Lanka Premier League එක itn එකේ පෙන්නද්දි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    දඩිබිඩිස්:-
    පස්සෙන් එලෝගෙන එන සද්දන්තයෙක් වගේ දුවගෙන එන්ටෙ කවුද හැබෑටම ඈ? ඇන්ඩෘ රසල්වත්ද? ටිකක් ලං වෙලා බැලුවනං?
    හෑ.... සුරංග ලක්මාල් නේද?
    පන්දුව දමන්ටයි සූදානම. හපොයි... විකට් නේද. අලියන්ට ගුනයන්ට නලියන්ටමයි හිත කියනවනෙ. දනුශ්ක ගුනතිලක ආපයිම්ම ක්‍රීඩාගාරයට යන්ටයි සූදානම.
    ඊලගට දොට්ට බහින පිතිකරුවව අදුනනවද බලන්ට. කුසල් මෙන්ඩිස් නේද. සමහර උදවිය මෙයාව බිංදුසාර කියලත් හදුන්වනව.
    හපොයි!!!!
    පලමු පන්දුවෙන්ම දැවී ගියා නේද හැබෑටම? බිංදුසාර කියන්නෙ කට කහනවයටයැ.
    සුලු විවේකයකට තරගය නතර කරන්ටයි සූදානම. අපිටත් ඔය බීම ටිකක් දීල යන්ටෝ. එහෙනං අපි බීම බීල එනකං ටිකක් ඉන්ටකෝ....
    නැවතත් තරඟය ආරම්භ කරන්ටයි සූදානම.
    හපොයි..... අලි තඩියෙක් රිංගුව නේද පිටියට හැබෑටම. සූරියවැව අලි රජ දහනක් කියල අමුතුවෙන් කියන්ට ඕනැන්නෙ නෑනෙ. අලිරාල දික්වැල්ල එක්ක බර කතාවක. "අනේ අලිරාල අපිට තරඟය ක්‍රීඩා කරන්ට දීල යන්ට" දික්වැල්ල එහෙම කියනව ඇත්ද හැබෑට.
    අලිරාලගෙ අලි සෙල්ලංවල ඉතිරි කොටස ලබන සතියෙ අටපට්ටමෙන් බලාගන්ට බැරියැ. තරගෙ බලාන හිටිය වගේ නෙමෙයි ඕං පොඩි දරුවො පාසල් වැඩකටයුතුත් කරන්ට ඕන.
    මිලර් පන්දුවට පහර දෙන්ටයි සූදානම. හයේ පහරවල් ගහනව දැකල ඇති. ඒත් මෙහෙම ගැහිල්ලක් දැකල තියෙද බලන්ටකෝ. පස්සටත් ගහනව නේද. මදෑ ඇන්ජලෝ පෙරේරගෙ ඕවරේ ඔයින් ගියා.
    තරගාවලිය පිලිබදව අපට කිව්වෙ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
    තරගාවලිය කැමරාවට හසුකරගත්තෙ පොල්පිතිගම අමරබංදු රූපසිංහ.
    නැවතත් මිලර් පහර දෙන්නයි සූදානම. දැවැන්ත පහරක් නේද. හයක්ද හතරක්ද දැවීයාමක්ද කියල දැනගන්‍ටනං ප්‍රවෘත්ති විකාශය ඉවර වෙනකං ඉන්ට වෙනව. එතකං ටිකක් ඉන්ටකෝ.......

    copied from ලෙල්ල හුටං