Korona da ??????

2osama

Well-known member
  • Oct 25, 2010
    81,413
    72,633
    113
    මාලඹේ
    බැතිමතුන් හමුවෙන් පසුව පාප් වහන්සේත් අසනීප වෙයි

    korona ද කියලා සැකයි කියන්නේ

    89035712_211554100034736_7517436079427813376_n.jpg

    .
    ඇතිව තිබෙන සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් අති උතුම් ෆ්රැන්සීස් ශුද්ධෝත්තම පාප්වහන්සේ අද දිනයේදී රෝමයේ පැවැත්වීමට සුදානම් කර තිබු දේව මෙහෙයට සහභාගී නොවූ බව වාර්තා වනවා.

    නව කොරෝනා වෛරසයෙන් පිඩා විදින ජනතාවට සහයෝගය පළ කරන බවට උන්වහන්සේ ඉකුත්දා බැසිලිකාවේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කර සිටියා. ඉන් නොනැවතුනු උන්වහන්සේ ජනතාව අතරට යමින් ඔවුන්ට ආශිර්වාද කරමින් සහ හිස සිප ගනු ලැබූ බවයි වාර්තා වන්නේ.

    එම දිනයට පසුදින ශුද්ධෝත්තම පියතුමන් අළු බදාදා දින දේව මෙහෙයට සහභාගීවූ අතර එහිදී උන්වහන්සේ යම් අසනීප තත්ත්වයකින් පෙලෙන අයුරු පෙන්නුම් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    මේ වන විට ඉතාලිය ඇතුළු යුරෝපයේ රටවල් ගණනාවක නව කොරෝනා ආසාධිත රෝගීන් හමුවී තිබෙන අතර ශුද්ධෝත්තම පියතුමන් කිසිදු ආරක්‍ෂිත ආවරණයක් නොපැළද ජනතාව අතරට ගොස් ඔවුන් සමග සිටීමෙන් අනතුරුව රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය අවධානය යොමු කර සිටිනවා.

    මේ අතර ශුද්ධෝත්තම පියතුමන් සිය දෛනික කටයුතු සිදුකරමින් සිටින බවත් වතිකානු දේව මන්දිරයෙන් පිටත සංචාරය කිරිමට බලාපොරොත්තුවක් නොමැති බවයි උන්වහන්සේගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටිනවා.
    87549123_530484774277975_8466409679004631040_n.jpg

    88014076_2879044682134180_7203705722230538240_n.jpg

    කෙසේ වුවත් උන්වහන්සේගේ අසනීප තත්ත්වය ගැන මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් වතිකානුව විසින් සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කොරෝන තමා හැදිල තියෙන්නෙ..දැන් සිද්ධිය වහන්න යනව..මේ වගේ වෙලාවක ඔහොම ඉඹිනවද මොළයක් තියෙනවනම්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කොරෝන තමා හැදිල තියෙන්නෙ..දැන් සිද්ධිය වහන්න යනව..මේ වගේ වෙලාවක ඔහොම ඉඹිනවද මොළයක් තියෙනවනම්.

    දැන් ජෙප්පෝ කියන්නේ පාප් වහන්සේට මොලයක් නෑ කියලද ?
     
    • Like
    Reactions: 2osama

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,163
    4,425
    113
    මචන් ල pope francis කියන්නේ මුළු කතෝලික ඉතීහාසයටම බිහිඋන එකම ප්‍රගතිශිලී පාප් වහන්සේ ..වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ජේසුස් වහන්සේගේ ප්‍රතිමුර්තීයක්..උන්වහන්සේ ගේ කතාව ටිකක් හොයල බලපන් ඒතකොට තේරේවී ..කොහොමඋනත් උන්වහන්සේට ඉක්මන් සුවය පතමු ...
     
    • Like
    Reactions: 2osama

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දැන් ජෙප්පෝ කියන්නේ පාප් වහන්සේට මොලයක් නෑ කියලද ?

    මෙතන දේශපාලනය අදාල නැහැනේ..මම කිව්වෙ මගේ මතය.දැන් උඹ මේකෙ මොනා හරි කිව්වොත් ඒ මහින්දයගෙ මතයද?මැටි කථා කියන්න ඵපා බයියො.:lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මචන් ල pope francis කියන්නේ මුළු කතෝලික ඉතීහාසයටම බිහිඋන එකම ප්‍රගතිශිලී පාප් වහන්සේ ..වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ජේසුස් වහන්සේගේ ප්‍රතිමුර්තීයක්..උන්වහන්සේ ගේ කතාව ටිකක් හොයල බලපන් ඒතකොට තේරේවී ..කොහොමඋනත් උන්වහන්සේට ඉක්මන් සුවය පතමු ...

    ඒක හරි ඒත් මේ වගේ අවස්ථාවක ඔය වගේ මිනිස්සු බදාගන්න ඵක මහ මෝඩ කමක්.මෙතුමා අර ලංකාවෙ පවිත්‍රා කියන ගෑණි කරපු දේ දැක්කද දන්නෙ නෑ:rolleyes:.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,873
    27,455
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙතන දේශපාලනය අදාල නැහැනේ..මම කිව්වෙ මගේ මතය.දැන් උඹ මේකෙ මොනා හරි කිව්වොත් ඒ මහින්දයගෙ මතයද?මැටි කථා කියන්න ඵපා බයියො.:lol:

    ekata nam tikak ridei :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මෙතන දේශපාලනය අදාල නැහැනේ..මම කිව්වෙ මගේ මතය.දැන් උඹ මේකෙ මොනා හරි කිව්වොත් ඒ මහින්දයගෙ මතයද?මැටි කථා කියන්න ඵපා බයියො.:lol:

    උදේ ඉඳන් හවස් වෙනකන් කතා කරන්නේ ආගමික සහජීවනේ ගැන....ලෝකෙම පිළිගත්තු ආගමික නායකයෙක්ට කතා කරන්න දන්නේ නෑ...මොක්කුද බන් උඹල...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මචන් ල pope francis කියන්නේ මුළු කතෝලික ඉතීහාසයටම බිහිඋන එකම ප්‍රගතිශිලී පාප් වහන්සේ ..වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ජේසුස් වහන්සේගේ ප්‍රතිමුර්තීයක්..උන්වහන්සේ ගේ කතාව ටිකක් හොයල බලපන් ඒතකොට තේරේවී ..කොහොමඋනත් උන්වහන්සේට ඉක්මන් සුවය පතමු ...

    එතකොට එයාගේ අතින් බැතිමතෙක් ඇල්ලුවයි කියලා ගහන්න හැදුවේ? :confused:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    එතකොට එයාගේ අතින් බැතිමතෙක් ඇල්ලුවයි කියලා ගහන්න හැදුවේ? :confused:
    ඇල්ලුවා නෙවෙයි නේද බන් ඇදලා ගන්ඩ වගේ නේද හැදුවේ?
    වයසක මනුස්සයට මල පනින්ඩ ඇති බන් ඕන නැති මගුල් කරන්ඩ ගියහම
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇල්ලුවා නෙවෙයි නේද බන් ඇදලා ගන්ඩ වගේ නේද හැදුවේ?
    වයසක මනුස්සයට මල පනින්ඩ ඇති බන් ඕන නැති මගුල් කරන්ඩ ගියහම

    ඇද්දේ නෑ අත අතාරින්නේ නැතුව මොනවද කිව්වා ඒ ගෑනි.
    එහෙම මල පනින එක අවූල්නේ

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උදේ ඉඳන් හවස් වෙනකන් කතා කරන්නේ ආගමික සහජීවනේ ගැන....ලෝකෙම පිළිගත්තු ආගමික නායකයෙක්ට කතා කරන්න දන්නේ නෑ...මොක්කුද බන් උඹල...

    අනේ පලයන් බං යන්න.බොරු දේශප්‍රේමයයි,අාගමයි ඔළුව උඩ තියන් තියෙන ඔක්කොම සක්කිලි වැඩ කරන උඹලා තමා නියම පොරවල්.:lol:උඹල කඩේ යන්නෙත් ඒ වගේම උන්ටනේ..මල් වට්ටිය ඔළුව උඩ තියන් යන්නෙ ඒ උනාට පල් හොරු.:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අනේ පලයන් බං යන්න.බොරු දේශප්‍රේමයයි,අාගමයි ඔළුව උඩ තියන් තියෙන ඔක්කොම සක්කිලි වැඩ කරන උඹලා තමා නියම පොරවල්.:lol:උඹල කඩේ යන්නෙත් ඒ වගේම උන්ටනේ..මල් වට්ටිය ඔළුව උඩ තියන් යන්නෙ ඒ උනාට පල් හොරු.:lol:

    point එකට කතා කරන්න බැරි උනාම මරු කියෙව්වමත් පොඩි ගතියක් තියනවා නේ බන්
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,737
    1,484
    113
    මචන් ල pope francis කියන්නේ මුළු කතෝලික ඉතීහාසයටම බිහිඋන එකම ප්‍රගතිශිලී පාප් වහන්සේ ..වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ජේසුස් වහන්සේගේ ප්‍රතිමුර්තීයක්..උන්වහන්සේ ගේ කතාව ටිකක් හොයල බලපන් ඒතකොට තේරේවී ..කොහොමඋනත් උන්වහන්සේට ඉක්මන් සුවය පතමු ...

    Machan mm katholika agame neme aeth paap wahanseta godak garu kara. Aeth mathakadi mathakada ganu kenekge atha gasala dala mala panala yanawa. Anna eda idan poddak upset. Ethakota nam kiyannepa jesu thumage prathimurthiyak kiyala. Aeka jesuthumata karana awanambuwak.