Koho Koho - Sanath Nandasiri & Sujatha Aththanayake

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    Koho Koho - Sanath Nandasiri & Sujatha Aththanayake



    කොහෝ කොහෝ
    කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
    අපේ ගමේ රබන් පදේ
    උඹට ඇහෙනවදෝ
    කජු නාඹර රස මී අඹ
    ගස් යට වැහි වැහලා
    කොහෝ අන්න අර බලපන්
    මී වද පැණි පිරිලා
    කොහෝ කොහෝ කොහේ ඉඳන්
    කොහෝ කියනවදෝ
    බක් මාසේ මඟුල් නැකත් මටත් කියනවදෝ
    රබන් හඬට බඹරු නටන
    ලස්සන ගම් මැද්දේ
    කොහෝ උඹත් ගී කියපන්
    සිංහල අවුරුද්දේ
    කොහෝ කොහෝ
    කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
    අවුරුද්දට අපේ දිහා නෑගම් එනවදෝ

    පද රචනය -- අජන්තා රණසිංහ
    සංගීතය - සනත් නන්දසිරි
    ගායනය - සනත් නන්දසිරි / සුජාතා අත්තනායක​