද, නිවෙසට පිටුපසින් පිහිටි කාමරවල නිදාගෙන සිටියේය. ළඟ ළඟම ඇසෙන, ක්‍රමයෙන් ශබ්දය උස්සන්න වන බල්ලන්ගේ බිරුම් හඬ වැඩි විය.

තාත්තා ද අම්මා ද තැති ගෙන ඇති බවද, රහසින් කතා කරගන්නා බවද, හදිසියේ අවදි වූ, ඔවුන් මැදට වී නිදාගෙන සිටි මට තේරුම් ගියේය. එක්වරම එළියේ කාමරයක නිදා සිටි සේවකයෙකු තාත්තා අමතමින් දොරට තට්ටු කරන්නට විය. කවුළුවෙන් බැලූ තාත්තාට දකින්නට ලැබුණේ T56 තුවක්කුවක් තාත්තා පණ මෙන් ආදරය කෙරූ එම සේවකයාගේ බෙල්ලට තබාගෙන මුහුණ පාදාන්තය දක්වා ආවරණය කරගත්ත මිනිසුන් රැසක්ය. එම සේවකයා වටකරගෙන නැවත නැවත දොරට තට්ටු කරන ලෙස බලපෑම් කරන ආකාරයයි. “මහත්තයා, දොර අරින්න පුළුවන්ද? නැත්නම් මාව මරනවා කියනවා”. ඔහුගේ කෙඳිරි හඩට සංවේදී වූ තාත්තා තත්පරයක්වත් නොගෙන ඉදිරියේ එන මාරකය දැන දැන දොර ඇරියේය.

ඒ සැණින්ම එකල විදිහට ඉතා ඉහළ තාක්ෂණයකින් තිබූ ගිනි අවි රාශියක්ද අත ඇතිව, උස මහත මැදි වයසේ මිනිසුන් රැසක් එක තත්පරයෙන් නිවස තුළට රිංගා ගත්තේය. ඔවුන්ගේ රංගනය තවමත් ඉවර වූයේ නැත. එක මිනිසෙකු කීවේ “අපි JVP. මහත්තයා එක්ක අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා විසඳගන්න. ඒක මේ හැමෝම ඉස්සරහා කතා කරන්න බැහැ. අපිත් එක්ක යමු එලියට”. තාත්තාගේ ඇස්වල රැඳුණු අවසන් මොහොත පිළිබඳව හැඟීම, අප ගැන වූ බිය මට කිසිදා අමතක නොවේ. තුවක්කු රැසකින් ඔහු වට කරගෙන, අපට දොර වසා ගන්නට යැයි කියා ඔවුන් තාත්තාව අඳුරේම කොහේදෝ රැගෙන ගියේය. අම්මාද මමද ඊළඟ මොහොතේ තාත්තාට වෙඩිල්ලක් පත්තු නොවේවා යැයි පතමින් බුදු පහන ළඟ හඬා වැටුණු හැටි අද ද මට මොහොතක් නෑර මතකය. (මෙකල මගේ අයියා ජීවත් වූයේ මහ ගෙදරය. එනිසා ගෙදර ඉතිරි වූයේ අම්මාත් මමත් අර සේවකයාද ද පමණි.)

විනාඩි දහයකට පසු අත් දෙක පිටුපසට බැඳ තිබූ තාත්තා රැගෙන ඔවුන් ආපහු නිවස තුළට පැමිණ දොර වසා ගත්තෝය. තාත්තා අම්මට කියා සිටියේ සෑම දේම ඔවුන්ට දෙන ලෙසය. මුදල්ද, රත්තරන් බඩු ද අතට අසුවන සියල්ලම අපෙන් බලෙන් පැහැර ගෙන, අහසට ද වෙඩි තබා ඒ පල් හොරු පැනගියෝය.

අප උන් තැනම ගල් වී ඉර එළිය වැටෙන තුරු බලා සිටියෙමු. භීෂණ සමයේ අපට වෙන කළ හැකි දෙයක් නොවීය. පසුදා පොලිස් පරීක්ෂණ ඇරඹුණි. අම්මාටද තාත්තාටද පුංචි බලාපොරොත්තුවක් තිබුණි.

නමුත් තාත්තා ගෙදර ආවේ හිස් අතිනි. පරාජිත හැඟීමෙනි. JVP ලෙස වෙස්වලාගෙන පැමිණ සිටියේ ඔය කියන ‘කුරුණෑගල බලවතාගේ’ ආරක්ෂක අංශය බව ද, තාත්තට පොලිීසියෙන් සාධාරණයක් නොවූ බවද කියන විට තාත්තා තුළ තිබූ අසරණ බව අදටද මට මතකය.

