Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    වයි-ෆයි මෙන් 100 ගුණයක් වේගවත් ලයි-ෆයි:cool:

    69606af15d8c967fe770b9cea01e3194_L.jpg



    වර්තමානයේ භාවිතා වන වයි-ෆයි රැහැන් රහිත අන්තර්ජාල පහසුකමට වඩා සිය ගුණයක් වේගවත් ලයි-ෆයි (Li-Fi) නමින් හැඳින්වෙන නව රැහැන් රහිත තාක්ෂණික ක්‍රමයක් මේ වනවිට අත්හදා බඅලමින් පවතින බව වාර්තා වේ.

    දෘෂ්‍ය ආලෝක සන්නිවේදනය හරහා දත්ත හුවමාරු කරමින් මෙම ලයි-ෆයි තාක්ෂණය ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

    එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ හැරල්ඩ් හෑස් නැමති මහාචාර්යවරයා 2011 වසරේදී ටෙඩ් (Ted) සම්මන්ත්‍රණයකදී පළමු වරට මෙම තාක්ෂණය හඳුන්වා දී තිබේ.

    මෙම තාක්ෂණයේ පළමු අත්හදාබැලීමේ කටයුතු එස්තෝනියාවේ ටාල්ලිනන් හි කාර්යාලයක සහ කර්මන්තශාලාවක මේ දිනවල සිදුවන බව වාර්තා වේ.

    විද්‍යාඥ හැරල්ඩ් ට අනුව,මෙම ලයි-ෆයි තාක්ෂණය මගින් විද්‍යාගාරය තුලදී තත්පරයට 224Gbps අන්ත්ර්ජාල වේගයක් ලබා දී තිබේ.

    ඒ අනුව මෙය අන්ත්ර්ජාල භාවිතයේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට හේතුවක් වනු ඇතැයි ද ඔහු පවසයි.

    ස්කොට්ලන්තයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේදී ඔහු සිදු කල අත්හදා බැලීමක දී එක් බල්බයකින් නිකුත් වන ආලෝකය ආධාරයෙන් සෙලියුලර් කුළුණකින් පිට කරන දත්ත වලට වඩා වැඩි ප්‍රමාණයක් හුවමාරු කල හැකි බවද ඔහු පෙන්වා දී තිබේ.

    එහිදී මෙම තාක්ෂණය දෘෂ්‍ය ආලෝක සන්නිවේදනය යොදා ගනිමින් සිදු කරන මෝස් කේත ක්‍රමය හා සමාන බවත් මෙය පියවි ඇසට හසුකර ගැනීමට නොහැකි තරම් වේගයකින් ක්‍රියාත්මක වීම විශේෂත්වයක් ගන්නා බවත් ඔහු පවසා තිබේ.

    එහිදී විද්‍යාගාරය තුළදී 1.5 GB ධාරිතාවයකින් යුත් චිත්‍රපට 18ක් සෑම තත්පරයකදීම බාගත කරගත හැකි ලෙසින් මෙම වේගය පැවති බවද හැරල්ඩ් පවසා තිබේ.:shocked:

    කෙසේවෙතත් දෘෂ්‍ය ආලෝකය බිත්ති හරහා නොයෑම මෙහි ඇති අවාසියක් වන අතර සෘජු හිරු ආලෝකය පතිත වන එළිමහනේද මෙම තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ නැත.:no:


    Source: Mirror