Lankan dial eka

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    Uber රියැදුරෙකු ලෙස පෙනී සිටිමින් තම මෝටර් රථයට ගොඩවූ කාන්තාවන් පස් දෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි පදිංචි ශ්‍රී ලාංකිකයෙකු සිරගත කර තිබේ.

    44 හැවිරිදි සම්පත් සඳරුවන් සමරනායක නමැත්තා අධිකරණයේදී පවසා ඇත්තේ, අදාළ තරුණියන් ස්පර්ශ කිරීම, සිප ගැනීම හෝ සිය අයවය පෙන්වීම නොකළ බවය.

    2018 වසරේ සැප්තැම්බර් මාසයේදී බ්‍රිස්බේන්හි රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණි තරුණියන් පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
    ඔහුට එරෙහිව ගොනු කර තිබූ චෝදනා 18ට ම ඔහු වරදකරු බවට ක්වීන්ස්ලන්ත දිස්ත්‍රික් අධිකරණයක් තීන්දු කළේය.

    ඔහුට එරෙහිව ගොනු කර තිබූ චෝදනා වූයේ, ලිංගික අතවර කිරීම් 9ක්, නිදහසට බාධා කිරීම් 4ක්, හිංසා කිරීම් 3ක් සහ අවිනීත හැසිරීම් 2ක් යන ඒවාය.

    මෙම නඩු විභාගය පැවැත්වෙන අතරතුර කාන්තාවන් පස් දෙනෙකු සාක්ෂි දෙමින් පැවසුවේ, සම්පත් සමරනායක නමැත්තා ඔහුගේ සිරුර ස්පර්ශ කරන ලෙසට බල කළ බවය.
    ඇතැම් කාන්තාවන් පැවසුවේ, ඔහු මෝටර් රථය ලොක් කර තිබූ බවය.

    කෙසේ වෙතත්, සම්පත් සමරනායක පවසා ඇත්තේ, වෘත්තියෙන් කෝකියෙකු ලෙස සේවය කරන තමන් දෙවන රැකියාවක් ලෙස ටැක්සි රියැදුරෙකු ලෙස ද සේවය කළ බවය.
    ඒ අතරතුර තමන් සිය ශරීර ප්‍රමාණය අඩු කර ගැනීමට උත්සහ කළ බවත් අදාළ තරුණියන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඔහු අධිකරණය හමුවේ පවසා තිබිණි.
    කෙසේ වෙතත්, අධිකරණය නියෝග කළේ, ඔහුට වසර 3ක සිර දඬුවමක් නියම කරන බවය.
    සිර දඬුවම අවසන් වීමෙන් පසු ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිතය.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    තව අපේ උන් ගිහින් ඇමසෝන් එකේ විකුනන්න දාල තිබ්බ සිරි ලාංකික කොඩිය ගහපු පාපිසිත් රිපෝට් කරනවා.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    EMOIS උඹටත් එහෙම සීන් එකක් උනාද දන්නේ නෑ :rolleyes:
     
    • Haha
    Reactions: asylum