lets smile :) :)

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    39191627622759241983126.jpg


    පරිඝනක පන්තියක පාඩමක් කරන අතර එක්තරා කටකාර සිසුවෙක් ගුරුතුමාගෙන් මෙසේ ඇසුවේය ...
    සර් පරිඝනකය ස්ත්‍රිලිංග ද? පුරුෂලිංග ද?
    මදක් කල්පනා කල දේශකයා පන්තියේ ගැහැණු ළමයි හා පිරිමි ළමයි වශයෙන් දෙපැත්තකට බෙදා .. දැන් ඔය ගැහැණු ළමයි ලියන්න පරිඝනකය පුරුෂලිංග වෙන්නේ ඇයි කියලා පිරිමි ළමයි ලියන්න ස්ත්‍රිලිංග වෙන්නේ ඇයි කියල...

    ගැහැණු ළමයි ලියූ පිළිතුරු වල මෙසේ සදහන් විය...
    1:-පරිඝනකය පුරුෂයෙකි... ඒ යමක් කර ගැනීමට නම් එය පන ගැන්විය යුතු නිසා ..
    2:-දත්ත බොහෝ සෙයින් ඇතත් එය තමන් ප්‍රයෝජනයට නොගන්න නිසා ..
    3:-අනිත් අයගේ ගැටළු විසදීමට ඉදිරිපත් උනත් එයම විටක ගැටළුවක් වන නිසා..
    4:-ටික දිනක් භාවිතා කරන විට මීට වඩා හොද එකක් ගැනීමට සිතෙන නිසා..

    පිරිමි ළමයි ලියූ පිළිතුරු වල මෙසේ සඳහන් විය..
    1:-පරිඝනකය ස්ත්‍රියකි.. ඒ එහි ක්‍රියාකාරිත්වය හඳුනා ගත හැක්කේ එහි නිර්මාණ කරුවන්ටම පමණක් බැවින්..
    2:-ඔවුන්ට අවේනික බස බොහෝ විට අන් කෙනෙකුට තේරුම් ගත නොහැකි බැවින්..
    3:-පුංචි අතපසු වීමක් හෝ පසුව භාවිතා කිරීම සඳහා දිගු කලක් මතකයේ තබා ගන්න බැවින්..
    4:-එකක් මිල දීගත් විට සෑම මසකම පඩියෙන් භාගයකටත් වඩා ඊට වය කල යුතු බැවින්..



    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    පීඩනය සහ උපරිම පීඩනය
    ඔබ පාරේ ගමනක් යන විට ඉතා ලක්‍ෂණ කාන්තාවක් ඔබේ මෝටර් රථය නවත්වා ඇයව නගරයට ගෙන යන මෙන් ඉල්ලා සිටිනවා.
    ඔබ ඇයව මෝටර් ර්ථයට නංවා ගන්නවා. මද දුරක් යන විට ඇය ක්ලාන්ත වෙනවා. ඔබ ඇයව රෝහලකට ගෙන යනවා. ඇයව පරීක්‍ෂා කල වෛද්‍යවරයා ඔබට සුභ පතනවා

    "මගෙන් සුභ පැතුම්!!! ඔබ දැන් පියෙක්"

    දැන් ඔබට පීඩනයක් දැනෙනවා...

    "ඔබට වැරදීමක් වෙලා...මම ඇගේ දරුවාගේ පියා නෙවේ" ඔබ පවසනවා.

    "නෑ නෑ මොහුම තමා මගේ දරුවාගේ පියා"ඇය හඩා වැටෙමින් පවසනවා.

    දැන් ඔබට දැනෙන පීඩනය තවත් වැඩී...

    සිද්ධිය දුරදිග යනවා.රෝහල් පොලීසිය පැමිනෙනවා.වෛද්‍යවරයාට DNA පරීක්‍ෂණයක් කරන මෙන් නියෝග කරනවා. DNA පරීක්‍ෂණය කරනවා.
    DNA පරීක්‍ෂණයේ ප්‍රථිඵල එනවා. වෛද්‍යවරා ඔබෙන් සමාව ඉල්ලනවා

    "මොහු අහිංසකයි...ඇය වංචාකාරියක්...මොහු ඇගේ දරුවාගේ පියා නොවේ...මොහුට කවදාවත් පියෙකු වෙන්න බෑ"

    එය ඇසූ ඔබේ පීඩනය තවත් වැඩි වෙනවා.

    නමුත් ඔබ දෙවියන්ට ස්තූති කරමින් නිවසට එනවා.නිවසට ලගා වන ඔබට බිරිද දුරකථන ඇමතුමක් දෙනවා,

    "ඔයා එනකොට පුතාවයි දුවවයි ඉස්කෝලෙන් අරන් එනවද?"

    රෝහලේදී ඔබට මතක් නොවුනු දෙයක් ඔබට මතක් වෙනවා
    "මට කවදාවත් පියෙක් වෙන්න බැරි නම් මගේ දරුවන් ගේ තාත්තා කවුද?"

    දැන් ඔබට ජීවිතයේ දැරිය හැකි උපරිම පීඩනය දැනෙනවා.



    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:


    Banana Gun Win.....


    epic-win-photos-win-banana-gun-win.jpg


    Alarm......

    mobile-phone-texting-autocorrect-autocowrecks-christmas-is-over-wake-up.jpg