LCD සහ LED Monitor අතර වෙනස

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Repost එකක් නම සොරි

    පරිගණකයත් සමග මුල් කාලයේ පැවති එකම මොනිටර් වර්ගය

    වූයේ CRT [ Cathode Ray Tube ] මොනිටරයන්ය.නමුත්

    පසුකාලීනව LCD [ Liquid Crystal Display ] මොනිටර පැමිණීමත්

    සමග එය වෙනස් විය.මේ වන විට එයද වෙනස්වී LED [ Light

    Emitting Diode ] මොනිටර පැමිණ ඇත.

    මොකක්ද මේ LED කියන්නේ සහ LCD සහ LED අතර වෙනස

    මෙම ලිපිය තුලින් දැනගන්න පුළුවන්.

    LCD සහ LED මොනිටර් දෙකෙහිම තාක්ෂණයන් එකම වන නමුත්

    LCD

    සහ LED තිර ආලෝකමත් කිරීමට යොදාගන්නා තාක්ෂණයන් අනුව

    LCD සහ LED මොනිටරයන් වෙනස් වේ.

    LCD සහ LED මොනිටර් අතර ප්‍රධානම වෙනස වන්නේ Backlight [

    පසු ආලෝකන ] තාක්ෂණයන් වල වෙනස්කමයි.LCD මොනිටරයන්

    වල පසු ආලෝකනය සදහා භාවිතා වන්නේ Cold Cathode

    Fluorescent Lamp [ ශීත කැතෝඩ ප්‍රතිදීප්ත පහන් ] ය.LED

    මොනිටරයන් වල මේ සදහා භාවිතා වන්නේ Light Emitting Diode

    [

    ආලෝකය විහිදුවන ඩයෝඩ ] යි.

    LCD මොනිටර වලදී තිරය ආලෝකමත් කරනුයේ ප්‍රතිදීප්ත පහන් පහන්

    වලින් නිකුත් වන කැතෝඩ කිරණ මගින් නිර්මාණය කරන වර්ණ

    Polarized Liquid Crystals [ ධ්‍රැවිත ද්‍රව ස්ඵටික ] තුලින් යැවීම

    මගිනි.

    LED මොනිටර වලදී සිදුවන්නේ LED භාවිතයෙන් පසු ආලෝකනය

    කිරීමයි.මෙසේ සිදුවන අලෝකකරණයේ ආලෝකයේ Dynamic

    Contrast Ratio [ ගතීක වෙනසේ අනුපාතය ] අගය වැඩිවීමත් LED

    භාවිතයේදී ශ්‍රේණිගත තීවතාව වැඩි නිසා තියුනුව නිවැරදිම වර්ණයන්

    දර්ශණය කලහැකිය.

    LED මොනිටර් වලදී භාවිතා වන පසු ආලෝකන වර්ග දෙකක්

    ඇත.RGB Dynamic LED සහ Edge LED එම දෙවර්ගයයි.


    RGB Dynamic LED වර්ගයේදී තිරය පිටුපසින් LED යොදා ඇත.

    Edge LED වර්ගයේදී LED තිරය වටා සවිකර ඇත.මේ හේතුවෙන්ම

    LED තිරයන් LCD තිරයන්ට වඩා බෙහෙවින් සිහින්ව නිපදවිය හැකිය.

    එමෙන්ම LED මොනිටරයන් වල තවත් එක් වාසියක් වන්නේ LED

    මොනිටර්වලට LCD මොනිටරයන්ටත් වඩා 40% ක් අඩු විදුලියක් වැය

    වීමයි.

    LED මොනිටරයන් වල ඇති තවත් එක් වාසියක් වන්නේ බොහෝ

    වේලාවක් පරිගණකය භවිතා කරන්නන්ගේ ඇස් වල ඇතිවන

    අපහසුතාවන් LED මොනිටර් වලදී ඇති නොවීමයි.

    කෙසේ නමුත් LED වල ඇති එක් අඩුපාඩුවක් වන්නේ LED මොනිටර්

    නිශ්පාදනයට අධික මිළක් වැයවීමයි.මේ හේතුවෙන් වෙළදපලේ LED

    මොනිටරයක් අධික මිලක් වේ.නමුත් ඉදිරියේදී මෙම තත්වය වෙනස්

    වනු ඇත.


    ( උපුටා ගන්නා ලද්දකි.කිසිදු වෙනස් කිරීමකින් තොරව

    පළකර ඇත)
     
    • Like
    Reactions: ruwanwellarocker

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    LED වල back lite කතාවක් නෑ නේද:eek:

    සමහර tv වල LED කියල ඉස්සරහ ලොකුවට ගහල තියෙනවා
    එත් ඒවා LCD back lite එක LED
    :frown:

    PLUSMA එක මේ දෙකටම වඩා වෙනස්
    screen-shot-2013-04-10-at-10-33-46-am-625x1000.png


    (MONO) 1 PIXEL = 1 LED
    (RGB)1 PIXEL =3 LED

    sony-dsc-29-650x0.jpg
     
    Last edited: