Ladyboy ව_දඹුල්ලේදී ඝාතනය කෙරේ
දඹුල්ල නගරයේ පිහිටි කුලී රථ නැවතුම්පළ ස්ථානයේ තිබී ඝාතනය කරන ලද තරුණයෙකුගේ මළසිරුරක් අද (05) දින අළුයම සොයාගත් බව දඹුල්ල පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇති තරුණයාට පොලුවලින් පහරදී ඝාතනය කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල කලුන්දෑව වල්ගම් වැව ප්‍රදේශයේ පදිංචි සනත් කුමාර නම් අයෙක්.මියගිය පුද්ගලයා නිතර දඹුල්ල නගරයේ රාත්‍රී කාලයේ කාන්තා ඇඳුමින් සැරසී සිටින බව පොලිසිය පවසනවා.
ඝාතනය සිදුවන අවස්ථාවේ දී මෙම තරුණයා කාන්තා ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිට තිබෙනවා.එම ස්ථානයේ සිටි අයකු කියා සිටියේ අළුයම 2.00ට පමණ මෙම තැනැත්තා වැටී සිටිනු දැක තවත් පිරිසක් සමග පොලිසියට දැනුම් දුන් බවයි.පසුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න ඇතුළු කණ්ඩායමක් අළුයම් කාලයේ මෙම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.
ඝාතනය සිදු වූ ස්ථානයේ පුද්ගලයාට පහර දුන් බවට සැකකෙරෙන ලී දඬු මෙන්ම මෙම පුද්ගලයාගේ බවට සැකකරන කුඩයක් හා අත් ඔරලෝසුවක් වැටී තිබියදී සොයාගත් බව ප්‍රදේශවාසින් කියා සිටියේ.
මෙම මිය ගිය පුද්ගලයා කාලයක සිටම කාන්තා ඇඳුමෙන් සැරසී රාත්‍රී කාලයේ දී නගර ආශිතව කාලය ගත කිරීමත් කාන්තාවන් ඇසුරු කිරීමත් සිදු කරන බවත් ඔහු ආකාරයෙන්ම හැසිරෙන තවත් කණ්ඩායම් සමග නිරන්තරයෙන් සිටින බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඇතැම් දිනවල රාත්‍රී කාලයේ මේ ආකාරයෙන් කාන්තා ඇඳුමෙන් සැරසී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට පවා මෙම තරුණයා ඉදිරිපත් කොට තිබුණු අයෙකු ද වනවා.
දඹුල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

sirawata.

Anyone can be born like this. This isn't his fault or his parents.