Lankawe Sherlock holmes

after

Member
Sep 5, 2009
3,692
486
0
ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මහතා රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස සහ පසු කල බුද්ධි අංශ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ අයෙකි.

ඔහු මීට කලකට පෙර රාජ්‍ය බුද්ධි සේවයෙන් ඉවත්ව ඇති අතර ආරක්ෂක අංශවලට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද රට පුරා විදේශ දේශන පවත්වමින් සිටි ඔහු මෙම වැඩසටහන තුළදී හෙළි කළ යුතු බුද්ධි තොරතුරු පමණක්
හෙළි කරණු ලබන අතර ඒවා හෙළි කළ යුතු වපසරියේ සිටි හෙළි කිරීමට කටයුතු කරයි.

මෙම වැඩසටහන තුළදී බුද්ධි අංශයේ වැදගත් කම බුද්ධි නිලධාරීන්ගේ තොරතුරු එක්රැස් කිරීම ජනතාවට ඇති වැදගත් කම, මාධ්‍යයට ඇති වැදගත් කම පිළිබඳව කතා කරනු ලබයි.

මෙහිදී ජාතික ආරක්ෂාවට හානියක් සිදු නොවන කරුණු පමණක් ඔහු හෙළි දරව් කරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.

බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය පිළිබඳව වත්මන් සමාජයේ ඇති වී තිබෙන කතාබහත් සමග මෙම වැඩසටහන ඉදිරිපත් කරනු ලබන අතර ඔහු මෙන්ම රට වෙනුවෙන් ක්‍රියාකරන බුද්ධි අංශ නිලධාරිවරුන් සිය ගණනක් මේ වනවිටත් එකම ජාතික වගකීම වෙනුවෙන් සක්‍රියව කටයුතු කරමින් සිටිති

ඔවුන්ට ද සක්‍රිය සේවයෙන් විශ්‍රාම ගත් දිනෙක ජාතික ආරක්ෂාවට හානි නොවන බොහෝ දේ පවසන්නට තිබෙනු ඇත.

විටෙක එය, කාලයේ වැලිතලාවෙන් ඔවුන් සමගම වැළලී යන්නට ද ඉඩ ඇත.

-Talk with Chatura