Lasith Malinga ge Mitsubishi evolution ten car eka

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලසිත් මාලිංග මෝටර් රථ ධාවන තරඟවලට එක් වේ




    lasithcar.png



    ලොව විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු වන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග මෝටර් රථ ධාවන තරගවලට එක්වීමට සුදානම් වෙයි.

    ශ්‍රී ලංකාවේ මෝ‍ටර් රථ ධාවන පථවලටම සුදුසු රුපියල් මිලියන ගණනක් වටිනා නවීන පන්නයේ Mitsubishi evolution ten වර්ගයේ මෝටර රථයක් මාලිංග ආනයනය කර ඇති අතර කොළඹට නුදුරු ස්ථානයක එම රථය නවීකරණය කෙරුණි. ටර්බෝ බලගැන්වු සුපිරි ආරෝපකයකින් සමන්විත සිලින්ඩර් හත‍රේ පැයට කිලෝමීටර් 300ක වේගයෙන් ධාවනය කළ හැකි මේ මෝටර් රථයේ සංක්‍රමනය 6-Speed twin clutch gear box ලෙස ක්‍රියාත්මක වේ.

    ලසිත් මාලිංග ‍මේ වසර මැදදී නවතම මෝටර් රථයෙන් ධාවන තරගයකට එක්වීමට සුදානමින් සිටින බවද වාර්තා වේ. මුල් පෙලේ මෝටර් රථ ධාවන තරගයක් වන එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෝටර් රථ ධාවන පථයට එක්වන මුල්ම අවස්ථාව ලෙස ඉතිහාසයේ සටහන් වේ.

    මාලිංග පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ඉන්දියාවේ පැවැති ප්‍රදර්ශන මෝටර් රථ ධාවන තරගයකට එක්වෙමින් මුල් පියවර තබා තිබුණි. එම තරගයට පෙර ඉන්දියාවේ ප්‍රකට මෝටර් රථ ධාවකයෙකුගෙන් තරගකාරී මෝටර් රථ ධාවනය ගැන හදාරා ඇතැයි ද වාර්තාවේ.






    wpid-mitsubishi_evo_10_x_19150+-+Copy.jpg