මේ අද මියගිය ‘කුරුණෑගල බලකනුව’ ගැන මට, දැරියක ලෙස ඇති අමිහිරි, අඳුරු, නීච මතකයයි. එකල බින්දුවේ සිට පටන්ගෙන තමන්ගේ ධෛර්යයෙන්ම මිල මුදල් හම්බකරගෙන ඉදිරියට ගිය බොහෝ ව්‍යාපාරිකයින්ගේ කතන්දරයද මෙය විය හැක. ඉතින් ඔබ නික්ම ගිය බව දැන ගත්තද ඔබ තබා ගිය කළු පැල්ලම නම් කවදාවත් මැකෙන්නේ නැත. අද දින ජීවතුන් අතර නැති අම්මාද තාත්තාද වෙනුවෙන් මා මේ සටහන නොලීවා නම් මම ඔවුන්ගේ දියණිය විය නොහැකියි. බුද්ධ දර්ශනය අනුව ජීවිතය සකසා ගෙන ඇති මම ඔබට වෛර නොකරමි. නමුත් කර්මය විපාක දෙනවා අනිවාර්යය!

Copied from FB

[USER=314982]@2osama[/USER] [USER=30005]@monson[/USER] මෙන්න උබලගේ 88/89

[QUOTE="ranatheman, post: 29604734, member: 262342"] කුරුණෑගල බලකනුවක් අවසන් ගමන් යයි’ අද සිංහල වෙබ් අඩවියේ ශීර්ෂ පාඨය අවුරුදු තිස් හතරකට පෙර උරුම වූ කුරිරු මතකයකට මා නැවත කැඳවාගෙන ගියේ ගුජුසාජනක, අප්‍රසන්න හැඟීමක් ද සමඟය. 88-89 භීෂණ සමයේ මම අවුරුදු නමයක පුංචි කෙල්ලෙකි. කුරුණෑගල ටවුමට කිලෝ මීටර් අටක් පමණ දුරින් පිහිටි උපන් ගමෙහි අම්මා තාත්තා සමග ගත කරපු ඒ කිසිදා අමතක නොවන මූසල රාත්‍රිය ‘කුරුණෑගල බල කණුව’ මියගිය පුවත අද උදෑසන ඇසූ මොහොතේ නැවතත් සිතෙහි මතු විය. 1989 අවුරුද්දේ එක් දිනකි. වෙලාව රාත්‍රි- දොළහ පසුවී විනාඩි කිහිපයක් ගත වූවා විය යුතුය. නොකඩවා බුරන බල්ලන්ගේ සද්දය සහ පරිසරය ගිල ගත් ගැඹුරු නිහඬියාව හැරෙන්නට වෙන කිසිවක් නොවීය. තාත්තාගේ ව්‍යාපාරවල වැඩ කරන සේවකයින් කිහිප දෙනෙකු එලියේ සකසන ලද, නිවෙසට පිටුපසින් පිහිටි කාමරවල නිදාගෙන සිටියේය. ළඟ ළඟම ඇසෙන, ක්‍රමයෙන් ශබ්දය උස්සන්න වන බල්ලන්ගේ බිරුම් හඬ වැඩි විය. තාත්තා ද අම්මා ද තැති ගෙන ඇති බවද, රහසින් කතා කරගන්නා බවද, හදිසියේ අවදි වූ, ඔවුන් මැදට වී නිදාගෙන සිටි මට තේරුම් ගියේය. එක්වරම එළියේ කාමරයක නිදා සිටි සේවකයෙකු තාත්තා අමතමින් දොරට තට්ටු කරන්නට විය. කවුළුවෙන් බැලූ තාත්තාට දකින්නට ලැබුණේ T56 තුවක්කුවක් තාත්තා පණ මෙන් ආදරය කෙරූ එම සේවකයාගේ බෙල්ලට තබාගෙන මුහුණ පාදාන්තය දක්වා ආවරණය කරගත්ත මිනිසුන් රැසක්ය. එම සේවකයා වටකරගෙන නැවත නැවත දොරට තට්ටු කරන ලෙස බලපෑම් කරන ආකාරයයි. “මහත්තයා, දොර අරින්න පුළුවන්ද? නැත්නම් මාව මරනවා කියනවා”. ඔහුගේ කෙඳිරි හඩට සංවේදී වූ තාත්තා තත්පරයක්වත් නොගෙන ඉදිරියේ එන මාරකය දැන දැන දොර ඇරියේය. ඒ සැණින්ම එකල විදිහට ඉතා ඉහළ තාක්ෂණයකින් තිබූ ගිනි අවි රාශියක්ද අත ඇතිව, උස මහත මැදි වයසේ මිනිසුන් රැසක් එක තත්පරයෙන් නිවස තුළට රිංගා ගත්තේය. ඔවුන්ගේ රංගනය තවමත් ඉවර වූයේ නැත. එක මිනිසෙකු කීවේ “අපි JVP. මහත්තයා එක්ක අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා විසඳගන්න. ඒක මේ හැමෝම ඉස්සරහා කතා කරන්න බැහැ. අපිත් එක්ක යමු එලියට”. තාත්තාගේ ඇස්වල රැඳුණු අවසන් මොහොත පිළිබඳව හැඟීම, අප ගැන වූ බිය මට කිසිදා අමතක නොවේ. තුවක්කු රැසකින් ඔහු වට කරගෙන, අපට දොර වසා ගන්නට යැයි කියා ඔවුන් තාත්තාව අඳුරේම කොහේදෝ රැගෙන ගියේය. අම්මාද මමද ඊළඟ මොහොතේ තාත්තාට වෙඩිල්ලක් පත්තු නොවේවා යැයි පතමින් බුදු පහන ළඟ හඬා වැටුණු හැටි අද ද මට මොහොතක් නෑර මතකය. (මෙකල මගේ අයියා ජීවත් වූයේ මහ ගෙදරය. එනිසා ගෙදර ඉතිරි වූයේ අම්මාත් මමත් අර සේවකයාද ද පමණි.) විනාඩි දහයකට පසු අත් දෙක පිටුපසට බැඳ තිබූ තාත්තා රැගෙන ඔවුන් ආපහු නිවස තුළට පැමිණ දොර වසා ගත්තෝය. තාත්තා අම්මට කියා සිටියේ සෑම දේම ඔවුන්ට දෙන ලෙසය. මුදල්ද, රත්තරන් බඩු ද අතට අසුවන සියල්ලම අපෙන් බලෙන් පැහැර ගෙන, අහසට ද වෙඩි තබා ඒ පල් හොරු පැනගියෝය. අප උන් තැනම ගල් වී ඉර එළිය වැටෙන තුරු බලා සිටියෙමු. භීෂණ සමයේ අපට වෙන කළ හැකි දෙයක් නොවීය. පසුදා පොලිස් පරීක්ෂණ ඇරඹුණි. අම්මාටද තාත්තාටද පුංචි බලාපොරොත්තුවක් තිබුණි. නමුත් තාත්තා ගෙදර ආවේ හිස් අතිනි. පරාජිත හැඟීමෙනි. JVP ලෙස වෙස්වලාගෙන පැමිණ සිටියේ ඔය කියන ‘කුරුණෑගල බලවතාගේ’ ආරක්ෂක අංශය බව ද, තාත්තට පොලිීසියෙන් සාධාරණයක් නොවූ බවද කියන විට තාත්තා තුළ තිබූ අසරණ බව අදටද මට මතකය. මේ අද මියගිය ‘කුරුණෑගල බලකනුව’ ගැන මට, දැරියක ලෙස ඇති අමිහිරි, අඳුරු, නීච මතකයයි. එකල බින්දුවේ සිට පටන්ගෙන තමන්ගේ ධෛර්යයෙන්ම මිල මුදල් හම්බකරගෙන ඉදිරියට ගිය බොහෝ ව්‍යාපාරිකයින්ගේ කතන්දරයද මෙය විය හැක. ඉතින් ඔබ නික්ම ගිය බව දැන ගත්තද ඔබ තබා ගිය කළු පැල්ලම නම් කවදාවත් මැකෙන්නේ නැත. අද දින ජීවතුන් අතර නැති අම්මාද තාත්තාද වෙනුවෙන් මා මේ සටහන නොලීවා නම් මම ඔවුන්ගේ දියණිය විය නොහැකියි. බුද්ධ දර්ශනය අනුව ජීවිතය සකසා ගෙන ඇති මම ඔබට වෛර නොකරමි. නමුත් කර්මය විපාක දෙනවා අනිවාර්යය! Copied from FB [USER=314982]@2osama[/USER] [USER=30005]@monson[/USER] මෙන්න උබලගේ 88/89 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom