Leasing ekak thiyena car 1k

Madura6

Active member
  • Jun 16, 2008
    372
    99
    43
    :yes: sahola oyala danna vidiyata mata podi upadesak dennako.
    mage langa FB14 car 1k thiyenava leasing 1k dapu. man eka aran dan 1 year vithara venava .5years valata thama lease eka damme. 10 laks vage gaththa. dan man eka vikunana vanam kohomada eka karanne?

    lease eka settle karala vikunanavada( lease eka settle kaloth dan gaththa 10 lax valin danata 1year vage gevapuva adu veida?) .

    lease eka ithuru 4years gevagena yanna kamathi kenekuta denavada (car eke value eka 13 laxs vage. so to hand keeyak illathakida? mama oka gannakota athin thava 4k vage viyadam kala)
    pliz help..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    lease eka transfer karana eka lesi wei machan..lease eka pay karala wikunanna nan aye ube namata transfer karaganna hari nattan double transfer wage danna wenawa aluth ownerta,ubata transfer karoth ownersla ganath aye wedi wenawa..rasdiyaduwak tamai eka...
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    වාහනේ ගත් මිල = ?
    ලීස් එකෙන් ගත් මුදල = ලක්ශ 10
    ලීස් කල වාර්ශික පොලි අනුපාතය =?
    වාරික සන්කයාව = 60
    ගෙවා ඇති වාරික ගනන = 12
    ලීස් එක ගත් ආයතනය = ?
    එකවර වාරික ගෙවිමකදි අඩුවන පොලී අනුපාතය = ?

    ඔය ටික කියන්න බලන්න....

    කොහොමත් විකුනනවනම් ලීස් එක ට්‍රන්සර් කරල දෙන්න. ඒක තමයි ලේසිම විදිය.
    සම්පුර්නයෙන් ගෙවන කොට සමහර ආයතනවල පොලිය අඩුවෙන් අඩුකරන්නේ. ඔය "?" දාලා තියෙන විස්තර කියන්න. හොද විදියක් බලලා කියන්නම්
    :yes:
     
    Jan 4, 2015
    94
    4
    0
    Colombo
    ලිසිං එකෙන් ලක්ෂ 10 ක් අරං,වාරික 12 ක් නේ ඔයා ගෙවලා තියෙන්නේ. එ කියන්නේ තව අවුරුදු 4 ක්,එහෙමත් නැත්තන් වාරික 48 ක් තියෙනවා ගෙවන්න. එ කියන්නේ දැන් ඔයා ගිහිං බැලුවොත් අද ලිසිං එකේ සම්පුර්ණ මුදල ගෙවන්නං කියලා බොහෝ දුරට ලක්ෂ 10 යට ඉතාම ආසන්න මුදලක් ගෙවන්න වෙනවා ලිසිං සමාගමට. මොකද ඕක අවුරුදු 5 ක ලිසිං එකක් නිසා ඒක තමයි වෙන්නේ.

    මම හිතන්නේ ලක්ෂ නමය හමාරකට වඩා ගෙවන්න වෙයි ලිසිං එක ක්ලෝස් කරන්න නං. ඒ ගාන අතේ තියෙනවා නං ඒක ගෙවලා, ලිසිං එක ක්ලෝස් කරලා,වාහනේ දැන් යන මාර්කට් එක බලලා විකුනන්න. නැත්තං ඉතිං ඔය සේල් එකකට වගේ තැනකට වාහනේ දීලා,වාහනේ දැන් යන මාර්කට් එක බලලා, එකෙන් ලිසිං එක දැන් ක්ලෝස් කරනවා නං ගෙවන්න තියෙන මුදල අඩු කරලා ඉතිරි ගාන ඉල්ලා ගන්න.

    ලිසිං කොම්පැනියට ගිහිං හෝ කෝල් කරලා කිව්වාම ඔය ගනන් හිලව් දැන ගන්න පුළුවන්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    එකපාරම වාරික 48ක් ගෙවන නිසා ඒ වාරිකවලට ගෙවන පොලිය කියකින් අඩුවෙනවද කියලා ලීස් කම්පැනි එකෙන් අහල දැනගන්න. කොහොමත් එහෙම එකපාර ගෙව්වත් ඔයාට යම් පොලියක් ගෙවන්නම වෙනවා. උදාහරනයක් විදියට වාර්ශික පොලිය 12% ගත්ත කියලා හිතමු. ඔයා එකවර මුදල ගෙව්වත් වාර්ශික පොලිය 4% වත් එයාලා අයකරගනියි.

    හොද විදියක් බලන්න.
    ඔයාට ලේසිම විදිය නම් ලීස් එකත් එක්කම වාහනය විකුනන එක.
    විකුනලා වාහනයෙ ලීස් එක එයාට පවරන්න. මන් හිතන්නේ ලීස් එක වෙනකෙනුකුට පැවරිමකදි 20000ක් වගේ යයි. ඒක ආයතනයෙන් ආයතනයට වෙනස්. ඒ නිසා ඔයා ඒ ගැනත් දැනගන්න.