Laptop නව වසරේදී ලැප්ටොප් පරිගණකයක් තෝරාගන්නට

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    Laptop (නව වසරේදී ලැප්ටොප් පරිගණකයක් තෝරාගන්නට

    නව වසරේදී ලැප්ටොප් පරිගණකයක් තෝරාගන්නට පෙර…

    පරිගණක වෙළඳ පොල ඉතා විශාල වශයෙන් විවිධත්වයෙන් යුතුවෙනවා. තෝරා ගැනීමට විවිධ වෙළඳ ලකුණෙන් විවිධ මාදිලියේ විවිධ ප්‍රභේදයන් ගෙන් යුත් පරිගණක බොහෝමයක් අද දකින්නට පුලුවන්. මේ අතරින් ඔබගේ සියලු අවශ්‍යතාවයන්ට සරිලන පරිගණයක් තෝරා ගැනීම නිසියාකාර දැනුමකින් තොරව නම් ඉතා අසීරු කාර්යයක් වන බවට විවාදයක් නැත. සමහරවිට ඔබ දැනටමත් එම අත්දැකීමට මුහුණ දී ඇති. බොහෝ දෙනා වියදම් කල හැකි මුදල් ප්‍රමාණය මූලික කොට ගෙන පරිගණකයක් මිලදී ගන්නට සිතත් සමහරවිට එය ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට නොගැලපිය හැකියි. මෙම වෑයම ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමේදී ඔබ වඩාත් සෑහීමට පත්වෙන ලෙස ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම උදෙසා ඔබට අත්වැලක් සැපයීමටයි.
    laptop

    laptop.jpg


    ඩෙස්ක්ටොප් පරිගණකයක් වෙනුවට ලැප්ටොප් පරිගණකයක් වෙත බොහෝ දෙනා යොමු වන්නේ එය එහා මෙහා ගෙන යා හැකි නිසයි. නමුත් ලැප්ටොප් පරිගණකවල ජනප්‍රිය භාවය නිසාම අද ඩෙස්ක්ටොප් පරිගණක වෙනුවට භාවිතා කල හැකි ඒ හා සමාන කාර්යක්ෂමතාවයකින් යුත් ලැප්ටොප් පරිගණක පවා දක්නට ලැබෙනවා. කෙසේ වුවත් කලින් සඳහන් කල පරිදි ලැප්ටොප් පරිඝණකයක් මිලදී ගැනීමේදී වියදම් කල හැකි මුදල් ප්‍රමාණය පමණක් සලකා බැලීම ප්‍රමාණවත් නොවේ. ඒ සමඟම සිතා බැලිය යුතු කරුණු කිහිපයක් ඇත. පරිගණකයක් මිලදී ගැනීමට පෙර

    - වියදම් කල හැකි මුදල් ප්‍රමාණය,
    - පරිඝණකය භාවිතා කරන්නේ කුමන අවශ්‍යතා සඳහාද,
    - නිතරම පරිඝණකය එහා මෙහා ගෙනයනවද නැද්ද යන වග,
    - විදුලියට සම්බන්ධ නොකර භාවිතා කිරීමට අවශ්‍ය වන අවම කාලය,
    - ඔබට පහසු තිර ප්‍රමාණය,
    - තොරතුරු රැඳවීමට කෙතරම් ඉඩ ප්‍රමාණයක් අවශ්‍යද යන වග,
    - අවශ්‍ය කවුළු (ports) හා ඉදිරියට තවත් අංග එක් කිරීමට අවශ්‍යද යන වග,
    - පරිගණකයෙහි තිබිය යුතු ආරක්ෂාව,
    - Warranty


    යන කරුණු පිලිබඳ අවධානයක් දැක්වීම වැදගත් වේ. මෙම ප්‍රශ්න වලට ඔබට පිලිතුරු සොයා ගැනීමට හැකි වුවහොත් පරිගණකයක් තෝරා ගැනීමේ කාර්යය පහසු කර ගත හැකියි. සමහර ප්‍රශ්න යමෙකුට වැදගත් විය හැකි අතර තව අයෙකුට නොවැදගත් විය හැකියි. එවිය එය නොවැදගත් වන පුද්ගලයාට එම ප්‍රශ්නය නොසලකා හරින්නට පුලුවන්. මෙහි අරමුණ වන්නේ ඔබගේ අවශ්‍යතා මොනවාද යන්න පැහැදිලි කරගැනීමයි.

