kattiya samawenna one meka dammata menna eka aththakathawak

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    [FONT=&quot]

    MEKA EKA PARA DANNA BE ENISA KOTAS WASHAYEN DEMMA...........................

    [/FONT]
    [FONT=&quot]


    ඔබ කාලයක් විශ්‍රාමික ජෙනරාල් ෆොන්සේකා මහතා වීරයකු බව කියමින් කර උඩ තියා ගෙන ගියා. අද ඔබ කියනවා ඔහු ද්‍රෝහියෙක් කියලා. ඔහු ද්‍රෝහියෙක් බව කියන්න ඔබට තියෙන අයිතිය මොකක් ද[/FONT]
    [FONT=&quot]?[/FONT]

    [FONT=&quot]මෙතෙක් මම එහෙම කිව්වේ නෑ. යටත් වෙන්න ආ කොටි නායකයන් ඝාතනය කරන්න කියලා [/FONT][FONT=&quot]58 වැනි සේනාංකයට ආරක්ෂක ලේකම් නියෝග කළා කියලා ඔහු ප්‍රකාශ කරන තුරුම මම ඔහු ද්‍රෝහියෙක් කියලා හැඳින්වූවේ නෑ.[/FONT]

    [FONT=&quot]ඔහු ද්‍රෝහිකම් කරන බව පෙනුනත් එහෙම කියන්න අපේ හිත් ඉඩ දුන්නේ නෑ. නමුත් දැන් ඔහු ම ඔප්පු කළා තමන් දේශද්‍රෝහියෙක් බව. ශ්‍රී ලංකාවේ යුද හමුදාව යුද අපරාධ කළ බවයි ෆොන්සේකා මහතා ගේ ප්‍රකාශනයෙන් ගම්‍ය වෙන්නේ. යුද බිමේ ඉදිරි පෙළේම සටන් කළ [/FONT][FONT=&quot]58 වැනි සේනාංකයේ සියලු රණවිරුවන් යුද අපරාධවලට සම්බන්ධ වූ බවයි. මේ වගේ කෙනෙක් ද්‍රෝහියෙක් මිස වීරයෙක් වෙනවා ද?[/FONT]

    [FONT=&quot]ෆොන්සේකා මහතා ප්‍රකාශ කළා තමන් ගේ ප්‍රකාශයක් ඒ පුවත්පතේ විකෘති කොට පළ කර තියෙනවා ය කියලා.[/FONT]

    [FONT=&quot]එහෙම කිව්වා තමයි. බලන්න මේ ප්‍රවෘත්තිය පළ වුණේ ඉරිදා. එදාම තිබුණා වික්‍රමසිංහ - සෝමවංශ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක්. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙක් ඇහුවා මේ තොරතුරු පිටතට දීම යුද රහස් හෙළි කිරීමක් නෙවෙයි ද කියලා.[/FONT]

    [FONT=&quot]එතකොට ෆොන්සේකා මහතා කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහතා දුන්න නියෝග ගැන ප්‍රකාශ කිරීම යුද රහස් හෙළි කිරීමක් නෙවෙයි කියලා. ඒ උත්තරෙන් ඔහු තමන් ඊට පෙර අර ඉංගිරිසි පුවත්පතට කළ ප්‍රකාශය සාධාරණීකරණය කළා.[/FONT]

    [FONT=&quot]ඒ වෙලාවේ කිව්වේ නෑ ඒක විකෘති කරලා ය කියලා. හැබැයි එදා හවස් වෙන කොට රටේ හැම තැනකින් ම වගේ මේ ප්‍රකාශයට එරෙහිව විරෝධතා මතු වෙන්න ගත්තම ෆොන්සේකා මහතාටත් ඔහු වටේ ඉන්න අයටත් තේරුණා වැඩේ වැරදුණා ය කියලා.[/FONT]
     
    Last edited:

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    [FONT=&quot]ඒ නිසා තමයි සඳුදා දවල් ප්‍රවෘත්ති සාකච්ඡාවක්[/FONT][FONT=&quot] කැඳවලා තමන් ගේ ප්‍රකාශය ඒ පුවත්පතේ පළ කරලා තියෙන්නේ විකෘති කරලා ය කියන්න උත්සාහ කළා.[/FONT]

    [FONT=&quot]තමන් එහෙම කිව්වේ නැහැ කියලා කෙළින් කිව්වේත් නෑ. ඒ විතරක් නෙවෙයි ඒ පුවත්පතේ කතුවරිය වහාම මාධ්‍යයට ප්‍රකාශ කළා ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය කිසිම විකෘතිතාවක් කළේ නෑ කියලා. ඒ වගේ ම හඬ පටය තියෙනවා ය කියලත් කිව්වා. දැන් මේ නිසා ෆොන්සේකා මහතා පාවා දෙන්නෙක් ද්‍රෝහියෙක් විතරක් නෙවෙයි බොරුකාරයෙක් බවටත් පත් වුණා.[/FONT]

    [FONT=&quot]අර ඉංගිරිසි පත්තරේ ඔය ප්‍රවෘත්තිය පළ වුණාට පස්සේ එංගලන්තයේ චැනල් [/FONT][FONT=&quot]4 කියන රූපවාහිනි නාළිකාවේ නැවත අපේ හමුදාවට බොරු චෝදනා එල්ල කරන රූප රාමු විකාශය කරලා කිව්වා. අපි කිව්ව දේ හරි කියලා. ඒ විතරක් නෙවෙයි අපි කිව්ව දේ නිවැරැදි බව හිටපු ශ්‍රී ලංකා යුද හමුදාපතිගේ ප්‍රකාශයෙන් ඔප්පු වුණා කියලත් කිව්වා. ෆොන්සේකා මහතා කළ ද්‍රෝහිකම ආපහු හරවන්න බෑ.[/FONT]

    [FONT=&quot]විශ්‍රාමික ජෙනරල්වරයා ගේ ප්‍රකාශය පළ වුණේ දැඩිව ආණ්ඩුව විවේචනය කරන පුවත්පතකයි. මේ ප්‍රකාශයෙන් විපක්ෂයේ අපේක්ෂකයාට බරපතළ පාඩුවක් වෙන බව දැන දැනත් ඔවුන් මේක පළ කළේ ඇයි කියන ප්‍රශ්නය මතු වෙනවා.[/FONT]

    [FONT=&quot]ඒ පුවත්පත එක්සත් ජාතික පක්ෂයට හිතවත්කමක් තියෙනවා. හැබැයි ඊටත් වඩා හිතවත් විදේශ බලවේගවලටයි. ඒ වගේ පුවත්පතක මේ ප්‍රකාශය පළ කළේ ෆොන්සේකා මහතාට පාඩුවක් කරන්න නෙවෙයි.[/FONT]

    [FONT=&quot]ඔහු මේ ප්‍රකාශය කළේ දෙමළ ඡන්ද ගන්න බලාගෙනයි. අනිත් අතට මේක තමා එයාට බාර දුන්න කොන්ත්‍රාත්තුව. බටහිර බලවේග ෆොන්සේකාව යොදා ගත්තේ අපේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගේන්න පොටක් පාදා ගන්නයි. මෙයා දැන් ඒ ගොල්ලන්ගේ ගිරා පැටියා. ජවිපෙ වචනයෙන් කිව්වොත් බිල්ලා. එයා කරන්නේ අර විදේශ බලවේගවලට වුවමනා ටික කියන එක විතරයි. නමුත් ඒ ප්‍රකාශයේ බරපතළකම ඔවුන්ට තේරුණේ පසුවයි.[/FONT]
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    [FONT=&quot]ලංකාවේ යුද අපරාධ ගැන කතා කරපු රටක් තමා ඇමෙරිකාව. නමුත් රොබට් ඕ. බ්ලේක් ලංකාවට ඇවිත් කිව්වා ලංකාව ගැන අපේ ස්ථාවරය වෙනස් කරනවාය. හොඳ හිත පවත්වාගෙන යන්න ඕනෑ ය කියලා. එහෙම කියලා දින දෙක තුනක් යද්දී විශ්‍රාමික ජෙනරාල්වරයා ගේ ප්‍රකාශය අහම්බයෙන් වුණ දෙයක් හැටියට පෙනෙන්නේ[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]නෑ. මෙය හිතාමතාම කළ ප්‍රකාශයක්. හරියට පොටක් පාදා ගන්න බැරි වුණ නිසා විදේශ බලවේගවලට බැරි වුණා අපිට එරෙහිව යුද අපරාධ චෝදනා ගේන්න. ඒ නිසා ඒක යටපත් වෙමින් තිබුණේ. නමුත් ෆොන්සේකා ගේ ප්‍රකාශයත් එක්ක ඒක නැවත උඩට ආවා. චැනල් [/FONT][FONT=&quot]4 නාළිකාව නැවත වැඩ පටන් ගත්තා. මේක තමා ෆොන්සේකා කරපු ද්‍රෝහිකම. රාජ්‍ය තාන්ත්‍රික සාම්‍යය විනාශ කළා. ෆොන්සේකා කුමන්ත්‍රණයක කොටස්කාරයෙක් බව අපි කී දේත් අද ඔප්පු වුණා.[/FONT]

    [FONT=&quot]ඔබ මුලින් කිව්වා විශ්‍රාමික ජනරාල්වරයා මේ ප්‍රකාශය කෙළේ එල්ටීටීඊ හෝ දෙමළ ඡන්ද ගන්න කියලා. නමුත් ඒ නිසාම ඔහුට දකුණේ විශාල ඡන්ද ප්‍රමාණයක් අහිමි වෙනවා. මේ දෙක පරස්පරයි[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]රුපියල් [/FONT][FONT=&quot]10,000 කින් පඩි වැඩි කරනවා ය කියලා ෆොන්සේකා කියන්නේ ඒක කරන්න බැරි බව දැන ගෙනයි. ඡන්ද ගන්න එහෙම කියනවා. හැබැයි මේ ද්‍රෝහි ප්‍රකාශයේ එක අතුරු ඵලයක් තමා දෙමළ ඡන්දවලට කතා කිරීම. නමුත් මූලික අරමුණ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගේන්න බටහිර බලවේගවලට හේතුවක් සාදා දීමයි.[/FONT]

    [FONT=&quot]නමුත් යුද බිමට අණ දුන්න පුද්ගලයා හැටියට වගකීම බාර ගන්නා බව ඔහු ප්‍රසිද්ධියේ කිව්වා. එහෙනම් ඔහුටත් යුද අපරාධ චෝදනාවලින් ගැලවෙන්න බෑ.[/FONT]

    [FONT=&quot]නෑ... ඔය තුන්වැනි ප්‍රකාශය. මුලින්ම අපේ හමුදාවට එරෙහිව ඔහු අර ඉංගිරිසි පත්තරේට ප්‍රකාශයක් දුන්නා. දෙවැනි වර තමන් කළ ප්‍රකාශය නිවැරැදි යයි සාධාරණීකරණය කළා. ඔන්න වැඩේ වැරදුනාට පස්සේ තුන්වැනි වතාවට කියනවා වගකීම බාර ගන්නවයි කියලා. මේක බොරුවක් බව කවුරුත් දන්නවා.[/FONT]
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    [FONT=&quot]දැන් බොරුවට වීර කතා කිව්වට අර ඉංගිරිසි පත්තරේ ගිය ප්‍රවෘත්තිය මැකෙනව ද[/FONT][FONT=&quot]? නෑ. ඇත්තටම ඔහුට මේකෙන් ගැලවෙන්න වුවමනා නම් ජාතියෙන් සමාව ගන්න ඕනේ. වෙන විකල්පයක් නෑ.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මේ සිද්ධිය හමුදාවට බලපාන්නෙ කොහොමද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]දැන් බලන්න [/FONT][FONT=&quot]58 වැනි සේනාංකය තමා ෆොන්සේකා පාවා දුන්නේ; විදේශ රටවල පුහුණුවීම් ගන්න ගියහම මේ අයව කොන් කරන්න පුළුවන්. මුතූර් සිද්ධිය නිසා ඒ බොරු චෝදනාව නිසා කොමාන්ඩෝ බලකායට විදේශ පුහුණුව අහිමි වුණා. යුද්ධයේ පෙරමුණේම සිටිය 58 වැනි සේනාංකයටත් මේ හානිය වෙන්න පුළුවනි. යුද අපරාධකරුවන් හැටියට ඔවුන් හංවඩු ගැහෙන්න පුළුවන්. මේක මහා අපරාධයක්. යුද්ධය දිනන්න මහා කැපකිරීමක් කළ 58 වැනි සේනාංකයට හා බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට විතරක් නෙවෙයි මුළු හමුදාවම පාවා දීමක්.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මේක මොනතරම් භයානක පාවා දීමක්ද. ආරක්ෂක ලේකම් ගේ නියෝගයෙන් බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා සහ [/FONT][FONT=&quot]58 වැනි සේනාංකය යුද අපරාධ කළාය කියලා මේ කරන්නේ මොන තරම් දේශද්‍රෝහී පාවාදීමක්ද?[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඔය චෝදනා මොන තරම් තිබුණත් කවදාවත් එකට නොපෑහෙන එ.ජා.ප. හා ජ.වි.පෙ. අද එකම වේදිකාවේ ඉන්නවා. සියල්ලට ඉහළින් වත්මන් පාලනයට එරෙහිව තියෙන ඔවුන්ගේ විරෝධය වැඩියි. මොකක්ද මේකට හේතුව[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]අද ඔය කාටවත් සටන් පාඨ නෑ. රට බෙදන මහින්ද එළවමු කියන්න බෑ. රට විකුණන මහින්ද එළවමු කියන්නත් බෑ. මොනවද අද කියන්නේ පවුල් වාදය තියෙනවලු. දැන් ඇත්ත කතාව ඕක නෙවෙයි. අශ්වයකුයි බූරු දෙනකුයි එකතු වුණාම උපදින්නේ කොටළුවෙක්. කොටළුවා කියන්නේ වඳ සතෙක්. තවත් කොටළුවෙක් හදන්නවත් ඒ කොටළුවාට බෑ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]තව කොටළුවෙක් උවමනා නම් බූරු - අශ්ව එකතුව වෙන්න ඕනේ. දැන් එ.ජා.ප. හා ජ.වි.පෙ. කියන අශ්ව - බූරු එකතුවෙන් උපන්න කොටළුවා තමා ෆොන්සේකා කියන්නේ. මේ ෆොන්සේකාට කිසිම දෙයක් අලුතින් උපද්දවන්න බෑ. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න ආවාය කිව්ව.[/FONT][FONT=&quot][/FONT]
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    [FONT=&quot]දැන් කියන්නේ මට විලියම් ගොපල්ලව වගේ වෙන්න බෑ විධායක ජනාධිපතිධූරයේ බලතල ටිකක් තියා ගන්න ඕනෙලු.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මුළු සටන් පාඨයම දැන් කණපිට ගහලා. මෙන්න මේකට තමයි කියන්නේ කොටළු දේශපාලනය කියලා. මාස හයකටයි කිව්වා එන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය හදන්නයි එන්නේ කිව්වා. දැන් මොනවද කියන්නේ. සේරම කණපිට හැරිලනේ. [/FONT][FONT=&quot]13 වැනි සංශෝධනයෙන් එහාට යන බලය බෙදීමක් ඕනෙයි කියනවා. ජ.වි.පෙ. මෙතන අශ්වය ද බූරුව ද මම දන්නේ නෑ. නමුත් ඔහේ බලාගෙන ඉන්නවා.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කරත්දී පවා අශ්වයයි බූරුවයි ගානක් නැතිව බලන් ඉන්නවා. මේ කොටළු දේශපාලනයෙන් මේ රටට කිසිම හොඳක් වෙන්නේ නෑ. අශ්ව-බූරු කසාදයට ගිය ජ.වි.පෙ. [/FONT][FONT=&quot]1988 – 89 කාලයේදී පක්ෂය වෙනුවෙන් වද වින්ද – දුක් වින්ද ජීවිත අහිමි කරගත්ත දස දහස් ගණනක් පාවා දුන්නා.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මීට මාස දෙක තුනකට කලින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තරගයක් තිබුණෙම නෑ. නමුත් අද ජනමතය [/FONT][FONT=&quot]50ට 50 දෙකට බෙදිලා. ඒ අභියෝගය බාර ගත්තේ කොහොමද?[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]පණහට පණහ[/FONT][FONT=&quot]? මොන 50ට 50 ද? රනිල් ආවා නම් මීට වඩා තරගයක් තියෙනවා. 27 වෙනිදා හවස් වෙන කොට රනිල් කරන ප්‍රකාශය මොකක්ද කියලා බලන්න කෝ. ඇත්ත කතාව ෆොන්සේකා පටන් ගත්තේ 100න් නම් දැන් ඉන්නේ 25 නේ. තව මාධ්‍ය සාකච්ඡා තුනක් තිබ්බොත් බිංදුවටම වැටෙනවා.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඔහුගේ උපදේශකයෝ දැන් කියලා තියෙන්නේ වැඩිය කට අරින්න එපා කියලයි. දැන් හිතන්න මම තුවක්කුවක් අතට ගත්තොත් මොකද වෙන්නේ මටම කොකා ගස්ස ගනියි. නොදන්න දේශපාලනයට ඇවිත් ෆොන්සේකා කරගත්තෙත් ඒ වගේම දෙයක්.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]විශ්‍රාම ගිය ගමන් මේ මනුස්සයා කෙළින්ම එන්නේ ජනාධිපති වෙන්න. අඩු ගානේ පළාත් සභාවකටවත් ඉල්ලුවා නම් ටිකක් ඉගෙන ගන්න තිබුණා.[/FONT][FONT=&quot][/FONT]
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    [FONT=&quot]අද ෆොන්සේකා මහත්තයා කලිසමේ එක කකුලට කකුල් දෙකම දා ගෙන. ඉතින් ඇවිදින්න බැරි විකාරයක් වෙලා. අපිට අමුතුවෙන් ප්‍රචාරයක් ඕනේ නෑ. අතින් සල්ලි දීලා ෆොන්සේකා මහත්තයාට තව ප්‍රවෘත්ති සාකච්ඡා දෙකතුනකට යවන්න විතරයි තියෙන්නේ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ෆොන්සේකා මහත්තයා ප්‍රවෘත්ති සාකච්ඡාවලට දුර්වලයි කිව්වට ඔහු ජනමාධ්‍යයේ මිතුරෙක්. ජනමාධ්‍යවේදීන් ගේ සුබසාධනයට පනතක් ගෙනෙන බව කිව්වෙත් ඔහු විතරයි[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ෆොන්සේකා මහත්තයා ඇත්තටම මාධ්‍යවේදීන්ට දෙන්න ඕනේ සුබසාධනය නෙවෙයි ජීවිත රක්ෂණයක්. පනතකට වඩා රක්ෂණ සහතිකයක් දෙනවයි කිව්වා නම් ඔයිට වඩා හොඳයි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]නමුත් මුළු රටේම එකවර ඡන්දය ප්‍රකාශ වෙන්නේ කාලයකට පසුවයි. උතුරේ දෙමළ ඡන්ද[/FONT][FONT=&quot], දකුණේ අලුත් ම ඡන්ද ප්‍රකාශ වෙන්නේ කොහොමද කියලා කවුරුවත් දන්නේ නෑ.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඇයි පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය ගන්න. සන්ධානය වැඩි ඡන්ද ලක්ෂ [/FONT][FONT=&quot]25කින් ඉදිරියෙන් ඉන්නවා. ඒ හැම එකකටම වඩා සන්ධානයට වාසි සහගතම ඡන්දය තමා මේ ජනාධිපතිවරණය. ලංකා ඉතිහාසයේ ශක්තිමත්ම ජනප්‍රියම අපේක්ෂකයා ඉදිරිපත් වෙන්නෙත් සන්ධානයෙනුයි. ත්‍රස්තවාදය විනාශ කරලා මර බිය නැති කරලා ඒක පුද්ගල සන්තුෂ්ටිය ඇති කරපු නායකයායි මේ ඡන්දයට එන්නේ. ඒක පුද්ගල සන්තුෂ්ටිය ඇති කරපු නායකයා මේ දෙවැනි වතාවේ ඒක පුද්ගල ආදායම ඉහළ නංවන්න ජනවරම ඉල්ලනවා.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඒ නිසා ඉතාම පැහැදිලිව මම කියන්න ඕනේ උතුරේ ඡන්දෙත් අලුත් ඡන්දත් එක්කම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තවත් ඉහළ යනවා. කොළඹට වඩා උතුරේ [/FONT][FONT=&quot]– නැඟෙනහිර ජනතාවට සාමය අනර්ඝයි. ඒ බලය ප්‍රබලයි. වතුකරය ගත්තොත් සම්පූර්ණ සහාය ලැබෙනවා. 2005 දී නොලැබුණු විශාල සහයෝගයක් අද ලැබෙනවා. මේ තමයි උතුර – දකුණ – වතුකරය කියන සමස්ත ලංකාවේම එකවර ඡන්දය පැවැත්වෙන අවස්ථාව. එහෙම රටක් හදපු නායකයා හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශාල ජනවරමක් ලබලා ජයග්‍රහණය කිරීම නිසැකයි.[/FONT]
     
    • Like
    Reactions: smallvilleclerk50

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    [FONT=&quot]එහෙම නම් ජ.වි.පෙ.ට හා එ.ජා.ප.යට ඡන්දයෙන් පසුව මොකද වෙන්නේ[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]සමහරු අනාථ වුණහම මුළු සේසතම දාලා බූරුවා ගහනවා. අද ජ.වි.පෙ. කරන්නෙත් ඒ වගේ බූරු ගැහිල්ලක්. මේ පරාජයෙන් පස්සේ ජ.වි.පෙ. සේසතම ඉවරයි. හැබැයි එ.ජා.ප.යට මොනවා වුණත් වික්‍රමසිංහ මහත්තයා නම් බේරෙනවා. පරාජයේ කරුමෙන් බේරෙන්න එයත් කෙනෙක් හොය හොයා හිටියා. ඉතින් හොඳ කොටළුවෙක් ලැබුණා. දැන් ඒ කොටළුවා මේ කරුමෙට කරගහනවා. වික්‍රමසිංහ මහත්තයා ඊළඟට ජනාධිපතිවරණයක් තිබ්බොත් ඒකට තරග කරයි. හැබැයි මට කනගාටු ජ.වි.පෙ. ගැනයි. අන්තිමට වෙන්නේ මුළු සේසතම පරද වුණ අසරණ සූදුකාරයෙක් බවට පත්වීම විතරයි.[/FONT][FONT=&quot][/FONT]
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    sf1-copy.jpg
    sf2-copy1.jpg
    sf3-copy.jpg
     

    Similar threads