Lankawatama ගස්_හතරයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවටම ගස් හතරයි





    ලොව අති දුර්ලභ ශාකයක් වන කෝන්තාලං ශ්‍රී ලංකාවෙන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි පරිසරවේදීහු පෙන්වාදෙති. ශ්‍රී ලංකාවේ දැනට වාර්තාවන එම වර්ගයේ අවසන් ශාක හතර ගාල්ල රූමස්සල කන්දේ නැගෙනහිර බෑවුමේ පිහිටි උණවටුන වැල්ල දේවාල භූමියේ පිහිටා තිබේ.

    උද්භිද විද්‍යාත්මකව සියලොකාපස් රම්පි Xylocarpus rumphii ලෙස හඳුන්වන කෝන්තාලං ශ්‍රී ලංකාව, මැඩගස්කර් දූපත් හා මැලේසියාවේ වෙරළබඩ ප්‍රදේශවලින් වාර්තා වී ඇත. සිංහල වෙදකමේ සුප්‍රසිද්ධ ‘‘ගොපළු ගුලිය“ නමැති ඖෂධය මෙම ශාකයේ කොටස් යොදාගෙන සාදයි.

    මීටර අටක් හෝ දහයක් පමණ උස්ව වැඩෙන කෝන්තාලං ගසේ මාර්තු අප්‍රේල් මාස වලදී සුදු පැහැති කුඩා මලක් හටගෙන බෙලි ගෙඩියක් වැනි ඵලයක් ඇතිවේ. එහි බීජ හතරකි. බීජ පැලකිරීමේ හැකියාව ඇතැයි පැවසුව ද ඒවායින් පැල හටගන්නා බව පෙනෙන්නට නැත.

    උණවටුනේ ඇති කෝන්තාලං ශාක හතර ඉතා වයස්ගත තත්ත්වයට පත්වී ඇති අතර එහි කඳෙහි ඇති ගස් බෙන ඇතුලට දේවාලයට පැමිණෙන බැතිමතුන් විසින් අපද්‍රව්‍ය දැමීම හේතුවෙන් මේ දුර්ලභ ශාකයේ විනාශය කඩිනම් වී තිබේ.





    011.jpg


    021.jpg


    03.jpg


    04.jpg





    :angry::angry::angry::angry::angry::angry:


    05-398x600.jpg



    අපේ කට්ටිය යන යන තැන විනාශයි.:angry::angry::angry::angry:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    TFS... ai ban mewa sanrakshanaya karanna baladarin nedda?

    අපේ මිනිස්සුන්ට ඕවගේ අගයක් නැහැ මචන්.....! අතින් ඇනල පෙන්නලා දුන්නත් අහක බලාගෙන ඉන්නවා.....!
     
    • Like
    Reactions: Sadun Buwa

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කලාට මේ ගැන, අපේ රටේ බලධාරීන් මේ වගේ දේවල් ගැන මෙයිට වැඩිය හොයලා බලන්න ඔනේ, අද තාක්ෂණය ගොඩක් දියුණු මට්ටමක තිබිලත් මේ ගස් වර්ගය මෙහෙම විනාශ වෙලා යන්න දෙන එකනම් ගොඩක් වැරදි වැඩක් . . .

    රෙප් 13 ++
     
    • Like
    Reactions: Sadun Buwa

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පටක රෝපණය කරලා හරි මේ ශාකයේ තවත් පැලෑටි ලබාගන්න පුලුවන් නේද ?