JVP account එකට දාල ආණ්ඩුවේ උන් කරපු දේවල්

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,321
    2,661
    113
    කුරුණෑගල බලකනුවක් අවසන් ගමන් යයි’ අද සිංහල වෙබ් අඩවියේ ශීර්ෂ පාඨය අවුරුදු තිස් හතරකට පෙර උරුම වූ කුරිරු මතකයකට මා නැවත කැඳවාගෙන ගියේ ගුජුසාජනක, අප්‍රසන්න හැඟීමක් ද සමඟය. 88-89 භීෂණ සමයේ මම අවුරුදු නමයක පුංචි කෙල්ලෙකි. කුරුණෑගල ටවුමට කිලෝ මීටර් අටක් පමණ දුරින් පිහිටි උපන් ගමෙහි අම්මා තාත්තා සමග ගත කරපු ඒ කිසිදා අමතක නොවන මූසල රාත්‍රිය ‘කුරුණෑගල බල කණුව’ මියගිය පුවත අද උදෑසන ඇසූ මොහොතේ නැවතත් සිතෙහි මතු විය.

    1989 අවුරුද්දේ එක් දිනකි. වෙලාව රාත්‍රි- දොළහ පසුවී විනාඩි කිහිපයක් ගත වූවා විය යුතුය. නොකඩවා බුරන බල්ලන්ගේ සද්දය සහ පරිසරය ගිල ගත් ගැඹුරු නිහඬියාව හැරෙන්නට වෙන කිසිවක් නොවීය. තාත්තාගේ ව්‍යාපාරවල වැඩ කරන සේවකයින් කිහිප දෙනෙකු එලියේ සකසන ලද, නිවෙසට පිටුපසින් පිහිටි කාමරවල නිදාගෙන සිටියේය. ළඟ ළඟම ඇසෙන, ක්‍රමයෙන් ශබ්දය උස්සන්න වන බල්ලන්ගේ බිරුම් හඬ වැඩි විය.

    තාත්තා ද අම්මා ද තැති ගෙන ඇති බවද, රහසින් කතා කරගන්නා බවද, හදිසියේ අවදි වූ, ඔවුන් මැදට වී නිදාගෙන සිටි මට තේරුම් ගියේය. එක්වරම එළියේ කාමරයක නිදා සිටි සේවකයෙකු තාත්තා අමතමින් දොරට තට්ටු කරන්නට විය. කවුළුවෙන් බැලූ තාත්තාට දකින්නට ලැබුණේ T56 තුවක්කුවක් තාත්තා පණ මෙන් ආදරය කෙරූ එම සේවකයාගේ බෙල්ලට තබාගෙන මුහුණ පාදාන්තය දක්වා ආවරණය කරගත්ත මිනිසුන් රැසක්ය. එම සේවකයා වටකරගෙන නැවත නැවත දොරට තට්ටු කරන ලෙස බලපෑම් කරන ආකාරයයි. “මහත්තයා, දොර අරින්න පුළුවන්ද? නැත්නම් මාව මරනවා කියනවා”. ඔහුගේ කෙඳිරි හඩට සංවේදී වූ තාත්තා තත්පරයක්වත් නොගෙන ඉදිරියේ එන මාරකය දැන දැන දොර ඇරියේය.

    ඒ සැණින්ම එකල විදිහට ඉතා ඉහළ තාක්ෂණයකින් තිබූ ගිනි අවි රාශියක්ද අත ඇතිව, උස මහත මැදි වයසේ මිනිසුන් රැසක් එක තත්පරයෙන් නිවස තුළට රිංගා ගත්තේය. ඔවුන්ගේ රංගනය තවමත් ඉවර වූයේ නැත. එක මිනිසෙකු කීවේ “අපි JVP. මහත්තයා එක්ක අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා විසඳගන්න. ඒක මේ හැමෝම ඉස්සරහා කතා කරන්න බැහැ. අපිත් එක්ක යමු එලියට”. තාත්තාගේ ඇස්වල රැඳුණු අවසන් මොහොත පිළිබඳව හැඟීම, අප ගැන වූ බිය මට කිසිදා අමතක නොවේ. තුවක්කු රැසකින් ඔහු වට කරගෙන, අපට දොර වසා ගන්නට යැයි කියා ඔවුන් තාත්තාව අඳුරේම කොහේදෝ රැගෙන ගියේය. අම්මාද මමද ඊළඟ මොහොතේ තාත්තාට වෙඩිල්ලක් පත්තු නොවේවා යැයි පතමින් බුදු පහන ළඟ හඬා වැටුණු හැටි අද ද මට මොහොතක් නෑර මතකය. (මෙකල මගේ අයියා ජීවත් වූයේ මහ ගෙදරය. එනිසා ගෙදර ඉතිරි වූයේ අම්මාත් මමත් අර සේවකයාද ද පමණි.)

