KAMAL දේශපාලනයට ?

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    නායකයා කවුරු වුණත් ජනතාවට දර්ශනයක්‌ තිබිය යුතුයි

    - කමල් අද්දරආරච්චි

    මම දේශපාලනය කරන්නේ කලාව රැකගන්න



    leader.jpg


    පසුගිය කාලය තුළ කලාකරුවන් බොහෝ පිරිසක්‌ කලාවට සේවය කරන්න කියල දේශපාලනයට යොමු වුණා වගේම ඉන් බොහොමයක්‌ දෙනා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නත් සමත්වුණා. තත්ත්වය මෙසේ පවතිද්දී මේ දවස්‌වල පවතින දේශපාලන උණුසුමත් එක්‌ක පවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චිත් දේශපාලනයට යොමු වෙනවා කියන ආරංචිය සමාජ වෙබ් අඩවි ගණනාවකම වාර්තා වුණා. ඒ නිසාම මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න අපි ඔහුව දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා.

    ඇත්තද ඔබ ඉදිරි මහමැතිවරණයේ දී එ.ජා.පක්‌ෂයෙන් තරග කරනවා කියන්නේ?

    තවම එහෙම නිශ්චිත තීරණයක නැහැ. නමුත් වර්තමානයේ රට තුළ පවතින තත්ත්වයත් එක්‌ක දේශපාලනය ගැන පෙරට වඩා උනන්දුවක්‌ දැන් මා තුළ පවතිනවා. එය දේශපාලනයට යොමු වෙන්න තරමේ තීන්දුවක්‌ වෙයිද කියල දැන්ම කියන්න බැහැ.

    ඇයි මේ දවස්‌වල වැඩිපුර දේශපාලනය ගැන උනන්දු වෙන්නේ. කලාව එපා වෙලාද?

    ඇත්තටම අදටත් මම කලාකරුවෙක්‌ කියල කියන්නෙ පෙර මම කරපු රංගන කටයුතු නිසයි. එහෙම නැතුව දැන් මම මෙගා ටෙලි නාට්‍ය කරන්නෙත් නැහැ. ඒ වගේම ඔය සීනි බෝල චිත්‍රපටවල රඟපාන්නෙත් නැහැ. ඒ නිසා ඇත්තටම දැන් මම ඉන්නෙ කලාවෙන් ඈත් වෙලා. වසර 7-8 ට පස්‌සෙ තමයි මම කලර් චිත්‍රපටයකට සම්බන්ධ වුණේ. ඒ ප්‍රධාන චරිතය හරහා. එයින් මම සම්මානයටත් පාත්‍ර වුණා. ඒක තමයි අපේ හැකියාව. නමුත් අපි ඒ හැකියාව මේ සීනි බෝල නිර්මාණවලට නම් දියකරල දාන්නේ නැහැ. මම අදටත් තෝරා බේරාගෙනයි චරිත කරන්නේ. මම කලාව වෙනුවෙන් කැපවුණ රංගන ශිල්පියෙක්‌. ඒ හැකියාව මම තුට්‌ටු දෙකේ නිර්මාණ හරහා විකුණන්නේ නැහැ. එහෙම ජනප්‍රිය වෙන්න අවශ්‍යතාවකුත් මට නැහැ. මේ වෙලාවේ මට කලාකරුවෙක්‌ විදිහට දේශපාලනය ගැන කතා කරන එක ලොකු අවශ්‍යතාවක්‌ විදිහට තදින්ම දැනෙන මොහොතකයි මම ඉන්නේ. ඒක මම මං ගැන හිතල ගත්ත තීරණයක්‌ නෙවෙයි. කලාව ගැන ඒ වගේම රට ගැන හිතල ගත්තු තීරණයක්‌. මම ජනතාව වෙනුවෙන් කැපවුණ රංගන ශිලිපියෙක්‌. කලාව දෙස බලාගෙන ඉන්න ප්‍රේක්‌ෂකයාට නොදැනෙන ලොකු ව්‍යසනයක්‌ කලාව තුළ අදවෙනකොට සිදුවෙමින් තියෙනවා. අද වෙනකොට කලාත්මක බවක්‌ නැති දර්ශනවාදයක්‌ නැති කලාත්මක යෑයි කියන ලේබලය ගහගත්තු නිර්මාණ බොහොමයක්‌ බිහිවෙමින් යනවා. ඒ හරහා අවුරුදු දහස්‌ ගණනක්‌ අපි රැකගෙන ආපු අපේ කලාව විනාශ වෙමින් යනවා. රටක්‌ සංවර්ධනය වෙනවා කියන්නේ හැදෙන බිල්ඩින් ප්‍රමාණයෙන්වත් එහි විශාලත්වයෙන්වත් නෙවෙයි. අපේ ජනතාව කොයි තරම් නම් සංවර්ධිත ද කියන දේ අද කාලේ හැදෙන ගීත, ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවලින් හොඳින්ම අවබෝධ වෙනවා. ජනතාවගේ රසවින්දනය තියෙන්නේ කොතැනද කියන දේ අවබෝධ වෙනවා. මේ ගැන මම ලොකු කනස්‌සල්ලකින් ඉන්නේ. මොන නායකයා බිහි වුණත් රට ගොඩගන්න නම් රටේ ඉන්න ජනතාව නිවැරදි දර්ශනයකට යොමු කිරීම යුගයේ අවශ්‍යතාවක්‌ බවට පත් වී හමාරයි. දූෂිත මිනිසුන්ගෙන් පිරුණු සමාජයක්‌ සංවර්ධනය වෙනවා කියන දේ නම් පිළිගන්න අමාරුයි. අද සමාජය තුළ ලොකු අර්බුදයක්‌ තියෙනවා. මම වෙනදටත් වඩා අද වෙනකොට මේ අර්බුදය ගැන ලොකු හැදෑරීමකින් ඉන්නවා. ඇත්තටම සිනමාව කියන්නේ පේක්‌ෂකයාගේ බුද්ධියට වගේම රසවින්දනයට ආමන්ත්‍රණය කරන්න පුළුවන් කලාවක්‌. අද ඒ කලාව අයාලේ යනවා. මේ සදහා දේශපාලනමය විසඳුමක්‌ ලබාගත යුතුයි කියන මතයේ මම ඉන්නවා.

