පෑලියගොඩ ගුවන් පාලමේ වසා දමා තිබූ මංතීරු Ş
Kalaniya Overhead Bridge has been opened for traffic again after repairs.
http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A-%E0%B7%80%E0%B7%83%E0%B7%8F-%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F-%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96-%E0%B6%B8%E0%B6%82%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A-%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD-%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A/1-530355
කැලණිය - පෑලියගොඩ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්මරණ ගුවන් පාලමේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් වසා තිබූ මංතීරු දෙක මේ වන විට යළිත් ගමනා ගමන කටයුතු සඳහා විවෘත කර ඇති අතර ඉතිරි මංතීරු දෙකෙහි අලුත් වැඩියා කටයුතු වෙනුවෙන් අද (5) සිට රාත්‍රී 10.00ත් අලුයම 4.00ත් අතර කාලයේදී වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියාරච්චි මහතා පැවසීය.
ගමනා ගමන කටයුතුවලට බාධා නොවන අයුරින් එහි ඉතිරි කොටසෙහි අලුත් වැඩියාව මෙසේ රාත්‍රී කාලයේදී කොටස් වශයෙන් සිදුකිරීමට තීරණය කළ බව ද සභාපතිවරයා සඳහන් කළේය.
මීට පෙර අලුත් වැඩියා කළ කොටස විවෘත කිරීමට නියමිතව තිබුණේ අගෝස්තු මාසයේදී වුවත් ජනතාවට සිදුවන පීඩාවන් අවම කිරීමේ අරමුණින් එම කටයුතු කඩිනමින් අවසන් කළ බව ඔහු කීවේය.
මෙම ගුවන් පාලම දින 65න් නිම කළ එකක් වුවත් එහි ඇණ මුරිච්චි සියල්ල දිරාගොස් ඇති බැවින් එකින් එක පරීක්‍ෂා කරමින් අලුත් වැඩියා කරන්නට සිදුව තිබෙන බව කී සභාපතිවරයා එවැනි පාලම් කිසිසේත්ම ලංකාව වැනි රටකට නොගැළපෙන බව සඳහන් කළේය.
ඉදිරියේදී නොමිලයේ ලැබුණත් එවැනි පාලම් භාරනොගන්නා ලෙස ඉදිරියේදී පත්වන ඉංජිනේරුවන් දැනුවත් වන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියේ සටහන් යොදා තිබෙන බව ද ඔහු සඳහන් කළේය.
මෙවැනි පාලම් කඩිනමින් ඉදි කළ හැකි වුවත් අලුත්වැඩියාවලදී සිදුවන මුදල් නාස්තිය වැඩි බව කී සභාපතිවරයා මෙවර එහි පැවැත්ම වැඩි කාලයක් රඳවා ගැනීම වෙනුවෙන් විශේෂ ආවරණයක් යොදන්නට සිදුවූ බවද කියා සිටියේය.
ශ්‍රී ලංකාවට ඉතා හොඳින් ගැළපෙන්නේ කොන්ක්‍රීට් ගුවන් පාලම් බවද හෙතෙම පැවසීය.
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මේ බව පැවසුවේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Last edited: