laptop battery

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අද කාලේ වෙනකොට ලැප්ටොප් එකක් කියන්නේ අත්‍යාවශ්‍යම දෙයක් බවට පත් වෙලා. ටිකක් ටැබ්ලට් පැත්තට බර බවක් තිබුනත් තවමත් ගේම් ගහන්න, කැම්පස්, ඔෆිස් වල වැඩ යන එන ගමන් කරන්න බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ ලැප්ටොප් තමයි. කොහොම වුනත් ලැප්ටොප් බැටරිය නම් වැඩි කාලයක් තියෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ මිලට ගන්න තියෙන බොහෝ ලැප්ටොප් වල බැටරි කාලය පැය 4 සිට 7ක් දක්වා තමයි. ඒ වගේම බර වැඩ කරද්දී මේක පැය දෙක තුනෙන් බැහැලා ඕෆ් වෙනවා.

    සාමාන්‍යයෙන් ලැප්ටොප් එක ගද්දිම ලැබෙන බැටරිය අවුරුද්දක් දෙකක් පාවිච්චි කරන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට. කොහොම වුනත් අපි මේ කියන්න යන්නේ ඉතා වැඩි කාලයක් ලැප්ටොප් බැටරිය ආරක්ෂා කරලා තියා ගන්න විදිහ ගැනයි. ඉතින් මේ ලිපියේ මාතෘකාව දැක්කම කවුරුත් තේරුම් ගන්න ඇති බැටරිය ඉක්මනින් සවුත්තු වෙන හේතුව. ඔව් ඒ කතාව ඇත්ත, දිගටම චාජ් වෙන්න ගහලා තියන එක ඇත්තටම බැටරි සවුත්තු වෙන ප‍්‍රධාන හේතුවක්. ඒ ඇයි කියලා දැන ගන්න ලිපිය දිගටම කියවන්නකෝ.

    ඔබේ ලැප්ටොප් එකේ තියන බැටරිය ලිතියම් අයන පාවිච්චි වෙන බැටරියක්. මේකේ ලොකු වාසියක් තියෙනවා. ලිතියම් කියන්නේ වායුවක් නොවන සැහැල්ලූම මූලද‍්‍රව්‍යය. ලිතියම් (ඛස) කියන්නේ මේ නිසා වැඩිම ශක්ති ධාරිතාවක් තියෙන ලෝහයයි. ඉතින් ලැප්ටොප්, ෆෝන්, ටැබ්ලට් වගේ ඕනෑම බරින් අඩු, වැඩි කාලයක් තියා ගන්න අවශ්‍ය වන උපකරණයකට වැඩියෙන්ම හොඳ ලිතියම් අයන බැටරියක්. (ලිතියම් ලෝහ බැටරි මීටත් වඩා බලවත්, හැබැයි චාජ් කරන්න බැහැ. ඉස්සර කැමරා වලට මේ බැටරි පාවිච්චි වුණා)

    මේ මොන ප‍්‍රයෝජනය තිබුණත් ලිතියම් අයන බැටරි වල ලොකු අඩු පාඩු තියෙනවා. එකක් තමයි උණුසුම නිසා ඉක්මනින් හානි වීම. (ගිනි ගන්න, පුපුරන්න පවා ඉඩ තියෙනවා) අනිත් දේ තමයි මුළුමනින් චාජ් වුණාම හෝ බැහැලා ගියාම ඉක්මනින් හානි වීම.

    ඉතින් ඔබේ ඕනෑම උපකරණයක් ලිතියම් අයන බැටරියක් තියෙන එකක් නම් සම්පුර්ණයෙන්ම බහින්න දෙන එක හෝ මුළුමනින්ම චාජ් වෙන එක ඇත්තටම බැටරියට හොඳ නැහැ. ඒ නිසා තමයි ලැප්ටොප් සේරම 5% වෙද්දී ඉබේම හයිබනේට් වෙන්නේ. බැහැලා යන එක තරම්ම අවුලක් නැතත් සම්පුර්ණ චාජ් වෙන එක, විශේෂයෙන්ම සම්පුර්ණ චාජ් එකේ බොහෝ කල් තියෙන එක නරකයි.

    කැඩෙක්ස් ඉලෙක්ට්‍රොනික් එකේ CEO ඉසිදෝර් බුක්මන් (Isidor Buchmann) කියන විදිහට හොඳම දේ 80% සහ 40% අතර බැටරිය තියා ගන්න එකයි. බැටරි යුනිවර්සිටි ආයතනයත් මේ කතාව පිලිගන්නවා. ඔවුන් කියන්නේ සම්පුර්ණ චාජ් වෙන බැටරියක් 300-500 වාරයක් යද්දී ඉවත් කරන මට්ටමට එනවා වුනත් 80%-40% තියන බැටරියක් 1200-2000 වාරයක් තියා ගන්න පුළුවන් කියලයි. ඒ වගේම තමයි උණුසුමේ ප‍්‍රශ්නය.

    ගොඩක් ලැප්ටොප් බැටරි බලයෙන් ක‍්‍රියා කරද්දී අඩු ශක්තියකින් ක‍්‍රියා කරන නිසා නිපදවන තාපය අඩුයි. නමුත් චාජ් වෙන්න ගැහුවම නිදහසේ ක‍්‍රියා කරලා වැඩි තාපයක් නිකුත් කරන්න පෙළඹෙනවා. ඒක නිසාත් බැටරියේ කල් පැවැත්ම අඩු වෙන්න ඉඩ තියෙනවා. බැටරිය රත් වෙලා තියෙන තරමට ඉක්මනින් විනාශයට යන බව සියලූ විද්‍යාඥයන් පිළිගන්නවා. කොහොම වුණත් 80% – 40% තියා ගන්න එක නම් ඇත්තටම අමාරු වැඩක්.

    මොකද අපි හොයලා බැලූවා, කිසිම ඇප් එකක් නැහැ මේ වැඬේ කරවා ගන්න පුළුවන්. වඩාත්ම හොඳ දේ තමයි ඔබේ බැටරිය 80%ට චාජ් වුනු ගමන් විදුලිය විසන්ධි වෙන, 40%ට ආපු ගමන් සම්බන්ධ වෙන ක‍්‍රමයක් තියෙන එක. ඒ වගේම ගමනක් යන්න ඕන වුණාම ලේසියෙන්ම පුළුවන් වෙන්න අවශ්‍යයි එක බොත්තමක් ඔබලා 100% දක්වා චාජ් වෙන්න දෙන්න. හැබැයි ඒ මට්ටමේ වැඩක් ඇප් එකකින් කරන්න බැහැ, මොකද ලැප්ටොප් බැටරිය චාජ් වෙන එක මෙහෙයුම් පද්ධතිය හරහා සිදු වෙන දෙයක් නෙවෙයි. ගහලා තිබුනත් නැතත් චාජර් එක ගහපු ගමන් ලැප්ටොප් බැටරිය චාජ් වෙලා 100%දී නවතින එක සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහේ දෙයක් කරන්න අවශ්‍ය ලැප්ටොප් හදන මිනිස්සුම තමයි.

    ඒත් එයාලගේ බැටරි විකුණන බිස්නස් එකට පාඩුවක් නිසා කවුරුත් එහෙම දෙයක් කරන එකක් නැහැ. හොඳම වැඬේ තමයි ඔබට පුළුවන් නම් 80% ට චාජ් වෙද්දී චාජර් එක ඉවත් කරලා 40%ට බහිද්දී චාර්ජ් වෙන්න ගහන එක. හැමදාම කරන්න අවශ්‍ය නොවුනත් පුළුවන් හැම වෙලාවේම කලොත් ඔබේ බැටරි එක වැඩි කාලයක් පවත්වා ගන්න පුළුවන් වේවි.



    Ceylonweek.com
     
    • Like
    Reactions: sudu23 and dehilu

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    mage nan dell ekenma denna drivers walin ena ekak thienawa. desktop mode kiyala kiyana eka enable karala thiyenne. e nisa nitharama charge ekata gahala thibunata awlak na. mekedi batterya 50-100 athara witharai charge wenne . battery eka 2690mAh. ada kale phone walatath oita wada enawa.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    කිසිම ඇප් එකක් නැහැ මේ වැඬේ කරවා ගන්න පුළුවන්

    ඒකට තමා Lithium ion battery protection circuit එකක් Laptop batteries වලට integrate කරලා තියෙන්නෙ. Over charge, Over discharge, Over heat protection තියනවා හැම Lithium ion බැටරියකම.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලබ්බ තමයි. උබලා ඔහොම ගලවලා ගහලා කෙලව ගනින් බැටරියට. ඔහොම චාජර් එකට ගලවලා ගහන්න ගියාම චාජින් සයිකල් ගාන අඩු වෙනවා. එතකොට කෙල වෙලා යනවා.

    මම අවුරුදු 5ක් ලැප් එකක් use කළා. පුළුවන් හැම වෙලාවේම චාජර් එකට ගහගෙන. ඔය කියනවා වගේ නම් අවුලක් ඇවිත් නැ. අනික ඔය ලැප් වල එක එක දේවල් තියෙනවා ඕවර් චාජ් වෙන එකයි හිට් වෙන එකයි නවත්තන්න. ලැප් එකේ බැටරිය අවුල් යන එක ඔය මොක කරත් එනවා. අවුරුදු 2ක් විතර යනකොට කොහොමත් ඔය කියන ලෙඩ එනවා. ෆෝන් වලත් එහෙමයි
     

    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    ලබ්බ තමයි. උබලා ඔහොම ගලවලා ගහලා කෙලව ගනින් බැටරියට. ඔහොම චාජර් එකට ගලවලා ගහන්න ගියාම චාජින් සයිකල් ගාන අඩු වෙනවා. එතකොට කෙල වෙලා යනවා.

    මම අවුරුදු 5ක් ලැප් එකක් use කළා. පුළුවන් හැම වෙලාවේම චාජර් එකට ගහගෙන. ඔය කියනවා වගේ නම් අවුලක් ඇවිත් නැ. අනික ඔය ලැප් වල එක එක දේවල් තියෙනවා ඕවර් චාජ් වෙන එකයි හිට් වෙන එකයි නවත්තන්න. ලැප් එකේ බැටරිය අවුල් යන එක ඔය මොක කරත් එනවා. අවුරුදු 2ක් විතර යනකොට කොහොමත් ඔය කියන ලෙඩ එනවා. ෆෝන් වලත් එහෙමයි

    Machan mamath hithanne mu hari kiyala. Mamath puluwan tharam lap eka charger ekata gahala thiyenne. aka eka eka eka dewal kiyanawa. poll ekak hari dala me magula visadagamu neda?