Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Today at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Today at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Korathota Raja Maha Viharaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Kithulpe Raja Maha Viharaya

දළදා වහන්සේට සෙවණ සැළසූ කිතුල්පේ රජමහා විහාරය

මහනුවර සිට කි.මී. 28 ක් දුරින් පිහිටි නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් හඟුරන්කෙත අවට පිහිටි රජමහා විහාර කිහිපයකි. ඒ අතර කිතුල්පේ විහාරය වැදගත් වන්නේ දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටීමෙන් පූජනීයත්වයට පත් ස්ථානයක් වශයෙනි.

මෙම අප්‍රකට පුදසුන වෙත හඟුරන්කෙත සිට මාර්ග දෙකක් ඔස්සේ පැමිණීමට පුළුවන. හඟුරන්කෙත සිට රිල්ලගස්කඩට පැමිණ පොරමඩුල්ල හරහා මේ වෙත දුර කි.මී. 15 කි. හගුරන්කෙත උනන්තැන්න හරහා කිතුල්පේ වෙත දුර කි.මී. 9කි. මෙම මාර්ග දෙකෙහි දී ම කඳු ගැස්මකින් යුක්තව බැවුම් හරහා මාර්ගය ඇදී යයි අවට පිහිටා ඇති කඳුවැටි සහ කෙත් යායන් නෙත් පිනවයි. හෙල්මළු ක්‍රමයට ලියැදි සකසා ඇති ආකාරය ඉතා සුන්දර දසුනක් මවා පායි. කිතුල්පේ පිහිටා ඇත්තේ මධ්‍ය කඳුකරයේ අඩි 1500ක් පමණ උසින් යුත් මිටියාවතක ය. කිතුල්පේ විහාරය වටා පිහිටා ඇත්තේ අඩි තුන්හාර දහසක් ඉහළට නැගෙන කඳුවැටි ය. පෙන්නගල කන්ද, මල්හතගොඩ කන්ද, හපුගස්දෙනිය යන කඳු අවට වළල්ලක් ලෙසින් ඉහළ නැගී සිටී. මේ කඳුවල වනාන්තර අද විනාශ වී මුදුන්වලට පමණක් සීමා වී තිබේ.

නුවර යුගයේ බුද්ධ ප්‍රතිමාවක් වර්ෂ 1796 සිට මෙරට මුහුදුබඩ පළාත් පාලනය කළ ඉංගී‍්‍රසින්ගෙන් උඩරටට එල්ලවන තර්ජන හමුවේ දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ අවස්ථාවල සඟවා තැබුණි. අවසාන රජු වූ ශ්‍රී‍්‍ර වික්‍රම රාජසිංහ සමයේ එලෙස දළදාව සඟවා තැබූ ස්ථානයකි කිතුල්පේ. ඒ බව දළදා විත්තිය නම් පුස්කොළ පොතක මෙසේ සඳහන් ය.

ශ්‍රී වර්ධන පුරයෙන් (මහනුවර) අප්‍රසිද්ධ ලෙසින් වැඩමවා ගෙන ගොස් හේවාහැට රට බඳ ගිරිදුර්ග ජල දුර්ග වන දුර්ගයෙන් සුරක්ෂිත වූ කිතුල්පේ කියන ගමෙහි ඒ අවස්ථාවට සුදුසු ලෙස කළ මාලිගා මන්දිරයට වැඩමවා තේවාව ආදි බුද්ධ පූජා පවත්වමින් දිවා රාත්රී්ර දෙක්හි අප්රමාදත්වයෙන් යෙදී තුන් ලෝ වාසීන්ට වැඩ පිණිස බුදුන් වදාළ උතුම් රුවන් සූත්‍ර සතිපට්ඨාන සූත්‍රාදී වත් පිරිත් නොකඩ කොට පවත්වමින් (දළදා විත්තිය සංස්. පුංචි බණ්ඩාර සන්නස්ගල’)

මෙම පුස්කොළ පොතට අනුව දළදාව සගවා ඇත්තේ ශක වර්ෂ 1724 දී (ක්‍රි.ව 1802) දීය. ඉංගී්රසින් මහනුවර නගරයට පිවිස මුත්තුසාමි රජ බවට පත් කළේ 1803 දී ය. ඔවුන් මහනුවර යටත් කරගෙන ඊට පසු රජු සොයා හඟුරන්කෙතට පැමිණියහ. ටික දිනකින් නැවත ඉංගී‍්‍රසින්ට පහර දුන් සිංහල සේනා ඔවුහු වැඩි පිරිසක් විනාශ කර කොළඹට පලවා හැරියහ. ඉංගී්රසිහු හඟුරන්කෙතට පැමිණි බව ආරංචි වූ වහාම දළදා වහන්සේ රහසින් වෑගම රජ මහා විහාරයට රැගෙන ගොස් සඟවා තිබේ. තෙදිනකට පසු අනතුරු පහව ගිය විට යළිත් කිතුල්පේට රැගෙනවත් පුද පූජා පවත්වා ඇත. ටික කලිකන් නැවත හඟුරන්කෙත අරත්තන රජමහා විහාරයටත් එතැනින් වල්ලිවෙල ගමේ අලුතින් ඉදිකළ දළදා මැදුරකටත් ගෙන ගොස් ඇති බව දළදා විත්තිය සඳහන් කරයි. වල්ලිවෙල සිට යළිත් කිතුල්පේට වැඩම වූ දළදාව යුද බිය තුරන් වූ ඉක්බිති මහ පෙරහරින් කුණ්ඩසාලේ විහාරයට ද එතැනින් 1803 පොසොන් මාසයේ දී මහනුවර දළදා මාලිගයට ද රැගෙන ගොස් ඇත (දළදා විත්තිය)

කෙත් යායක් අද්දර උස් බිමෙහි කිතුල්පේ රන්පත් ගේ විහාරය පිහිටා ඇත. විහාර බිමට පිවිසි විටම පුරාණ බෝධි වෘක්ෂය සහ ඒ අසල ඇති පැරණි ප්‍රතිමා මන්දිරය නෙත ගැටේ. ප්‍රතිමා මන්දිරය ඉදිරිපසින් ඝණ්ඨාකාර හැඩැති කුඩා දාගැබයි. ප්‍රතිමා මන්දිරයට දකුණු පසින් පෝය සීමා ගෙයයි. දැනට ජරාවාස වී ඇති එය පසුගිය සියවසේ මුල් භාගයේ ඉදිකළ එකක් බව පෙනේ. ඒ අසලම පැරණි ධර්ම ශාලා ගොඩනැගිල්ලකි. ගල් කණුවල අවශේෂ ද විහාර බිමේ තැනින්තැන දැක ගත හැකි ය.

පැරැණි සමන් දේව ප්‍රතිමාවක් මෙහි දළදා වහන්සේ වඩා හිඳ වූ ස්ථානය පිළිබඳව නිශ්චිත සාක්ෂි නොමැත. එක් අදහසකට අනුව එය දැන් පිහිටි ප්‍රතිමා මන්දිරයයි. තවත් අදහසකට අනුව විහාරයට කි.මී 1/4ක් දුරින් පිහිටි වනගත ගල්ලෙනක දළදාව සඟවා තබා ඇත. එහෙත් දළදා විත්තියේ දැක්වෙන්නේ දෙල්ගමුව විහාරයේ මෙන් රහසිගතව සඟවා තැබීමක් නොව නිසි වතාවත් ඉටු කරමින් ඉංගී‍්‍රසින්ට ළඟාවිය නොහැකි ස්ථානයක තැන්පත් කිරීමක් ගැන ය. ඒ අනුව දළදා වහන්සේ විහාර භූමියේ තැන්පත් කළා වීමට ද ඉඩ තිබේ. මෙහි පැරණි විහාර මන්දිරය ජරාවාසව තිබී ශක වර්ෂ 1831 (ක්‍රි.ව. 1909) දී ප්‍රතිසංස්කරණය කළ බව එහි දොර උළුවස්සට ඉහළින් ඇති සටහනින් පැහැදිලි වේ. එහිදී විහාරයේ පැරණි අංග ලක්ෂණ විනාශ වී ගියා විය හැකි ය.

ප්‍රතිමා මන්දිරය දිගින් අඩි 35 ක් ද පළලින් අඩි 18 ක් පමණ ද වේ. එහි ඉදිරිපසින් ඇති කොටස හේවිසි මණ්ඩපය යි. විහාර ගර්භය වටා ප්රදක්ෂිණා පථයක් සේ සහ හේවිසි මණ්ඩපය වටා කොට බිත්තියට සම්බන්ධ කර රවුම් ගඩොල් කුළුණු සමූහයකි. එම කුළුණු වහලේ බර දරා සිටී. පියස්ස පෙති උළු සෙවිලි කර ඇත. හේවිසි මණ්ඩපය තුළ ඇති දැව කුළුණු කැටයම් රහිත ය. ඒවා පියස්සට සවි වන්නේ කැටයම් සහිත සිව්රැස් පේකඩවලිනි. ප්‍රතිමා මන්දිර ප්‍රවේශය අලංකාර මකර තොරණකි. එහි දෙපස කඩුවක් අතින් දරන දොරටුපාල රූප දෙකකි. දොරටුව ඉහළින්ම මකර තොරණ සහ ඒ මත දේව රූප ය. මෙම මකර තොරණ 1990 දශකයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබේ.

මෙහි විහාර මන්දිරය තුළ ඇති ප්‍රතිමා අරත්තන විහාරයේ ප්රතිමාවලට සමාන ය. එවකට හඟුර න්කෙත රාජකීය විහාරය අරත්තන වූ නිසා එහි ප්‍රතිමා සැලසුම මෙයට ආදර්ශ වශයෙන් ගන්නට ඇති බව පෙනේ. ඇතුළත හිඳි බුදු පිළිමය (උස මී 1.5) සහ ඒ දෙපස හිටි බුද්ධ ප්‍රතිමා දෙකකි. (උස මීටර 1.6) හිඳි ප්‍රතිමාව දෙපස බිත්තියේ ඉහළින් ඉර හඳ සිතුවම් කර තිබේ. ඊට පහළින් සැරියුත් මුගලන් දෑගසව් ප්රතිමාය. මෙම සිතුවම් සහ මූර්ති 1909 ප්රතිසංස්කරණයෙන් පසු පැවති තත්ත්වයේ තවම පවතින බව පෙනේ. ඒවා කලාත්මක වශයෙන් උසස් ස්වරූපයක් පළ නොකළ ද පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් හිමිකර ගනී. දෙපස බිත්තිය සරසා ඇත්තේ මහනුවර යුගයේ සුලභ වූ නෙලුම් මල් රැගෙන යන ශ්‍රාවක රූපවලිනි. බුද්ධ චරිතයේ අවස්ථා සහ සත්සතිය ද මෙහි ඇඳ තිබේ. දොර උළුවස්ස අසලම කතරගම සහ විෂ්ණු දේව රූප ඇඳ තිබේ. ප්‍රතිමා මන්දිරයේ සහ ඉදිරිපස හේවිසි මණ්ඩපයේ වියන ද නෙලුම් මල් මෝස්තර, රාශි චක්‍රය ආදියෙන් සරසා තිබේ. මෙම පැරණි විහාර මන්දිරයට සම්බන්ධ කර මෑතක දී අලුත් විහාරයක් ඉදිකර තිබේ. එය පැරණි විහාරයේ ස්වරූපයට හානියකැයි සිතේ. අප ප්‍රදේශයේ ප්‍රකට ආගමික ස්ථානයක් බවට පත්ව ඇති මේ විහාරයෙන් විශාල ආගමික සේවයක් සැලසේ. මෙහි වත්මන් විහාරාධිපතිත්වය දරන්නේ හුරුළුවැවේ ආරිය වංශ හිමිය.

වරාපිටිය සිල්වත්ගම මඩුමුරේගම කිතුල්පේ කොස්ගහදෙපොල පෙතගේපිටිය යන ගම්වල පවුල් 400ක පමණ දායක පිරිසක් විහාරය හා සම්බන්ධ වී ආගමික කටයුතුවල නියැලෙති.

[QUOTE="netlife007, post: 5436132, member: 79514"] [B]Kithulpe Raja Maha Viharaya [/B] [B]දළදා වහන්සේට සෙවණ සැළසූ කිතුල්පේ රජමහා විහාරය[/B] මහනුවර සිට කි.මී. 28 ක් දුරින් පිහිටි නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් හඟුරන්කෙත අවට පිහිටි රජමහා විහාර කිහිපයකි. ඒ අතර කිතුල්පේ විහාරය වැදගත් වන්නේ දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටීමෙන් පූජනීයත්වයට පත් ස්ථානයක් වශයෙනි. මෙම අප්‍රකට පුදසුන වෙත හඟුරන්කෙත සිට මාර්ග දෙකක් ඔස්සේ පැමිණීමට පුළුවන. හඟුරන්කෙත සිට රිල්ලගස්කඩට පැමිණ පොරමඩුල්ල හරහා මේ වෙත දුර කි.මී. 15 කි. හගුරන්කෙත උනන්තැන්න හරහා කිතුල්පේ වෙත දුර කි.මී. 9කි. මෙම මාර්ග දෙකෙහි දී ම කඳු ගැස්මකින් යුක්තව බැවුම් හරහා මාර්ගය ඇදී යයි අවට පිහිටා ඇති කඳුවැටි සහ කෙත් යායන් නෙත් පිනවයි. හෙල්මළු ක්‍රමයට ලියැදි සකසා ඇති ආකාරය ඉතා සුන්දර දසුනක් මවා පායි. කිතුල්පේ පිහිටා ඇත්තේ මධ්‍ය කඳුකරයේ අඩි 1500ක් පමණ උසින් යුත් මිටියාවතක ය. කිතුල්පේ විහාරය වටා පිහිටා ඇත්තේ අඩි තුන්හාර දහසක් ඉහළට නැගෙන කඳුවැටි ය. පෙන්නගල කන්ද, මල්හතගොඩ කන්ද, හපුගස්දෙනිය යන කඳු අවට වළල්ලක් ලෙසින් ඉහළ නැගී සිටී. මේ කඳුවල වනාන්තර අද විනාශ වී මුදුන්වලට පමණක් සීමා වී තිබේ. [IMG]http://amazinglanka.com/heritage/kithulpe/images/z_p19-Kithulpe1.jpg[/IMG] නුවර යුගයේ බුද්ධ ප්‍රතිමාවක් වර්ෂ 1796 සිට මෙරට මුහුදුබඩ පළාත් පාලනය කළ ඉංගී‍්‍රසින්ගෙන් උඩරටට එල්ලවන තර්ජන හමුවේ දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ අවස්ථාවල සඟවා තැබුණි. අවසාන රජු වූ ශ්‍රී‍්‍ර වික්‍රම රාජසිංහ සමයේ එලෙස දළදාව සඟවා තැබූ ස්ථානයකි කිතුල්පේ. ඒ බව දළදා විත්තිය නම් පුස්කොළ පොතක මෙසේ සඳහන් ය. ශ්‍රී වර්ධන පුරයෙන් (මහනුවර) අප්‍රසිද්ධ ලෙසින් වැඩමවා ගෙන ගොස් හේවාහැට රට බඳ ගිරිදුර්ග ජල දුර්ග වන දුර්ගයෙන් සුරක්ෂිත වූ කිතුල්පේ කියන ගමෙහි ඒ අවස්ථාවට සුදුසු ලෙස කළ මාලිගා මන්දිරයට වැඩමවා තේවාව ආදි බුද්ධ පූජා පවත්වමින් දිවා රාත්රී්ර දෙක්හි අප්රමාදත්වයෙන් යෙදී තුන් ලෝ වාසීන්ට වැඩ පිණිස බුදුන් වදාළ උතුම් රුවන් සූත්‍ර සතිපට්ඨාන සූත්‍රාදී වත් පිරිත් නොකඩ කොට පවත්වමින් (දළදා විත්තිය සංස්. පුංචි බණ්ඩාර සන්නස්ගල’) [IMG]http://amazinglanka.com/heritage/kithulpe/images/z_p19-Kithulpe0.jpg[/IMG] මෙම පුස්කොළ පොතට අනුව දළදාව සගවා ඇත්තේ ශක වර්ෂ 1724 දී (ක්‍රි.ව 1802) දීය. ඉංගී්රසින් මහනුවර නගරයට පිවිස මුත්තුසාමි රජ බවට පත් කළේ 1803 දී ය. ඔවුන් මහනුවර යටත් කරගෙන ඊට පසු රජු සොයා හඟුරන්කෙතට පැමිණියහ. ටික දිනකින් නැවත ඉංගී‍්‍රසින්ට පහර දුන් සිංහල සේනා ඔවුහු වැඩි පිරිසක් විනාශ කර කොළඹට පලවා හැරියහ. ඉංගී්රසිහු හඟුරන්කෙතට පැමිණි බව ආරංචි වූ වහාම දළදා වහන්සේ රහසින් වෑගම රජ මහා විහාරයට රැගෙන ගොස් සඟවා තිබේ. තෙදිනකට පසු අනතුරු පහව ගිය විට යළිත් කිතුල්පේට රැගෙනවත් පුද පූජා පවත්වා ඇත. ටික කලිකන් නැවත හඟුරන්කෙත අරත්තන රජමහා විහාරයටත් එතැනින් වල්ලිවෙල ගමේ අලුතින් ඉදිකළ දළදා මැදුරකටත් ගෙන ගොස් ඇති බව දළදා විත්තිය සඳහන් කරයි. වල්ලිවෙල සිට යළිත් කිතුල්පේට වැඩම වූ දළදාව යුද බිය තුරන් වූ ඉක්බිති මහ පෙරහරින් කුණ්ඩසාලේ විහාරයට ද එතැනින් 1803 පොසොන් මාසයේ දී මහනුවර දළදා මාලිගයට ද රැගෙන ගොස් ඇත (දළදා විත්තිය) කෙත් යායක් අද්දර උස් බිමෙහි කිතුල්පේ රන්පත් ගේ විහාරය පිහිටා ඇත. විහාර බිමට පිවිසි විටම පුරාණ බෝධි වෘක්ෂය සහ ඒ අසල ඇති පැරණි ප්‍රතිමා මන්දිරය නෙත ගැටේ. ප්‍රතිමා මන්දිරය ඉදිරිපසින් ඝණ්ඨාකාර හැඩැති කුඩා දාගැබයි. ප්‍රතිමා මන්දිරයට දකුණු පසින් පෝය සීමා ගෙයයි. දැනට ජරාවාස වී ඇති එය පසුගිය සියවසේ මුල් භාගයේ ඉදිකළ එකක් බව පෙනේ. ඒ අසලම පැරණි ධර්ම ශාලා ගොඩනැගිල්ලකි. ගල් කණුවල අවශේෂ ද විහාර බිමේ තැනින්තැන දැක ගත හැකි ය. [IMG]http://amazinglanka.com/heritage/kithulpe/images/z_p19-Kithulpe2.jpg[/IMG] පැරැණි සමන් දේව ප්‍රතිමාවක් මෙහි දළදා වහන්සේ වඩා හිඳ වූ ස්ථානය පිළිබඳව නිශ්චිත සාක්ෂි නොමැත. එක් අදහසකට අනුව එය දැන් පිහිටි ප්‍රතිමා මන්දිරයයි. තවත් අදහසකට අනුව විහාරයට කි.මී 1/4ක් දුරින් පිහිටි වනගත ගල්ලෙනක දළදාව සඟවා තබා ඇත. එහෙත් දළදා විත්තියේ දැක්වෙන්නේ දෙල්ගමුව විහාරයේ මෙන් රහසිගතව සඟවා තැබීමක් නොව නිසි වතාවත් ඉටු කරමින් ඉංගී‍්‍රසින්ට ළඟාවිය නොහැකි ස්ථානයක තැන්පත් කිරීමක් ගැන ය. ඒ අනුව දළදා වහන්සේ විහාර භූමියේ තැන්පත් කළා වීමට ද ඉඩ තිබේ. මෙහි පැරණි විහාර මන්දිරය ජරාවාසව තිබී ශක වර්ෂ 1831 (ක්‍රි.ව. 1909) දී ප්‍රතිසංස්කරණය කළ බව එහි දොර උළුවස්සට ඉහළින් ඇති සටහනින් පැහැදිලි වේ. එහිදී විහාරයේ පැරණි අංග ලක්ෂණ විනාශ වී ගියා විය හැකි ය. ප්‍රතිමා මන්දිරය දිගින් අඩි 35 ක් ද පළලින් අඩි 18 ක් පමණ ද වේ. එහි ඉදිරිපසින් ඇති කොටස හේවිසි මණ්ඩපය යි. විහාර ගර්භය වටා ප්රදක්ෂිණා පථයක් සේ සහ හේවිසි මණ්ඩපය වටා කොට බිත්තියට සම්බන්ධ කර රවුම් ගඩොල් කුළුණු සමූහයකි. එම කුළුණු වහලේ බර දරා සිටී. පියස්ස පෙති උළු සෙවිලි කර ඇත. හේවිසි මණ්ඩපය තුළ ඇති දැව කුළුණු කැටයම් රහිත ය. ඒවා පියස්සට සවි වන්නේ කැටයම් සහිත සිව්රැස් පේකඩවලිනි. ප්‍රතිමා මන්දිර ප්‍රවේශය අලංකාර මකර තොරණකි. එහි දෙපස කඩුවක් අතින් දරන දොරටුපාල රූප දෙකකි. දොරටුව ඉහළින්ම මකර තොරණ සහ ඒ මත දේව රූප ය. මෙම මකර තොරණ 1990 දශකයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබේ. මෙහි විහාර මන්දිරය තුළ ඇති ප්‍රතිමා අරත්තන විහාරයේ ප්රතිමාවලට සමාන ය. එවකට හඟුර න්කෙත රාජකීය විහාරය අරත්තන වූ නිසා එහි ප්‍රතිමා සැලසුම මෙයට ආදර්ශ වශයෙන් ගන්නට ඇති බව පෙනේ. ඇතුළත හිඳි බුදු පිළිමය (උස මී 1.5) සහ ඒ දෙපස හිටි බුද්ධ ප්‍රතිමා දෙකකි. (උස මීටර 1.6) හිඳි ප්‍රතිමාව දෙපස බිත්තියේ ඉහළින් ඉර හඳ සිතුවම් කර තිබේ. ඊට පහළින් සැරියුත් මුගලන් දෑගසව් ප්රතිමාය. මෙම සිතුවම් සහ මූර්ති 1909 ප්රතිසංස්කරණයෙන් පසු පැවති තත්ත්වයේ තවම පවතින බව පෙනේ. ඒවා කලාත්මක වශයෙන් උසස් ස්වරූපයක් පළ නොකළ ද පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් හිමිකර ගනී. දෙපස බිත්තිය සරසා ඇත්තේ මහනුවර යුගයේ සුලභ වූ නෙලුම් මල් රැගෙන යන ශ්‍රාවක රූපවලිනි. බුද්ධ චරිතයේ අවස්ථා සහ සත්සතිය ද මෙහි ඇඳ තිබේ. දොර උළුවස්ස අසලම කතරගම සහ විෂ්ණු දේව රූප ඇඳ තිබේ. ප්‍රතිමා මන්දිරයේ සහ ඉදිරිපස හේවිසි මණ්ඩපයේ වියන ද නෙලුම් මල් මෝස්තර, රාශි චක්‍රය ආදියෙන් සරසා තිබේ. මෙම පැරණි විහාර මන්දිරයට සම්බන්ධ කර මෑතක දී අලුත් විහාරයක් ඉදිකර තිබේ. එය පැරණි විහාරයේ ස්වරූපයට හානියකැයි සිතේ. අප ප්‍රදේශයේ ප්‍රකට ආගමික ස්ථානයක් බවට පත්ව ඇති මේ විහාරයෙන් විශාල ආගමික සේවයක් සැලසේ. මෙහි වත්මන් විහාරාධිපතිත්වය දරන්නේ හුරුළුවැවේ ආරිය වංශ හිමිය. වරාපිටිය සිල්වත්ගම මඩුමුරේගම කිතුල්පේ කොස්ගහදෙපොල පෙතගේපිටිය යන ගම්වල පවුල් 400ක පමණ දායක පිරිසක් විහාරය හා සම්බන්ධ වී ආගමික කටයුතුවල නියැලෙති. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom