Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lasith Malinga
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලිංග ටෙස්ට් දිවියෙන් සමු ගනියි

[ATTACH]28078[/ATTACH]

සුවකළ නොහැකි ආබාධ තත්ත්වයක් සමග ටෙස්ට් ක්‍රීඩා කිරීමෙන් මුළු ක්‍රිකට් ජීවිතයම අතර මග නැවතීමට ඉඩ ඇති බැවින් ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තමා තීරණය කළ බව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ (26 දා) පැවසීය.

ඉන්දියාවේ පැවැත්වෙන අයි.පී.එල්. පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය අතරතුර හදිසියේ දිවයිනට පැමිණි මාලිංග අදාළ සමුගැනීම පිළිබඳ මාධ්‍ය හමුවක් කැඳවමින් එසේ පැවසීය.

2004 වසරේ ජූලි මස ඔස්ටේ්රලියාවට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ ලසිත් මාලිංග ටෙස්ට් තරග 30 කදී කඩුලු 101 ක් දවාගෙන ඇති අතර එහි කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 33.15 ක් ලෙස සටහන් වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 100 ක් දවා ගත් දෙවැනි වේග පන්දු යවන්නා සහ තෙවැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා වන්නේද මාලිංගය.

ලසිත් මාලිංග ගේ දකුණු දණ හිසේ ඇති වී තිබෙන ආබාධ තත්ත්වය සුව කළ නොහැකි ආබාධයක් බවත් එවැනි ආබාධයක් ඇති වූ කෙනෙක් නැවතත් ක්‍රීඩා කිරීමට හැකිවීම හාස්‍යජනක කරුණක් බවත් ඔහුගේ වෛද්‍යවරු පැවසූ බව මාලිංග පවසයි.

"මගේ දකුණු දණ හිසේ තියෙන ආබාධ තත්ත්වය නිසා මට අධික ලෙස මහන්සි වී ටෙස්ට් ක්‍රීඩා කරන්න අපහසුයි. මෙවැනි ආබාධයක් ඇති වූ කෙනෙක් මීට කලින් සුව වී නැති බව මගේ ඔස්ටේ්රලියානු වෛද්‍ය ඩේවිඩ් යංග් මහතා පවසා සිටියේ. මේ වගේ ආබාධ ඇති වූ පස්වැනි ක්‍රීඩකයා මම බව වෛද්‍ය ඩේවිඩ් යංග් පැවසුවා. අනික් සියලු ක්‍රීඩකයන් පාපන්දු ක්‍රීඩකයන්. නමුත් ඒ අතරින් නැවතත් ක්‍රීඩා කරන්න පුළුවන් වූ එකම ක්‍රීඩකයා මම බවයි ඔවුන් පවසන්නෙ. නමුත් මේ ආබාධය සම්පූර්ණයෙන්ම සුව කරන්න බැරි ආබාධයක්. එන්න එන්නම ආබාධය උත්සන්න වන නිසා පරිස්සමින් ක්‍රීඩා කළ යුතුයි. ටෙස්ට් ක්‍රීඩා කරන විට එක දිගට පන්දුවාර 10-15 ක් යවන්න වෙනවා. එතකොට ගොඩක් වෙහෙසට පත්වෙනවා. නමුත් පන්දුවාර 50 එක්දින තරගවල යවන්න තියෙන්නෙ පන්දුවාර 10 යි. 20-20 තරගවල යවන්න තියෙන්නෙ පන්දුවාර 4 යි. තවදුරටත් ටෙස්ට් ක්‍රීඩා කළොත් ඉක්මනින්ම මම ආබාධයට ලක්වෙන්න ඉඩ තියෙනවා කියල වෛද්‍යවරු කිව්ව. නමුත් මම කැමැතියි තවදුරටත් රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්න. ඒ හින්ද මගේ ඉදිරි ක්‍රිකට් ජීවිතය වෙනුවෙන් තරග කළමණාකරණය කරගන්න සිදුවෙනවා. ඒක හින්ද ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගත්තා." යනුවෙන් මාලිංග පවසයි.

අයි.පී.එල්. තරගාවලියෙන් පසු නිල වශයෙන් ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීම තීරණය කිරීමට සිටියත් එංගලන්ත සංචාරයට ක්‍රීඩා කිරීමට නොහැකි බව දැන්වීමෙන් පසු මුදල් වෙනුවෙන් අයි.පී.එල්. නියෝජන කරන බවට මාධ්‍ය වාර්තා කර තිබීම මත හදිසියේ ටෙස්ට් ක්‍රීඩාවෙන් සමු ගැනීම නිල වශයෙන් ප්‍රකාශ කර බව මාලිංග පවසයි.

"මම තේරීම් කමිටුව පැවසුවා එංගලන්ත ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට තරම් සුදුසු ශරීරික යෝග්‍යතාවක් මට නැහැ කියල. ඒත් ආබාධයක් තියෙද්දි මම අයි.පී.එල්. ක්‍රීඩා කරන්නෙ මුදල් වෙනුවෙන් බවට වැරදි මතයක් මාධ්‍ය වෙතින් ප්‍රචාරය වන බව දැක්කා. ඒ හින්ද ඉක්මනින්ම සමුගැනීම නිල වශයෙන් ප්‍රකාශ කළා."

2008 වසරේ ඔස්ටේ්රලියාවේ පැවැති ටෙස්ට් තරගාවලිය අතරතුර පළමුවෙන්ම අදාළ ආබාධයට ගොදුරු වූ මාලිංග එතැන් සිට මාස 16 ක පමණ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටියේය.

"පළමුවෙන්ම මේ ආබාධය ඇති වුන වෙලාවෙ මට පඩිපෙලක්වත් නැග ගන්න බැරි තරමට අමාරු වුණා. එතැන් සිට මාස 16-18 කාලයක් මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටියා. නමුත් ඒ කාලයේ සිටි ක්‍රිකට් බලධාරීන් මම ගැන ඇහැක් ඇරලවත් බැලුවෙ නැහැ. මම ජීවත් වෙන්නෙ කොහොමද කියල බැලුවෙ නැහැ. මගේ සියලු ගෙවීම් කපා හැරියා. මගේ ක්‍රිකට් කන්ට්‍රැක් එක දුන්නෙ නැහැ. නමුත් මම වැනි ආබාධයකට ලක්වෙලා හිටපු ක්‍රීඩකයකුටත් කන්ට්‍රැක් එක දුන්න. මම ආබාධය සුව වෙලා නැවතත් මට කණ්ඩායමට එන්න පුළුවන් වුණේ අයි.පී.එල්. තරගාවලියේ දක්වපු දක්ෂතා නිසා. මම උසස් පෙළ කළේ ගණිත අංශයෙන්. ක්‍රිකට් නිසා මගේ උසස් පෙළ කරන්න බැරි වුණා. නමුත් ක්‍රිකට් මගේ රස්සාව වුණා. ඒකෙදි රට වෙනුවෙන් ක්‍රීඩා කරද්දී ආබාධයක් වුණහම මා දිහා එකල සිටි ක්‍රිකට් බලධාරීන් බැලුවෙ නැහැ. ඉතින් ආබාධයක් ඇතිව ටෙස්ට් ක්‍රීඩා කරල නැවතත් ආබාධයක් ඇති වුණොත් මම දිහා කවුරුවත් බලයිද කියල මගේ විශ්වාසයක් නැහැ. ඒක මම අත්දැකීමෙන් දන්නවා. ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහ කණා මැදිරි එළියටත් බයයි කියන්න වගේ කා ගැනවත් විශ්වාස කරන්න බැහැ. පස්සෙ මාව වාර්ෂික කොන්ත්‍රාත්තුවේ සිව්වැනි කාණ්ඩයට දැම්මා. ඒ කියන්නෙ ශ්‍රී ලංකාවේ සිටින හොඳම ක්‍රීඩකයන් 10-15 ක් ඉවර වුණාට පස්සෙ තමයි සිව්වැනි කොටසට ක්‍රීඩකයන් ඇතුළත් වන්නෙ. ඒ කාලයේ මම ක්‍රීඩා කරපු හැම තරගයකම පළමු හෝ දෙවැනියට වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයා වෙලා හිටියා. මම කියන්නෙ මගේ රූපය හෝ බාහිර දේවල් බලල මාව තේරුම් ගන්නෙ නැතිව මම පිට්ටනියට ගිහිල්ල කරන දේ ගැන බලල මාව තේරුම් ගන්න කියල ඉල්ලනවා." යනුවෙන් මාලිංග වැඩිදුරටත් පැවසීය.

තව වසර හතරක් පමණ එක්දින සහ පන්දුවාර 20-20 තරග නියෝජනය කිරීමට කැමැත්තෙන් පසුවන බව පැවසූ මාලිංග තමාගේ ප්‍රධානම ඉලක්කය ලබන 2012 වසරේ පැවැත්නෙ පන්දුවාර 20-20 තරගය සහ 2015 ලෝක කුසලාන තරගාවලිය බවද අවසන් වශයෙන් පැවසූ මාලිංග ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ වෛද්‍ය එලියන්ත වයිට් මහතාටද විශේෂ ස්තුතිය පුද කළේය.

[QUOTE="dimuthmike, post: 9961295, member: 264240"] [COLOR="DarkRed"][SIZE="5"]මාලිංග ටෙස්ට් දිවියෙන් සමු ගනියි [/SIZE][/COLOR] [ATTACH]28078._xfImport[/ATTACH] [COLOR="Black"][SIZE="4"]සුවකළ නොහැකි ආබාධ තත්ත්වයක් සමග ටෙස්ට් ක්‍රීඩා කිරීමෙන් මුළු ක්‍රිකට් ජීවිතයම අතර මග නැවතීමට ඉඩ ඇති බැවින් ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තමා තීරණය කළ බව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ (26 දා) පැවසීය. ඉන්දියාවේ පැවැත්වෙන අයි.පී.එල්. පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය අතරතුර හදිසියේ දිවයිනට පැමිණි මාලිංග අදාළ සමුගැනීම පිළිබඳ මාධ්‍ය හමුවක් කැඳවමින් එසේ පැවසීය. 2004 වසරේ ජූලි මස ඔස්ටේ්රලියාවට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ ලසිත් මාලිංග ටෙස්ට් තරග 30 කදී කඩුලු 101 ක් දවාගෙන ඇති අතර එහි කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 33.15 ක් ලෙස සටහන් වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 100 ක් දවා ගත් දෙවැනි වේග පන්දු යවන්නා සහ තෙවැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා වන්නේද මාලිංගය. ලසිත් මාලිංග ගේ දකුණු දණ හිසේ ඇති වී තිබෙන ආබාධ තත්ත්වය සුව කළ නොහැකි ආබාධයක් බවත් එවැනි ආබාධයක් ඇති වූ කෙනෙක් නැවතත් ක්‍රීඩා කිරීමට හැකිවීම හාස්‍යජනක කරුණක් බවත් ඔහුගේ වෛද්‍යවරු පැවසූ බව මාලිංග පවසයි. "මගේ දකුණු දණ හිසේ තියෙන ආබාධ තත්ත්වය නිසා මට අධික ලෙස මහන්සි වී ටෙස්ට් ක්‍රීඩා කරන්න අපහසුයි. මෙවැනි ආබාධයක් ඇති වූ කෙනෙක් මීට කලින් සුව වී නැති බව මගේ ඔස්ටේ්රලියානු වෛද්‍ය ඩේවිඩ් යංග් මහතා පවසා සිටියේ. මේ වගේ ආබාධ ඇති වූ පස්වැනි ක්‍රීඩකයා මම බව වෛද්‍ය ඩේවිඩ් යංග් පැවසුවා. අනික් සියලු ක්‍රීඩකයන් පාපන්දු ක්‍රීඩකයන්. නමුත් ඒ අතරින් නැවතත් ක්‍රීඩා කරන්න පුළුවන් වූ එකම ක්‍රීඩකයා මම බවයි ඔවුන් පවසන්නෙ. නමුත් මේ ආබාධය සම්පූර්ණයෙන්ම සුව කරන්න බැරි ආබාධයක්. එන්න එන්නම ආබාධය උත්සන්න වන නිසා පරිස්සමින් ක්‍රීඩා කළ යුතුයි. ටෙස්ට් ක්‍රීඩා කරන විට එක දිගට පන්දුවාර 10-15 ක් යවන්න වෙනවා. එතකොට ගොඩක් වෙහෙසට පත්වෙනවා. නමුත් පන්දුවාර 50 එක්දින තරගවල යවන්න තියෙන්නෙ පන්දුවාර 10 යි. 20-20 තරගවල යවන්න තියෙන්නෙ පන්දුවාර 4 යි. තවදුරටත් ටෙස්ට් ක්‍රීඩා කළොත් ඉක්මනින්ම මම ආබාධයට ලක්වෙන්න ඉඩ තියෙනවා කියල වෛද්‍යවරු කිව්ව. නමුත් මම කැමැතියි තවදුරටත් රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්න. ඒ හින්ද මගේ ඉදිරි ක්‍රිකට් ජීවිතය වෙනුවෙන් තරග කළමණාකරණය කරගන්න සිදුවෙනවා. ඒක හින්ද ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගත්තා." යනුවෙන් මාලිංග පවසයි. අයි.පී.එල්. තරගාවලියෙන් පසු නිල වශයෙන් ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීම තීරණය කිරීමට සිටියත් එංගලන්ත සංචාරයට ක්‍රීඩා කිරීමට නොහැකි බව දැන්වීමෙන් පසු මුදල් වෙනුවෙන් අයි.පී.එල්. නියෝජන කරන බවට මාධ්‍ය වාර්තා කර තිබීම මත හදිසියේ ටෙස්ට් ක්‍රීඩාවෙන් සමු ගැනීම නිල වශයෙන් ප්‍රකාශ කර බව මාලිංග පවසයි. "මම තේරීම් කමිටුව පැවසුවා එංගලන්ත ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට තරම් සුදුසු ශරීරික යෝග්‍යතාවක් මට නැහැ කියල. ඒත් ආබාධයක් තියෙද්දි මම අයි.පී.එල්. ක්‍රීඩා කරන්නෙ මුදල් වෙනුවෙන් බවට වැරදි මතයක් මාධ්‍ය වෙතින් ප්‍රචාරය වන බව දැක්කා. ඒ හින්ද ඉක්මනින්ම සමුගැනීම නිල වශයෙන් ප්‍රකාශ කළා." 2008 වසරේ ඔස්ටේ්රලියාවේ පැවැති ටෙස්ට් තරගාවලිය අතරතුර පළමුවෙන්ම අදාළ ආබාධයට ගොදුරු වූ මාලිංග එතැන් සිට මාස 16 ක පමණ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටියේය. "පළමුවෙන්ම මේ ආබාධය ඇති වුන වෙලාවෙ මට පඩිපෙලක්වත් නැග ගන්න බැරි තරමට අමාරු වුණා. එතැන් සිට මාස 16-18 කාලයක් මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටියා. නමුත් ඒ කාලයේ සිටි ක්‍රිකට් බලධාරීන් මම ගැන ඇහැක් ඇරලවත් බැලුවෙ නැහැ. මම ජීවත් වෙන්නෙ කොහොමද කියල බැලුවෙ නැහැ. මගේ සියලු ගෙවීම් කපා හැරියා. මගේ ක්‍රිකට් කන්ට්‍රැක් එක දුන්නෙ නැහැ. නමුත් මම වැනි ආබාධයකට ලක්වෙලා හිටපු ක්‍රීඩකයකුටත් කන්ට්‍රැක් එක දුන්න. මම ආබාධය සුව වෙලා නැවතත් මට කණ්ඩායමට එන්න පුළුවන් වුණේ අයි.පී.එල්. තරගාවලියේ දක්වපු දක්ෂතා නිසා. මම උසස් පෙළ කළේ ගණිත අංශයෙන්. ක්‍රිකට් නිසා මගේ උසස් පෙළ කරන්න බැරි වුණා. නමුත් ක්‍රිකට් මගේ රස්සාව වුණා. ඒකෙදි රට වෙනුවෙන් ක්‍රීඩා කරද්දී ආබාධයක් වුණහම මා දිහා එකල සිටි ක්‍රිකට් බලධාරීන් බැලුවෙ නැහැ. ඉතින් ආබාධයක් ඇතිව ටෙස්ට් ක්‍රීඩා කරල නැවතත් ආබාධයක් ඇති වුණොත් මම දිහා කවුරුවත් බලයිද කියල මගේ විශ්වාසයක් නැහැ. ඒක මම අත්දැකීමෙන් දන්නවා. ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහ කණා මැදිරි එළියටත් බයයි කියන්න වගේ කා ගැනවත් විශ්වාස කරන්න බැහැ. පස්සෙ මාව වාර්ෂික කොන්ත්‍රාත්තුවේ සිව්වැනි කාණ්ඩයට දැම්මා. ඒ කියන්නෙ ශ්‍රී ලංකාවේ සිටින හොඳම ක්‍රීඩකයන් 10-15 ක් ඉවර වුණාට පස්සෙ තමයි සිව්වැනි කොටසට ක්‍රීඩකයන් ඇතුළත් වන්නෙ. ඒ කාලයේ මම ක්‍රීඩා කරපු හැම තරගයකම පළමු හෝ දෙවැනියට වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයා වෙලා හිටියා. මම කියන්නෙ මගේ රූපය හෝ බාහිර දේවල් බලල මාව තේරුම් ගන්නෙ නැතිව මම පිට්ටනියට ගිහිල්ල කරන දේ ගැන බලල මාව තේරුම් ගන්න කියල ඉල්ලනවා." යනුවෙන් මාලිංග වැඩිදුරටත් පැවසීය. තව වසර හතරක් පමණ එක්දින සහ පන්දුවාර 20-20 තරග නියෝජනය කිරීමට කැමැත්තෙන් පසුවන බව පැවසූ මාලිංග තමාගේ ප්‍රධානම ඉලක්කය ලබන 2012 වසරේ පැවැත්නෙ පන්දුවාර 20-20 තරගය සහ 2015 ලෝක කුසලාන තරගාවලිය බවද අවසන් වශයෙන් පැවසූ මාලිංග ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ වෛද්‍ය එලියන්ත වයිට් මහතාටද විශේෂ ස්තුතිය පුද කළේය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom