Kos Kottu ගැමි_ලිය

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113



    හෙරළිය හෙවත් කොස්..
    **************************

    අතීතයෙ ඉදන්ම කොස්, අපේ රටේ ආහාර සංස්කෘතියෙ ප්‍රධාන තැනක් ගන්නවා..කොස් වලට හෙරළිය කියලත් කියනවා.ඒ කතාවත් හරිම අපූරුයි.

    දවසක් රහත් හිමිනමක් ගෙයක් ගෙයක් ගානෙ පිඩුසිගා වඩින අතරෙදි වයෝවෘද්ධ කාන්තාවක් සිටි නිවසකට පැමිනියා..ඒ කාන්තාවට දානය සදහා දීමට දෙයක් තිබුනේ නෑ.ඒ බව හිමිනමට දැන්වූ විට ගේ ඉදිරිපිට තිබූ කොස් ගහ දුටු හිමි නම 'මට මේකෙන් ගෙඩියක් තම්බා දෙන්නැයි' පැවසුවා.ඒ කාලය වන විට කොස් ආහාරය සදහා ගත්තේ නෑ..හිමිනමගෙ ඉල්ලීම නිසා ඇය කොස් ගෙඩියක් තැම්බෙන්නට ලිපේ තිබ්බා.කොස් තැම්බෙන විට ප්‍රණීත සුවදක් දැනෙන්නට වුනා..කාන්තාව හොරෙන්ම මුට්ටියෙ තිබූ කොස් කෑල්ලක් කෑවා.මෙය දිවැසින් දුටු හිමි නමට සිනා පහල වී 'හෙරළිය' කීවලු.එදා පටන් හෙරළිය යනුවෙන් හැදීන්වීමට පුරුදු වූ අතර වයෝවෘද්ධ කාන්තාවට කිසි දින බඩගින්නේ ඉන්නට සිදු වුනෙත් නෑ කියලා ජනප්‍රවාදයේ කියවෙනවා.
    කොස් මදුළු,කොස් ඇට,ඇට වල පොත්ත,කොස් ඉරි ආදි සියලුම කොටස් ආහාරයට ගත හැකි අතර ඉදුනු පසු පලතුරක් වරකා හෝ වැල ලෙස ආහාරයට ගන්න පුලුවන්.මගේ ප්‍රියතම ආහාර වලින් එකක් තමයි වරකා..ලුනු කුඩු,ගම්මිරිස් කුඩු ටිකක් දාගත්තම ගෙඩියක් උනත් කන්න පුලුවන්...😀😀

    මේ තරම් වාසි තියෙන කොස් වල පෝෂණ ගුනය ගැන පොඩ්ඩක් හොයලා බලමුද..?


    කොස්මදුළු වල
    තන්තු,ප්‍රෝටීන්,මේදය,කාබෝහයිඩ්‍රේට්,පොටෑසියම් වගේ පෝශක අඩංගු වෙනවා.ඒත් එක්කම අධික රුධිර පීඩනයට කොලෙස්ටරෝල් පාලනයට වගේ ගොඩක් රෝගාබාධ වලට ගුණ ආහාරයක්..ඒ වගේම තමයි පොලොස් කියන්නේ හොදට ශරීරයට ලේ වඩවන ආහාරයක්.ගැබිනි මව්වරුන්ටත් ගොඩක් ගුණයි.කොස් ඇටයක බිත්තර 2ක පෝශනය තියෙනවා කියලා ඉස්සර අපේ ආච්චි අම්මා කියනවා මට මතකයි.කොස් පොලොස් වල ගුණනම් මට කියලා නිම කරන්න බැරි වෙයි..😍රසායනික ද්‍රව්‍ය යෙදු කෘතීම ආහාර වලට වඩා මේ වගේ ස්වාභාවික ගුනයෙන් පිරි දේශීය ආහාර කෑම වේලට එකතු කරගන්න කියලා මං ඔයාලගෙන් හැමදාමත් වගේ අදත් ඉල්ලනවා..☘️🍃

     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,483
    1
    51,129
    113
    ප*යාගල
    sorry.com
    අපෙ වත්තෙ කොස් ගහක් තිබුනා අපි විතරයි කන්නෙ ගමේ අනික් උනුත් ඇවිල්ල අපෙන් අහල කඩාගෙන යනවා. අන්තිම පාර කොස් ටික ඔක්කොම දුන්නා දන්සැලකට. පස්සෙ ඒ ඉඩම අපෙන් ගියා නඩුවක් පැරදිලා. දැන් ගහේ එන්නෙ කොස් ගෙඩි 2 යි 3 යි. අයිති උන් ඒව විකුනනව.හිගන සින්හල සක්කිලි