me sambandawa video ehema mona hari thiyanawada ?
ura policiyata ehema geniyana ewa ?
news baluwe na me tike
ජනපති නිල වෙබ් අඩවියට ඇතුළු වූ සිසුවාගේ අරමුණ හෙළි වෙයි
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කළ බවට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවා ලබන සිකුරාදා තෙක් පරිවාස භාරයේ තැබීමට අද (30) නියෝග කෙරුණා.
එ් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටියගේ නියෝගයකට අනුවයි. මීට අමතරව අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගත් 27 හැවිරිදි අනෙක් පුද්ගලයා ලබන සිකුරාදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මෙහිදි නියෝග කෙරුණා.
සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. කෙසේ වෙතත් එහිදී විත්තියේ නිතීඥවරුන් පැවසුවේ සැකකරුවන් සිදුකර ඇත්තේ වෙබ් අඩවියේ ඇති ආරක්ෂාව පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීම බවයි.
එමෙන්ම රටේ දැනට පවතින ප‍්‍රශ්න පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර එ් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමද ඔවුන්ගේ අරමුණක් වූ බවයි නිතිඥවරුන් කියා සිටියේ. ඔවුන්ට කිසිඳු අපරාධමය චේතනාවක් නොතිබූ බවද විත්තියේ නීතිඥවරුන් වැඩිදුරටත් පැවසුවා.
NethNews
ජනපතිතුමනි මරන්න ආ මිනිහාට සමාව දුන්නානම් හැකරාට දෙන්න බැරිද?
ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ පාසල් සිසුවාට සානුකම්පිතව සලකා ඉදිරි කි‍්‍රයාමාර්ග ගතයුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා. ඔහු පෙන්වා දුන්නේ අදාළ සිසුවාගේ දක්‍ෂතා නිසි මාර්ගයට යොමු කිරීමට කටයුතු කිරීම වඩා වැදගත් වන බවයි.
ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පැමිණි බෝම්බකරුට සහ සීගිරියේ කැටපත් පවුරට හානිකළ තරුණියට සමාව දුන් ආකාරයට මෙම සිසුවාටද සමාවක් දීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල වැඩිදුරටත් පැවසුවේ.
NethNews