Learner Permit කල් ඉකුත් වී ඇත.

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ලයිට් වෙහිකල් වලට ලයිසන් ගන්න ගිය අවුරුද්දෙයි දැම්මේ මචන්. ට්‍රයල් ඩේට් ලං වෙද්දි කොවිඩ් වලට වැහුවා මාස එකහමාරක් විතර. පස්සේ මගේ පුද්ගලික ප්‍රශ්න වගයකුයි ඇක්සිඩන්ට් එකකුයි නිසා ඔය අවුරුදු එකහමාරෙම මට ට්‍රයල් පෙන්නගන්න බැරි වුණා. ගිය සතියේ පර්මිට් එක කල් ඉකුත් වුණා බන්. දැන් මං ආයේ මුල ඉඳලම හැමදේම කරගෙන යන්න ඕනද? මෙඩිකල් නම් කොහොමත් ගන්න එපැයි. කච්චේරියෙට ගෙවපුවා එහෙම ආයේ එහෙමම ගෙවන්න වෙනවා නේද? ලර්නර්ස් එකට ගෙවපුවා ආයෙම ගෙවන්න වෙනවද බන්? දන්නා කෙනෙක් කියපල්ලකෝ.

    තෙල් ප්‍රශ්නේ හින්දා සහන කාලයක් දෙන කතාවකුත් යනවා. ඒත් ජනවාරි-ජුනි වෙනකම් කාලේ තිබ්බ අයටලු ඒක හම්බෙන්නේ. මං අගෝස්තුනේ. මොන අන්ඩර දෙමලක්ද මන්දා ඒක.


    up
    ------ Post added on Aug 16, 2022 at 1:21 PM