    New laptop processors

    ලැප්ටොප් පරිගණක වල භාවිතා වන processor අතරින් ලංකාවේ වැඩිපුර භාවිතා වෙන්නේත් වෙළඳ පොලේ බහුලව දක්නට ලැබෙන්නේත් Intel processors වේ. AMD processors සුළු වශයෙන් හමුවේ. Intel processors අතරින් දැනට වෙළඳ පොලේ මිලදී ගැනීමට බහුලව ඇත්තේ Core මාදිලියේ processor වේ. Core මාදිලියට කලින් පැමිණි Pentium dual core හා Pentium quad core ප්‍රොසෙසර තවමත් වෙළඳ පොලේ යම් තාක් දුරකට දක්නට ලැබුනත් නිතරම වෙනස් වන අලුත් වන පරිගණක ලෝකයත් සමඟ ඉදිරියට යෑමට නම් හැකි තාක් දුරට නව මෙවලම් භාවිතයට ගැනීම අත්‍යාවශ්‍ය වේ. කාලයත් සමඟ පරණ මාදිලියන්ට එම නිෂ්පාදිත ආයතනයන් විසින් සපයන සේවාවන් හා අමතර කොටස් නිෂ්පාදනය නැවැත්වීමත් මීට එක් හේතුවක් ලෙස දක්වන්නට පුලුවන්. අන්තර්ජාලයේ සැරිසැරීම, MS Office පැකේජය භාවිතා කිරීම, චිත්‍රපටයක් නැරඹීම, ගීතයකට සවන් දීම වැනි එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය වැඩකටයුතු කරගැනීමට Core i3 processor එක හොඳටම ප්‍රමාණවත් වනවා. Core i5 processor එකේ ඇති Turbo Boost තාක්ෂණය මඟින් එහි ස්පන්දක වේගය (clock speed) ස්වයංක්‍රීයව අඩු වැඩි කර ගන්නා බැවින් මෘදුකාංග ඉංජිනේරුවන්ට, Computer simulations කරන අයට එය වඩාත් වැදගත් වනවා. ඒ Virtual machine හා Emulator භාවිතයෙන් වැඩ කිරීම Core i5 තවත් පහසු කරන නිසයි. High-end gaming, video rendering, high-end graphic designing සඳහා වඩාත් වේගවත් processor එකක් වන Core i7 භාවිතා කිරීම සුදුසු වනවා.


