Kurunagala

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මේ ගැන පින්තුර එක්ක විස්තර හොයලා කිරියේ දාන්න පුළුවන් නම් ලොකු සමාජ සේවයක්
    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%B1-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B6%E0%B7%92%E0%B6%B3-%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%80-%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7%E0%B6%B8/1-564826

    මෙරට ඇති වී තිබෙන දේශගුණ කාලගුණ වෙනස්වීම මත මහ පොළොව අභ්‍යන්තරයේ ඇති ජලය ප්‍රමාණය විශාල වශයෙන් අවම වීම හේතුවෙන් අහසින් ලැබෙන ජලය කෘතිමව නැවත මහ පොළොවේ තැන්පත් කිරීමේ නව ක්‍රමවේදයක් වයඹ පළාත් භූගත ජල අංශය මගින් ආරම්භකර තිබේ.

    වයඹ පළාත් භූගත ජල ඒකකයේ කළමනාකාර ජෙෂ්ඨ භූ විද්‍යාඥ උපුල් ඒකනායක මහතා ප්‍රමුඛ භූ විද්‍යාඥයින් කණ්ඩායමක් නව ක්‍රමවේදය සොයාගෙන ඇති අතර මෙය රටේ ඕනෑම පුද්ගලයෙකුට මෙම මාහැඟි කාර්යයට දායක වීමට හැකි බව ඔවුහු පෙන්වා දෙති.

    ඉතා සරල ක්‍රම ඔස්සේ තම නිවෙස්වල කාර්යාලවල කර්මාන්තශාලාවල රජයේ ආයතනවල වහලය මතට වැටෙන ජලය කානු දිගේ ඇළවල් ඔයවල් දිගේ ගලායෑමට සැලැස්වීම වෙනුවට මහ පොළොවේ එම ජලය තැන්පත් කිරීම සඳහා සිදුකළ හැකි ක්‍රියා පිළිබඳව ඔවුන් කුරුණෑගල වාරියපොල සිය කාර්යාල පරිශ්‍ර යේ ප්‍රදර්ශන භූමියක් ලෙස සකසා තිබේ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,694
    20,206
    113
    හස්තිශෛලපුර
    මේකේ ලොකු අවාසිත් තියනවනේ බන්.. ඇසිඩ් වර්ග කොච්චර තියනවද වැස්සේ.. ඒවා කෙලින්ම ඔහොම යැව්වොත් භූගත ජලය අපවිත්‍ර වෙනවානේ..
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    මේකේ ලොකු අවාසිත් තියනවනේ බන්.. ඇසිඩ් වර්ග කොච්චර තියනවද වැස්සේ.. ඒවා කෙලින්ම ඔහොම යැව්වොත් භූගත ජලය අපවිත්‍ර වෙනවානේ..

    thama nam lankawata amlika wasi naha ekapaara yawenne naha wathura pas gal waling yankota peranawaa ban loku dayak naha