    ඔබ දේශපාලනයට යොමු වෙන්න තීරණය කළේ කලාව රැකගත යුතුයි කියලා හිතලාද? ඔබේ අනාගතය ගැන හිතලාද?

    ඒක මම මා ගැන හිතල ගත්තු තීරණයක්‌ නෙවෙයි. දැන් අපේ කාළේ ඉවර වී ගෙනයි යන්නේ. මම කොච්චර ආස වුණත් දැන් මට පෙම්වතාගේ චරිතය කරන්න බැහැ. ඒ නිසා තමයි මම හිතුවේ ඉදිරියට යන්න බලාපොරොත්තුවන කලාකරුවන්ට කලාවේ හොඳ ස්‌ථාවරයක්‌ හදල දෙන්න ඕන කියල. ඒ හින්දා තමයි මම දේශපාලනය ගැන උනන්දු වෙන්න පටන් ගත්තේ. මේ රට පවතින දේශපාලන අක්‍රමිකතාවලින් ගොඩගන්න නම් ජනතාව දැනුවත් කිරීම අවශ්‍යමයි. මටත් අවශ්‍ය ජනතාවට ඒ පණිවිඩය අරගෙන යන්න. ජනතාව යුගයේ අවශ්‍යතාවය හදුනාගත යුතුයි. ඒ වගේම පත්වන නායකයන් රටේ ප්‍රධානියාට ශක්‌තියක්‌ විය යුතුයි. එහෙම නොවුණොත් අපිට මේ ගමන යන්න අපහසු වෙනවා. අපි අපේ ප්‍රේක්‌ෂකයාට ප්‍රයෝජනයක්‌ වෙන විදිහට කලාව නැවතත් ගොඩනැගිය යුතුයි. ජනතාව තුළ ගුණාත්මක භාවයක්‌ ඇති නොකළහොත් එය කොයි නායකයා ආවත් රටක්‌ විදිහට අපි අපරාජිතවෙන එක නම් නවත්වන්න බැහැ. මම නියෝජනය කරන කලාව අද වෙනකොට පවතින තත්ත්වයත් පිළිබදවත් මා තුළ පවතින මේ කළකිරීම නිසයි. ඒ වෙනුවෙන් දේශපාලන විසඳුමක්‌ ලබාගැනීමේ අවශ්‍යතාව ඇතිවයි මම මේ දවස්‌වල දේශපාලනය පිළිබඳ දැඩි උනන්දුවකින් පසුවන්නේ. එය දේශපාලනයට යොමු වීමට තරම් හේතුවක්‌ වෙයිද කියන දේ ගැන අපි ඉදිරියේ දී බලමු. දැනට මට ඒ ගැන කියන්න තියෙන්නේ මේ පිළිතුර පමණයි.

    ශාලිකා තිලක්‌ෂණී (divaina)
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඒක මම මා ගැන හිතල ගත්තු තීරණයක්‌ නෙවෙයි. දැන් අපේ කාළේ ඉවර වී ගෙනයි යන්නේ

    ඔහ් නෝ කමල් අයියා :rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    UNP eken illanawa kiyala danagaththa witharai bayiyo tika patan gaththa mada gahanna.muge badu pot tika thiyena thana apitath kiyapallako.:rofl: