KPZ ගැන කතාවක්

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    කාවිංග මට මෙතන ඉන්න කට්ටිය බනිනවා.මම දැක්කා ඔයාටත් බැනලා තියෙනවා.ඒත් ආදරේ කරපු හිතකින් ඔයාට වෛර කරන්න බැරි නිසා මම මුනිවත ‍රැකගෙන නිහඬ වෙන්නම්.ඔයා මට මුල්ම දවසේ අරන් දුන්නු චොකලට් එකේ කවරෙයි, එදා ඔයාගෙන් උදුර ගත්තු මුල්ම බස් ටිකට් එකයි තව අපේ ආදරේ මම එකතු කළ සමරු සටහන් කිහිපයක් මම පාර්සලයකින් ඔයාගේ ගෙදරට යැව්වා සතියකට කලියෙන් හරියටම මට තව වැඩි කාලයක් නැහැ. කවීගේ නොවුනත් වෙන කෙනෙකුගේ මනාලියක් වෙලා මම යනවා කවී.ඔයා ග්‍රෙනීශගෙන් ඈත් වුනහම මාව මතක් උනත් මගේ දෙමව්පියෝ ඔයාට මාව දෙන්න කැමති නැහැ.මෙච්චර කාලයක් මගේ ආසාවට සතුටට ඉඩ දුන්නු ඒ මිනිස්සු පව් කවී පව්.ඒ මිනිස්සු වෙනුවෙන් මම මගේ සතුට කැප කරලා ඉවරයි කවී.මම ඔයාට දුන්නු මගේ කරාපු ජෝඩුවයි, පෙන්ඩන් එකයි,ලේන්සුවයි පුච්චලා දාන්න කවී. ඒ අලු සුලඟට ගසාගෙන ගිහින් කියන්න ඉඩ දෙන්න පණ වගේ ආදරය කළ අවංක කෙල්ලෙක්ට මේ ලෝකෙන් ලැබුනු දේ මොකක්ද කියලා කවී.මේ ලෝකේ පිපෙන මලකට, ගලනා හැම ඇලකට දොලකටම දැනේවී අවංක ආදරය කොතරම් අමිහිරිද කියන එක. ඔයා වෙනුවෙන් මගේ හදවතේ තිබ්බ ඉඩ අදටත් එහෙම තිබ්බත් ඒ ආදරේට ආයේ පණක් ලැබෙන එකක් නැහැ කවී.

    :confused::confused::confused::confused:

    This is crazyyyyyyyyyy

    If the story is true >>

    Kavi is not worth of you !!!

    Have A Good Life NOW !!
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    24 කොටස

    එදින GC ගේ සිද්ධියෙන් පසු ඈ සැබෑ ලෙසම වෙනස් වුවාය. ඇය නිතර නිතර ඇයගේ photo එවන්නට විය. සමහර photo කෙනෙකුට පෙන්විය නොහැකි තරම්ය. ඇය කිවේ ඇයට මාත් සමඟ විවාහා වීමට උවමනා බවයි. ඇය කිවේ ඇය සමඟ විවාහ වී ඇයගේ ගෙදර හෝ මා කැමතිනම් මාත් සමඟ ලංකාවට වුවත් යන්නට කැමති බවයි. නමුත් මට එසේ කරන්නට උවමනා නැත. මට කෙසේවත් වෙන කෙනෙක් සමඟ විවාහ විය නොහැකිය. මම KM සමඟ යාලු වූ දිනයේ පටන් හීන දැක්කේ KM සමඟ විවාහ වීමටය. මම එය දිගින් දිගටම GCට තේරුම් කළෙමි. මම තවමත් KM ට ආදරය කරන බව කෙතරම් කිවත් ඇය කිවේ එයින් ඇයට ප්‍රශ්ණයක් නැති බවයි. කෙසේ වෙතත් ඇයගේ මෙම ඉල්ලීම කෙරෙහි මගේ සිතේ කිසිම ප්‍රසාදයක්, ආසාවක් නැත. GC මට යහළුවෙක් පමණි. කෙතරම් හිතවත් වුවත් මට KM හැර වෙන කෙනෙක්ව බඳින්නට සිතෙන්නේ නැත. මේ පිළිබඳව මම අයියාට පැවසුවේ නැත. එසේ කිවානම් අයියා මැදිහත් වී GC ව මට බන්දා දෙන බව මට විශ්වාසය. ඔහුගේ ඔලුවේ තිබෙන්නේ PR නිසා PR ගැනීමට හොඳම අවස්ථාව මෙයයි කියා ඔහු පවසාවි. මිට පෙර ඔහු කිහිප වතාවක්ම GC ව බැඳගන්නා ලෙස මට පවසා ඇත. එනිසා GC ගේ මෙමෙ ඉල්ලීම මම රහසක් ලෙස තබා ගත්තෙමි.
    මෙසේ ටික දවසක් ගෙවුණි. එක් දිනක් GC සමඟ කඩයට පැමිණි කොල්ලා තනියම කඩයට ආවේය. ඔහු කෙලින්ම පැවසුවේ මං නිසා GC වෙනස් වී ඇති බවයි. GC මට පැවසුවේ මොහු අයියා කියාය. නමුත් මේ GC ගේ පෙම්වතයි. GC සහ මොහු අවුරුදු 5ක පමණ සිට සිටින්නේ එකම නිවසකය. නමුත් ටික කලක සිට GC සැබෑ ලෙසම වෙනස් වී ඇති බවත් දැන් පෙර මෙන් ඔහුව ගණන් ගන්නේ නැති බවත් ඔහු පැවසුවේය. පෙර දිනයන් හිදී GC වැඩ නිම වී ආ පසු ඔහු සමඟ කාලය ගත කලත් දැන් ඈ laptop එකටම වී සිටින බව ඔහු පැවසුවේය. ඇය කටින් නොකීවත් ඇය කථා කරන්නේ මා සමඟ බව ඔහු හොඳාකාරවම දන්නා බව මට පැවසුවේය.
    මේ සිදු වූ දෙය ඇසු විට මා මහත් කම්පාවට පත් විය. GC මට කෙතරම් බොරුවක් කළාද? ඇය කිවේ ඔහු ඇයගේ සහෝදරයා කියාය. නමුත් ඒ ඇයගේ පෙම්වතාය. ඔහු සමඟ සිටිද්දීම ඇය මට කොතරම් දේ වලට ආරාධනා කළාද. අවසානයේ කිවේ මා සමඟ විවහා වීමටත් සූදානම් බවයි. සිදුවන්නට ගියේ කෙතරම් ලොකු වරදක්ද. මා නිසා පවුලක් කැඩෙන්නට ආසන්න විය. කුමක් හෝ පෙර පිනකට එය නැවතින. මම GC සමඟ වෙනත් දේ වලට නොගියේ තවමත් මට KM අමතක කිරීමට නොහැකි නිසාය. ඇත්තටම මට වෙන කෙනෙක් සමඟ යහළු විය නොහැක. KM ගැන සිතේ ආදරය තිබියදී වෙන කෙනෙකුට ආදරය කළ නොහැක. එසේ කරනවා නම් මා කරන්නේ අසාදාරණයකි. මට කෙදිනකවත් KMට ආදරේ කළාක් මෙන් වෙන කාටවත් ආදරේ කළ නොහැක. මේ සිද්දියෙන් පසු මට ඇති වුයේ මහත් කළකිරීමකි. සිදු වුයේ නොවිය යුත්තකි. GC ට හිතවත් වීමෙන් මා කලේ ලොකු වරදකි.
    මට මේ බැඳීම් ගැන ඇති වුයේද මහත් කළකිරීමකි. බැඳීම් යනු අපට කවදාවත් විස්වාස කළ හැකි දෙයක් නොවේ. GC ඇයගේ පෙම්වතා සමඟ එකම නිවසේ සිටියදී මා සමඟ විවහා වන්නට ඇසුවේ කෙසේද? මෙයින් මා බලවත් ලෙස කම්පාවට පත් විය. ඉන් පසු මම GC ට කෙලින්ම කිවේ නැවත මා සමඟ කතා නොකරන ලෙසයි. ඇයගේ මුහුණ දැකිමටවත් මම කැමති නැති බව ඇයට පැවසුවෙමි.
    මෙම සිද්ධිය නිසා මගේ සිත හොඳටම බිඳී තිබුණි. මගේ සිතේ ඇත්තේ මහා වරදකාරී හැඟීමකි. එකක් අම්මලාගේ පැත්ත ගෙන KM තනි කිරීමය. අනෙක නම් මා නිසා පවුලක් කැඩෙන්නට ආසන්න වීමයි. මෙසේ බිඳුණු සිත හදා ගැනීමට මා බොහෝ වෙහෙසක් දැරුවෙමි. නමුත් පෙර මෙන් ගීත වලට සවන් දීමෙන් මගේ සිත ගොඩ ගත නොහැක. මගේ අතින් සිදුවන්නට ගියේ මහා පවකි. ගෙවෙන මොහොතක් මොහොතක් පාසා මට එය මතක් විය. කළ යුතු එකම දෙයනම් සිත හදා ගැනීම පමණක් නමුත් මේ සුදුවූ දෙයත් සමඟ එය පහසු නැත. සිත සාදා ගත හැකි ක්‍රම පිළිබඳ මම internet එකේ ගොඩක් විස්තර සොයමින් කියෙව්වෙමි. mind relaxing ක්‍රම සොයාගෙන කරන්නට තැත් කලෙමි. අවසානයේ වෙනස program එකේ ගිය සංජීව හේවාපතිරණගේ magic segment එකකදී ඔහු කී දෙයක් මගේ සිතට තදබල ලෙස කා වැදුනි. ඔහු කිවේ බෞද්ධ සංකල්පයට අදාළ දෙයකි. එය මෙතන විස්තර කිරීමට මගේ කැමැත්තක් නැත. නමුත් එයින් පසුව මට අමතක වී තිබු සහ උවමනා වී තිබු පිළිතුර මට ලැබිණ. මට උවමනා වුයේ සිත හදා ගැනීමටය. සිත හදාගැනීමට ඇති ඉගැන්වීම් බෞද්ධ දර්ශණයට වඩා වෙන කොහෙවත් නැති බව මට මතක් විය. ඉන් පසු දිගින් දිගටම මම බෞද්ධ දර්ශණය ගැන ළිපි කියවන්නට විය. බෞද්ධ දේශණා වලට සවන් දෙන්නට විය. එහි ඇති භාවනා කරමින් සිත හදා ගන්නට මම වෑයම් කළෙමි. මෙනිසා මගේ සිතට සහනයක් දැනෙන්නට විය. ව්‍යාකුල වී තිබු සිත යතා තත්ත්වයට පැමිණ ඇත. තවමත් මා තුන් වන සිල් පදය බිඳ නැත. ඒ පිළිබඳව මට සතුටු විය හැක. නමුත් තව දුරටත් ලිපි කියවද්දී මට තේරුම් ගියේ මේ භාවනා ඇත්තේ ප්‍රශ්න අමතක කර සිත සාදා ගැනීමට නොවන බවයි. එහි ඊට වඩා මහා ගැඹුරක් ඇත. අප මේ ඉපදී සිටින්නේ ඇයි, මේ සංසාරෙට අපි වැටුනේ කොහොමද, සංසාරේ අපි කොපමණ දුර ඇවිත්ද, තව කොපමණ යන්න තිබේද?? මේ කිසිවකට පිළිතුර අප දන්නේ නැත. අප සැබවින්ම මේ කරන්නේ බොරුවකි. තාවකාලිකව හිත හදා ගැනීමකි. අප හම්බ කරන සියලු දේ දමා අප දිනක යා යුතුව ඇත. ඉන් පසු තවත් උපතකින් නැවත මුල සිට මේ ක්‍රියාදාමය ඇරඹිය යුතුය. නමුත් එන භවයේ මිනිසෙකුම වේයැයි හරි හැටි කියන්නේ කෙසේද? මැරෙන මොහොතේ කුමක් සිතෙවිද? එයින් ඊ ළඟ භවය කොහේ උපතක් කරා යයිද? මේවා මට නැගුනු ප්‍රශ්නයි. එනිසා කල යුත්තේ මැරෙන මොහොතේ සිහි මුළා නොවී තබා ගැනීමට නම් අවම තරමේ සොවහන් මාර්ගයටවත් පැමිණීමටය. එනිසා ඒ උදෙසා වැඩ කරන්නට මම සිතා ගත්තෙමි. රෑ වැඩ නිමවී ගෙදර ගොස් නිදිමත හැදී වැටෙනකන්ම මම භාවනා කළෙමි. නමුත් බුද්ධ දේශනා වලට අනුව භාවනා කළ යුත්තේ ශුන්‍යා ගාරයකය. එය සැබෑය. මා භාවනාවට ඉඳගත් පසු පෙර නොඇසුණු ශබ්ද පවා ඇසෙයි. අහල පහල ගෙවල් වල ශබ්ද. tv වල ශබ්ද. ලී පොළවේ අයියා අක්කා ඇවිදින ශබ්ද. පිඟන් කෝප්ප වල ශබ්ධ වැනි කලින් නොඇසෙන ශබ්ධ පවා එවෙලෙට ඇසෙන්නට ගනී. භාවනා කරගත නොහැකි තරමටම මට ඒවා ඇසෙයි. ඉන් පසු මට සිතුනේ නිවසේ සිට මෙය කළ නොහැකි බවයි. බෞද්ධ දර්ශනයට අනුව අප යා යුත්තේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේය. එහි එන නිවැරදි කර්මාන්තයේ ඇති නොකළ යුතු වෙළඳාම් පහෙන් එකක් නම් මත්පැන් වෙළඳාමයි. නමුත් මා උදේ සිට රෑ වෙනකම්ම එය කරයි. මේ රටවල් වල මත්පැන් යනු සාමාන්‍ය දෙයකි. සෑම කඩයකම වගේ wine, beer විකිනීමට ඇත. නමුත් මට මෙහි සිට ඒ ආර්ය මාර්ගයේ ගමන් කළ නොහැක. මෙයින් මිදීමට කළ හැකි හොඳම දෙය නම් ගුරු ස්වාමින් වහන්සේ නමක් යටතේ පැවිදි වීමයි. ඒ නිසා මම ඒ පිළිබඳව අසා එළකිරි එකේ ත්‍රෙඩ් එකක් පවා දැමුවෙමි. එයින් මා යා යුතු තැන සොයා ගත්තෙමි. ඉන් පසුව මගේ එකම අරමුණ වුයේ එයයි. මම දිනකට ගත්තේ ආහාර වෙල් දෙකක් පමණි. රෑ නිදියන විටදී පවා පිරිත්, බන ඇසුවෙමි. ඉන් පසු මගේ දවස ගෙවුනේ බණත් සමඟය. මේ වන විට මාගේ එකම අරමුණ වී තිබුනේ පැවිදි ජිවිතයට ඇතුල් වී මේ භවය නැවත්විමයි.

    **************************************************************************************************************************************

    මෙසේ දින ගෙවෙද්දී එක් දිනක් KM මට email පණිවිඩයක් ඒවා තිබිණ. එහි කිසිවක් ලියා තිබුනේ නැත. තිබුනේ අමරදේව සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනේ ගීතය පමණි. එය ඇසු විට මට KM සමඟ ගෙවුණු අතීතය ගැන සිහිවුයේ කිසිදු ආයාසයකින් තොරවය. ඒ අතීතය සිහිවිමත් සමඟ මට දැනුනේ වෙනත් ලොවකට ගියාක් මෙනි. ඉන් පසු මම නැවතත් Centigradz ලාගේ "පෙනෙන නොපෙනෙන මානයේ" ගීතය ඇසුවෙමි. එය අසන විට මට තව තවත් අතීතය මතක් විය. KM මුලින් දුටුව දිනය, ඇය සමඟ කථා කළ දිනය, ඇය සමඟ බස් එකේ ගිය හැටි, අපි යහළු උන හැටි... මේ හැම දෙයක්ම ඒ විනාඩි 3 තුල මට නැවත සිහිවිය. මට KM සමඟ තරහක් නැත. මම KM ට කථා නොකරන්නේ ඇය අපේ අම්මගේ Operation එකට නොගිය නිසාවෙනි. සමහර විට දැන් KM මට වෛර කරනවා විය හැක. නමුත් ඈ මේ ගීතය ඒවා ඇත්තේ යම්කිසි හේතුවක් මතය. එනිසා මම KM ට ring එකක් දුන්නෙමි. නමුත් KM ගෙන් reply එකක් නැත. මා කිහිප වරක් ඇයට ring කලත් ඇයගෙන් පිළිතුරක් නැත. ඉන් පසු මා ඇයගේ email වලට ගොස් බැලුවෙමි. කලින් කිවා මෙන් ඇයගේ email, skype සියල්ල සාදා දුන්නේ මමයි. ඇයගේ email බලන විට මා දුටුවේ ඇය facebook account එකක් සාදා ඇති බවයි. ඇයගේ email හරහා මට ඇයගේ facebook ගිණුමට යාගත හැකි විය. ඉන් පසු සුදු වී ඇති දෙය මට තේරුම් ගියේය. ඇයගේ සියලු මිතුරන් සමඟ ඇය කියා තිබුනේ මා ගැනයි. අපේ අම්මා ඇය ගැන බොරු කියා අප වෙන්කළ ආකාරයයි. දැන් ගෙදරින් ඇයව බන්දන්නට යන බවත් ඇයට වෙන කෙනෙක් සමඟ යා නොහැකි බවත් ඈ පවසා තිබිණ. එය දුටු විට මම මහත් සේ කම්පාවට පත්වුනෙමි.
    ටික වෙලාවකට පසු ඈ මට ring කළාය. මා ring කරන විට ඈ හින්ද ඇත්තේ නිදාගෙනය. ඉන් පසු සිදුවූ සියල්ල ඈ මට විස්තර කළාය. අපේ අම්මා එදා hospital එකට එන්න එපා කියූ නිසා KM ගොසින් නැත. නමුත් පසු දිනයේ KM අම්මාගේ සුවදුක් විමසීමට call කල විට KM ආවේ නැතැයි කියා බැන වැදී ඇත. ඉන් පසු KM ගේ අම්මාද අපේ අම්මට call කර අසා ඇත්තේ අපි නේද එදා hospital යන්නට කලින් දවසෙත් ආවේ කියාය. ඉන් පසු අම්මා KM ගේ අම්මටද බන වැදී ඇත. KM අපේ නිවසේ අම්මගේ තනියට නැවතුනු දිනයන් හිදීද KM ගේ හිත බිඳෙන මෙන් එක එක දෑ පවසා තිබිණ. මේ සියල්ල සිදු වී ඇත්තේ අයියාගේ කීමට බව මට සැකයක් නැත. මා අම්මා සහ අයියා ගැන කෙතරම් විස්වාස කළාද? මට පන මෙන් ආදරය කළ KM ට වඩා මා මොවුන් විස්වාස කළෙමි. නමුත් මොවුන් මට මෙසේ කළේ කුමන හේතුවක් නිසාද? මොවුන් නිසා මගෙන් KM හට සිදු වී ඇත්තේ විශාල වරදකි. මා KM ගෙන් ඇසුවේ වෙන කෙනෙක් බදින්නේ නැත්තේ ඇයි කියාය. ඇය කිවේ "මන් කොහොමද කවී වෙන කෙනෙක් බඳින්නේ? මන් ඔයාට ආදරේ කරන තරම් වෙන කාටවත් ආදරේ කරන්න බැහැ. අනික මේ කඩවත අඟලක් අඟලක් ගානේ තියෙන්නෙ ඔයත් එක්ක ගෙවුණු මතකයන්. බස් එකක නැගගත් මතක් වෙන්නේ ඔයා එක්ක බස් එකේ ගිය හැටි. ඉතින් මන් කොහොමද වෙන කෙනෙක් ගාවට යන්නේ" කියාය. මා අපේ පවුලේ පැත්ත ගැනීමෙන් සිදු වී ඇත්තේ බරපතල වරදකි. අපේ පවුලේ අයම මට මෙසේ කරාවි කියා මා සිතුවේ නැත.
    ඉන් පසු මම GC සමඟ සිදු වූ සියල්ල KM පැවසුවෙමි. GC සහ මම එකට සිට ගත photo එකක් තිබිණ. මම එය KM යැව්වෙමි. එමෙන්ම GC මට එවූ අනිත් සියලු photoද මම KM ට යැව්වෙමි. ඒ සියලු දේ අසා, බලා සිටි KM පැවසුවේ "ඒ වෙච්ච දේවල් ඔක්කොම අමතක කරන්න කවී, ඒ ඔක්කොම අමතක කරල එන්න මන් ගාවට. ඔයාට වෙන කාගෙවත් වෙන්න බැහැ. ඔයා මගේම විතරයි."
    එය කියවූ පසු මාගේ දෑස් කඳුළු වලින් තෙත් වී ගියේය. මා අතින් කෙතරම් ලොකු වරදක් සිදුවුනිද? නමුත් ඇය තවමත් මට පෙර මෙන් ආදරය කරයි. පෙර මෙන්ම මා වෙනුවෙන් බලා සිටියි. මෙනිසා මගේ සිතේ ඇය ගැන තිබු ආදරය නැවතත් පන ගැන්විය. නමුත් ඇයගේ ආදරයත් සමඟ බලන කළ මගේ ආදරයට හැරෙන්නවත් බැරිය.

    එදින රෑ මම මේ සිදුවූ දේ ගැන කල්පනා කළෙමි. සිදු වූ දේ ගැන මට ටිකෙන් ටික තේරෙන්නට පටන් ගත්තේය. මට මෙහි පැමිණීමට මුලින්ම අදහස දැමුවේ KM සහ මම විවහා ගිවිසගනිමට ගිය අවස්ථාවේදීය. එවිට අයියා කිවේ මෙහෙ ඇවිත් ඔක්කොම හදාගෙන KMව මෙහෙ ගන්න කියාය. ඉන් පසු ඔහු දිගටම පැවසුවේ මෙහෙ වාහන, ගෙවල් අරගෙන අපිට හොඳින් ජිවත් විය හැකියි කියාය. මා මෙහි පැමිණීමට තීරණය කළේ එනිසාය. එවිට මට degee එකක් ගෙන KM වත් මෙහෙට ගෙන්වාගෙන සතුටින් සිටිය හැක. මා සිතුවේ එලෙසයි . මා මෙහි පැමිණියේ ඒ බලාපොරොත්තුව මතයි. නමුත් අයියාගේ උවමනාව වී තිබුනේ වෙනත් දෙයකි. ඔහු කඩයේ වැඩ කිරීමට කෙනෙකුන් ගන්නවානම් ඔහුට ගෙවිය යුතුය. මම මල්ලි නිසා මට ගෙවිය යුතු නැත. එය ඔහුට ලාබය. මා දවස තිස්සේ කඩයට වී සිටින විට ඔහු ගෙදරට වී රූපවාහිනිය නැරඹිය. ඔහු කිවේ ඔහු ආ කාලයේ ඔහුද මා මෙන් වැඩ කළ බවයි. මා මෙහි පැමිණියේ අයියා නිසාය. නමුත් අයියාට උවමනා මා මෙසේ වැඩ කිරීමටද? මෙසේ වැඩ කිරීමටනම් මට මොහු ගාවට පැමිණීමට උවමනා නැත. වෙන රටකට වුවත් යා හැකිය. මගේ college යන දින ගන්නද ඔහු කෙමෙන් අඩුකරවිය. අවසන් වාරයේ මම college ගිහින් තිබුනේ දවස් 5ක් පමණි. නමුත් අවසන් වාරයේ සියලු විෂයන් මා සමත් විය.
    පියා නැති දිනයේ සිට අප නිවසට සැලකුවේ අයියාය. එනිසා ඒ ගෞරවය මත අයියාගේ කීම අසා මා මෙහි පැමිණියත්, ඔහුගේ කීමට කීකරු වුවත් අයියා මට සලකන්නේ මෙසේය. මම සැබවින්ම ඔහුට ගරු කලෙමි. තාත්තා අප දමා යන විට මම O/L කළා පමණි. අයියා නිවසේ බර කරට ගෙන වැඩ නොකරන්නට අද තත්ත්වය මිට වඩා වෙනස් විය හැක. සමහර විටක A/L නොකර මට රැකියාවක් සොයාගෙන යාමටද සිදු වීමට ඉඩ තිබුණි. A/L කාලයේ සියළු වියඳම් බලා ගත්තේ අයියාය. නමුත් දැන් සිටින්නේ ලංකාවෙන් පිටත් වන විට සිටි අයියා නොවෙයි. මොහු දැන් මට සලකන්නේ වැඩකාරයෙකුට මෙනි. ඔහු උදේ 10ට පමණ අවදිවී රූපවාහිනිය නරඹා මට දවල් කෑම ගෙන එන විට සමහර දිනයන් හිදී හවස 5ත් පසුවී තිබිණ. මා මෙරටට පැමිණි දින සිට අද දක්වා එක් දිනක්වත් නිවාඩු ලබාගෙන නැත. මේ පිළිබඳව අම්මාට පැවසුවත් අම්ම කියන්නේ "ලංකාවට ඇවිත් කරන්න දෙයක් නැහැනේ ඒ නිසා ටිකක් ඉවසගෙන ඔහෙටම වෙලා ඉන්න" කියාය. තවද අම්මා පැවසුවේ "ඕව කියන්නේ ලංකාවට ඇවිත් ආයි KM ගාවට යන්නද? එකක් මතක තියාගන්න පුතා ඔයා එයා ගාවට යනවනම් අම්ම නැහැ කියල මතක තියාගන්න" කියාය.

    කෙසේ නමුත් සිදු වූ සියල්ල සිදු වී අවසානය. මා අම්මාගේ කීම විශ්වාස කළ නිසා මේ සිදුවූ දේ මා නිවැරදි කළ යුතුව ඇත. නමුත් එසේ නිවැරදි කිරීමට ඉතුරුව ඇති එකම දේනම් KM සමඟ විවාහ වීමය. නමුත් මා එය කළ යුත්තේ කෙසේද?
    මා එසේ සිතමින් සිටියදී මට එයට පිළිතුරක් ලැබිණ. ඒත් බණ දේශනාවකිනි. එහි කිවේ අප මේ පැමිණි සංසාර ගමනේ මේ ලෝකයේ සියලු කාන්තාවන් තමන්ට අම්මා කෙනෙක් වී ඇති බවයි. එවෙලේ මට කල්පනා වුනේ KM පවා මට අම්මා කෙනෙක් වී සිටින්නට ඇතැයි කියාය. මම මේ භවයේ අම්මා නිසා KM ව තනි කිරීමෙන් මා කරේ වරදකි. අම්මා තව අවුරුදු 10ක් 20ක් මා සමඟ හිඳී. නමුත් KM මගේ ජිවිතයට ආවේ ජිවිත කාලයේම සිටින්නටය. බුදුරජාණන් වහන්සේ පවා මහන වෙන්නට පැමිණි අය යුතුකම් වගකීම ඉටුකොට එන්න යැයි කියා නැවත හරවා යවා ඇත. මේ ජීවිතය පවා අපට අයිති නැත. දිනක අප මේ සියලු දේ දමා යා යුතුය. ඉතින් මම අම්මා කියා මේ සිතා සිටින්නේ ඇත්තම අම්මාද? මේ පැමිණි සසර තුල මේ අම්මා මා ලැබූ තවත් එක අම්මා කෙනෙකි. අම්මා නිසා හෝ කෙනෙකුට වරදක් කිරීමට මට නොහැකිය. විශේෂයෙන් තමා සතු සියලු දේට වඩා මට ආදරේ කරපු KM හට මට මෙසේ කළ නොහැක. මා KM සමඟ විවහා වුවහොත් කාටවත් වරදක් සිදුවන්නේ නැත. මම KM සමඟ යාමෙන් අම්මාට වරදක් වන්නේ නැත. නමුත් අම්මා නිසා මම KM අත හරින්නේනම් එයින් KMට වරදක් සිදු වනු ඇත. දැනට පවා KM යන එන විට අහල පහල මිනිසුන් සිනා සෙයි. එනිසා මේ සියලු දේ ගැන සිතා මම අවසන් තීරණයකට ආවෙමි. එනම් මා වෙනුවෙන් සියලු දේ කැප කල KM හට සිදුවිය යුතු සාධාරණය ඉෂ්ඨ කරන්නටය, ලැබිය යුතු දේ ලබා දෙන්නටය.

    සියලු දෙනා මට ද්‍රෝහී වන විටදී පවා KM මගේ ළඟ සිටියාය. ඒ සියලු අවස්ථාවන් හිදී ඇය සිතුවේ ඇයට නැති වන දේ ගැන නොව, ඇය සිතුවේ මා ගැනයි. එනිසා දැන් මමද සියලු දේ ඇත හැර ඇය ගැන සිතිය යුතුව ඇත. ඈ වෙනුවෙන් යමක් කළ යුතුව ඇත. මේ සසර ගමන නවත්විමටයි කියා පවා මට ඇයව තනි කළ නොහැක. එසේ කළොත් ඒ පව පලදීමට මට තවත් භවයක් ඉතුරු වන බවට සැකයක් නැත. මා ඇයට වඩා ගෙදර අයව විස්වාස කළත් ඔවුන් කර ඇත්තේ මා රැවටීමය. එනිසා දැන් ඔවුන්ගේ කීමට වඩා KM ගැන සිතීමට කාලය උදා වී ඇත. එනිසා මම KM සමඟ විවහා වන්නට තීරණය කළෙමි.

    දැන් නැවතත් KM මා සතුය. ඇය කවදත් මා සතුය. කොතරම් බාධක ආවත්.... කොතරම් වෙන් වන්නට ගියත් අපට වෙන් වන්නට නොහැක. මේ ලියන මොහොතේ පවා KM මාගේ පෙම්වතියයි.

    මේ සිදුවූ සියලු දේ නිසා KM සහ මමත් නිතර කථා වූයේ අපගේ කථාව ලිවිය යුතු බවයි. මන්ද යත් ඉතා ලස්සන ප්‍රේම කතාවක් නොවුනත් අපට ලිවිය හැකි කතාවක් තිබේ. කෙදිනක හෝ අපගේ දරුවන්ට හෝ පෙන්විය හැක. නමුත් මට සැබවින්ම ලිවීමේ හැකියාවක් නැත. එනිසා එක වරම මට පොතක් ලිවිය නොහැක. එනිසා මේ කතාව මුලින් මෙහි බෙදා ගන්නට තීරණය කළෙමි. මම මේ කථාව ලියන බව පවා ඈ දන්නවාය. මෙහි තිබු සමහර සිද්ධීන් පවා මතක්කර දුන්නේද ඇයයි.

    අපේ අම්මා KM ගේ ගෙදර යට බැන්න නිසා KM ගේ අම්මා මා සමඟ හිත නරක්‌ කරගෙන සිටියත් KM මට ආදරේ බැවින් KM ගේ ගෙදර අය තවමත් මට කැමතිය. මා මෙහි පැමිණි දින සිට කඩේ වැඩ කලත් මට කිසිදු මුදලක් ලැබී නැත. නමුත් මේ සිදුවූ සියල්ල මම අයියාගේ බිරිඳට පැවසුවෙමි. පළමුව ඇයට මෙය විශ්වාස කරගත නොහැකි විය. නමුත් ටිකෙන් ටික ඇය මේ සියල්ල තේරුම් ගත්තාය. ඇයද පවසන්නේ පුළුවන් තරම් ඉක්මනින් KM ලඟට යන්න කියාය. එමෙන්ම ඇයගෙන් තව උදව් ලැබිණ. එනිසා මම KM ගේ ගෙදරට අලුතින් ලී බඩු අරන් දුන්නෙමි.

    මේ කථාව යන අතරමඟ කිහිප දෙනෙක් ඇසුවේ KM දැන් කුමක් කරන්නේද කියාය. එවිට මා පැවසුවේ KM කෙනෙක්ව බඳින්න ඉන්නවා කියාය. එය සැබෑවකි. KM කෙනෙක්ව බඳින්න ඉන්නවාය. ඒ වෙන කවුරුත් නොවෙයි. ඒ මාවයි. සිදු වූ සියලු දේ KM ගේ ගෙදර සියලු දෙනා දන්නේය. එනිසා මගේ පවුලේ සියලු දෙනා නැති වුවත් KM ගේ පවුලේ සියලු දෙනා අපට උපකාර කිරීමට බලා සිටියි.

    මා මගේ පවුලේ අයගෙ උදව්වෙන් ජීවිතය ගොඩ දා ගැනීමට තැත් කළෙමි. නමුත් එයින් සිදු වුයේ මට පන මෙන් ආදරය කළ KM මගෙන් දුරස් වීමයි. එනිසා මම දැන් තීරණයක් අරගෙන සිටිමි. එනම් KM හට තවත් විඳවන්නට නොදී KM හා එක්ව ජීවිතය අළුතින් පටන් ගැනීමය.

    මෙය මාගේ කතාවයි.


    Mmmmm

    I think you changed some aspects ......
    Because the writing style been changed. You did not have the soul in this episode......

    May be am wrong. That I sincerely wish.

    Thank you and good luck.
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    අඩෝ කෝ බන් උබ ඉතුරු කොටස දාන්නේ නෑ නේ බන්...........
    තුන්වෙනි කොටසින් එහාට දානකන් අපි මේ බලන් ඉන්නවා............
    දාපන්කෝ ඉක්මනට.............
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :confused::confused::confused::confused:

    This is crazyyyyyyyyyy

    If the story is true >>

    Kavi is not worth of you !!!

    Have A Good Life NOW !!
    :( :( :(
    Mmmmm

    I think you changed some aspects ......
    Because the writing style been changed. You did not have the soul in this episode......

    May be am wrong. That I sincerely wish.

    Thank you and good luck.
    Thank you machan
    You should put some photos :yes::yes:
    :rolleyes::rolleyes::rolleyes:
    අඩෝ කෝ බන් උබ ඉතුරු කොටස දාන්නේ නෑ නේ බන්...........
    තුන්වෙනි කොටසින් එහාට දානකන් අපි මේ බලන් ඉන්නවා............
    දාපන්කෝ ඉක්මනට.............
    #pages 1-6-9-13-22-26-31,37-44-45-53-61-64,71-80-83-90-100, 112-134-141-154,172-255

    මෙන්න මේ pages වල කථාව තියෙනවා
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    You should put some photos :yes::yes:

    :oo: So you want him to get exposed by himself?
    ThPLHR4.gif
    ThPLHR4.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    8.gif
    පෝස්ට් 3000ක් වෙනකම්ම ඇද්ද ත්‍රේඩ් එක නෙහ්.. :yes: එළ එළ.. හිට් ම කතාව එළකිරි එකේ දැක්ක බං. :love:

    ඇත්ත කතාවක් නිසා වෙන්න ඇති මචං.
    2UGy3LK.gif
    :yes:
    2UGy3LK.gif

    හිතල ලිව්වනම් මෙහෙම වෙන එකක් නැහැ :no:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    යකෝ බෙල්ලෙ පොට යයි :lol:

    ළඟදීම ජිවිතේ වෙනසක් වෙයි වගේ මචෝ :yes:
    2UGy3LK.gif
    :yes:
    2UGy3LK.gif
    :yes:
    2UGy3LK.gif
    :yes:
    2UGy3LK.gif
    :yes:
    2UGy3LK.gif
    :yes:

    :rofl::rofl: lol

    :) හොඳ විදියෙ වෙනසක් වෙනව නම් කොයි තරම් දෙයක්ද මචන්.. :yes: කතාවෙ ඊලඟ කොටසෙන් දැනුවත් කරපන් අපි දැනගන්න ඕන දේවල් තිබේ නම් අනිවා.
    11.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :rofl::rofl: lol

    :) හොඳ විදියෙ වෙනසක් වෙනව නම් කොයි තරම් දෙයක්ද මචන්.. :yes: කතාවෙ ඊලඟ කොටසෙන් දැනුවත් කරපන් අපි දැනගන්න ඕන දේවල් තිබේ නම් අනිවා.
    11.gif

    අනිවා මචෝ...
    2UGy3LK.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :rofl: Emoticon arts. අඩෝ ත්‍රේඩ් එකක් දාන්නත් හිතයි vbulletin emoticon arts කියලා. :( ඒත් GT දුවන් එයි සර්වර් එක හිර වෙනව කියල.
    21r12tC.gif
    පොර කලිනුත් කීව emoticons අඩුවෙන් පාවිච්චි කරන්න කියල මට මතක හැටියට.
    0QBTUHt.gif
    සමයන් නටලා මේකෙන් දොට්ට දමාවි මාව. :D ok මචන්. :yes: හෙට දින ත්‍රේඩ් එක වෙත පැමිණීමේ බලාපොරොත්තුවෙන් අදට මකබෑවෙමි.
    2UGy3LK.gif
    සුබ රාත්‍රියක්!
    11.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :rofl: Emoticon arts. අඩෝ ත්‍රේඩ් එකක් දාන්නත් හිතයි vbulletin emoticon arts කියලා. :( ඒත් GT දුවන් එයි සර්වර් එක හිර වෙනව කියල.
    21r12tC.gif
    පොර කලිනුත් කීව emoticons අඩුවෙන් පාවිච්චි කරන්න කියල මට මතක හැටියට.
    0QBTUHt.gif
    සමයන් නටලා මේකෙන් දොට්ට දමාවි මාව. :D ok මචන්. :yes: හෙට දින ත්‍රේඩ් එක වෙත පැමිණීමේ බලාපොරොත්තුවෙන් අදට මකබෑවෙමි.
    2UGy3LK.gif
    සුබ රාත්‍රියක්!
    11.gif

    එහෙමත් සින් එකක්ද?
    21r12tC.gif
    0QBTUHt.gif

    එහෙනම් ඉතින් දාන්න බැහැනේ
    GqX8dtm.gif

    එල එල පස්සේ සෙට් වෙමු මචෝ
    2UGy3LK.gif


    සු.රා...................
    2UGy3LK.gif
    2UGy3LK.gif
    2UGy3LK.gif
    GqX8dtm.gif
    GqX8dtm.gif
    GqX8dtm.gif