    විනාඩි දහයකට පසු අත් දෙක පිටුපසට බැඳ තිබූ තාත්තා රැගෙන ඔවුන් ආපහු නිවස තුළට පැමිණ දොර වසා ගත්තෝය. තාත්තා අම්මට කියා සිටියේ සෑම දේම ඔවුන්ට දෙන ලෙසය. මුදල්ද, රත්තරන් බඩු ද අතට අසුවන සියල්ලම අපෙන් බලෙන් පැහැර ගෙන, අහසට ද වෙඩි තබා ඒ පල් හොරු පැනගියෝය.
    අප උන් තැනම ගල් වී ඉර එළිය වැටෙන තුරු බලා සිටියෙමු. භීෂණ සමයේ අපට වෙන කළ හැකි දෙයක් නොවීය. පසුදා පොලිස් පරීක්ෂණ ඇරඹුණි. අම්මාටද තාත්තාටද පුංචි බලාපොරොත්තුවක් තිබුණි.

    නමුත් තාත්තා ගෙදර ආවේ හිස් අතිනි. පරාජිත හැඟීමෙනි. JVP ලෙස වෙස්වලාගෙන පැමිණ සිටියේ ඔය කියන ‘කුරුණෑගල බලවතාගේ’ ආරක්ෂක අංශය බව ද, තාත්තට පොලිීසියෙන් සාධාරණයක් නොවූ බවද කියන විට තාත්තා තුළ තිබූ අසරණ බව අදටද මට මතකය.

    මේ අද මියගිය ‘කුරුණෑගල බලකනුව’ ගැන මට, දැරියක ලෙස ඇති අමිහිරි, අඳුරු, නීච මතකයයි. එකල බින්දුවේ සිට පටන්ගෙන තමන්ගේ ධෛර්යයෙන්ම මිල මුදල් හම්බකරගෙන ඉදිරියට ගිය බොහෝ ව්‍යාපාරිකයින්ගේ කතන්දරයද මෙය විය හැක. ඉතින් ඔබ නික්ම ගිය බව දැන ගත්තද ඔබ තබා ගිය කළු පැල්ලම නම් කවදාවත් මැකෙන්නේ නැත. අද දින ජීවතුන් අතර නැති අම්මාද තාත්තාද වෙනුවෙන් මා මේ සටහන නොලීවා නම් මම ඔවුන්ගේ දියණිය විය නොහැකියි. බුද්ධ දර්ශනය අනුව ජීවිතය සකසා ගෙන ඇති මම ඔබට වෛර නොකරමි. නමුත් කර්මය විපාක දෙනවා අනිවාර්යය!

    Copied from FB

    @2osama @monson මෙන්න උබලගේ 88/89
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,713
    519
    113
    තුසර පුරය
    දැන් එතකොට 88-89 කාලේ ජෙප්පෝ මුකුත්ම කලේ නැද්ද බන්..??
    ජෙප්පෝ සීල පාරමිතාව පුරමින් ඉද්දි අනිත් උන් ජෙප්පොන්ට ගහපු සීන් එකක්ද තියෙන්නේ ..???:P
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,321
    2,661
    113
    දැන් එතකොට 88-89 කාලේ ජෙප්පෝ මුකුත්ම කලේ නැද්ද බන්..??
    ජෙප්පෝ සීල පාරමිතාව පුරමින් ඉද්දි අනිත් උන් ජෙප්පොන්ට ගහපු සීන් එකක්ද තියෙන්නේ ..???:P
    උබට අයිති දෙයක් කවුරු හරි නොදී ඉන්නකොට හොදින් ඉල්ලලත් නෙදෙනවානම් උබ මොකද කරන්නේ ? එකම තමයි ඒ කාලේ තරුණ තරුණියෝ කරේ
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,713
    519
    113
    තුසර පුරය
    උබට අයිති දෙයක් කවුරු හරි නොදී ඉන්නකොට හොදින් ඉල්ලලත් නෙදෙනවානම් උබ මොකද කරන්නේ ? එකම තමයි ඒ කාලේ තරුණ තරුණියෝ කරේ
    මොකක්ද ජෙප්පොන්ට අයිති වෙලා නොදී හිටපු දේ ...??
     
    • Haha
    Reactions: Asmodeus

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,218
    20,774
    113
    උබට අයිති දෙයක් කවුරු හරි නොදී ඉන්නකොට හොදින් ඉල්ලලත් නෙදෙනවානම් උබ මොකද කරන්නේ ? එකම තමයි ඒ කාලේ තරුණ තරුණියෝ කරේ
    මොකක්ද
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,215
    113
    97
    හෝමාගම
    පන පිටින් කුණු වෙන්න ඕන කාලකන්නියෙක්
    ගිරිඋල්ල, පන්නල, කොටුවැල්ල, බම්මන්න මිනිස්සු දන්නව හොදට.



    කර්මය බොරුවක්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,218
    20,774
    113
    oya 88/89 kemanawal dan lankawe minissunta wadak na ban.dan awrudu 35kata wadi.ranilta,pohottuwata PR campaign karana unta owa theren na.eka NPP popular lankawe
    ඉතිං වැඩක් නැත්නම් ඇයි අවුස්සන්නෙ. තමන්ට වාසි ඒවා අවස්ස්නවට කැමතී අකමැති ඒවා එපාද 🤔
     
    • Like
    Reactions: senewimala1988

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,321
    2,661
    113
    මොකක්ද ජෙප්පොන්ට අයිති වෙලා නොදී හිටපු දේ ...??
    උබ දන්නවද දන්නෑ , ලංකාවට නිදහස ලැබුන දවසේ ඉදන් අද වෙනකන් රට පාලනය කරන්නේ මාරුවෙන් මාරුවට පක්ෂ දෙකයි නේ . UNP සහ SLFP . ඒවගෙන් ආපු උන් උන්ගේ පුතාල බාප්පල තමයි වෙන වෙන නම් දාගෙන රට බලයට ඇවිත් මේ තරම් රට දියුණු කරේ . රට ට කරනවට වඩා උන්ටයි උන්ගේ පවුල් වලටයි කර ගත්ත නිසා ඒ කලෙත් රටේ ප්‍රශ්න අවා විරැකියාව , අදික උද්දමනය වගේ . ඒවට විරුද්දව තමයි ජෙප්පෝ එහෙම නැත්නම් JVP වටේ එකතු උන සිංහල තරුණ තරුණියෝ අරගල කරන්න පටන් ගත්තේ . රටේ අවාසනාවට ඒ කලෙත් උබල වගේ උන් රටේ හිටිය නිසා පාලකයන්ට කිසිම දෙයක් උනේ නැ . උන් දිගටම රට ට කෙලව කෙලව හිටිය මස් ටික කකා කටු ටික උබල වගේ උන්ට දිදී
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,710
    1,613
    113
    88/89 kale JVP unuth mini meruwa
    JVP kiyana name eka use karala anith unuth meruwa. eka government eken sponsor karapu groups thibba
     
    • Like
    Reactions: Xi Jinping

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,548
    113
    Fox Tv Popcorn GIF by The Four
     
    • Haha
    Reactions: ranatheman

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,713
    519
    113
    තුසර පුරය
    උබ දන්නවද දන්නෑ , ලංකාවට නිදහස ලැබුන දවසේ ඉදන් අද වෙනකන් රට පාලනය කරන්නේ මාරුවෙන් මාරුවට පක්ෂ දෙකයි නේ . UNP සහ SLFP . ඒවගෙන් ආපු උන් උන්ගේ පුතාල බාප්පල තමයි වෙන වෙන නම් දාගෙන රට බලයට ඇවිත් මේ තරම් රට දියුණු කරේ . රට ට කරනවට වඩා උන්ටයි උන්ගේ පවුල් වලටයි කර ගත්ත නිසා ඒ කලෙත් රටේ ප්‍රශ්න අවා විරැකියාව , අදික උද්දමනය වගේ . ඒවට විරුද්දව තමයි ජෙප්පෝ එහෙම නැත්නම් JVP වටේ එකතු උන සිංහල තරුණ තරුණියෝ අරගල කරන්න පටන් ගත්තේ . රටේ අවාසනාවට ඒ කලෙත් උබල වගේ උන් රටේ හිටිය නිසා පාලකයන්ට කිසිම දෙයක් උනේ නැ . උන් දිගටම රට ට කෙලව කෙලව හිටිය මස් ටික කකා කටු ටික උබල වගේ උන්ට දිදී
    ජෙප්පෝ හැම තැනම නහයෙන් අඩ අඩ කියවන කතාවම තමයි උබත් අවිල්ලා මෙතන කියවන්නේ.:lol::lol:. උබ තාර්කිකව හිතලා බැලුවද ඔය කියන විදිහට විරැකියාව උද්දමනය වගේ එව්වා නිසයි තරුණයෝ ආයුධ සන්නද්ධඅරගලයක් කලේ කියන කතාව ඇත්තද කියලා...???
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    5,102
    11,777
    113
    Ursa Major
    හතරපෝයට සිල් ගත්ත උතුමාණන් ගේ පින්කම් වලින් බිදක්

    Someone mentioned that report also mentioned that the "pin athe wada" of jeppos, so I like to read the whole document. Can you share that whole document? please.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,321
    2,661
    113
    ජෙප්පෝ හැම තැනම නහයෙන් අඩ අඩ කියවන කතාවම තමයි උබත් අවිල්ලා මෙතන කියවන්නේ.:lol::lol:. උබ තාර්කිකව හිතලා බැලුවද ඔය කියන විදිහට විරැකියාව උද්දමනය වගේ එව්වා නිසයි තරුණයෝ ආයුධ සන්නද්ධඅරගලයක් කලේ කියන කතාව ඇත්තද කියලා...???
    88/89 ගැන කියවන උබ ඊට කලින් කියපන් මේ රට අද තියෙන්නේ උබ හිතන පතන තැනකද කියල ? එහෙම තැනකට එදා ඉදන් බැරි උන පාලකයෝ හෙට මේ රට ගෙනියයිද ? උබට එහෙම හිතෙනවනම් ඇයි කියල කියපන්.
     
    • Like
    Reactions: Xi Jinping

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    6,753
    12,077
    113
    ලග පාත

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,713
    519
    113
    තුසර පුරය
    88/89 ගැන කියවන උබ ඊට කලින් කියපන් මේ රට අද තියෙන්නේ උබ හිතන පතන තැනකද කියල ? එහෙම තැනකට එදා ඉදන් බැරි උන පාලකයෝ හෙට මේ රට ගෙනියයිද ? උබට එහෙම හිතෙනවනම් ඇයි කියල කියපන්.
    මම නෙවෙයිනෙ 88-89 ගැන කියවන්න ගත්තේ..උබ දාලා තිබ්බ නිසා කිව්වේ..
    උබ අහලා තියෙන දේට උත්තරේ මම හිතන පතන තැනක නෙවෙයි මේ රට තියෙන්නේ..එදා ඉදන් හදන්න බැරි උන පාලකයෝ මේක හදයි කියලා විශ්වාසෙකුත් නෑ..හැබැයි අමූලික කෙබර ඇද බාන, කිසිදු ප්‍රතිපත්තියක් නැති , කුහකයෝ පිරුණ මාලිමාව මේ රට හදයි කියලා සිහින දකින්න තරම් පිස්සුවකුත් මට නෑ.. :P
    කතාවක් තියෙනවනෙ බොරු කියන්නාට කල නොහැකි පවක් නෑ කියලා..එහෙව් එකේ උබලා කොහොමද බන් ඔය බොරු කාරයන්ව දේවත්වයෙන් අදහන්නේ..??
     
    • Like
    Reactions: gamerlk