DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    .....
    ....
    ...
    ..
    .
    :P




    හිතුවා නේද Mia කියලා :eek::lol:

    Burj Khalifa("Khalifa Tower"):

    මීටර් 828 ක් උස මෙය ලෝකයේ උසම ගොඩනැගිල්ල වන්නේ ලොව දෙවනියට උසම ගොඩනැගිල්ලට(Shanghai Tower) වඩා 196m පරතරයකිනි :shocked:..
    2008 සිට ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස වාර්තාවට හිමකම් කියයි ...


    mtq1oL4.jpg


    ආරම්භය - 2004 ජනවාරි 6
    අවසානය - 2009 දෙසැම්බර් 2

    මෙය එක්සත් අරාබි එමීර් රාජයයේ ඩුබායි හි පිහිටා ඇත...
    මෙය ඉදි කිරීම සදහා ඩොලර් බිලියන 1.5ක් වැයවී ඇති බවට ප්‍රකාශ වී තිබුනත් නියම ප්‍රමාණය ඊට වැඩි බව සදහන් වන අතර එය රහසක් ලෙස තබා ගැනීමටද ආයෝජ්කයන් කටයුතු කොට ඇත.. :frown:

    2004 මෙහි බිම් වැඩ ආරම්භ කලද මෙහි සෑලසුම් සියල්ලම නිමවී නොතිබුන අතර ගොඩනැගිල්ලේ විශාලත්වය සලකා එහි වැඩ කටයුතු ආරම්භ කිරිමට සිදුවිය ...
    මෙවැනි විශාල ගොඩනැගිලි ඉදිකිරීමට භාවිත කරන "Jumpform Up " ක්‍රමය මෙය ඉදි කිරීමටද භාව්ත කොට ඇත..
    :nerd:
    එමගින් සතියකට එක තට්ටුව මගින් නිම කරමින් මෙය ගොඩනැගීම සිදුව තිබේ..:dull:

    OINiZSb.jpg


    Skidmore, Owings and Merrill (SOM) ගොඩනැගිලි සැලසුම්ශීල්පින් විසින් මෙහි සැලසුම ඇද ඇති අතර ඒ සදහා නොයෙක්ත් අභියෝග වලට මුහුණ පැමටද සිදුව ඇත ..
    එවකට ලොව ගොඩනගා තිබු ගොඩනැගිලි සමග සැසදීමේදී මෙහි විශාලත්වය සහ අධික උස නිසා නව සැලසුම් ව්දි සදහා අවධානය යොමු කිරීමට සිදුව ඇත..
    ඒ අතරින් මුහුණ පෑමට සිදුවූ දුෂ්කරතා අතර
    අධික ඉඩ ප්‍රමාණයක් Foundation එකට යෑම
    ගොඩනැගිල්ලට අවශ්‍ය තරම ස්වභාවික ආලෝකය නොලැබී යාම ,
    මැද පහිටි තට්ටු සදහා අවට පරිසරය නොපෙනීම දැක්විය හැක.. :no:
    මේ සදහා ඔව්න් විසින් "Y "හැඩයේ සැලැස්මක් නිර්මාණය කල අතර එමගින් ඩුබායි අධික සුලන් වලට ඔරොත්තු දීමේ හැකියාව සහ ස්වභාවික ආලෝකය හැකියාව සලකා ඇත..
    :nerd:

    1gaO66l.jpg



    මෙහි කොන්ක්‍රීට් මිශ්‍රණය සදහා අමුද්‍රව්‍ය 25ක් පමණ යොදාගෙන ඇත..
    කොන්ක්‍රීට් ,නල ආධාරයෙන් ගොඩනැගිල්ල වෙත සපයා ඇති අතර මාස 32ක් තුල කුයුබික් මීටර 165,000 සපයා ඇත ...
    මුලදී සතියකට එක තට්ටු බැගින් නිමවූ මෙහි පසුව දින 3කට එක තට්ටුව මගින් නිම කර ඇත ...
    :shocked:

    tqcqKy2.jpg


    ගොඩනැගිල්ලේ යට කණු 192ක් 50m ක ගැබුරට හාරා දමා ඇති එහි උඩ 3.7m ගනකම කොන්ක්‍රීට් තට්ටුවක් දමා
    එමගින් මුළු බර (ටොන් 500,000 වැඩි බරක් )දරා ගෙන සිටින ලෙස නිමවා ඇත..


    sAqydJP.jpg


    අවුරුදු 3ක් තුල 512m සහ තට්ටු 141 නිම කිරීමට මෙය සාදන්නන් හට හැකියාව ලැබුණි ...:shocked:
    එවකට 508m ක් උසැති Taipei 101 අභිබවා ගොස් ලොව උසම ගොඩනැගිල්ල බවට පත් වුවද වැඩ නිම නොකළ බැවින් එය උසම ගොඩනැගිල්ල ලෙස සලකා නැත ..
    :no:

    ගොඩනැගිල්ලේ උස නිසාම සුළගින් සිදුවන හානිය අවම කිරීමට එහි කොන් වක්‍ර කර ඇති අතර එහි ඉහල මහලවල් වල පළලද අඩු කර ඇත ...

    පොලව මතුපිටේ සිට තට්ටු 163ක්ද apartments 900ක්ද හොටෙල් කාමරද 160ක් ද ඇති අතර
    මෙගා වොට් 36 ක විදුලි ධාරිතාවක් (මිනිස්සුන් 20,000ක් සිටින නගරයක් සදහා අවශ්‍ය විදුලිය) අවශ්‍ය වේ ..වීදුලි කප්පදුවකිදී ඒ සදහා විශාල generator 5ක් යොදා ගෙන ඇත ..

    මෙහි වීදුරු නිර්මාණය සදහා නවතම කර්මාන්තශාලාවක් ගොඩනගන ලද අතර
    එමගින් මාස 4ක් පමණ කාලයකදී පරීක්ෂා කිරීමට සුදුසු තත්වයේ විදුරු නිපදවන ලදී ..
    ඩුබායි හි උෂ්ණත්වයට ඔරොත්තු දීම සදහා
    රිදී ආවරන යක්ද (UV එලිය පරාවර්තනය කිරීමට) , ඇතුලත ටයිටේනියම අවරනයකින්ද (Infrared සදහා ) යෙදීම මගින් උෂ්නත්වය බොහෝ දුරට අඩු කිරීමට යොදා ගන්න ලදී... :nerd:
    එක වීදුරුවක් සදහා ඩොලර් 2000 ක මුදලක් වැයවී ඇත ..
    මුළු වීදුරු සදහා පමණක් ඩොලර් මිලියන 48ක් වැය වී ඇත:no:.. මේ සදහා වීදුරු 24000ක් යොදා ගෙන ඇති අතර ඒවා සියල්ල වෙන වෙනම මිනිස් ශ්‍රමයෙන් සවි කිරීමට සිදුවී ඇත ..
    :eek:

    3azX8Ri.jpg


    මෙහි නිරීක්ෂනාගාර තට්ටුවද ඉදි කර ඇති අතර එහි සිට්ටින්නන් සුළගින් ආරක්ෂා කිරීම සදහාද උපක්‍රම(Wind Alarms , Dividers ) යොදා තිබේ ...
    උඩම ඇති 136ම දිගැති ටොන් 350ක් බරැති වානේ කුලුන කොටස් වශයෙන් ඉහලට ගෙන ගොස් සකස් කර ඇත ...

    A9nBZQ8.jpg


    Burj Khalifa ඉතා අලන්කරවත් ගිණි කෙලි සංදර්ශනයක් සමග 2010 ජනවාරි මස 4 වන දින විවුර්ත කරන ලදී ....:)

    0moYGBZ.jpg


    7LBCOYD.jpg


    1GecdfJ.jpg


    :)

    මේකෙන් තමා වැඩි පුර විස්තර හොයාගත්තේ ..


     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    වැදගත් ලිපියක් මචන්. මෙතනට මම කට්ටිය නොදන්න තවත් යමක් එකතු කරන්නම්. බර්ජ් කලීෆා කියලා මේකට නම තිබ්බේ ඇයි කියලා දන්නවාද? හිතාගෙන හිටපු තරමට වඩා වැඩි වියදමක් ගියා මේක හදන්න. Open කරන්න දින දාගෙන හිටියත් සල්ලි වල ප්‍රශ්නය නිසා වැඩ ඉවර කරගන්න බැරි වෙන තැනකට ආවා. කොහොම හරි වැඩේ වෙලාවට ඉවර කරන්න උදව් කරේ UAE ජනාධිපති වගේම අබුඩාබී ruler Sheikh කලීෆා බින් සයිද්. ඇමරිකන් ඩොලර් බිලියන 10කට එහා මුදලක් මේක හදන්න දීලා තියෙනවා. නම තියන්න තිබිලා තියෙන්නේ බර්ජ් ඩුබායි කියලා. නමුත් Building එක ඔපන් කරන්න ඔන්න මෙන්න කියලා Sheikh කලීෆා කියලා තියෙනවා මේකට මගේ නම තියන්න කියලා. සල්ලි බිලියන ගානක් දීලා තියෙන නිසාත් කරන්නම දෙයක් නැති නිසා තමයි අන්තිමේදී බර්ජ් ඩුබායි කියලා බර්ජ් කලීෆා උනේ..සල්ලි දුන්නේ නැත්නම් කීයටවත් අබුඩාබී රජාගේ නම ඩුබායි වල Building එකට තියයිද
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119