lama geetha

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    my child has asked by his class teacher to prepare a lama geetha book including the following songs. even though i tried my best to find the lyrics of the bellow songs i was failed. please be good enaugh to send me the lyrics of the followings if possible.

    thanks

    danagaddi ewidinnata
    konde digata dala
    hinahewi bonikka
    amma mawa doikaranna
    adare ei podi handa mame
    mata meni wage
    kurumbatti machime
    seeni kopi the kirithe
    kotu wetichcha punchi sarama
    midule weli maligawa
    takganawa tikganawa
    monawada muththe
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොනවද මුත්තේ මොකද කරන්නේ
    මොකටද ඔබ ඔය බිම හාරන්නේ
    නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි
    අඹ ඇටයක් සිටුවන්නට හාරමි

    දුකසේ සිටුවා අඹ ඇටයක් අද
    එක අඹයක්වත් කන්න ලැබේවිද
    මම ලමයෝ මින් අඹයක් නොපතමි
    යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

    තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
    කරන්න හැකිදේ නොම තේරෙයි මට
    පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස
    හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස

    පෙර උන් අය සිටවූ අඹගස් වල
    ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල
    අපෙන් පසුව එන අයටත් එම ඵල
    ලැබෙන්න සැලසුම අපගේ යුතුකම

    ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි///

    ගායනය - විශාරද රෝහණ වීරසිංහ සහ අනූෂා නානායක්කාර
    පද රචනය - ටිබෙට් ජාතික එස් මහින්ද හිමි
    සංගීතය - රෝහණ වීරසිංහ
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කුරුම්බැට්ටි මැෂිමේ
    මගේ කුරුම්බැට්ටි මැෂිමේ
    ගවුම් පොඩියක් මහලා දෙන්නද
    කමිස පොඩියක් මහලා දෙන්නද

    අජන්තා මේ ළමා ගීතය රචනා කළ කොළය රැඳුණේ කරුණාරත්න අබේසේකරයන්ගේ අතේ. සරස්වතී මණ්ඩපය භාරව සිටිය කරු අයියගේ සතුට ඉහවහා ගියා."
    අජන්තාගේ ගී පද ගීතයකට පෙරළුණා. අජන්තාගේ නම ගුවන් විදුලියේ බොහෝ දෙනෙකුට මතක තියෙන නමක් වුණේ එහෙමයි.

    කුරුම්බැට්ටි මැෂිමේ
    මගෙ කුරුම්බැට්ටි මැෂිමේ ….//

    ගවුම් පොඩිත්තක් මහලා ඕනද
    කමිස පොඩියක් මහලා ඕනද ….//

    කොස් කොළයක් මෙහෙ අරගෙන ආවොත්
    රැලි රැලි කපලා
    ඔපනැලි තියලා

    ගවුම් පොඩිත්තක් මහලා දෙන්නම්
    කුරුම්බැට්ටි මැෂිමේ

    මගෙ කුරුම්බැට්ටි මැෂිමේ ….//
    ගවුම් පොඩිත්තක් මහලා ඕනද

    කමිස පොඩියක් මහලා ඕනද ….//
    කූරටු ඉඳිකටුවෙන් හිල් විදලා
    ලේන්සු පොඩියක්
    මල් මල් සායක්
    කොස් කොළ රෙද්දෙන් මහලා දෙන්නම්

    කුරුම්බැට්ටි මැෂිමේ
    මගෙ කුරුම්බැට්ටි මැෂිමේ ….//

    ගවුම් පොඩිත්තක් මහලා ඕනද
    කමිස පොඩියක් මහලා ඕනද ….//

    කුරුම්බැට්ටි මැෂිමේ
    මගෙ කුරුම්බැට්ටි මැෂිමේ ….//

    ගායනය: එල්සි රොද්‍රිගෝ
    පද රචනය: ආචාර්ය අජන්තා රණසිංහ
    තනුව: සරත් දසනායක

    You can find those lyrics. Use Sinhala keyword in Google search.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සීනි කෝපි තේ කිරි තේ
    වෙරළු මසං ජමනාරං
    කොස් දෙල් පොල් මිරිස් ගන්න
    එන්න එන්න
    එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
    සීනි බෝල හෝටලේ//

    පොඩි බණ්ඩයි මුදලාලී
    ගණන් ලියයි පොඩිහාමී….//
    පිඟන් කෑලි සල්ලි අරන්
    එන්න එන්න
    එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
    සීනි බෝල හෝටලේ//

    බයිසිකලෙන් කාර් එකෙන්
    අස්ව කරත්තෙන් ආවත්….//
    එක මේසේ කෑම කන්න
    එන්න එන්න
    එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
    සීනි බෝල හෝටලේ//

    සීනි කෝපි තේ කිරි තේ
    වෙරළු මසං ජමනාරං
    කොස් දෙල් පොල් මිරිස් ගන්න
    එන්න එන්න
    එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
    සීනි බෝල හෝටලේ//

    ගායනය: පුෂ්පමාලා සුභසිංහ
    පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
    තනුව: ඩී. ආර්. පීරිස්

    http://pinthaliya.wordpress.com/2013/02/21/%E0%B7%85%E0%B6%B8%E0%B7%8F-%E0%B6%9C%E0%B7%93/