    Laptop graphics

    Gaming-Laptops.jpg


    මහා පරිමාණයේ පරිගණක ක්‍රීඩා, වීඩියෝ සංස්කරණය හා චිත්‍රක සැලසුම්කරණය (Graphic designers) වැනි තීව්‍ර ලෙස graphics භාවිතා වන අංශයන්හි යෙදෙන්නන් බාහිර graphics card එකක් සහිත පරිගණකයක් භාවිතා කිරීම වඩාත් උචිත වේ. මෙය 1 GB, 2 GB වශයෙන් Nvidea හා AMD Radeon යන වෙළෙඳ ලකුණු යටතේ දැනට වෙළෙඳ පොලේ දක්නට ඇත. ‍මේ හැර අනෙකුත් අය සඳහා පරිගණකත් සමඟම එන අභ්‍යන්තර graphics card එක පමණක් ප්‍රමාණවත් වේ. දැනට ලැප්ටොප් පරිගණකත් සමඟ බහුලව එන 1 GB internal graphics හරහා 1080p HD වීඩියෝ පටයක් වුවත් පහසුවෙන් නැරඹිය හැකි වේ. Intergrated graphics යනු පරිගණකයේ RAM මතකයෙන් කොටසක් තිරයේ රූප පෙන්වීමට භාවිතා කිරීම සඳහා වෙන් කර ගැනීමයි. එවිට එම වෙන්වූ මතකය RAM එකෙහි සාමාන්‍ය භාවිතය උදෙසා යොදා ගැනීමට නොහැක. උදාහරණයක් ලෙස 4 GB RAM මතකයක් ස්ථාපනය කොට ඇති පරිගණකයක video memory සඳහා 1 GB භාවිතා කරන්නේ නම් පරිශීලකයාට දිස්වන්නේ තම පරිගණකයේ 3 GB RAM මතකයක් ස්ථාපනය කොට ඇති ලෙසයි. මෙවිට video memory සඳහා වැයවන විදුලිය ඉතා කුඩා වන අතර එම නිසා ජනනය වන තාපය කුඩා වන අතර සමස්ත වශයෙන් බැටරියේ ආයු කාලය දිගු වේ. එමෙන්ම මෙම ක්‍රමය ඉතා ලාභදායී වේ. නමුත් ප්‍රථමයෙන් සඳහන් කල පරිශීලකයන්හට එය සුදුසු නොවන්නේ එවැනි graphics තීව්‍ර ක්‍රියා වලදී එය ඉක්මනින් රත් වෙන බැවිනි. එම නිසා RAM මතකයෙන් බාහිරව ඒ සඳහාම වෙන්වූ මතකයක් භාවිතා කරන external graphics card එම පරිශීලකයන්ට වඩාත් සුදුසු වේ. මේවා මිල අධික වන අතර වෙළෙඳ පොලට පැමිණෙන්නේ ඒවාටම වෙන්වූ සිසිලන පංකා සමඟයි. එනමුත් මෙවැනි පරිගණකයක් මිලදී ගැනීමට පෙර එය graphics card එකට වෙන්වූ සිසිලන පංකාවක් සහ පරිගණකයෙන් තාපය පිටවීමට සඳහා වා කවුළු ගොඩක් සහිත බවට තහවුරු කර ගැනීම නුවණට හුරු වේ. නැතිනම් graphics card එකෙන් ජනනය වන තාපය හේතු කොට ගෙන බැටරියේ ආයු කාලය ශීඝ්‍ර ලෙස අඩුවීමට ඉඩ ඇත. මීට අමතරව external graphics card එකක් භාවිතා කිරීමේ තවත් වාසියක් වනුයේ අවශ්‍ය විටක එය වැඩිදියුණු (upgrade) කිරීමේ හැකියාවයි. මෙහිදීත් තීව්‍ර ලෙස graphics භාවිතා කරන්නන් හැර අන් පරිශීලකයන් මේ පිලිබඳ සැලකිය යුතු නොවේ. ඔබ ඉදිරියේ graphics card එක upgrade කිරීමට බලාපොරොත්තු වන්නේ නම් අලුත් තත්වයේ graphics card එකක් සහිත පරිගණකයක් මිලදී ගැනීම නුවණට හුරු වේ. Graphics යනු ශීඝ්‍රයෙන් දියුණු වන අංශයක් බැවින් නුදුරු අනාගතයේ ඔබට නැවතත් එය upgrade කිරීමට මෙවිට සිදු නොවේ.


    Laptop RAM

    laptop-graphics.jpg

    RAM මතකය ගත් කල වෙළඳ පොලේ බහුලව දක්නට ඇත්තේ 4 GB මතක ප්‍රමාණයෙන් යුත් පරිගණකයි. මීට අමතරව 2 GB, 6 GB හා 8 GB යන ප්‍රමාණ වලින්ද දැකගත හැක. සාමාන්‍ය පරිශීලකයෙකුට නම් 4 GB හොඳටම ප්‍රමාණවත් වේ. Graphic designing software, emulators, simulators හා virtual machine වැනි මෘදුකාංග පහසුවෙන් ධාවනය කිරීමට නම් මීට වඩා වැඩි RAM මතකයක් අවශ්‍ය වේ. ඔබට කෙදිනක හෝ RAM upgrade කිරීමක් අවශ්‍ය වුවහොත් දැනට පරිගණකයේ ඇති RAM මතකයේ දත්ත වේගය සමඟ සැස‍‍‍‍දෙන RAM මතකයක් භාවිතා කිරීමට මතක තබා ගන්න (උදා: දැනට පරිගණකයේ ඇත්තේ DDR3 1333 / PC3-10600 වර්ගයේ මතකයක් නම් ඉන්පසු භාවිතා කල යුත්තේද ඒ වර්ගයේම මතකයකි). මෙහිදී සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කරුණක් නම් පරිගණක upgrade කිරීමෙදී ඇති සීමායි. ඔබගේ මෙහෙයුම් පද්ධතිය 32 bit වේ නම් එයට භාවිතා කල හැකි උපරිම මතකය 3 GB හෝ 3.5 GB වේ. මීට වඩා මතකයක් අවශ්‍ය වූ කල්හි 64 bit මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීම අවශ්‍ය වේ (මේ සඳහා processor එකද 64 bit වීම අත්‍යාවශ්‍ය වේ). RAM මතකය දත්ත හුවමාරු කරන වේගය ගැන ඔබ වඩාත් උනන්දු නම් පරිගණකය මිලදී ගැනීමට ප්‍රථම අන්තර්ජාලයේ ඒ පිලිබඳ සොයා බැලිය හැකිය.

    වෙළඳ පොලේ 11.6”, 12.1”, 13.3”, 14”, 15.6”, 17.3” හා 18.4” වශයෙන් සෑම තිර ප්‍රමාණයකම පරිගණක දැක ගත හැක. පරිශීලකයාට පහසු තිර ප්‍රමාණය වෙලඳ පොලට ගොස් පරිගණක දැකබලා ගෙන ඔහුගේ අභිමතය පරිදි තෝරා ගත හැක. සාමාන්‍යයෙන් තිර ප්‍රමාණයේ විශාලත්වයත් සමඟ ලැප්ටොප් පරිගණකයේ බරද වැඩිවේ. තවත් සැලකිය යුතු වැදගත් කරුණක් වනුයේ පරිගණකයේ විභේදනයයි (resolution). ලොකු විභේදනයක් ඇත්නම් වඩාත් පැහැදිලි රූප ලැබේ. චිත්‍රපට නැරඹීම සඳහා නිතරම පරිගණකය භාවිතා කරන්නෙකුට හෝ කලින් සඳහන් කල පරිදි තීව්‍ර ලෙස graphics භාවිතා කරන්නෙකුට මෙය වැදගත් විය හැකියි.

    Hard Disk

    දෘඩ තැටි ප්‍රමාණ ගත් කල වෙළඳ පොලේ මේවා 160 GB, 250 GB, 320 GB, 500 GB, 640 GB, 750 GB, 1 TB යන ප්‍රමාණවලින් දැක ගත හැක. බහුල වශයෙන් දක්නට ඇත්තේ 500 GB ප්‍රමාණයේ දෘඩ තැටිය. මූලික මෘදුකාංග ස්ථාපනය කොට ගෙන පොඩි පොඩි වැඩ කරගැනීමට ලැප්ටොප් පරිගණකය භාවිතා කරන පුද්ගලයෙකුට 160 GB හොඳටම සෑහේ. අනෙකුත් පරිශීලකයන්හට තමන්ගේ භාවිතයට සුදුසු පරිදි අවශ්‍ය ප්‍රමාණය මින් තෝරා ගත හැක. විශේෂයෙන්ම වීඩියෝ සංස්කරණයේ නියැලෙන්නන්ට හා පරිගණක ක්‍රීඩා ගබඩා කිරීමට විශාල මතකයක් අවශ්‍ය බැවින් ඔවුන් වැඩි ධාරිතාවකින් යුතු දෘඩ තැටියක් භාවිතා කිරීම යෝග්‍ය වේ.


    Laptop ports

    laptop-ports2.jpg


    වර්තමානයේ සාමාන්‍යයෙන් සෑම ලැප්ටොප් පරිගණකයක්ම වෙළඳ පොලට එන්නේ Wifi (වයිෆයි ජාලයකට සම්බන්ධ වී අන්තර්ජාලය පරිශීලනය කිරීමට), Bluetooth (බ්ලූටූත් හරහා ගොනු හුවමාරු කිරීමට), Card Reader (SD card කියවීමට) යන පහසුකම් සමඟයි. එමෙන්ම Ethernet port එකක් (ජාලයකට සම්බන්ධ වීමට), USB port කිහිපයක් (ගොනු හුවමාරු කිරීමට), HDMI port එකක් (බාහිර මොනිටරයකට සම්බන්ධ කිරීමට) සෑම ලැප්ටොප් පරිගණකයම වාගේ ඇත. නිතරම බාහිර උපාංග (උදා: දෘඩතැටියක්, මවුසයක්, pen drive) සමඟ වැඩ කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයෙකුට USB port වැඩි ප්‍රමාණයක් තිබෙන පරිගණයක් මිලදී ගත හැකියි. නැතිනම් ඒ වෙනුවට USB hub එකක් මිලදී ගත හැකියි. අලුත්ම USB මාදිලිය වන්නේ USB 3.0 යි. මෙම මාදිලියට පරණ USB 2.0 වඩා ඉතා වැඩි වේගයකින් ගොනු මාරුව (file transferring) සිදු කල හැකියි. සෑම පරිගණකයම වාගේ වෙබ් කැමරාවක්ද දක්නට ලැබේ.

    Data Protection
    පරිගණකයෙහි හා එහි ඇති දත්ත වල ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත් වන්නෙකුට Kensington Lock, Finger Print Recognition (ඇඟිලි සලකුණ මඟින් පරිගණකයට ඇතුල් වීමට) හා Face Recognition (මුහුණ හඳුනාගැනීම මඟින් පරිගණකයට ඇතුල් වීමට) යන සේවාවන් ලැප්ටොප් පරිගණකවලින් ලබා දී ඇත. Kensington Lock සෑම පරිගණකයකම වාගේ දක්නට ඇත. මෙය හරහා ඔබට ඔබේ පරිගණකය යම් දෙයකට අල්ලා යතුරු ලෑමට හැකිය. ලැප්ටොප් පරිගණක විකිනීමට ඇති තැන්වල මේ ක්‍රමය හරහා පරිගණක සොරුන් ගෙන් ආරක්ෂා කර තිබෙනවා ඔබ දැක ඇති. ඇඟිලි සලකුණ මඟින් පරිගණකයට පුරන් වීමේ (login) සේවාව Toshiba Tecra, HP ProBook හා HP Envy ලැප්ටොප් පරිගණක මඟින් ලබා දෙයි. වෙබ් කැමරාව හරහා මුහුණ හඳුනාගැනීමේ සේවාව Asus වෙළඳ ලකුණෙන් එන ලැප්ටොප් පරිගණකවල බොහෝ විට දැකිය හැකිය.

    laptop warranty services

    Warranty ගත් කල Parts warranty හා Service warranty යනුවෙන් වර්ග දෙකකි. බහුලව දක්නට ලැබෙන සංකලනය වනුයේ Parts warranty අවුරුද්දක් බැගින් සහ Service warranty අවුරුදු 2ක් බැගිනි. ඔබ ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමට පෙර මිලදී ගන්නා ආයතනය විසින් warranty ලබා දෙනබව තහවුරු කර ගැනීම වැදගත් වේ. Parts warranty කාලය ඇතුලත පරිගණකයේ යම් ‍කොටසකට හානියක් සිදුවුවහොත් නොමිලයේ එම කොටස ආදේශ කල හැකි වේ. ඒ සඳහා එම ආයතනය විසින් ගාස්තු අය කිරීමක්ද සිදු නොකරයි. Service warranty කාලය ඇතුලත එයම සිදුවුවහොත් ඔබට අදාල කොටසට පමණක් ගෙවීමට සිදු වේ. සේවාව නොමිලේ ලැබෙයි. මෙම කාලයන් ඇතුලත ‍ඔබට අවශ්‍ය වූ විටෙක මෙහෙයුම් පද්ධතිය නොමිලේ ප්‍රතිස්ථාපනය කරගැනීමට පවා හැකි වේ. නමුත් මෙම warranty කාලයන් දෙකම අවසන් වූ විට ඔබ ඒ සඳහා ගෙවීමක් කිරීමට අවශ්‍ය වේ. මෙම warranty කාලයන් බලපවත්වන්නේ ප්‍රථමයෙන් Parts warranty කාලය හා ඉන්පසු Service warranty කාලය වශයෙනි.

    ගත්තේ -techwire.lk

    පුළුවන් නම් bump එකක් දාගෙන යන්න. please
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    Good post Bro :)

    ඈණ ගන්නේ නැතුව ඔරිජිනල් ඒජන්ට් වොරන්ටි එක්ක ලැප්ටොප් නම් ඉතින්......



    :cool: :cool:
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ane manda bn ai me mun mechchara powerful computers walata laksha ganan deela yanne kiyala. mama LDA , k mean algorithm run karanneth i3 ekaka. hodatama wada
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ඔරිගීනල් ලැප් එකක් හඳුනාගන්න..

    අංක 1
    දැන් කොහොමද ඔරිගීනල් කියල අදුරගන්නේ? එකට තියනවා ඔය හැම ලැප්ටොප් එකකම සේර්විස් ටැග කියල එකක්. එක තියෙන්නේ ලැප්ටොප් එකේ යුට පැත්තේ. එක සිරියල් නම්බර් එක කියලත් කියනවා . එක ඒගොල්ලන්ගේ වෙබ් සයිට් එකේ රේගිස්ටර් කරන්න පුළුවන් නම් එක අර විදිහේ Value Good එකක් නෙමේ. මෙන්නේ මේ උදාහරණ බලන්න

    14t639z.jpg


    Asus
    24zxdns.jpg


    Toshiba
    2pr7k2g.jpg


    අංක 2
    ඔයගොල්ලෝ ගන්න යන්නේ ටොෂිබා ලැප්ටොප් එකක් නම් එකේ manual එකේ හෝ ඔරිගීනල් වෙබ් සයිට් එකේ තියනවා බඩුවත් එක්ක එන packing ලිස්ට් එක. උදාහරණ ලෙස බෑග් එක පවර් කේබල් එක driver DVD එක වගේ දේවල්. ඒ ඔක්කොම හම්බෙනවද බලන්න. නැත්නම් එපා කියල අපහු එන්න.

    අංක 3
    හුගක් වෙලාවට ඔය ලැප් ටොප් ..... filtered websites .......... filtered websites .......... filtered websites .......... filtered websites .....න් බෑග් එක ගන්න වර්ගේ නෙමේ. මොකද අර factory එකෙන් බෑග් එක දෙන්නේ නැ. ඉතින් ඔය ගන්නේ ටොෂිබා නම් හම්බෙන්නේ HP බෑග් එකක් නම් හුගක් වෙලාවට හොද එකක් නෙමේ

    අංක 4
    බලන්න ලැප්ටොප් එක එන කාර්ඩ් බෝර්ඩ් බොක්ස් එකේ තියන සිරියල් නම්බර් එකයි. ලැප්ටොප් එකේ සේර්විචේ ටැග් එකේ තියන සිරියල් නම්බර් එකයි බටර්ය් එකේ සිරියල් නම්බර් එකයි ගැලපෙනවද කියල.


    internet
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    Good post Bro :)

    ඈණ ගන්නේ නැතුව ඔරිජිනල් ඒජන්ට් වොරන්ටි එක්ක ලැප්ටොප් නම් ඉතින්......



    :cool: :cool:

    ado bada mame boge laptop ajuthay, kujeethay, perethay :angry: hariyata layland bus wage ;) man ara DELL PC ekak gaththa on kanarakota Windows kiyala enawa hamadama :P onna balapan ithin :P .....sahenna redei dan :P
     
    Last edited: